මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ අටවන කොටසයි මේ අරගෙන එන්නේ. ගියවර කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉමු. ගියවර කොටසේ මූලිකත්වය ලැබුණේ පිටසක්වල ලේඛන රටාවන් සම්බන්ධයෙන්. ගියවර කොටස ආරම්භ වූයේ ඝාතනයක් සමඟින්. ඝාතනයට ලක් වුණ තැනැත්තිය සහ ඝාතකයා යන දෙදෙනාම ඉහත කී අක්ෂර රටා වලට සම්බන්ධකම්…
මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ අටවන කොටසයි මේ අරගෙන එන්නේ. ගියවර කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉමු. ගියවර කොටසේ මූලිකත්වය ලැබුණේ පිටසක්වල ලේඛන රටාවන් සම්බන්ධයෙන්. ගියවර කොටස ආරම්භ වූයේ ඝාතනයක් සමඟින්. ඝාතනයට ලක් වුණ තැනැත්තිය සහ ඝාතකයා යන දෙදෙනාම ඉහත කී අක්ෂර රටා වලට සම්බන්ධකම් දක්වන්නන්. කලින් සතියකට සැරයක් වගේ කැටයම් වුණු ලේඛන රටාවන් දැන් දිනපතාම සිදුවන නිසාවෙන් ස්කයි සහ කොල්සන් ඒ පිළිබඳව වැඩිමනත් කනස්සල්ලට පත් වෙනවා. පරීක්ෂක මේ, බොබී, හන්ටර් සහ පරීක්ෂක ට්‍රිප්ලට්, වෝර්ඩ්ව සොය යෑමට පිටත් ව ගොස් ඇති නිසා, ඉහත සඳහන් කළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට යන්නට සිදු වන්නේ අපේ අධ්‍යක්ෂතුමාට සහ ස්කයිට.
ඝාතනයට ලක් වූ තැනැත්තියගේ ශරීරයේත් පිටසක්වල ලේඛන රටාවන් කැටයම් කර තිබුණා. මේ ලේඛනයන් සම්න්ධ රහස අනාවරණය කරගැනීමේ අරමුණින් එම ස්ථානය වෙත යන කොල්සන්ට එම ලේඛන රටාවන් ඇතුළත් චිත්‍ර රාශියක් හමුවෙනවා. ඒ චිත්‍ර හා තමන් ඇඳි සටහන් එක්කාසු කරමින් සිතියම සම්පූර්ණ කරගන්න උත්සාහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. පරණ ශීල්ඩ් වාර්තා පිරික්සීමේදී ස්කයි හඳුනා ගන්නවා, ඝාතනයට ලක් වූ තැනැත්තිය මීට වසර පහකට කලින් පිළිකාවක් හේතුවෙන් මිය ගිය ශීල්ඩ් හි හයවන මට්ටමේ රෙබෙකා ස්ටීවන්ස් නම් පරීක්ෂකවරියක් බව. අලුත් මිතුරු යුවළ වන මැක් සහ ෆිට්ස් ගේ මැදිහත්වීමෙන් ලබා ගන්නා රෙබාකාගේ මෘත ශරීරය පරීක්ෂාවට ලක් කරන සීමන්ස් කියා සිටින්නේ, රෙබාකාගේ වගේම රෙබාකාව ඝාතනය ලක් කළ තැනැත්තාගේ ශරීරයෙත් GH-325 සංයෝගය අන්තර්ගත බවයි.
