Marvel One Shot – The Consultant [2011] | උපදේශකයා [සිංහල උපසිරැසි සමඟ] ඔන්න අද මං අලුත් වැඩකට අත ගැහුවා. ඒ තමයි මගේ ප්‍රියතම Marvel විශ්වයේ අලුත් ආකාරයේ නිර්මාණ කිහිපයකට උපසිරැසි යොදන්න එක. Marvel සමාගම ඔවුන්ගේ Avengers කණ්ඩායමට අදාළ The Incredible Hulk (2008) චිත්‍රපයේ සිට දිගටම Avengers වලට අදාළ…

ඔන්න අද මං අලුත් වැඩකට අත ගැහුවා. ඒ තමයි මගේ ප්‍රියතම Marvel විශ්වයේ අලුත් ආකාරයේ නිර්මාණ කිහිපයකට උපසිරැසි යොදන්න එක. Marvel සමාගම ඔවුන්ගේ Avengers කණ්ඩායමට අදාළ The Incredible Hulk (2008) චිත්‍රපයේ සිට දිගටම Avengers වලට අදාළ චිත්‍රපටවලට අදාළ පසු අවධිය පිළිඹඳව කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම සිදු කරන ලදී. එය ඔවුන් නම්කරන ලද්දේ Marvel One Shot යන නමිනි. ඔවුන් මෙම නිර්මාණ කිරීම පිළිඹඳව පවසනුයේ විනෝදය සමඟ නව චරිත සහ නව අදහස් එළිදැක්වීමේ මගක් ලෙසින්ය. මේ වන විට Marvel One Shot කෙටි චිත්‍රපට 5ක් ඉදිරිපත් කර තිබේ. ඒ The Incredible Hulk (2008), Thor (2011), Captain America (2011), The Avengers (2012), Iron Man 3 (2013) යන චිත්‍රපට 5 සඳහාය.
ඒ අතරින් මම මුලින්ම ඔබට ලබාදෙන්නේ The Incredible Hulk (2008) චිත්‍රපටයට අදාළව නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපටයයි. මෙහිදී චිත්‍රපටය අවසන් වූ දිනෙන් කතාව පටන් ගෙන ඇත. බෘස් බැනර්ට සියලු චෝදනා එල්ල කරන ආණ්ඩුව දුෂ්ටයා වූ බ්ලොන්ස්කි යුද වීරයෙකු කිරීමට සැරසේ. මේ නිසා ශීල්ඩ්හි පාලනාධිකරණය බ්ලොන්ස්කි ශීල්ඩ් යටතට ගැනීමට අධ්‍යක්ෂ ෆියුරිට නියෝග කර ඇත. ශීල්ඩ් හි පරීක්ෂක කොල්සන් සහ පරීක්ෂක සිට්වෙල් මෙය ඉටු කිරීමට ක්‍රමයක් කතාබහ කරන අකාරය මෙහි නිරූපණය වේ. පරීක්ෂක සිට්වෙල් Marvel’s Agents of S.H.I.E.L.D රූපවාහිනී කතා මාලාවේදී ඔබට පරීක්ෂක සිට්වෙල් හමුවුණානේ(01E07). මේ අනුව චිත්‍රපටය අවසානයේ ස්ටාර්ක් (Iron Man) කර්නල් රොස් හමුවට පැමිණෙන්නේ ඇයිද යන්න පැහැදිලි කර ඇත.
කෙටි චිත්‍රපටයක් නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්. හැබැයි මේක කියන්නම ඕනි. චිත්‍රපටය නොබලපු අයටනම් මේක රසවිඳින්න අමාරුයි.
Marvel One Shot – A Funny Thing Happened On The Way To Thor s Hammer [2011] | අතරමගදී [සිංහල උපසිරැසි සමඟ]
මේක Thor (2011) චිත්‍රපටයට අදාලව නිර්මාණය කෙරුණක්. ඔයාලට මතක ඇතිනේ Iron Man දෙවෙනි චිත්‍රපටයේ අවසානයට පරීක්ෂක කොල්සන් තෝර් ගේ මිටිය සොයාගෙන මෙක්සිකෝවට යනවා. මේ කෙටි චිත්‍රපටයේ තියෙන්නේ පරීක්ෂක කොල්සන් එසේ මෙක්සිකෝවට යන අතරතුරදී මංකොල්ලකාරයන් දෙදෙනෙකුගෙන් කඩයක් බේරාගන්නා ආකාරයයි. වැඩි විස්තර කිව්වොත් රසයක් නෑ. හැබැයි මේක කියන්නම ඕනි. චිත්‍රපටය නොබලපු අයටනම් මේක රසවිඳින්න අමාරුයි.
