Watch Trailer

The Walking Dead [S11 : E02] Sinhala Subtitles | කොමන්වෙල්ත් [සිංහල උපසිරසි]

මෙන්න එහෙනම් TWD ප්‍රේක්ෂකයෝ මග බලන් හිටිය දෙවෙනි කොටස අරන් ආවා. 11 වෙනි සීසන් එකේ ආරම්ඹය නම් හුඟක් හොඳට සිද්ද වුනා කියලා හිතෙනවා. ටිකක් පරණ TWD තාලෙට යන්න උත්සහ කරලදෝ කියලත් දැනෙනවා. මේ සීසන් එක කොහොම වෙයිද කියලා හිතාගන්න නම් අඩුම ගාණේ Part A එකවත් අවසන් වෙන්න ඕනේ. ඒ වගේම දැනට කියන විදිහට මේ සීසන්…

මෙන්න එහෙනම් TWD ප්‍රේක්ෂකයෝ මග බලන් හිටිය දෙවෙනි කොටස අරන් ආවා. 11 වෙනි සීසන් එකේ ආරම්ඹය නම් හුඟක් හොඳට සිද්ද වුනා කියලා හිතෙනවා. ටිකක් පරණ TWD තාලෙට යන්න උත්සහ කරලදෝ කියලත් දැනෙනවා. මේ සීසන් එක කොහොම වෙයිද කියලා හිතාගන්න නම් අඩුම ගාණේ Part A එකවත් අවසන් වෙන්න ඕනේ. ඒ වගේම දැනට කියන විදිහට මේ සීසන් එකට පාදක වෙන්නේ කොමික් සීරීස් එකේ #175-193 issue ටික. ඒත් කෙලින්ම ඒ දේවල් අච්චුවක් වගේ ගන්නෙ නැතුව මූලික කරුණු කිහිපයක් විතරක් අරගන්න එක තමා TWD සීරීස් එකේ නිර්මාතෲවරයන්ගේ ක්‍රමය. 

ඉතිං දැන් ඔයාලා බලනවා ඇති 29 එන්න තියෙන එපිය අද ආවෙ කොහොමද කියලා. මේක වෙන්නේ AMC ලා නිල විකාශයට හරියටම සතිකයට කලින් AMC+ ඔස්සේ එපිසෝඩ්ස් රිලීස් කරනවා. ඒ හින්ඳා තමා නාලිකාවේ නිළ විකාශයට සතියකට කලින් හොඳ Web කොපියක් නිකුත් වෙන්නේ.

කොහොම හරි කලින් සතියේ මැගී ඇතුලු පිරිස වැඩි සැපයුම් හොයන් යන්න තීරණය කරනවා. මේ කට්ටිය කඩිමුඩියේ යන්නේ කලින් මැගී යාලුවොත් එක්ක හිටපු තැනට. ඒත් මේ ගමන යන අතර මගදී මැගීගේ සහ නීගන්ගේ වෛරය නිසා ආරවුලක් ආසන්නයටම යනවා. ඉතිං නීගන්ගේ කටත් එච්චර හොඳ නැති බව දන්නවනේ. නීගන් අන්තිමේදි කතාව ඉවර කරන්නේ ඩැරල්ගෙන් හොඳ පාරකුත් කාලා. මේ අතර එසේකිල්, යුමිකෝ, ප්‍රින්සස් සහ ඉයුජීන් කොමන්වෙල්ත්වල අමුතු ප්‍රශ්න ගොඩක පැටලිලා. අන්තිමේදි කට්ටිය පැනල යන්න උත්සහ කරත් වැඩේ වෙන්නෙ නෑ. යුමිකෝ බෝර්ඩ් එකක් තිබිලා දකින් ෆොටෝ එකක් නිසා පැන යාම කැන්සල් වෙනවා. මේ අතර මැගී අඑතුලු කණ්ඩායම වෝකර්ස්ලා රංචුවකට අහුවෙනවා. ඩැරල්ගේ සුරතලා “Dog” එකපාරම පැනලා යන නිසා ඩැරලුත් ඌ පස්සෙ යනවා. මේ අතරතුර මැගීට බේරෙන්න බැරි අවස්තාවක නීගන්ගේ උදවු ගන්න හදනවා. පරණ පලිය ගන්නත් එක්ක නීගන් මැගීට උදවු නොකර යනවා. නීගන් කොහොමත් වීරයා වගේ ඉදලා එක පාරම විනාස කරගන්න වැඩක් දාන්න දක්ෂයනේ.

අද කොටසෙදි එසේකිල් එක පාරම අතුරුදන් වෙලා. අනිත් කට්ටිය හොඳටම බයවෙලා කොමන්වෙල්ත් ගැන බය වැඩිවෙනවා. මේ අතර අර ෆොටෝ එකේ යුමිකෝගේ සහෝදරයා හිටිය නිසා එයත් කොමන්වෙල්ත් එකේම ඇති කියලා යුමිකෝ විශ්වාස කරනවා. සැපයුම් හොයන් කට්ටිය දිගටම යනවා. ඩැරල්ට සහ මැගීට මොනවයින් මොනව වෙයිද කියලා බලාගන්න පුලුවන්. සුපුරුදු පරිදි ඉතිං කරදරයක්ම තමා.

එහෙනම් ඊළඟ සතියෙ කොටසින් ආයෙ හමුවෙමු. දිගටම The Walking Dead එක්ක රැඳිලා ඉන්න. සතියකින් හමුවෙමු…!

෴෴ සුබ දවසක්…! ෴෴

Acheron: Part II
AMC+ release date; August 22, 2021
Director : Kevin Dowling
Writer: Angela Kang

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,745 downloadsDownload The.Walking.Dead_.S11E02-1.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,745 downloadsDownload Subtitles41 KB

20 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anuja Lakshitha

    thank you brother

  3. charith

    සබ් එකට ස්තුතියි...

  4. රොෂාන්

    අයියේ, Legends Of Tomorrow Season 06 වලට sub දෙන්න පුළුවන්ද?

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Sahan Prabhasara

    Thanks bro

  7. Dilan

    Woooooow thankz bro... Release වෙලා දවස් deken sub හදල දාලා... ආදරෙයි... Ethuru ඒවත් ආපු ගමන් හදන්න දෙයියෝ ❤️

  8. nisa

    THNKZ BRO

  9. විමා

    අන්තිම සීසන් එක නිසාද මන්දා සිරිස් එක හොඳ වේගෙන එනවා.
    සබට තුති මලේ.

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. indika75

    thanks..

  12. Ashan

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  13. Anonymous

    Thanks

  14. dilruwan

    nimai saho ohoma karagena yamu...

  15. Anonymous

    Thanx bro

  16. Pramukmili

    Thanxx bro............

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  19. lakshan

    THANKS ............................

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.