Watch Trailer

Mars [S01 : E01] with Sinhala Subtitles | අඟහරු… නව ලෝකය [සිංහල උපසිරසි සමඟ]

අඟහරු තරණය ප්‍රබන්ධයක් ද? නැතිනම් යථාර්තයක් ද? යථාර්තයක් විය හැකි ප්‍රබන්ධයක් ද? 2016 වර්ෂයේ නොවැම්බර් 14 සිට දෙසැම්බර් 19 දක්වා නැෂනල් ජියෝග්‍රැපික් නාළිකාවේ විකාශය කරන ලද “Mars”නම් වූ කොටස් හයකින් සමන්විත කෙටි රූපවාහිනි මාලාව ගැන තමයි මේ කියන්නේ. හැබැයි මේකේ පළමු කොටසේ ටොරන්ට් නම් ඔක්තෝබර් මාසේ අ…

MarsP1

අඟහරු තරණය ප්‍රබන්ධයක් ද? නැතිනම් යථාර්තයක් ද? යථාර්තයක් විය හැකි ප්‍රබන්ධයක් ද?

2016 වර්ෂයේ නොවැම්බර් 14 සිට දෙසැම්බර් 19 දක්වා නැෂනල් ජියෝග්‍රැපික් නාළිකාවේ විකාශය කරන ලද “Mars”නම් වූ කොටස් හයකින් සමන්විත කෙටි රූපවාහිනි මාලාව ගැන තමයි මේ කියන්නේ. හැබැයි මේකේ පළමු කොටසේ ටොරන්ට් නම් ඔක්තෝබර් මාසේ අන්තර්ජාලයට එකතු කරලා තිබුණා. ඒ දවස්වලම තමයි හසන්ත සහෝ මේක ගැන මට කිව්වේ. ඒත් ඒ දවස්වල මට මේකට සබ් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. කොහොම උනත් ඒ දවස්වලම මේ මාලාව බලපු නිසා මටත් ඕන උනා පරක්කු වෙලා හරි මේකට සබ් කරන්න. කොහොමහරි සමන්ගේ උදව්වෙන් තමයි මේකට සබ් කරන්න අවස්ථාවක් ගත්තේ.

ඉතින් “අඟහරු“ පැත්තට හැරුනොත්…

මේක Docudrama විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් වාර්තාමය නාට්‍යයක් විදිහට තමා. මේකට පාදක කරගෙන තියෙන්නේ ස්ටෙපන් පෙට්‍රැනක් විසින් 2015 වසරේ රචිත “How We’ll Live on Mars” නැමැති පොත. මේක රූගත කරලා තියෙන්නේ බුඩාපේස්ට් සහ මොරොක්කො හී දී.

ඉතින් මේ අඟහරු තරණය නැමැති කතන්දරය 2016, 2033 සහ 2037 අතර හුවමාරු වෙනවා. 2033 දී හය දෙනෙකුගෙන් සමන්විත ගගනගාමීන් කණ්ඩායමක් “ඩෙඩ්ලස්“ නැමැති අභ්‍යවකාශ යානාවෙන් මානව ප්‍රජාව වෙනුවෙන් නව නිවසක් සොයා අඟහරු බලා යනවා. ඉතින් කතාව පුරාවට තියෙන්නේ මේ කණ්ඩායම අඟහරු තරණයේ විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන.

ඒ වගේම වාර්තාමය පැත්තට ගියොත්, අභ්‍යවකාශ ගවේෂණය සහ එහි තාක්ෂණය පිළිබඳ වර්තමානයේ සිටින විවිධාකාර විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් විසින් අඟහරු තරණයේ දී ගගනගාමීන් මුහුණ දෙන්නාවු දුෂ්කරතාවයන් පිළිබඳ කතා කරනවා. ඒ වගේම අභ්‍යවකාශ ගවේෂණයේ අතීත සාර්ථකවීම් සහ අසාර්ථකවීම්, පැරණි තාක්ෂණය මෙන්ම එකල ගගනගාමීන් මුහුණ දුන් වැඩි අවදානම් කාරණා ගැනත් සඳහන් කරනවා.

ඇත්තටම මේක මම දැකපු විදිහට නම්, වර්තමානය නැත්තම් 2016 වර්ෂය වන කොට මානව ප්‍රජාව ලබාගෙන තිබෙන තාක්ෂණික දියුණුවත් සමඟ 2033 වර්ෂයේ දී නව නිවසක් සොයා අඟහරු තරණය කරනවා නම් මොන ආකාරයෙන් ද ඒ සඳහා පෙර සූදානම් විය යුත්තේ, ගගනගාමීන් මොන විදිහේ දුෂ්කරතාවයන්ට මුහුණපායි ද යන්න ගැන සාකච්ඡා කෙරෙන වාර්තා වැඩසටහනක්. ඒ වගේම ඒ සියළු අත්දැකීම් එක්ක 2033 දී අඟහරු තරණය කරන කණ්ඩායම මුහුණ දිය හැකි සිදුවීම් ප්‍රබන්ධය විදිහට ඇතුලත් වෙනවා.

