Watch Trailer

Marvels Agent Carter [S01 : E08] | කැප්ටන් ඇමෙරිකා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ පළමු කතා සමයේ 8 වන ඒ වගේම අවසාන කොටස. දෙවන කතා සමයක් ආරම්භ කරාවිද යන්න ගැන තවමත් හාංකවිසියක්වත් ආරංචියක් නැහැ. ඒත් ඒජන්ට් කාටර් කතා මාලාව ගෙන එන Tara Butters ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා, කාටර් තවත් කතා සමයක් බලන්න අවශ්‍ය නම් විකාශනය වූ ක…

Agent carter S1

අද මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ පළමු කතා සමයේ 8 වන ඒ වගේම අවසාන කොටස. දෙවන කතා සමයක් ආරම්භ කරාවිද යන්න ගැන තවමත් හාංකවිසියක්වත් ආරංචියක් නැහැ. ඒත් ඒජන්ට් කාටර් කතා මාලාව ගෙන එන Tara Butters ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා, කාටර් තවත් කතා සමයක් බලන්න අවශ්‍ය නම් විකාශනය වූ කොටස් නරඹමින්, ඒ ගැන ඔවුන්ට දැනෙන්න සලස්වන්න කියලා. මට හිතෙන හැටියට ඒජන්ට් කාටර් කතා මාලාවේ දෙවන කතා සමයක් අවශ්‍යමයි. මොකද කිව්වොත් විකාශය වූ කොටස් 8 ඇතුළත කතාවේ ස්වභාවය වෙනස් විය හැකි අකාර රාශියක් ගෙන හැර දැක්වූ නිසා. හෝවාර්ඩ් ස්ටාර්ක්, ස්ටීව් රොජර්ස් (කැප්ටන් ඇමෙරිකා) යන පුද්ගලයින් මුල් කරගනිමින්, කාටර් තමන්ගේ ජීවිත කාලය තුළ ලද අත්දැකීම් මාර්වල් රසිකයින් ඇත්තටම දැනගන්න කැමතියි. ඒ වගේම තමයි එඩ්වින් ජාවීස්ගේ චරිතයත්, අයන් මෑන් චිත්‍රපටය දක්වාම දිවෙනවා. ඇත්තටම එක කතා සමයක් පරීක්ෂක කාටර්ගේ කතාව කියන්නට ප්‍රමාණවත් නැතැයි යන්නයි මගේ අදහස නම්. මොකද මේ කතාවේ තිර රචනය සහ විකාශනය කොටස් අටක පරාසයෙන් එපිට එකක් විදියටයි මට නම් හැඟුනේ.

පහු ගිය කොටස ගැන කෙටියෙන් මතක් කරන්නම්. ඩොක්ටර් ඉව්චෙන්කෝ පිළිබඳ සත්‍ය දිග හැරුණා මතක ඇති. නමුත් ඔහුගේ අරමුණ වුනේ මොකක්ද කියන එක ගැන හරි තොරතුරක් අපිට පසුගිය කොටසින් දැනගන්නට ලැබුණේ නැහැ. ඉතාම ආකර්ශනීය කතාංගයක් වූ ගියවර කොටස අවාසනාවන්ත ලෙස අවසන් වූයේ ප්‍රධානී ඩූලිගේ මරණයත් සමඟයි. ඒ මරණයට හේතු වුනෙත් හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නිර්මාණයක්ම තමයි. ඩොටී, සහ ඉව්චෙන්කෝ එහෙම නැත්නම් තිමිංගලයින් එකතු වෙලා SSR පරීක්ෂක කණ්ඩායම මුලා කරමින් ඔවුන්ට අවශ්‍ය කර තිබුණු, ස්ටාර්ක් විසින් නිර්මාණය කළ  භාණ්ඩයක් රැගෙන යනවා. ඒ භාණ්ඩයෙන් සිදු වන්නේ මොන වගේ දෙයක්ද කියලා ගියවර කොටස බලපු ඔයාලට මතක ඇති. ඒ එක්කම කතාව පුරාම ගැටළුවක්ව තිබුණු ෆිනෝව් වල සමූල ඝාතනයට මේ අවිය සම්බන්ධ බවක් මට හැඟුනා. ඒ සැකය නිවැරදිද නැද්ද කියලා අද කොටස බලන ඔයාලට වැටහේවි.