ඒ අනුව කොල්සන් විශ්වාස කරනවා ඉහත ඝාතනය සිදු කරන්නට ඇත්තේ, ටහීටි ව්‍යාපෘතියේ පරීක්ෂාවට ලක් වූ රෝගියෙක් බව. ඒ වගේම ඔහු සැක කරනවා එම ඝාතකයා අනෙකුත් රෝගීන්ව ඉලක්ක කරගෙන ඇති බව. ටහීටි ව්‍යාපෘතිය භාරව සිටි පුද්ගලයා තමන් බැවින් එම රෝගීන් ගැන මතකය තමන් සතුව ඇති බව විශ්වාස කරන කොල්සන්, ඒ රෝගීන් සම්බන්ධයෙන් තම මතකය අවදි කරගැනීමට උදෙසා රෙයිනා විසින් පාවිච්චි කළ යන්ත්‍රය උපයෝගී කරගන්නවා. එම යන්ත්‍රයේ උදව්වෙන් ඉහත කී රෝගීන් කවුරුදැයි කොල්සන් හඳුනාගන්නවා. ඔවුන් පරීක්ෂණ හමුවේ ලැබූ ප්‍රතිඵල වගේම භයානක අතුරුඵල නිසාවෙන් රෝගීන්ගේ මතකය අතු ගා දමා වෙනත් මතකයන් ලබා දෙන්නට සිදු වුණු බවත් ඔහුට මතක් වෙනවා. හඳුනාගත් රෝගීන් අතුරින් දැනට ජීවත් වන්නේ දෙදෙනෙක් පමණයි. ඒ අතරින් සෙබස්තියන් ඩෙරික් නම් සැකකාර ඝාතකයාගෙන් අනෙකා බේරා ගැනීම උදෙසා කොල්සන් පිටත්ව යන්නේ, ස්කයිවත් සිර කරලා දාලා.
හෑන්ක් නම් අනෙකුත් ටහීටි රෝගියත් එක්කම කොල්සන්වත් අල්ලාගන්නට ඩෙරික් සමත් වෙනවා. ඩෙරික්ට ඕන කරලා තිබුණෙත් මේ ලේඛන රටාවන් වල අර්ථය තෝරාගන්නට. මේ රටාවන් ගැඹුරට කැටයම් කරන තරමට වගේම වේදනාව වැඩිවෙන තරමට ඒවා මතක් වෙන බවයි ඔහු විශ්වාස කරන්නේ. ඒ අනුව කොල්සන්ගේ ඇඟත් කැටයම් කරන්නයි ඔහු සූදානම් වූයේ. නමුත් හදිසියේ ක්‍රියාත්මක වන හෑන්ක් නිසාවෙන්, කොල්සන්ගේ දිවි බේරෙනවා. ඒ වගේම ලේඛන රටාවන් වල රහස ගැඹුරට කැටයම් කරන්නේ ඇයිද යන්නට හේතුව හෑන්ක් විසින් අවබෝධ කරගෙන ඇති බව කොල්සන් තේරුම්ගන්නවා. ඒ රටාවන් ත්‍රිමාණ තලයක සැලසුමක් පෙන්වන රටාවන් බව ඒ අනුව කොල්සන් අවබෝධ කරගන්නවා. ඒ අනුව සිතියමක් ලෙසට සැක කළ පිටසක්වල ලේඛන රටාවන් යම් කිසි නගරයක සැලසුමක් බව තීරණය වෙනවා.
ඉහත කී සියල්ලම අතරතුර “මේ”, ඇතුළු කණ්ඩායම වෝර්ඩ් පසු පස හඹා යන්නේ ඔහුව නැවත අල්ලා ගැනීමට. හයිඩ්‍රාවන්ගේ ප්‍රධානියෙකු වන බක්ෂීව තමන් වෙත කැඳවාගන්නා වෝර්ඩ් ඔහුව ශීල්ඩ් කණ්ඩායම වෙත අල්ලා දෙන්නේ තෑග්ගක් විදියට. අතුරුදන් වන වෝර්ඩ් තමන්ගේ වැඩිමල් සොහොයුරා සොයා යන බව අපිට ගියවර කොටසෙන් පෙනෙන්න තිබුණා.
අන්තර්ජාලයෙන් සොයාගත් අමතර කරුණු
ශීල්ඩ් පළමු කතා මාලාවේ සිටම නිසි ගැලපීමකින් තොරව ගෙන ආ රහසක් තමයි මේ ටහීටි ව්‍යාපෘතිය සම්බන්ධ රහස. ගියවර කොටසින් ඒ රහසේ වැඩි හරියක් අනාවරණය වුණා. නමුත් ඒ තවත් අලුත් රහසක් ඉතිරි කරමින්. නමුත් අපට තවමත් පිළිතුරු ලැබුණේ නැති ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි GH-325 සංයෝගය ලබා ගත් පිටසක්වල ජීවියා කවුද යන්න වගේම, එම සංයෝගය එන්නත් කළ සියලු දෙනාටම එහි අතුරුඵල අත්විඳින්නට සිදු වුණත්, ස්කයිට එසේ නොවූයේ ඇයිද කියන එක.