ඉතින් මේ වාර්තාමය කොටසට ප්‍රබන්ධය සම්බන්ධ කරලා තියෙන ආකාරයට යම් මොහොතවල් වලදී  අඟහරු තරණය ප්‍රබන්ධයක් කියන එක පවා අමතක වෙනවා. ඒ තමයි මට දැනුන හැඟීම. ඔයාලට කොහොම දැනෙයි ද කියලා නම් මං දන්නේ නැහැ. කොහොම උනත් මේ රූපවාහිනී මාලාව අභ්‍යවකාශ ගවේෂණය ගැන පොඩි හරි උනන්දුවක් තියන අයට තමා හොඳ. ඉතින් මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ අභ්‍යවකාශ ගවේෂණයන් පිළිබඳ තාක්ෂණික කතාබහක්. මේ තාක්ෂණික කරුණු ගැන මං වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා මේකේ තියන බොහෝ කෙටි යෙදුම් සහ තාක්ෂණික කරුණු ගැන අන්තර්ජාලය මඟින් තමයි හොයා ගත්තේ. සමහර දෙබස් තේරුණේම නැහැ. අවස්ථාවට ගැළපෙන්න වචන දැම්මේ. ඉතින් මේ කාරණාත් එක්ක සබ් වල ටිකක් (නෙමෙයි ගොඩක්) අඩුපාඩු තියෙන්න පුළුවන් බව කරුණාවෙන් සළකන්න. (කොහොම උනත් පුළුවන් තරම් හොඳ උපසිරසියක් දෙන්න තමා උත්සාහ කරන්නේ.)

ඉතින් මේක බලන්න කැමැති අයට “නව ලෝකය“ ලෙස නම් කරලා තියන පළමු කොටස ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.

2033 වර්ෂයේ දී බෙන් සෝයර්ගේ නායකත්වයෙන් හැනා සෙන්ග්, මාර්තා කමේන්, ඇමේලි ඩුරන්ඩ්, ජාවියර් ඩෙල්ගාඩො සහ රොබට් ෆුකෝල්ට් යන ගගනගාමීන් හයදෙනා “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානාවෙන් අඟහරු බලා යනවා. මේ අඟහරු ගමන ගැන වැඩිබර කරට අරගෙන කටයුතු කරන්නේ එඩ් ග්‍රෑන්. ඒ වගේම හැනා සෙන්ග් ගේ නිවුන් සහෝදරිය ජූන් සෙන්ග්, එඩ් ග්‍රෑන් සමඟ එක්ව පෘතුවියේ සිට අඟහරු ගමනට අදාළ මෙහෙයුම් කටයුතු සිදුකරනවා. ඉතින් “ඩෙඩ්ලස්“ අඟහරු මතට ගොඩබැස්වීමට යාමේ දී යානයේ බලාපොරොත්තු නොවූ දෝෂයක් හටගන්නවා. ඉතින් මේ දෝෂය නිවැරදි කරගෙන අඟහරු වෙත ගොඩබැසීමට දරණ උත්සාහය මේ කොටසට ඇතුලත් වෙනවා.

වාර්තාමය පැත්ත ගත්තොත්, මිනිසා මුලින්ම පෘතුවියෙන් ඉවතට ගමන් කිරීමට යොදා ගත් ඒ වගේම දැනටත් භාවිතා කරන  Launchpad 39A ගැනත්, වෙනත් ග්‍රහලොවක් මත රොකට්ටුවක් ගොඩබෑමේදී ඇති විය හැකි නොයෙක් ගැටළු ගැනත්,  ඒ වගේම ඉලන් මස්ක් ප්‍රමුඛ ස්පේස්එක්ස් ආයතනයේ අරමුණ මානව වර්ගයා වෙනුවෙන් අඟහරු මත නව ජනාවාසයක්  ඉදිකිරීම. ඉතින් ඒ සඳහා බොහෝ වාර ගණනක් අඟහරු වෙත යාමට සිදුවන බැවින් වියදම් අඩු කර ගැනීමට රොකට් නැවත භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ගැනීමට දරණ උත්සාහයන් ගැනත් තව බොහෝ විස්තරත් අඩංගු වෙනවා.

Mars (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mars.2016.S01E01.WEB-DL.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

796 downloadsDownload Mars.2016.S01E01.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                         All Episodes                        Next Episode>>

Subtitles

796 downloadsDownload Subtitles32 KB

18 comments

  1. G.Umesh

    Bohooma sthuuhiy sahooo

  2. shehan

    mita wada hoda nedda the fall/ beyond/ wage tv series walata sub dunna nm. ***the fall akta pluwn nm ela.

  3. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි.

  4. Sajith Anthony

    මෙකට සබ් දෙන එක නම් ලොකු දෙයක් සහෝ,
    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  5. sami

    බොහෝම ස්තුතියි. සහෝ,

  6. devinda

    TY Bro.Gdk Pin.

  7. Dimuthu

    Kiyala wedak ne. Thank you!!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Larlitha Sri Vidhara

    තෑන්ක්ස් සහෝ අපි වෙනුවෙන් කරන සේවයට ....

  10. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

  11. Amil

    ෂා……!නියමයි..!!!!! මේක ගැන ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නෑනෙ ඔන්න මාත් ගත්තා. ස්තූතියි සබ් එකට

  12. paranormal

    sub 1k ta thanks.

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....මේක බාගෙන තිබ්බට සබ් දෙයි කියලා හිතුවේ නැ...එල...එල..

  14. සඳුන් විජේතුංග

    උපසිරසට ගොඩක් ස්තුතියි සහෝ..ජයවේවා..!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. මේ කතාවට සබ් දෙයි කියලා බලාගෙන හිටියේ.. මම දන්නා තරමට ලේසි පහසු නෑ මේ වගේ කතාවකට සබ් දෙන්න භාවිත වෙන විද්‍යාත්මක වචනත් එක්ක.. ආයෙත් පාරක් බොහෝම ස්තූතියි..

  17. maheshdreams

    Thanks

  18. Pasindu De Silva

    Thanks a lot . Its a great work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.