පසුගිය කොටසින් හැමෝටම මතක ඇතිනේ කතාව පටන් ගත්තෙ අමාත්‍ය සැන්ග් ආදර වෘතාන්තයකින්. එයාටත් තිබිලා තියෙන්නෙ හරිම අමුතුම විදිහේ ආදර කතාවක්. මම ඒ ගැන විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා. 🤪 පිලිප් ප්‍රයිස් E Corp එකේ CEO තනතුරින් ඉල්ලා අස්වෙන එකෙයි, එලියට් සෙන්ට්‍රල් ජාතික බැංකුව පස්සෙ පන්නන එකෙයි සම්බන්ධයක…

පසුගිය කොටසින්
හැමෝටම මතක ඇතිනේ කතාව පටන් ගත්තෙ අමාත්‍ය සැන්ග් ආදර වෘතාන්තයකින්. එයාටත් තිබිලා තියෙන්නෙ හරිම අමුතුම විදිහේ ආදර කතාවක්. මම ඒ ගැන විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා. 🤪 පිලිප් ප්‍රයිස් E Corp එකේ CEO තනතුරින් ඉල්ලා අස්වෙන එකෙයි, එලියට් සෙන්ට්‍රල් ජාතික බැංකුව පස්සෙ පන්නන එකෙයි සම්බන්ධයක් තියෙන විත්තිය තේරුම් ගත්ත අමාත්‍ය සැන්ග් සැලසුමක් ගැහුවා තමන් පිලිප්ගේ සැලසුම් වලට අහුවුනා කියලා බොරුවට හගවන්න වගේම නවතම CEO පට්ටම ටයිරෙල් වෙලික්ට යෝජනා කරලම. මේ වෙද්දී එලියට් ඇන්ජෙලා එක්ක එකතු වෙලා Allsafe කම්පැනි එකට වෙලා ප්‍රමාණවත් තරම් හෝඩුවාවල් හොයාගෙන තිබුණේ සෙන්ට්‍රල් ජාතික බැංකුවට රිංගන්න. ඔලිවියා කෝටෙස් කියන්නෙ සූසැන් ජෙකොබ්ස් අදුරන කෙනෙක්. මේ දෙන්නට වෙන කිසිම තොරතුරක් පිටින් හොයාගන්න බැරි නිසා එලියට් මිස්ටර් රොබට් එක්ක ඔලිවියා නැති වෙලාවක එයාගේ ගෙදරට ගිහින් හෝඩුවාවල් හෙව්වත් අවසානෙදි අවශ්‍ය වෙච්ච පාස්කෝඩ් එක අරගන්න එලියට්ට සිද්දවුනා ඔලිවියා ඒ වෙලාවේ හිටිය තැනට ගිහින් එයාට හිතවත් වෙලා එකට නිදාගෙන පාස්කෝඩ් එක අරගන්න. ඔලිවියා ඒ වෙලාවේ ඇවිත් හිටිය පෙම්හමුව අසාර්ථක වෙච්ච නිසා එලියට්ට මිස්ටර් රොබට්ගේ උදව්වෙන් තමන්ගේ වැඩේ හරිම ලේසියට කරගන්න ලැබුනා.
මේ වෙද්දී ටවුමට ඇවිත් අමු කුකුල්මස් කුට්ටි වලට කුඩු රිංගවලා පොඩි එවුන් ලවා කුඩු බෙදන වේරා ගැනත් අලුත් කරුණු කාරණා කිහිපයක් දැනගන්න ලැබුනා. වේරා මේ වෙලාවේ තමන්ගේ කට්ටිය දම්මලා එලියට් ගැන විපරමින් ඉන්නෙ. එයාට ඕන වෙලා තියෙනවා එලියට් ලවා තමන්ගේ අධිරාජ්‍ය ගොඩනගාගන්න. ඔය කියන අධිරාජ්‍ය මොකක්ද කියලා තාමත් කියන්න දන්නේ නැති වුනත් එයා කියන විදිහට මොකක් නමුත් ලොකු දෙයක් කියලා හිතන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි එලියට් වතාවක් Allsafe එකට යන අතරතුර එයාට කලින් ප්‍රතිකාර කරපු මනෝ චිකිත්සකවරිය ක්‍රිස්ටා මුණගැහිලා බහින් බස් වීමක් වෙනවා. E Corp ගොඩනැගිලි පුපුරලා යන සිද්දීන් එක්ක එලියට් මේවට හවුල් කියලා හිතාගෙන සැහෙන බයකින් ඉන්න ක්‍රිස්ටා අඩුම තරමේ කැමති නැහැ එලියට් ලග ඉන්නවටත්. ඉතින් මේ දේවල් වෙන අතරතුරේ වේරා එවපු මනුස්සයා බලාගෙන ඉදලා පින්තූරත් අරන් ගිහින් වේරාට පෙන්නුවා. එලියට්ට වෙලා තියෙන දේ දැනගන්න වේරාට හොදාකාරවම උවමනාවක් තියෙනවා ක්‍රිස්ටාගේ පස්සෙන් ගිහින් හොයාගන්න. ඒ වැඩෙන් නම් ක්‍රිස්ටා හෝ එයාගේ මහත්තයටත් ලොකු කරදරයක් වෙන්න පුලුවන්.
අද කොටසින්
කලින් කොටස අවසන් වුනේ එලියට්ගේ නවාතැනට ටයිරෙල් වෙලික් ඇවිත් ඉන්න සිදුවීමකින්නේ. එලියට් දොරෙන් ඇතුළු වෙද්දීම ටයිරෙල් වෙච්ච දේවල් එක පාරටම කියාගෙන කියාගෙන ගියා. එලියට් කොලේක ලියලා දෙයක් කියනකන්ම ටයිරෙල්ගේ කියවිල්ල නම් නැවතුනේ නැහැ. එලියට් කිව්වා වගේම ටයිරෙල් කියාගෙන ගියපු හැමදේම ඩාක් ආමි එකෙන් අහගෙන ඉදලා තියෙන්නෙ. අද කොටසින් දැනගන්න ලැබෙයි මේ දෙන්නට ඔය දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙන්නෙ කොහොමද කියලා. එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා.
ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,688 downloadsDownload Mr.-Robot-S04-E04.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
sachintha
Ishan Madusha
ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු....charuni
thank you
LimeGreenSoda
ThankYou
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
namaljayathunga
Thanks Bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