ගියවර කොටසින් හඳුනාගත් නගර සැලසුම කිනම් නගරයකට අයිති එකක්ද යන්න තමයි ඉතිරි වෙලා තියෙන ලොකුම ප්‍රශ්නය. මේ නගරය කුමක්ද යන්න ගැන අන්තර්ජාලයේ පළ වී තිබුණු අදහසක් ඔයාලට කියන්න හිතුණා. ඒ සඳහන්ව තිබුණු අදහසට අනුව, මේ නගරය Attilan නම් නගරය විය හැකි බවට විශ්වාස කරනවා.මාර්වල් සිනමාරූපී විශ්වයේ සඳහන් ආකාරයට මේ නගරයේ ජීවත් වන්නේ, Inhumans (නොමිනිසුන්). Inhumans ලා නිර්මාණය වන්නේ, පිටසක්වල අධිපතියෙකු වන Kree ගේ බලපෑමෙන්. Attilan නගරය හා Inhumans වරුන් ගැන වැඩි දුර තොරුතරු දැනගන්න පුළුවන් මෙතනින්.
ඒ අනුව ඉහත නගරය නොමිනිසුන් ජීවත් වන Attilan නගරයම නම්, ස්කයි කවුද කියන ප්‍රශ්නෙටත් පිළිතුරක් ලැබෙනවා. ස්කයි කියන්නේ නොමිනිසුන්ගෙන් පැවත එන නිලීන නොමිනිසෙක් විය හැකි බවයි ඒ. ඒ කතාව ඒ අයුරින් ගැළපුණොත් Inhumans චිත්‍රපටයට කලින් අපට ඔවුන්ව දැක ගන්නට ඉඩ ලැබෙන්නට පුළුවන්. මේ කරුණු කීපයක් එක්ක කතා මාලාව ගැන අලුතින් යමක් හිතන්නට මඟක් පෑදෙන්න ඇතියි කියලා හිතනවා.
ඒ වගේම අද කොටසින් ස්කයිගේ පියා, මව සහ ඩැනියෙල් වයිට්හෝල් කියන්නේ කවුරුද යන්න සම්බන්ධ රහස් රාශියක් එළිදරවු වෙනවා. හැබැයි ඒ තවත් අලුත් රහස් නිර්මාණය කරමින්. නරඹන්න රස විඳින්න. අදහස් පල කරන්න. ජයම වේවා..! එලස්ස්ස්….
ආ ඒ වගේම කියන්න ඕනේ … ඔයාලට මතක ඇති ශීල්ඩ් දෙවන කතා සමයේ පළමු කතාංගයේදී අපිට දකින්න ලැබුණා, ලොවපුරා පැතිර සිටින හයිඩ්‍රා සාමාජිකයින් සිටින ස්ථාන. ඒකට අනුව ශ්‍රී ලංකාවෙත් (අපේ රටේ) හයිඩ්‍රා සාමාජිකයින් සිටින බවක් පෙනෙන්න තිබුණා. අපි මෙතෙක් පවත්වපු පරීක්ෂණ වලට අනුව :p පෙනී ගියා ඒ අතර නියෝජිත නියෝ නම් බයිස්කෝප් හයිඩ්‍රා සාමාජිකයෙක් සිටින බව. ඔහුගෙන් ප්‍රවේසම් වන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 😛 😉 එලස්ස්ස්…..
76f592c18d8654992e276746ad52adc402b0c153 f629a94ffd7b99f3690753655341d06cf20d5f98 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,590 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S02-E08.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
56 comments
Ravund Adithya
ගයාන් රූකාන්ත
තිසරයෝ මෙන්න යශෝද සහෝ ඔබ තුමාගේ ආවරණ කුඩු කරනවෝ,
දැන් ඉතින් වයිට් හොල්ටවත් කෝල් කරලා බෙරියන්..
