Watch Trailer

The Batman [S04 : E03] with Sinhala Subtitles | ක්ලේෆේස් ලා ජෝඩුවයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මුලින්ම ස්තුති කරන්න ඕන සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන අතරේ කමෙන්ට් එකකුත් දාලා යන යාළුවන්ට. කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී කරන මේ දේට ලැබෙන එකම දේ ඔයාලගෙ ප්‍රශංසාව සහ එයින් ලැබෙන මානසික තෘප්තිය විතරයි. කමෙන්ට් නොකළත්, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන එකත් මට ලොකු සතුටක්. නැවතත් බොහොම ස්තුතියි…

The-Batman-TV-4

කොහොමද යාළුවනේ. මුලින්ම ස්තුති කරන්න ඕන සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන අතරේ කමෙන්ට් එකකුත් දාලා යන යාළුවන්ට. කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී කරන මේ දේට ලැබෙන එකම දේ ඔයාලගෙ ප්‍රශංසාව සහ එයින් ලැබෙන මානසික තෘප්තිය විතරයි. කමෙන්ට් නොකළත්, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන එකත් මට ලොකු සතුටක්. නැවතත් බොහොම ස්තුතියි යාළුවනේ.

හොඳයි එහෙනම් මෙතෙක් සීසන් එක බලපු අපේ යාළුවන්ට දැන් කතාව ගොඩක් හුරු පුරුදු ඇති. ඔයාලා දන්නවා නේ ක්ලේෆේස්. ක්ලේෆේස් කියන්නේ ඊතන් බෙනට් ට කියලත් දන්නවනේ. ඔන්න ක්ලේෆේස් ආයෙත් ඇවිල්ලා කාලෙකට පස්සේ. හැබැයි එයා ඇවිල්ලා තියෙන්නේ නරක වැඩක් කරන්න නම් නෙවෙයි ලු. එයා ආවේ මොකටද කියලා අද මේකෙන් බලාගන්න පුළුවන් වේවි.

ඊළඟට හැරෙමු බැසිල් කාලෝ පැත්තට. (බැසිල් කියද්දී වෙන අය මතක් වෙනව නම් ඒවා දැනට අමතක කරන්න 😛 ) බැසිල් කාලෝ කියන්නේ නළුවෙක් වෙන්න පෙරුම් පුරන කෙනෙක්. එයාට ඒ හැටි භාහිර පෙනුමකුත් නෑ, රඟපෑමේ ලොකු දක්ෂකමකුත් නෑ, එයාගේ එකම ආසාව නළුවෙක් වෙන එක. එහෙම අය අපේ සමාජෙත් ඉන්නවා නේ නේද. ඒත් මෙයාව රඟපාන්න ගන්නේ එක් අසාර්ථක වුණ ෆිල්ම් එකක විතරයි. මෙයා යන හැම ඉන්ටවීව් එකම වගේ ෆේල් වෙනවා. ඒ ගැන මෙයා ඉන්නේ ලොකු කලකිරීමකින්. ඉතින් මෙන්න මෙයා තමයි අද කතාවේ අනෙක් ප්‍රධාන චරිතය. මෙයාට වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ එහෙනම්.

තවත් දෙයක් කියන්නම්, ගෝතම් TV series එක බලපු යාළුවෝ නම් මේ ගැන හොඳින්ම දන්නවා ඇති. ලෝකයේ දරුණු අපරාධකාරයෝ බිහි වෙන්නේ සමාජයේම වැරදි නිසා කියලා ඔයාලා දන්නවද? කවුරුත් උපතින් අපරාධකාරයෙක් නෙවෙයි. අපරාධකාරයෝ වෙන්නේ පස්සේ. ඒකට හේතු වෙන්නේ සමාජය එයාට සලකන හැටියෙන්. උදාහරණයක් හැටියට පෙන්ගුයින් ගන්න පුළුවන්. ගෝතම් බලපු අය දන්නවා ඇති එයාගෙ මුල් කාලේ ගැන. සමාජය එයාට සලකන හැටි. එයාට හරියට ඇවිදින්න බැරුව කොර ගහද්දී සමාජයේ මිනිස්සු එයාට කියපු දේවල්, සමාජයට වෛර කරන්න ගන්න එක භයානක අපරාධ කාරයෙක් බිහි වෙන්න අඩිතාලමක්. අපි ජීවත්වෙන ලෝකයේ ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මිලියන ගාණක් ජීවිත විනාශ කරපු හිට්ලර්. එයාට පොඩි කාලේ ඕන වුණේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඒත් මොනම කලා පාසලක් වත් එයාව අරගෙන නෑ. එයා මුලින්ම ආදරේ කරපු කෙල්ලත් එයාව ප්‍රතික්ෂේප කරනවා. අන්තිමට ඒකේ ප්‍රතිඵල මුළු ලෝකයම භුක්ති විඳිනවා.

එහෙනම් ඔන්න පොඩි පණ්ඩිත ටෝකකුත් දැම්මා. 😀 ගිහින් එන්නම්. හැමෝටම ජය සතුට ලන් වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

125 downloadsDownload 403-Clayfaces.rar14 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

125 downloadsDownload Subtitles14 KB

9 comments

  1. Tharaka

    ela digatama meke demu kollow

  2. එල්.සී. දමැල්

    මං භයේ හිටියෙ මේක ඔයා මඟදි නවත්වාවිදෝ කියලා... සහෝ විශ්වාසය රැක්කා.. ඉවරයක් වෙනකල්ම දෙමු එහෙමනම්... ස්තුතියි සබ් එකට ... අදත් ගන්නව ඔන්න... ඊළඟ එපියෙන් හමුවෙමු.

  3. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
    දිගටම සබ් දෙන්න දෛර්ය ලැබේවා
    ජය

  4. das

    yko uba nm elama porak siraawata, mechchara ikmnta sub denawata thnks mchnn

  5. Chalana Rukshan

    thnx bro...

  6. Tharindu Madhuranga

    Thanks bro !!! Digatama sub denna . Jain jayama wewaaa!!!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!