සුබ දවසක් හැමෝටම..! අද මට වැදගත් දවසක් මම උපසිරසිකරණය කළ පළමු ටෙලි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස තමයි මේ. 2014 ජනවාරි 12 වන දින පළමු වරට මේ කතා මාලාව සඳහා මම සිංහල උපසිරසි යොදමින් එක්වූයේ කතා මාලාවේ 11 වෙනි කොටසට. ඒ වන විට මම කරලා තිබුනේ ජීවිතේටම සිංහල උපසිරසි දෙකයි. කතා මාලාවේ 10 […]
සුබ දවසක් හැමෝටම..! අද මට වැදගත් දවසක් මම උපසිරසිකරණය කළ පළමු ටෙලි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස තමයි මේ. 2014 ජනවාරි 12 වන දින පළමු වරට මේ කතා මාලාව සඳහා මම සිංහල උපසිරසි යොදමින් එක්වූයේ කතා මාලාවේ 11 වෙනි කොටසට. ඒ වන විට මම කරලා තිබුනේ ජීවිතේටම සිංහල උපසිරසි දෙකයි. කතා මාලාවේ 10 කොටස දක්වා උපසිරසි යෙදුවේ අපේ බයිස්කෝප් උපසිරසි කණ්ඩායමේ ශාන් විමුක්ති (විමා) සහෝ. ඔහුට අධ්‍යාපන කටයුතු වලට වැඩි කාලයක් යෙදවීමට සිදු වුන නිසාත් ඔයාලා වෙනුවෙන් මේ කතා මාලාව එක දිගටම ලබා දිය යුතු නිසාත් බයිස්කෝප් අඩවියේ හසන්ත වික්‍රමරත්න සහෝගේ මැදිහත්වීමෙන් මේ කතා මාලාවට 11 වෙනි කොටසේ සිට උපසිරසි නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුනා. එතැන් පටන් ආ ගමන මේ විදියට අද නිමා කරන්නේ ඉමහත් සතුටකින්.
සාර්ථක කතා මාලාවක් හොඳ ප්‍රතිචාර සහිතව නිමා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. මුලින්ම ස්තූතිවන්ත වෙනවා විමා සහෝට මට මේ කතා මාලාවට උපසිරසි කරන්න ඉඩ ලබා දීලා ඒකට ආයේ පට්ටම සහයෝගයක් දුන්නට. ඒ වගේම මාව විශ්වාස කරලා මට කතා මාලාව භාරදුන් හසන්ත අයියටත් මගේ ප්‍රණාමය. ඒ වගේම තමයි මම බොහෝ ලිපි වල සඳහන් කරපු විදියට මේ උපසිරසි ඉක්මණටම දෙන්න හේතු වුන තවත් පුද්ගලයෙක් තමයි අපේ වාසල සහෝ, එයාටත් හදපිරි ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තමයි රොයිලි ප්‍රනාන්දු සහෝ,. හැමෝටම වගේ මටත් උපරිම සහයෝගය දුන්නා මේ කර්තව්‍යය වෙනුවෙන්. එයාටත් අවසාන වශයෙන් කතා මාලාව සමඟ දිගින් දිගටම රැඳී සිටිමින් අදහස් දැක්වූ සහෝදර ඔබ සැමටත් අදහස් නොදැක්වූ සැමටත් මගේ හදපිරි ස්තූතිය ඔන්න පිරිනැමුවා. ස්තූති කතාව අවසානයි. දැන් කියන්නම් වෙන කතාවක්.