ඒජන්ට් කාටර් කතා මාලාව ඉදිරිපත් කෙරුණේ 10 වන කොටසින් දෙවන කතා සමය අතරමැද තාවකාලිකව නතර කළ ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාව වෙනුවට. නමුත් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවට වඩා ඒජන්ට් කාටර් කතා මාලාවේ චරිත ප්‍රබල ලෙස ප්‍රේක්ෂකයා ආකර්ශනය කරගත් බවක් තමයි මට නම් තේරුණේ. ලබන සතියේ, ඒ කියන්නේ මාර්තු 3 වෙනිදා ඔයාලට සුපුරුදු  පරිදි ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ, දෙවන අදියර 11 වන කොටසත් සමඟ ආරම්භ වෙනවා. ඒ වගේම කියන්න ඕනේ, විභාග කටයුතු යෙදිලා තියෙන නිසා මට ඒ කොටසට උපසිරැසි අරගෙන එන්න ලැබෙන්නේ නැහැ. මං වෙනුවට අපේ අඩවියේ සහෝදරයෙක් ඒ කොටසට උපසිරැසි අරන් ඒවි. බොහෝ විට අපේ විමා ඒ උදව්ව කරාවි.  😀

අද කොටස ගැන මොකුත් කියන්නේ නැහැ. ඩොක්ටර් ඉව්චෙන්කෝගේ තරහ වායුව මොන විදියේ අවසානයක් අද කතාවට අරගෙන ඒවිද? නරඹන්න ඔයාලට බාරයි. ඒ වගේම පොඩි දෙයක් කියන්නම්. කාටර් කතා මාලාව පුරාම පේන්න නොසිටියත් ප්‍රධානම චරිතයක් වුනු හෝවාර්ඩ් ස්ටාර්ක් අද කතාවේ තමන්ගේ කරගන්නවා. ඒ වගේම කැප්ටන් ඇමෙරිකා පළමු චිත්‍රපටය නැවතත් අපේ මතකයට පැමිණෙනවා. ඇත්තම කිව්වොත් මුන් ඒක ගළපලා නියමෙටම. (විමා කලින් අනාවැකියක් විදියට කිව්වා වගේම). විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාව අන්තිමේටම තියාගත්තා. අද කතාවට උපසිරැසි අරන් එන්නේ මම නෙවෙයි. අපේ චලිඳු දේශාන් (කිනා) සහෝ. කාර්යබහුල වෙලාවේ උදව්වට ආවට කිනෝ උඹට බොහොම පිං. එහෙනම් මං ගියා. අදහසක් බාගත කරන හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා. එලස්ස්ස්…… ජයම වේවා…!

 ලිපිය – යශෝධ ශ්‍රීමාල්

Agent Carter (2015) on IMDb

 

 

182 MB කොපිය මෙතනින් බාගන්න

2B06BE435F36D1295339F54B516215B3C1B6B955

223 MB කොපිය මෙතනින් බාගන්න

5678996885BA2A6EF7E264781EA2CE20D3FD7738 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,269 downloadsDownload Marvels-Agent-Carter-S01E08.baiscopelk.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Season >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,269 downloadsDownload Subtitles62 KB

37 comments

  1. samadhi

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    සබ් එකට බොහොම ස්තුතියි සහො............

  2. R.M Chandananda

    සබ් එකට බොහොම ස්තුතියි සහො…… :D

  3. Charith Madhusanka

    Thanks..............

  4. Ravindu Adithya

    onna yanthan ekak iwara una needa.
    eth labana sathiye idan agent of shield ayemath patan gaththama ekatath sub denawa needa?
    bohoma sthuthi sub ekata.

  5. Thisan

    thk bro

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. නලින් පෙරේරා

    ස්තුතියි කිනා ස්තුතියි යශෝධ...!!

    මෙක බාගෙන සබ එනකල් මඟ බලාගෙන හිටියා.. එළස්ස්!!

    ජය වේවා!

  8. sajeevi

    thanks

  9. එල්.සී. දමැල්

    උපසිරසට තුති!
    ජය!

  10. Yasmika Saubhagya

    ආහ්.. ඔයාද මේක කළේ..
    බොහොම ස්තූතියි කිනෝ..

