2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානය අඟහරු මතට ගොඩබැස්වූයේ මූලික කඳවුරට බොහෝ දුරින්. මේනිසා ඔවුන්ට කුඩා වැඩපොළක් නව මූලික කඳවුර කරගෙන ඒ වෙත යාමට සිදුවුණා. රෝවර් රථයෙන් මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ තමයි කණ්ඩායමේ සාමාජිකයින් දැන ගන්නේ තමන්ගේ අණදෙන්නා වන බෙන් සෝයර්ට අනතුරෙන් සිදුවෙලා තියෙන හ…

2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානය අඟහරු මතට ගොඩබැස්වූයේ මූලික කඳවුරට බොහෝ දුරින්. මේනිසා ඔවුන්ට කුඩා වැඩපොළක් නව මූලික කඳවුර කරගෙන ඒ වෙත යාමට සිදුවුණා. රෝවර් රථයෙන් මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ තමයි කණ්ඩායමේ සාමාජිකයින් දැන ගන්නේ තමන්ගේ අණදෙන්නා වන බෙන් සෝයර්ට අනතුරෙන් සිදුවෙලා තියෙන හානිය ගැන. ඔහුට ප්‍රතිකාර කිරීමට ඉක්මනින් මූලික කඳවුර වෙතට යාමේ බලාපොරොත්තුවෙන් රෝවරයේ වේගය වැඩි කිරීම නිසා යන අතර මඟදී රෝවරය අළුත්වැඩියා කරගැනීමට බැරි තරමේ දෝෂයකට ලක්වෙනවා. මේ නිසා සියළු දෙනා කඳවුරට පයින් යන්න තීරණය කරනවා. පයින් යන අතරේදී බෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වෙනවා. මේ නිසා හැනා තාවකාලිකව අණ දෙන්නා වෙනවා. අවසානයේ කඳවුරට ළඟාවන කණ්ඩායම බෙන්ට ප්‍රතිකාර කිරීම පටන් ගත්තත් එතකොට තමයි කට්ටියම දැන ගන්නේ අනතුරින් බෙන්ට දැඩි ලෙස හානි වෙලා තිබෙන බව. ඔවුන් කෙතරම් උත්සාහ කළද කුඩා කල තමන් දුටු සිහිනය බොහෝ දුරට සැබෑ කරගත් බෙන්, තම කණ්ඩායමත් ආරක්ෂා කර අඟහරු මත දී මියයනවා. දැන් හැනා තමයි කණ්ඩායමේ අණ දෙන්නා වෙන්නේ.
“අපි සියලු දෙනාම දැනගෙන හිටියා මෙතනදී කෙනෙක් මැරෙන්න පුළුවන් බව.
ඒත් කවදාවත් කවුරුවත් හිතුවේ නැහැ ඒ බෙන් විය හැකියි කියලා.
ඔවුන් පිළිතුරු සඳහා මා දෙස බලන් ඉන්නවා ජූන්,
ඒ වගේම මට ඔවුන්ගේ ඇස් තුළ සැකයක් දකින්න පුළුවන්.
ඔවුන් වෙනුවෙන් මං ශක්තිමත්ව ඉන්න ඕන. ඔහු හිටියා වගේ ශක්තිමත්ව. ”
_හැනා සන්ග්_
ඉතින් හැනාට නව අණදෙන්නා ලෙස මේ සියල්ල පාලනය කරගෙන අඟහරු මෙහෙයුම කරගෙන යාමට හැකිවේවි ද? පෘතුවියේ ඉන්න එඩ් සහ ජූන්, IMSF (ජාත්‍යන්තර අඟහරු විද්‍යා පදනම) සමඟ මොන ආකාරයෙන් කටයුතු කරාවි ද?
2016 දී මූලිකවම කතා කරන්නේ ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය සාධකය වන ජලය ගැන. ඒ ඉතින් ජලය නැතිනම් ජීවය පවත්වා ගන්න බැරි නිසා. දැනට අඟහරු මත අයිස් තිබෙන බව සොයා ගෙන තියෙනවා. අඟහරු මත කිවුවට පෘෂ්ඨයේ ඉඳලා ගැඹුරින් තමයි මිදුණු ජලය තියෙන්නේ. ඉතින් කුරිරු ග්‍රහයෙක් වූ අඟහරු මත දී කොහොම ද ජලය ලබා ගන්නේ කියන එක ගැන සහ අඟහරුගේ ස්වභාවය ගැනත් ඒ වගේම ඊසා (යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය) හා රොස්කොස්මෝස් (රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය) අතර සහයෝගීතාවයෙන් කසකස්තානයේ බයිකොනූර් කොස්මොඩ්‍රෝම් හි දී සිදුකරන රතු ග්‍රහයා වෙත මෙතෙක් කරනු ලබන ලෝකයේ විශාලතම මෙහෙයුම, “එක්සොමාර්ස්” දියත් කිරීම ගැනත් තමයි අද විස්තර කරන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
mars.s01e03.720p.hdtv.hevc.x265.rmteam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
Sinhala Subtitles
494 downloadsDownload Mars-S01E03.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
13 comments
Sachith Chathuranga
pasindu pramodaya
Download link akak dennako
Meka hoyagnna ba.......john snow
Onna Mchn - 150mkv.pw/tv-series/mars/
Kulanjana Maduranga
niayamai…thanks SAJEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
thanks
c.n.k
thanks
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..
Udara Damith B/K
.............බොහෝම ස්තූතියි.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
sagara
den TV series piliwelakata ne wage..hoya ganna amarui..kalin wage TV series piliwelata tibunanam godak hodai..TV series list eke nethi ewa thanin thena hamba wenawa...
Chathura Widuranga
Thanks සබට
delshannex
patta
Advertisement

thanx bro..