කැමතිද මේ වසරේ නිකුත් වෙච්ච හොදම මිනි සීරිස් එක බලන්න? ඝාතන දාමයක වගකිව යුත්තා කවුද කියලා කොටස් හත නරඹනතාක්ම කියන්න බැරි, එක හුස්මට බලාගෙන යන්න පුලුවන්, ත්‍රාසය වගේම කුතුහලය පිරුණු කතාවක් බලන්න කැමතිද? එහෙනම් වගකීමෙන් කියන්න පුලුවන් මේක ඔයාට සුදුසුම තැන. මොකද “Mare of Easttown” කියන්නෙ 2021 වසරේ නි…

කැමතිද මේ වසරේ නිකුත් වෙච්ච හොදම මිනි සීරිස් එක බලන්න? ඝාතන දාමයක වගකිව යුත්තා කවුද කියලා කොටස් හත නරඹනතාක්ම කියන්න බැරි, එක හුස්මට බලාගෙන යන්න පුලුවන්, ත්‍රාසය වගේම කුතුහලය පිරුණු කතාවක් බලන්න කැමතිද? එහෙනම් වගකීමෙන් කියන්න පුලුවන් මේක ඔයාට සුදුසුම තැන. මොකද “Mare of Easttown” කියන්නෙ 2021 වසරේ නිකුත් වෙච්ච හැම අතින්ම සර්ව සම්පූර්ණ කතාමාලාවක් කියලා වගකීමෙන් කියන්න පුලුවන්.
American Woman (2018), The Way Back (2020) වැනි සිනමා නිර්මාණයට දායක වූ Brad Ingelsby යටතේ තමයි මේ කතාමාලාව නිර්මාණය වෙන්නෙ. කොටස් හතකින් සමන්විත මේ කතාමාලාවේ විකාශය HBO හරගා ආරම්භ වෙන්නෙ මේ වසරේ මැයි 30’වැනිදා. ප්‍රධාන රංගනයෙන් Kate Winslet, Julianne Nicholson, Jean Smart, Angourie Rice, David Denman, Neal Huff වැනි අතිදක්ෂ නළු/නිලියන් රැසක්ම සම්බන්ධ වෙලා තියෙනවා. IMDb දර්ශකයෙ 8.5/10ක ඉහල අගයක් ලබා ගද්දි, Rotten Tomatoes දර්ශකය තුල 94%ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා. මේ කතාමාලාව නිකුත් වෙලා දැනට නිකුත් වීමත් සමගම,
- 2021 වසරේ පැවැත්වූ ‘Gold Derby‘ සම්මාන උළෙල තුල – හොදම කෙටි කතාමාලාව හා හොදම සහය නළුවා සම්මාන ද්විත්වය දිනාගෙන තිබෙනවා.
- 2021 වසරේ පැවැත්වූ ‘International Online Cinema’ සම්මාන උළෙල තුල – හොදම සහය නිළිය, හොදම නළු/නිලියන්ගෙ එකතුව, හොදම නිළිය යන සම්මාන ත්‍රිත්වය දිනාගෙන තිබෙනවා.
මීට අමතරව තවමත් තීන්දුවක් නොලැබූ සම්මාන උළෙලවල් හතරකම සම්මාන 35ක් නියෝජනය කරමින් නාම යෝජනා අතරට එක්ව තිබෙනවා.
මින් පෙර පෙන්සල්වේනියා තුල සිදු වී තිබුණු කේටි බේලි නම් තරුණිකයකගෙ අතුරුදහන් වීම සම්බන්ධව නොවිසඳූ තත්වය ගැන නැවත සොයා බැලීමක් ආරම්භ වෙනවා. මේ සම්බන්ධව බාරව කටයුතු සිදුවෙන්නෙ මේයර් පරීක්ෂකතුමිය යටතේ. මේ අතරේම තම පුතුගේ මරණය නිසා තමන්ගෙන් වෙන් වුන මේයර්ගෙ මහත්තයා නැවත විවාහ වෙන්න ලැස්ති වෙනවා. විසදන්න සෑහෙන ප්‍රශ්ණ තියෙද්දී එරින් නම් තවත් තරුණිකයක් මිය ගොස් තිබියදී හොයාගන්න ලැබෙනවා. මේ මරණෙන් පස්සෙ තමයි හොදම හරිය කතාවේ ආරම්භ වෙන්නෙ. ලිපිය මුලදී කිව්වත් වගේම මේ තරුණියගෙ මරණයට වගකිව යුත්තා කවුද, මින් පෙර අතුරුදහන් වෙලා සිරුරවත් සොයා නොගත්ත කේටි බේලිට සිදු වූ දේත් මේකටම සම්බන්ධයිද කියන ප්‍රශ්ණය කතාව ඇතුලෙ වගේම මේ කතාව නරඹන්න ලැබෙන අපිටත් ඇති වෙනවා. ලිපිය මුලදී කිව්වා වගේම අවසානය වනතෙක්ම හිතන්න අමාරුයි ඇත්තටම මේ අතුරුදහන් වෙච්ච වගේම මරණයට ලක් වෙන තරුණියන් බිලි ගන්නා රාක්ෂයා කවුද කියලා. එක එක්කෙනා කතාව ඇතුලෙ හැසිරෙන විදිහත් එක්ක අපි කවුරුත් අමාරුවේ වට්ටන විදිහේ ප්‍රතිරූපයන් අපේ ඔලුවේ හරිම ලේසියෙන් මැවෙනවා.
එහෙමනම් ඉතිං කොටස් හතම එක පෙලට උපසිරැසි අරගෙන ලැස්ති වෙලා ඉන්න වෙලාවක බලලා තීරණය කරන්න. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,413 downloadsDownload Mare-of-Easttown-2021-S01-E01.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
15 comments
Supun Kaushalya
Kushan
Sub akta thanks
Hasintha vidushan
සබ් වලට Thanks සහෝදරයා
පුලුවන්නම් මේ Mini tv series වලටත් සබ් දෙන්න.ඒක මේ series බලන්න ඉන්න අයට ලොකු උදව්වක් වෙයි සහ biscope.lk එකෙ ලොකු අඩුවක් සම්පුර්ණ වෙයි.•ZeroZeroZero (2020) -IMDB 8.2 (8 episodes)
•Fleabag (2016)-IMDB 8.7 (12 episodes)
•Mindhunter(2017) - IMDB 8.6 (19 episodes)
•Ted Lasso(2020) -IMDB 8.7(10 episodes)
•Good Omens(2019)-IMDB 8.1(6 episodes)Anonymous
මෙහෙම කිව්ව්ට තරහ වෙන්න එපා මචන්ලා.මේ සීරීස් එක ඇවිත් මාස තුනකටත් වැඩී.සබ් දෙයි කියලා මාසයක් විතර බලන් ඉදලා වෙන සයිට් එකක සබකින් බැලුවා.ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩාක් ලේට් සහෝ සබ්.මොනාඋනත් කතාවනං සුපිරියක්.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
ko bn ithuru kotas tika
indika75
thanks..
Anonymous
ithiri sub nadda
Chandima Prasad
Thanks Sub Ekata..
Udara Damith
eee
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj Lakshan
Godak sthuthi, Jaya wewa!
Sandun
thanks
Anonymous
Thnx for sub ...❤️
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සබ් එකට සහෝ