ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් මම ඒජන්ට් කාටර් කතා මාලාවේ දෙවන වෙළුමේ පළවෙනි කතාව අරගෙන ඔයාලා හමුවෙන්න ආවා.. මේකේ මුල් කොටස් ටිකේ උපසිරැසි දුන්නේ වගේම මේ දෙවෙනි කොටස බාරගෙන තිබුනෙත් යශෝධ සහෝ. ඒත් එයාගේ කාර්යබහුලත්වය නිසා මේක මම කරන්න බාරගත්තා.. කතාව ඉතින් IMDB ලකුණු 8.2ක් අරගෙන තියෙන්නේ.. ඒ වගේම…

ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් මම ඒජන්ට් කාටර් කතා මාලාවේ දෙවන වෙළුමේ පළවෙනි කතාව අරගෙන ඔයාලා හමුවෙන්න ආවා.. මේකේ මුල් කොටස් ටිකේ උපසිරැසි දුන්නේ වගේම මේ දෙවෙනි කොටස බාරගෙන තිබුනෙත් යශෝධ සහෝ. ඒත් එයාගේ කාර්යබහුලත්වය නිසා මේක මම කරන්න බාරගත්තා.. කතාව ඉතින් IMDB ලකුණු 8.2ක් අරගෙන තියෙන්නේ.. ඒ වගේම පළවෙනි කතාවේ හිටපු චරිත වගේම අලුතින් එකතු වෙන ප්‍රධාන චරිතත් ඉන්නවා..
සේරටම කලින් කතාවේ අලුතින් එකතුවෙන දේවල් ටිකක් ගැන පොඩි විස්තරයක් කලා නම් හොදයි කියලා හිතුනා… ප්‍රධාන වශයෙන් දෙවන කොටස පාදක වෙලා තියෙන්නේ ලොස්ඇන්ජලීස් නගරය වටා.. (දැනට පේන්න තියෙන විදියට) .. ලොස් ඇන්ජලිස් වල SSA ලොක්කා විදිහට ඉන්නේ ඩැනියෙල් සුසා.. මතකයි නේද එයාව? ඒ වගේම තමයි මේකේ ප්‍රධාන වශයෙන් “Isodyne energy” කියන ආයතනය ප්‍රධාන භූමිකාවක් කරන්නයි යන්නේ..
මොකක්ද “Isodyne energy” කියන්නේ ? ඒ කියන්නේ 1940 කාලයේ තිබුණු ඇත්ත ආයතනයක්.ඒ කියන්නේ මේක කොමික් කතාවල විතරක් තියෙන ආයතනයක් නෙමේ. කතාවේ නිර්මාපක කියන විදියට මේකෙන් කලේ අභ්‍යවකාශ ව්‍යාපෘති, පරමාණු දියුණු කිරීම , පරමාණු කාන්තාර වල පරික්ෂා කිරීම වගේම ක්ෂුද්‍ර බෝම්බ නිෂ්පාදනය.. හැබැයි මෙයාල කරන්නේ මොකක්ද ඇහුවහම කියන්නේ නම් වෙන බයිලාවක් (කතාවේදී ) . ඉතින් මේ ආයතනයේ අසාර්ථක උණු දෙයකින් ලැබෙන දෙයක් තමයි “Zero Matter” කියන්නේ.. ඒ නම නම් ඔයාලට පුරුදු නැතිව ඇති. එහෙනම් “Darkforce” කියන ඒක හුරුයි නේද? මේකම තමයි අර නමිනුත් ඒ කාලේ හැදින්නුවේ( ඒ කියන්නේ මේ දෙකම එකයි )… මේක ඉතින් මාවෙල් කතා වල හැම කොනකම වගේ තියෙනවානේ. ඉතින් මේ ඒජන්ට් කාටර් එකේ විදියට නම් ඒජන්ට් කාටර් ගේ කණ්ඩායම තමයි ඒකෙ මුල හොයාගන්නේ..(පට්ටයි නේද? )
එතකොට මොකක්ද මේ “Zero Matter” නැත්නම් “Darkforce” කියන්නේ..? කොමික් මුලාශ්‍ර වල හැටියට නම් මෙහෙමයි…
“එයින් සුපිරි විරුවක් රොතු පිටින් බිහි කරයි..ඒ වගේම හතුරන් දුසිම් ගණනින් බිහි කරයි..ඒ වගේම ඒකට වෙනස්ම ලක්ෂණ තිබේ.. එය දියරයක් විය හැකිය. එසේ නැතිනම් වායුවක් විය හැකිය.එසේත් නැතිනම් ඝන ද්‍රව්‍යයක් විය හැකිය.. ඒ මගින් ඔබට බලය ලබා දේ.. එසේත් නැතිනම් එයින් ඔබව මරා දමයි…අපට පුළුවන් අපිට ඕනේ විදියට , අපේම නීති රීති වලට,ඒක වැඩ කරන හැටි තීරණය කරන්න වගේම එයින් ලෝකයට බලපාන්නේ කොහොමද කියලා තීරණය කරන්න…”
ඒ වගේම තමයි මේකේ මේ “Isodyne energy” ආයතනය තිබුනට තව ප්‍රධාන වෙන කෙනෙකුත් ඉන්නවා.. එයා ගැන නම් විස්තරේ දැන්ම කියන්නේ නෑ.. අහ තව දෙයක්.. 2016 නොවැම්බර් 16 එන Doctor Strange ෆිලුමට මේක සම්බන්ධ වෙනවා කියලත් තියෙනවා.. (ඒකෙ ප්‍රධාන චරිතයට ඉන්නේ Benedict Cumberbatch ).. පට්ට නේද ?
