Watch Trailer

Mars [S02 : E04] Sinhala Subtitles | වසංගතය… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ සහයෝගය ලැබෙන බව පැවසුවත් ඔවුන් තම අරමුණට තමයි වැඩිබරක් යොදවන්නේ. තම සහෝදරියගේ මියයාම නිසා දුක…

අතීත මතකයන්:

අඟහරු:

වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ සහයෝගය ලැබෙන බව පැවසුවත් ඔවුන් තම අරමුණට තමයි වැඩිබරක් යොදවන්නේ. තම සහෝදරියගේ මියයාම නිසා දුක්වන හැනා සහ ලුක්‍රම් අඟහරු අපවිත්‍ර කරනවා යන හැඟීමෙන් සිටින මාර්තා අතරේ දැඩි බහින්බස්වීමක් සිදුවුණා. ඒකෙන් පසුව කාටත් නොකියා මාර්තා කැණීම් භූමියට ගියා. මේ අතරේ සූර්ය කුණාටුවක් ආවා ජනපද දෙකේම සන්නිවේදනය සහ විදුලි බලය නැති කරමින්. මේ නිසා එළියේ හිටිය මාර්තා මරණය අසළටම ගිහින් රොබට් සහ ජාවියර්ගේ උත්සාහයත් ලුක්‍රම් ජනපදයත් නිසා යන්තමින් දිවි ගලවගත්තා. හැබැයි මාර්තා නිකං නෙවි ආවේ. කැණීම් භූමියෙන් සාම්පල් ටිකකුත් අරගෙන ආවා. කැමරන් මේවා පරීක්ෂා කළත් අළුත් යමක් සොයා ගැනීමට නොහැකි වුණා.

වර්තමානය:

කාටත් හොරෙන් ලුක්‍රම් කැණීම් භූමියට ගිය මාර්තා සොයාගෙන පැය 12කට පසුව අභිරහස් රෝගයක් නිසා ලුක්‍රම් ජනපදයෙන් අඩක් විතර අසනීප වෙනවා, ඔලිම්පස් නගරයේ කෙනෙක් මිය යනවා. ටිකක් විතර දන්න කෙනෙක්. මේ වසංගත තත්ත්වය පිළිබඳව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උපකාර ගන්න හැනාට ඕන උනත් මේ තීරණය ගැන පෘතුවියේ දී රෝලන්ඩ් සහ ලෙස්ලි ගැටෙනවා. පසුගිය මාස කිහිපයම හැනාව නිරීක්ෂණය කළ ලුතිනන් මයික්ට වෙනම සැලසුමක් තියනවා. ඉතින් මේ සියල්ල අතරේ හැනා මොනවගේ තීරණයක් ගනිවිද?

සැබෑ ලෝකය:

සයිබීරියාවේ යමාල් අර්ධද්වීපයේ ඇන්ත්‍රැක්ස් පැතිරීම, ඒ සඳහා ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම හා නව තෙල් කැණීම්වල බලපෑම, මේ තත්ත්වය රහසේ පවත්වාගෙන යාමට උත්සාහ කරන රුසියානු බලධාරීන් ගැන මෙන්ම ඒ ගැන ලෝකයට කියන්න උත්සාහ කරන නිර්භීත මිනිසුන් පිළිබඳවත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ලොව පුරා පැතිර යන විවිධ වසංගත ගැනත් අද කතා කරනවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

861 downloadsDownload Mars-S02-E04.zip36 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

861 downloadsDownload Subtitles36 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  3. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  4. Tharindu07

    Thanks Machooo Patta....!!!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P