Watch Trailer

Mars [S01 : E05] with Sinhala Subtitles | අඟහරු: අඳුරුතම දිනයන්… [සිංහල උපසිරසි සමඟ]

අති දුෂ්කර ගමනක එක් සන්ධිස්ථානයක දී අයිස් සොයා ගැනීමෙන් අනතුරුව අඟහරු මත ඔලිම්පස් නැමැති ප්‍රථම මානව ජනාවාසය පිහිටුවා ගැනීමෙන් අඟහරු මෙහෙයුමේ පළමු අදියර සාර්ථක කර ගත්තා. දෙවන අදියර පටන් අරගෙන. ඔලිම්පස් නගරය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන විශේෂඥයින් සහ උපාංග ආදිය රැගෙන වේගා යානාවත් අඟහරු වෙත පැමිණ…

MarsP1

අති දුෂ්කර ගමනක එක් සන්ධිස්ථානයක දී අයිස් සොයා ගැනීමෙන් අනතුරුව අඟහරු මත ඔලිම්පස් නැමැති ප්‍රථම මානව ජනාවාසය පිහිටුවා ගැනීමෙන් අඟහරු මෙහෙයුමේ පළමු අදියර සාර්ථක කර ගත්තා. දෙවන අදියර පටන් අරගෙන. ඔලිම්පස් නගරය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන විශේෂඥයින් සහ උපාංග ආදිය රැගෙන වේගා යානාවත් අඟහරු වෙත පැමිණ අවසන්. දැන් 2037 වර්ෂයයි, මානව වර්ගයා අඟහරු මතට ගිහින් වසර හතරක් ගෙවි ගිහින්. ඒ වගේම වැඩි පිරිසක් අඟහරු වෙත ගෙන ඒමේ අරමුණින් ඔලිම්පස් නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට න්‍යෂ්ටික බලය පිළිබඳ විශේෂඥ ලෙස්ලි රිචඩ්සන් සහ ඇගේ සැමියා, දෙමුහුන් පැළෑටි පිළිබඳ විශේෂඥ පෝල් රිචඩ්සන් ඇතුළු කණ්ඩායම සිග්නස් යානයෙන් අඟහරු බලා පැමිණියා. මේ කාරණා සිද්ධවෙන අතරේ අඟහරු මත ඇති වඩාත් බිහිසුණු වැලි කුණාටු ආරම්භ උනා.

“අපි පසුගිය මාස දෙක සඳහා
සම්පූර්ණ කුණාටු මූලලේඛනයක් තුළ හිටියා,
අපිට තිබෙන බලශක්තිය සහ සම්පත්
පිරිමසාගන්න උත්සාහ කරමින්.
සහනයක කිසිදු සලකුණක් නැහැ.
මං මේ වගේ කරගෙන යන්න කැමති නැහැ,
ඒත් මං තමයි තවමත් ඒ තුළ ඉන්න
සියළු දෙනාගේ ආරක්ෂාව ගැන වගකියන්න ඕන.”
_හැනා සන්ග්_

“මේ කුණාටුව පාරේ තියෙන පොඩි ගැස්සිල්ලක් විතරයි.
අපිට වෙලාවට වැඩ කරන
ලෝකයේ ප්‍රධාන පෙළේ කෘෂි විද්‍යඥයෙක් ඉන්නවා.
ඔහු දෙමුහුන් නිෂ්පාදන ලබාගනිමින් ඉන්නවා,
එමඟින් ඔලිම්පස් නගරය
ස්වයං-සැපයීමේ තත්ත්වයට පත්කරාවි.”
_ එඩ් ග්‍රෑන්_

අඟහරු මත ඉන්න හැනා ඇතුළු කණ්ඩායමත් පෘතුවිය මත ඉන්න එඩ් ඇතුළු කණ්ඩායමත් වැලි කුණාටුවත් එක්ක එන තත්ත්වයන්ට කෙසේ මුහුණ දෙයි ද?

අඟහරු මත ඇති වන මේ වැලි කුණාටු ඉතා බිහිසුණුයි. වැලි කුණාටුවක් කිවුවට ඇත්තටම තියෙන්නේ ඉතා සියුම් දූවිලි අංශු. මේවා පෙණහැල්ලට ගියොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. මේ කුණාටු අති විශාලයි, ග්‍රහලොවම වසා ගන්න හැකියි. ඒවා කිලෝමීටර 20ක් 30ක් උස වෙන්න පුළුවන්. මේ අංශු වලට ආරෝපණයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අකුණු ගහනවා. වැලි කුණාටු මාස ගණනාවක් පුරා තියෙන්න පුළුවන්. ඉතින් හිතන්න මේ වගේ තත්ත්වයක් තුළදී කිසිම උදව්වක් නැතිව නුපුරුදු පරිසරයක හිරවෙලා ඉන්න එක ගැන. ඕනෑම තත්ත්වයකට පුහුණුවක් ලැබූ පුද්ගලයෙකු පවා මෙවැන්නකට කෙසේ මුහුණ දෙයිද? ඔහු/ඇය මෙම ආතතිය පාලනය කර ගනී ද? හුදකලා සීමිත පරිසරයක දී බලාපොරොත්තු නොවු මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන පුද්ගලයින්ගේ මානසිකත්වය ගැන තමයි 2016දී ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ.

Mars (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

mars.s01e05.darkest.days.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

310 downloadsDownload mars.s01e05.Baiscopelk.com_.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

310 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Udara Damith B/K

    thanks..

  2. Udara Damith B/K

    ස්තුතියි

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  4. Shadow

    Tnx ... :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Isuru Dilshan

    ela bn tankz

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Chathura Widuranga

    Thanks සබට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.