හැමෝම බලාපොරොත්තු වුන ආකාරයට ෂීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයක් පැමිණෙන බව දැනගන්නට ලැබෙනවා. වැඩි කාලයක් යන්නේ නෑ ඒකට. සැප්තැම්බර් මැද භාගයේදී ආරම්භ කරන බවයි shieldtv.net/ හි සඳහන් වන්නේ. ඒක අහලා නම් මාත් සෑහෙන්න සතුටු වුනා. වැඩිදුර විස්තර දැනගන්න ඒ සබැඳියට ගිහින් බලන්න එහෙනම්. ගියවර කොටසේදී කොල්සන්, මේ, ස්කයි සහ ට්‍රිප්ලෙට් සන්ධිපාදක කණ්ඩායමකට අහුවෙනවනේ. ඒ වගේම වෝර්ඩ් විසින් සීමන්ස් සහ ෆිට්ස්ව ඔවුන් සිටින කුටීරයත් සමගම මුහුදට දාලා යනවා. ඒ අතර මැරෙන්න පණ අදින ගැරෙට් හට ජී.එච් 325 ඖෂධය එන්නත් කිරීමට රෙයිනා සමත් වෙනවා. අද කතා මාලාවේ අවසාන කොටසේදී සිදුවන දේ මම කියන්නේ නැහැ. පුදුම කිරීම් රාශියක් එක්ක නරඹන්න කියලා ආරාධන කරනවා හැමෝටම. ඔයාලා එහෙනම් ඕක බලන්න. මම යනවා වෙසක් බලන්න. සියලු දෙනාටම ජයම වේවා එහෙනම්… තවත් සිංහල උපසිරසකින් මුණ ගැහෙමු.. එලස්ස්ස්………………….……… 😀
98c5622b264e2301c48d7c0a0f0d7ae18cb29bbd 27602c9227f71397163372dce6400e91d1b64e2a d250ac5b9253de37e031b60248acf495768e6088 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,612 downloadsDownload Marvels-Agents-of-SHIELD-S01-E22.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
74 comments
මදූ
irshaad
අම්මටසිරි වෙසක් කියලා බලන්නේ නැතුව මේ බඩු දාලා තියෙන්නේ...
ගොඩාක් පින්....Mac
අද නිවාඩු දවසෙත් කාලය වෑයකරගෙන කතා මාලාවේ අවසාන කොටස අරගෙන ආපු ඔබට ගොඩක් පින් සිදුවේවා.
වීරේ
සබ් එකට බොහොම ස්තුත්යි අයියා
Kavindra
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ !! වෙසක් නිවාඩු දවසේ උනත් මහන්සි වෙලා සුබ එක දුන්නා නේ !! බොහෝම ස්තුතියි !! :)
nalaka
thanks machan..
Gamith
thanks machan... me vesak davase loku pinak kara gaththe......
silent $
ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි………
kasun
Ela bro.we hope soon ur next story.thanks
shamal
thanx bro.... :) :)
Indika
Tnx.
shani
thanks malli
season 2 enakam thawa tv series ekak patan gamuchathu
thanks you oyata sub walata...............
Sujith
Thanx bro!! :)
Sasindu
thanx bn
Sam
thanks bro...ikmanata sub dunna eka niyamai...jaya wewaaa...//
ns
බොහෝම ස්තුතියි
ANJANA
thanks..
නලින්
ස්තුතියි ශ්‍රිමාල් සහෝ මෙක දෙනකම් බලන් උන්නේ!
ඔයා ලෙසටම මේකට සබ් කලා දෙවැනි එකත් ඒ අයුරින්ම අපිට සබත් එක්ක ගෙන්න වාසනාව ශක්තිය ලැබේවා!
ජය වේවා!
deshan
thankz machan.... elaz
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Saketha Pulasthi
මේකේ මුල් කොටස් ටිකනම් එච්‍චරම සුපිරි නෑ. ඒත් අන්‍තිම කොටස් ටිකනම් සුපී......රි එකේ අන්‍තය. :) Marverlsලගේ වැඩක්‍නේ.ඉතින් අනිවා සුපිරියට තියෙන්‍න එපැයි.උපසිරැසි දුන්‍න දෙන්‍නටම බොහෝ............................................ම ස්‍තූතියි. :) :) :) :)
Dilshan Prabath
supiri wedak machan... mama meke palaweni eke idan beluwa.. but comment karanna un nee.. ekata sorry machan... :( biscope eke inna anith un wenuwen me wage deyak karanawata bohoma thank kolloo...
dinidu madushanka
ela ela saho jaya wewa
Shan Vimukthi
බොහොම ස්තුතියි මචෝ. ඒ මට අමාරු කාලේදී ඔයා මේක කරන්න බාරගත්තු එකට!
