Watch Trailer

Mars [S01 : E02] with Sinhala Subtitles | අඟහරු: මූලික කඳවුර වෙතට… [සිංහල උපසිරසි සමඟ]

2033 වර්ෂයේ දී අඟහරු බලා යන “ඩෙඩ්ලස්“, අඟහරු මතට ගොඩබැස්වීමට යාමේ දී යානයේ පාලන පුවරුවක දෝෂයක් හේතුවෙන් එන්ජින් දල්වා ගැනීමට නොහැකි වෙනවා. මේ අවස්ථාවේ කණ්ඩායම් අණදෙන්නා වන බෙන් සෝයර් මේ දෝෂය නිවැරදි කර ගැනීමට උත්සාහ කරනවා. අන්තිමට “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානාවේ එන්ජින් දල්වා ගැනීමට හැකි උනත් ඒ නියමිත ක…

MarsP1

2033 වර්ෂයේ දී අඟහරු බලා යන “ඩෙඩ්ලස්“, අඟහරු මතට ගොඩබැස්වීමට යාමේ දී යානයේ පාලන පුවරුවක දෝෂයක් හේතුවෙන් එන්ජින් දල්වා ගැනීමට නොහැකි වෙනවා. මේ අවස්ථාවේ කණ්ඩායම් අණදෙන්නා වන බෙන් සෝයර් මේ දෝෂය නිවැරදි කර ගැනීමට උත්සාහ කරනවා. අන්තිමට “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානාවේ එන්ජින් දල්වා ගැනීමට හැකි උනත් ඒ නියමිත කාල රාමුව ඉක්මවා ගියාට පසුවයි. මේ නිසා යානාව අඟහරු මත ගොඩබසින්නේ මූලික කඳවුරට බොහෝ ඈතින් තැනකට. ඒ වගේම දෝෂය නිවැරදි කරන්න ආරක්ෂිත අසුනෙන් ඉවත් වූ නිසා යානාව ගොඩබෑමේ දී බෙන් අනතුරට පත්වෙනවා.  අධික දුර ගෙවාගෙන මූලික කඳවුරට යා නොහැකි නිසා ඊට වඩා අඩු දුරකින් පිහිටි ලාවා නල සෙවීමට පිහිටුවා ඇති වැඩපොළ ඒකකය නව මූලික කඳවුර විය යුතු බව පෘතුවියේ ඉන්න කණ්ඩායම තීරණය කරනවා. ඒ වගේම වැඩපොළ ඒකකය තාවකාලික නැවතුමක් ලෙස සැලසුම් කළ එකක් නිසා “ඩෙඩ්ලස්“ කණ්ඩායම එයට ළඟාවන්නේ නම් එහි දීර්ඝකාලීනව වාසය කිරීමට එය නවීකරණය කරගත යුතු වෙනවා. ඉතින් අනතුරින් තමන්ට දැනෙන වේදනාව පැත්තකට කරලා බෙන්ට අවශ්‍ය කරන්නේ තමන්ගේ කණ්ඩායම ආරක්ෂිතව නව මූලික කඳවුර වෙතට ගෙන යන්න.

ඉතින් අද තියෙන්නේ “ඩෙඩ්ලස්“ අඟහරු මතට ගොඩබැස්ස  තැන ඉඳලා මේ අළුත් මූලික කඳවුර වෙත යන ගමන ගැනයි. ඒ ගැන කියන්න දෙයක් නැහැ හැමෝටම හිතා ගන්න පුළුවන්, ඒක අති දුෂ්කර ගමනක් වෙන්න යන්නේ.  නුපුරුදු සතුරු බිමක හුදකලා වෙලා, කිසිම උදව්වක් ලබා ගන්න විදිහක් නැහැ. අනෙක් අතට කණ්ඩායම් නායකයා අපහසුවෙන් ඉන්නේ. ඒ වගේම පෘතුවියේ ඉන්න අඟහරු මෙහෙයුම් කණ්ඩායමට මේ වෙනුවෙන් කළ හැකි කිසිවක් නැහැ. ඉතින් මේ කණ්ඩායම මූලික කඳවුර වෙතට යයිද? බෙන්ට මොනවා වෙයිද?

2016 දී මූලිකවම කතා කරන්නේ පසුගිය කාලයේ ප්‍රධාන පුවතක් වෙච්ච අභ්‍යවකාශයේ වසරක් ගත කළ ඇමෙරිකානු ගගනගාමි ස්කොට් කෙලි ගැන. අඟහරු වෙත යාමට මාස හතක් පමණ ගතවෙන බැවින් ඒ කාලය තුළ අභ්‍යවකාශයේ සිටින ගගනගාමීන් සිදුවන දෑ නිරික්ෂණය කිරීමට තමයි මේ ආකාරයේ මෙහෙයුමක් කරලා තියෙන්නේ. ස්කොට් කෙලි තෝර ගන්න එක් හේතූවක් වෙලා තියෙන්නේ ඔහුට නිවුන් සහෝදරයෙක් සිටීම. ඒ ඔහුට සිදුවන වෙනස්වීම් මාක් කෙලි නම් නිවුන් සහෝදරයා සමඟ අධ්‍යයනය කිරීමට පහසුවීම නිසයි. ඉතින් ඒ අනුව යමින් වෙන්න ඇති අඟහරු තරණයටත් හැනා සහ ජූන් යනුවෙන් නිවුන් සහෝදර චරිත දෙකක් එකතු කරන්න ඇත්තේ. ගගනගාමියෙක් කියන්නෙත් තම ජීවිතය අවදානමකට ලක් කරන කෙනෙක්. ඒ නිසා ඔවුන්ගේ පවුල්වල අය මේක දකින විඳින ආකාරය ගැනත් කතා කරනවා. ඒ වගේම අඟහරු තරණය ගැන විද්වතුන්ගේ විවිධ අදහස් ඇතුලත් කර තිබෙනවා.

Mars (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

mars.s01e02.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

544 downloadsDownload mars.s01e02.Baiscopelk.com_.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                         Next Episode>>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

544 downloadsDownload Subtitles23 KB

9 comments

  1. SuDiYA

    Supiri Bro
    good Luck

  2. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  4. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pradeep M Gamlath

    thanks bro&gt;&gt;&gt;...!

  7. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි උපසිරැසියට.. අනික් කොටස් ටිකටත් ඉක්මනටම සබ් දෙන්න.. ජය වේවා..

  8. Udara Damith B/K

    ..............සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි....................

  9. Chathura Widuranga

    Thanks