  11. ASHOKA

    sub ekata thank u

  12. Rasidu

    sub එකට thanx.බලනකන් හිටියේ.මං හිතනවා 2වෙනි කතා සමයක් එයි කියල

  13. sanjeewa

    thanks

  14. ශාන් විමුක්ති [විමා]

    මගේ අදහස ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එකට වඩා මේක සාර්ථකව ගලාගෙන ගියා වගේම පෞද්ගලිකවත් මම කැමති එක දිගට කතාවක් ගලාගෙන යන ජාතියේ කතාවක්.
    මේකේ දෙවැන්නක් ගහන්නේ නැතුව ඉන්නත් පුළුවන් තමයි
    මොකද මේකේ කියන්නේ පෙගී මුලිකත්වය අරගෙන ශිල්ඩ් පිහිටුවීමේ සහ පෙගී නිසා ඒකට කැප්ටන් ඇමෙරිකා සම්බන්ධවීම සහ එතනින් කැප්ටන්ගේ නායකත්වයෙන් ඇවෙන්ජර් කණ්ඩායම පටන් ගැනීමත් අයන් මෑන්ගේ කෘතීම බුද්ධිය වන ජාවෙස් කොහොමද එතනට ඇවිත් තියෙන්නේ, ඔය හැම දේම සිනමාවේදී දිගහැරුනේ නැති අතීතයෙ වෙච්ච දේවල්නෙ, එහෙම උනා කියල දැන් ගැටළුවක් නැහැ, හැබැයි මේකේ දෙවැන්නක් ගැහුවොත් හොඳයි,
    අබට බොහොම ස්තුතියි කිනෝ, ඒ වගේම මෙච්චරකල් ඇදගෙන ආපු යසෝටත්,
    ජය! #Hail #Marvel!

    1. #ChalinduDeshan (කිනා)

      -_- #HailHydra

    2. යශෝධ

      විමා කීවා හරි තමා. ඒත් හෝවාර්ඩ් ස්ටාර්ක් සහ ඔහුගේ නිපැයුම් සම්බන්ධ කරගනිමින් පළමු කතාංගයේ සිටම වෙනස්ම විදියේ කතාවක් විදියටයි කතා සමය ගලාගෙන ගියේ. ඒඅතරට විමා කියපු කාරණා සාරාංශමය විදියට එකතු වුනා කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේම, අවසාන කතාංගයේ නිමාව ගැන සලකපුවාම, නිසැකවම දෙවන කතා සමයක අවශ්‍යතාවය මතු කළ බවක් පෙනුනා. ඒ කැප්ටන් ඇමෙරිකා වින්ටර් සෝල්ජර් චිත්‍රපටය දෙසට වෙන්න පුළුවන් බවයි මගේ අදහස. එලස්ස්ස්.....
      #Hail_S.H.I.E.L.D #Hail_CARTER

    3. Rojitha

      අනිත් එක තමා විමා කාටර් විසින් ශිල්ඩ් එක පිහිටවන්න පියවර ගන්න හැටි මේකේ නැ , ඒ නිසා මම කියන්නෙත් තව කොටසක් අවශ්ෂයි.. අනිත් එක ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එක මෙතැන් පටන් "Inhumens" ලා ගැන කතාවක් වෙනවා
      #හෙල් අල්ට්රන්

    4. MENAKA RAJAPAKSHA

      MARCH 4 WENIDA PATAN GANNAWA “CSI CYBER” KIYALA ALUTH SERIES EKAK. EKATA PULUWANNAM SUB DENNA BALANNA.

  15. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. lakmal

    thx frnd... One of my favourite... Meke thawa episodes thibunanam hondai.. waiting 4 SESON 2

  17. thisal

    තැන්ක්ස් සබට අයියා

  18. Ruchira

    sub 1ට ස්තුතියි.......

  19. Hasitha

    THANKS sahoooo :D :D :D

  20. Lahiru

    we salute you brother..
    thanks for ur commitment..

  21. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දෙවෙනි එකක් එනවා නම් මරු.
    Shield එක ආපු ගමන් දෙන්න.
    යශෝධ සහෝටයි මේ කොටස ගෙනාපු කිනා සහෝටයි තැන්ක්ස්.
    ජය වේවා. !

  23. k

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  24. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  26. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  27. oshan

    Waiting for session 2 thank you very much ale

  28. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  29. chinthaka

    thankx machan

  30. Udara Damith B\K

    thanks

  31. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. Janith220

    Thanks bro

  33. Pasindu ukwatta

    thnks