Watch Trailer

Mars [S01 : E04] with Sinhala Subtitles | අඟහරු: ඔලිම්පස් නගරය… [සිංහල උපසිරසි සමඟ]

2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ කණ්ඩායම අති දුෂ්කර ගමනකින් පසුව කුඩා වැඩපොළ ඒකකය තම මූලික කඳවුරු බවට වැඩි දියුණු කරගත්තා. නමුත් අඩු පහසුකම් මැද තම ගෝලාර්ධය සකස් කිරීමට සුදුසු අයිස් සහිත ලාවා නලයක් සෙව්වත් ඒක සාර්ථක උනේ නැහැ. ඒ වගේම පෘතුවියේ ඉන්න අඟහරු මෙහෙයුම් කණ්ඩායමටත් දුෂ්කර ගමනක් තිබුණා. ඒ ජාත්…

MarsP1

2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ කණ්ඩායම අති දුෂ්කර ගමනකින් පසුව කුඩා වැඩපොළ ඒකකය තම මූලික කඳවුරු බවට වැඩි දියුණු කරගත්තා. නමුත් අඩු පහසුකම් මැද තම ගෝලාර්ධය සකස් කිරීමට සුදුසු අයිස් සහිත ලාවා නලයක් සෙව්වත් ඒක සාර්ථක උනේ නැහැ. ඒ වගේම පෘතුවියේ ඉන්න අඟහරු මෙහෙයුම් කණ්ඩායමටත් දුෂ්කර ගමනක් තිබුණා. ඒ ජාත්‍යන්තර අඟහරු විද්‍යා පදනමෙන් එන දැඩි පීඩනයට මුහුණ දීම. අඟහරු මත අයිස් හොයා ගත්තේ නැතිනම් අඟහරු මෙහෙයුම එතනින්ම ඉවරවෙන නිසා. ඉතින් එඩ් තමන්ගේ කථන හැකියාව පාවිච්චි කරලා කොහොමහරි IMSF සාමාජිකයින්ගෙන් වැඩිපුර කාලයක් අරගත්තා. මේ පීඩනයත් එක්ක ජූන්ගේ කල්පනාකාරී නිරික්ෂණය ඔස්සේ අවසානයේ අයිස් සහිත ලාවා නළයක් සොයා ගෙන අඟහරු මත ප්‍රථම මානව ජනාවාසය පිහිටුවා ගැනීමට හැකිවුණා.

“ඔලිම්පස් නගරය ජනාවාස කිරීමේ ඇදහිය නොහැකි සාර්ථකත්වයක් සමඟ
පසුගිය සිව් වසර පුරා,
අපි MMC (අඟහරු මෙහෙයුම් මණ්ඩලය) බලාපොරොත්තුවෙන් ඉන්නවා
ඒ තමයි අපි වේගවත්ව යන්න සූදානම් කියන එක.
අපේ නව පරිවාහක යානා මුළුමනින්ම වගේ ගුවන්ගතවීම සඳහා සූදානම් වීමත් සමඟ,
2041 පළමු කාර්තුවේ පටන්
වරකට මිනිසුන් පනහක් යැවීම ආරම්භ කිරීමට අපි සූදානම්ව ඉන්න ඕන. ”
_ එඩ් ග්‍රෑන්_

2037, මානව වර්ගයා අඟහරු මතට ගිහින් වසර හතරක් ගෙවිලා. ඔලිම්පස් නගරය ගොඩනඟලා. මේ නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට න්‍යෂ්ටික බලය පිළිබඳ විශේෂඥ ලෙස්ලි රිචඩ්සන් සහ ඇගේ සැමියා, දෙමුහුන් පැළෑටි පිළිබඳ විශේෂඥ පෝල් රිචඩ්සන් ඇතුළු කණ්ඩායම සිග්නස් යානයෙන් අඟහරු බලා පැමිණියා. ඒ වගේම අඟහරු මත ඇති වඩාත් බිහිසුණු වැලි කුණාටු පටන් ගත්තා. ඉතින් මේ සියල්ල ඔස්සේ එඩ් ග්‍රෑන්ට තම අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට හැකිවෙයි ද?

ඈත අතීයේ ඉඳලා ඇන්ටාක්ටිකාව වෙතට ගවේෂණයන් සිදු කරනවා. ඇන්ටාක්ටික් ගවේෂණයත් අඟහරු ගවේෂණය තරම්ම අති දුෂ්කර කාර්යයක්. නමුත් සැබෑවක්. බ්‍රිතාන්‍ය ජාතික ෂැකල්ටන් මහත්මයා ඈත අතීයේ දී ඇන්ටාක්ටිකා තරණයට යනවා. ඒක ඉතා බිහිසුණු ගමනක්. (ගවේෂණ චාරිකා ගැන උනන්දු නම් ඒ පොත කියවන්න, දුෂ්කරතාවයන් කියන්නේ මොනවද කියලා දැන ගන්න පුළුවන්.)  ඒ කාලයේ පටන්ම අද දක්වාත් ඇන්ටාක්ටිකා තරණය දුෂ්කර ගමනක්. දැන් එහි ජනාවාස ඉදිකර තිබෙනවා. විවිධාකාර පර්යේෂණයන් සිදුකරනවා. ඒ වගේම ඇන්ටාක්ටිකාවෙන් ජීවය සොයා ගැනීමට තවමත් උත්සාහ කරමින් ඉන්නවා. මේ සියළු කටයුතු සඳහා අවශ්‍ය සැපයුම් පෘතුවියේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් ලබා දෙනවා. ඉතින් මේ දුෂ්කර ඇන්ටාක්ටික් ගවේෂණයෙන් ලබන අත්දැකීම් කොහොමද අඟහරු තරණයට යොදා ගන්නේ කියන එක ගැන තමා 2016 දී කතා කරන්නේ.

Mars (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

mars.s01e04.power.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

366 downloadsDownload mars.s01e04.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                         Next Episode>>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

366 downloadsDownload Subtitles32 KB

8 comments

  1. Udara Damith B/K

    ... ස්තූතියි .............

  2. Udara Damith B/K

    ..........බොහොම..........

  3. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  5. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  8. Chathura Widuranga

    Thanks සබට