වැඩේ ලෙසටම කළා ඔයා
ආයේ කතා දෙකක් නෑ
මේක දෙන මුල් කාලේ බොරුවට උඩ පැන පැන දගලපු අයගෙයි අපේ අයගෙයි අතර වෙනස තමා මේක.
එහෙමනම් කොල්ලෝ අනිත් සීසන් එක ආවහම අනිවා ඔයාම දෙන්න
මේක වගේම අනිවා ඒකත බලනවා
ජයෙන් ජය කොල්ලෝ :)La හිරු
බොහොම ස්තුතියි මචො..
me
Thanks
D.chamara
niyama wadak sahoo kale dewani ekatha me wagema aragena enna jaya...!
das
patta. thanks bro
Mahesh
sub ekata godak thanx bro
dananjaya prabath
බොහොම ස්තුතියි mcn......
chamath
thanx bro.......ඉක්මනටම දුන්නට. 2nd season එකට තම මස 3ක් ඉන්න එපයි. එක තම අවුලකට තියෙන්නේ. කොහොම හරි.....ජයවේවා.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P
Isu DP
Niayami Sahoo...
Sub Complete Krapu Ekata Thankzzz.....
2nd Season Eka Enakan Podi Tv Series Ekak Patan Gamu...
Jaya Wewa !!! :-) :-)“චූටී මල්ලි”
එල මචන්
මේකට හැකි ඉක්මනින් සබ් දිලා
මේ කතාමාලාව අවසන් කරපු එකගැන
සතුටුයි දැන් ඉස්සරහට මොකද්ද දෙන්න බලාපොරොත්තුව?
මුල් කොටස් ටික දුන්න විමා කොලූටත් තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය............sudeera
ගොඩාක් තුති සහො අපි වෙනුවෙන් උන මහන්සියට එදා ඉදන් අද වෙනකන් හැම එකක්ම බැලුවා පට්ට අද නම් ටිකක් පරක්කු උනා වෙසක් නිසා දැන් බානවා ඉලග එකත් දෙන්න හොදේ
දසන් බුද්ධික
නියමයි සහෝ... ඔන්න ගත්තා.... ජයවේවා.... දිගටම දාමු...
chandima
thaz niyamai....
asiri
Romba thanks bro
ඩොක් අයියා
ස්තුති මල්ලි
තවත් එකක් ඉක්මනට දෙන්න
ඔයාට ජය
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සිරාවට අන්තිම හරියෙ කතාව නියමෙට නැගලා ගියා. දිගටම දුන්න එකනම් ලොකු දෙයක්. එහෙනම් දෙවෙනි අදියරෙනුත් හම්බවෙමු නේද? ජය෴෴ :P :P
Thilina
Thank you
Tharaka Dilshan
patta saho..
sub ekata thankz wewa....
jaya wenna one ekenmadilshan
ස්තුතියි
චතුර බුද්ධික
දැන් තමා බලන්නේ.. අය්යෝ මේකත් ඉවර උනා එහෙනම්.. Revolution එකත් ලබන සතියේ ඉවරයි.. බලන්න දෙයක් නෑ අප්පා..
කව්රු හරි පින්වතෙක් Braking Bad දෙන්නකෝ...Deshan
thnx
banuka
niyana siris 1k mma balapu hodama siris 1k tma meka.................
tawath me wagema siris 1k dennakooooo.........DilanH
ගොඩක් ස්තුතියි මචන් !! ජයවේවා මුළු කතා මාලවටම
Hasantha
niyamai machoo ela kiri wedak...ewagema godak thzzzzz apita mewage tv serious ekak balanna dunnata..ane macho puluwan ekmanata meke 2 sesone ekath denna
good luck jayawewa.............................King Pasan
Season 2 Air Date: September 23, 2014 :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි.........