දැන් නම් වටේ අතපත ගෑවා ඇති වගේ..එහෙනම් මුලින්ම පොඩ්ඩක් විතර අපි පළවෙනි වෙළුමේ අන්තිම කොටස මතක් කරගමු… අටවෙනි කොටසේදී ෆොන්හොෆ් ඇවිත් හොවාර්ඩ් ස්ටාර්ක්ගේ ඔලුව පිස්සු වැට්ටුවට ඒක යන්තම් බේරගන්න පෙගී කාටර් ට පුළුවන් උනා.ඒ වගේම ෆොන්හොෆ්ගේ කට වහල හිරේ දැම්මා… ඒ වගේම තමයි ඩොරති අන්ඩර්වුඩ් පැනලා ගියා.. මතකයි නේද ඒ කවුද කියලා ? අර පෙගී ගේ අල්ලපු කාමරේ හිටපු මිනීමරු කෙල්ල. ..ඒ වගේම ඉතින් ලංකාවේ වගේ පුරුදු විදියටම වැඩේ කරපු පෙගී කාටර් ට නැතිව ජැක් තොම්සන් ට අන්තිමට ලකුණු ලැබුනා.. ඔන්න ඕවනේ උනේ ඉතින්..
එතකොට අද කොටස එන්නේ ඒ සිද්ධියෙන් පස්සේ.. සුසා ව යවලා ලොස්ඇන්ජලීස් වල SSA වැඩ බලන්න. ඒකෙ ලොක්කා විදියට.. ඒ වගේම දැන් නිව්යෝර්ක් වල ලොක්කා තමයි ජැක් තොම්සන්.. අද කතාවේ ආරම්භයේදීම අත්‍යවශ්‍ය කෙනෙක්ව අල්ලගන්නවා SSA එකෙන්… ඒ කවුද? හැබැයි ඒ කෙනාව හරියට ප්‍රශ්න කරන්න පෙගී කාටර් ට වෙන්නේ නෑ.. එයාව යවනවා ලොස්ඇන්ජලීස් වලට.. ඇයි ඒ එහෙම වෙන්නේ? ලොස්ඇන්ජලීස් වල මොකක්ද වෙලා තියෙන්නේ ? ඉතින් ලොස්ඇන්ජලීස් වලදී අපේ කතාවට එකතු වෙනවා “ Isodyne energy “ ඒ මොකක්ද කියලා මම උඩින් පොඩි විස්තරයක් කරල ඇති…
ඉතින් තව විස්තර අලුත් දේවල් ගොඩක් තියෙනවා.. ඒත් ඒවා නම් විස්තර කරන්න යන්නේ නෑ දැන් මම .. කතාවේ කුතුහලය එක්කම බලන්න කියලා ඔන්න ආරාධනා කොරනවා.. එහෙනම් දෙවන කොටසින් හමුවෙමු… (දෙවන කොටසත් ඇවිත් තියෙන්නේ.. ඒකත් ඉක්මනටම දෙන්නම්) ..ජයවේවා!!!
200 MB (HDTV x265 720p) කොපිය මෙතනින් බාගන්න
F0EF15369E680A39489AAB85CF31DCBCFB7ABB6D975 MB (HDTV x264 720p) කොපිය මෙතනින් බාගන්න
586F8351CFBF4C577CE176ED83A05063C1F0A281264 MB (x264 HDTV 480p) කොපිය මෙතනින් බාගන්න
619A63156288941C61227075BF0B9ADFEAD66F90 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,316 downloadsDownload Marvels_Agent_Carter_S02E01_baiscopelk.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
22 comments
S.K.Ruchiranga
අමා
බොහොමත්ම ස්තුතියි සහෝ..
ජය!!!
Ysa
අප්පට සිරි මේකේ s02 පටන් ගත්තද,නියමයි නියමයි දිගටම දෙමු....
:-)praveen
adeee ela ela mcn wedee digatama karahan good luck mcn
Charith
Thank you very much
Rasindu Perera
නියමයි...නියමයි...එනකන් බලන් හිටියේ...සබ් එකට තැන්ක්ස්...
nuwan chathuranga
onna ooke e2 awaa. ikmata dennaa. oyata godak isthuthiyoo
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රයන් ද සිල්වා
tnxx bro sub ekata
nisala udara
godak stuti sub ekata
Piya de Silva
ela ela........
Mangala ayeshan
මම මග බලා ගෙන හිටියා මේකේ උපසිරසිය එන කම්.සබට තුති......
Tharaka Lahiru
ahhh apu gamanma sub dunna ne...ela ela..tnq
kavinda
බලන් හිටපු එකක්නේ මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා.
තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
Sandaruwan
ගොඩක් ස්තුතියි....එනකං බලං හිටියේ .....
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
champika
thanks for sub
supun
The X-Files අලුත් ඒක අයිය නියම ටීවී සීරියස් ඒකක්! නිකම' බලන්නෙකා ඒකපාරක්
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි දසන්.
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thz machoo denakm balan hitiye