Marvel One Shot – Item 47 [2012] | නිව්යෝර්ක් සිදුවීමෙන් පසු සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]
මේ තෙවෙනි Marvel One Shot නිර්මාණය. මේක Avengers (2012) චිත්‍රපටයට අදාළ නිර්මාණයයි. ලොකී මෙලොවට ගෙන්වූ චිටාවුරී ජීවීන්ගේ අතට සවිකර තිබූ ආයුධයක් සොයාගන්නා තරුණ පෙම් යුවලකගේ කතාවක් මෙයට පසුබිම්ව ඇත.
Iron Man සක්වල ජීවීන්ගේ මධ්‍යස්ථානය පුපුරුවා හැරීම නිසා චිටාවුරීන් සහ ඔවුන්ගේ උපකරණ අක්‍රීය වුවත් මෙම යුවල තමන් සොයාගත් ආයුධය නැවත ක්‍රියාත්මක තත්වයට පත්කර ගනී. මෙය ශීල්ඩ් එකට පවා කළ තවමත් කරගත නොහැකි වූ දෙයකි. මේ යුවල සොයාගෙන ආයුධය ගෙන ඒමට පරීක්ෂක සිට්වෙල් හට භාර වේ. ඔහු මේ ආයුධය ලබාගන්නා අකාරය සහ යුවලට සිදුවන දේ වටා මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය වී ඇත.
Marvel One Shot – Agent Carter [2013] | කැප්ටන් ඇමරිකාගේ පෙම්වතිය [සිංහල උපසිරැසි සමඟ]
මේක Captain America – The First Avenger (2011) චිත්‍රපටයට අදාළව නිර්මාණය කෙරුණක්. මේ වන විට ලෝක යුද්ධය අවසන් වෙලා. රොජර් (කැප්ටන් ඇමරිකා) නැතිවූ නිසා නියෝජිත කාටර් මානසිකව දුර්වල වූ නිසා ඇයව මේ වන විට රහස් නියෝජිත කාර්යාලීය රැකියාවකට යොදවා ඇත. එය නිසා ඇය එහි රැකියාව පිළිඹඳ අප්‍රසාදයෙන් සිටී. ඒ ඇයව ක්‍රියාකාරී දේවලින් ඈත්කර තබන නිසාය. මේ කතාව ඇය තම රැකියාවේ නීති ඉක්මවා යමින් අවසානයේ ශීල්ඩ්හි ආරම්භක සාමාජිකාවක් වන ආකාරයයි.
Marvel One Shot – All Hail the King [2014] | මැන්ඩරින් කරළියට ඒවිද [සිංහල උපසිරැසි සමඟ]
හැමෝම Iron Man 3 බැලුවනේ. ඔන්න ඉතින් දැනට පැමිණ ඇති අවසාන Marvel One Shot නිර්මාණය විදිහට රැගෙන ආවේ Iron Man 3 චිත්‍රපටයට නිමවූ කෙටි චිත්‍රපටයයි.
මේක ඉන්නේ මැන්ඩරින් විදියට රඟපා ඇමරිකාව බිය ගැන්වූ ට්‍රෙවර්. Iron Man ඔහුව අල්ලාගත් නිසා ඔහු දැන් හිරේට නියම වෙලා. එත් ඔහු හිරේ වෙනමම ජනප්‍රියත්වයක් ඇතිකරගන්නවා. මේ අතර ඔහු රූපවාහිනී නාලිකාවක නියෝජිතයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටිනවා. ඒත් ඇත්තටම මේ පුද්ගලයා රූපවාහිනී නියෝජිතයෙක් නම් නෙවෙයි. මේ කව්ද කියල වගේම මැන්ඩරින් ගැන ලොකු අනාවරණයක් මේ නිර්මාණයේ අන්තර්ගතයි.
එහෙනම් දැනට පැමිණි නිර්මාණ 5ම අවසන්. ඉතින් බොහෝ දුරට Thor The Dark World (2013) සලරුවටත් Marvel One Shot නිර්මාණයක් ඒවි. එතකල් ඔබට ජයවේවා..
2,832 downloadsDownload Marvel-One-Shot.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
42 comments
lahiru
Lahiru
down කොරන්න හදන්නේ...
Lahiru
බැලුවට පස්සේ ෆිල්ම් එක ගැනත් පොඩි review පාරක් දැම්මොත් බලන්න ඉන්න යටත් අදහසක් ගන්න පුළුවන් වෙය්...
හර්ෂ ලහිරු
එලකිරි තිසරයෝ :D ජය
malin
Aththama Kiyanawanam "sinhalen baiscope" Kiwwata dan dan dannaema TV series ma ne. Loke Films Nadda Machan?
kalinga
ෆිල්ම්ස් දෙනවා නේ බන් උබට පෙන්නේ නැතිද
sudeera
තුති සහො මත් බලලා තියෙනවා දෙකක් අනිත්වත් බලන්නම් අද
චතුර මදුසංක
ela mcn
Sanjaya
thanks saho...
Tharindu Udayanga Perera
Fatta fatta machann...onna ehenam bagannavaa..thanks machan sub valatahh...
Saman Prasad ( Black Panther )
yakado...mehema ekaka dannewath na ne. aniwa banawooooooooooo.........
වරුණ රංගජිත් (වරූ...)
ela ela niyamai sahooooo.............
සිංහල සබ් 1 ට ස්තූතියි...
ජය වේවා...thiliya
sthuthi saho.... :D
වරුණ නිරෝෂණ
මාවල් විශ්වයේ කට්ටිය ඉන්නවනම් ඕනි එකක් බලනවා මම.... ස්තුතියි සහෝ සබ් දුන්නට....
kalinga
එල සහෝ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නේ කොල්ලෝ..
මමත් හරි ආසයි මේ කතා සෙට් එකටම මාර්වල් ලගේ..
අනික කෙටි නිසා හරි හොදයි...
ඔන්න එහෙනම් එකින් ඒක ගන්නවා හොදේ..
ජය වේවා..Lakmal
එල මචං අපි ගත්තා එහෙනම් තැන්ක්ස් සහෝ
“චූටී මල්ලි”
පොඩි ෆිල්ම් ගොඩායි
ඔය අන්තිමට දිලා තියෙන එකනම් මන් බැලුවා
අනික්වා බලලා නෑ
සබ්වලට තුති
ඔබට ජය.........චතුරංග සුරාජ් පෙරේරා
නියමයි අනිවා නෝබල කොහොමද කෙටි හින්ද දුකයි කමක් නැහැ ඔන්න බානව.
බොහොම ස්තුතියි සබ්වලට සහෝ !
ජයවේවා !!!!
isuru chamal
1.5 GB අපරාදේ වගේත් හිතුනා ,එත් අවුලක් නැ ඉතින් ටීවී සීරියස් ටිකනම් සුපිරි ෆිල්ම් වලට වඩා
chamath
thanx bro
Amil
සුපිරි වැඩක් සහෝ...
සබ් වලට තැන්ක්ස්දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම වටින වැඩක් සහෝ, කවුරුවත් කරන්න හිතන්නේ නැති වැඩක්, බොහොම අගෙයි,තව මෙවැනි කෙටි චිත්‍රපට තිබේනම් රැඟෙන එන්න,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නලින්
ස්තුතියි තිසර සහෝ
ජය වේවා!
මෙක නම් පට්ට!
Pramoj
බොහොම ස්තුතියි සහෝ...
ජය වේවා...Thisara Buddhika (තිසර නියෝ)
අදහස් දැක්වූ සැමටම තුති
Asitha
Thanks machan.uba kyanakam danne na "Marvel One Shot" gana.
Rojitha
thanks Bro.. download karala , balala honda nisa aye avith comment ekak damma.. supiri vadak. ithiri keti chithrapata avama evath danna bro..
Saketha Pulasthi
මාවල්ස් නම් නොබලා කොහොමෙයි
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍pavithra Rushan
ela ela.............
Niky
niyama wedak saho.mang mea tika hoya hoya hitye.thanks
krishan gayantha
thanks machoooooooooooooo
pulindu
Suffa macho
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ...
Amalka Himeshan
Thanks sub ekata
prasad
Thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Wireshan
download does not exist කියලා වැටෙනවා bro.. please අයෙත් upload කරන්නකෝ thanks....
Anonymous
meka update karanna puluwanda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
mama 1st