සබට බොහොම තුති යශෝද සහෝ, ජය!! :) :)තිසර නියෝ (Thisara Buddhika)
වයිට්හෝල් මොකාද බං. cl එක කෙලින්ම ස්ට්‍රයිකර් ට තමා ගන්න ඕනි. අනික එකේ වෝර්ඩ් කියනවනේ එයා ඉන්නේ විදෙස්ගතව කියලා. කවුද දන්නේ මිනිහ මේ පැත්තේ කරකෙනවද කියල ඔය යශෝධ සහ ගයාන් කියන දෙන්නව හොයාගෙන... :P
තිසර නියෝ (Thisara Buddhika)
එක හයිඩ්‍රා ඔලුවක් කැපුවම ඒ තැන ගන්න ඔලු දෙකක් මතුවෙනවා කියල මතක තියාගත්තොත් හොඳයි.
යශෝධ
අහු වුනොත් ඉතින් ඔළු කප කප ඉන්නේ නෑ. බඩ මැදින්ම කපලා දානවා එකෙන්ම.
තිසර නියෝ (Thisara Buddhika)ම
එව්ව කොහෙද. හීනෙන් තමා එව්වනම්
ගයාන් රූකාන්ත
:P
තිසර නියෝ (Thisara Buddhika)ම
මොකද බොල හිනාවෙන්නේ
Dinith
ela ela...Thankx saho.. :D :D
Jamson
Thanks buddy...
k
thanks dear...........
D.Chamara
thanks sahooo niyama wadak thanks..
Janith
Thanks for the sub. Please give Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Sleepy Hollow Subtitles.....
Janith
Thanks for the sub.Please give Sleepy Hollow subtitles...
me
Thanks
Deshan
මේ වගේ හොද විස්තරයකුත් එක්කම සබ් එක ගෙනාවාට ගොඩක් ස්තූතියි! ජය!
sajeevi
thanks
Sam
thnkss sahoo..niyami..elz.....//
ujitha
thankiu saho. thankiu
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
හිරූ
ස්තූතියි සහෝ! එනකල් බලාගෙන හිටියෙ... දැන් තියන ප්‍රශ්නෙ ඊලඟ එපිසෝඩ් එක එනකල් ඉන්නෙ කොහොමද කියන එක තමයි. :-(
hAcker
Hell hydra! :3
namal
thanx
silent$
thanx bro !!!!!!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ANTON
Thanks bro!
dasun disanayaka
THANKS
shehan
උපසිරැසියට සහ ලිපියට බොහොම ස්තුතියි සහෝ..
Nvish
සබ එකට තැන්ක්ස්.... නියෝ සහෝ ගැන එලි කලටත් බොහොම තුති.... :P
ලබන සුමානෙත් මේ වගේම සබ් එක අරගෙන එන්න.තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තිසර නියෝ (Thisara Buddhika)
ඈ බොල. ශීල්ඩ් එකත් මේ පැත්තේ නැහැ හොඳේ. :P
කොල්සන් අංකලුත් නගරයක් පස්සේ යන එකේ මේ පැත්තේ එන එකක් නෑ...
ඉතින් නරකද හයිඩ්‍රාවන්ට ටිකක් නිඅහසේ ඉන්න දීල බේරිලා ඉන්න එක... :P
නැත්නම් අල්ට්‍රන් අප්‍රිකාව පැත්තට ආවම යශෝධ, ගයාන් කියන දෙන්නව හොයාගෙන ලංකාව පැත්තෙත් එන්නත් බැරි නෑ ස්ට්‍රයිකර්ගේ ඉල්ලීමක් මත. :Pතිසර නියෝ (Thisara Buddhika)
එක හයිඩ්‍රා ඔලුවක් කැපුවම ඒ තැන ගන්න ඔලු දෙකක් මතුවෙනවා කියල මතක තියාගත්තොත් හොඳයි.
යශෝධ
ෆියුරි ඉන්නේ කොහේද කියලා උඹ දන්නවාද ආ..... ? ;-) හිකිස්.... ෆියුරි ඉන්නකන් ඔය අඬු දිග ඈයොන්ට අපි බය නෑ.......හරි... :-D We are S.H.I.E.L.D
තිසර නියෝ (Thisara Buddhika)ම
අඩුගානෙ ශීල්ඩ් එකවත් දන්නවද ෆීයුරි ඉන්න තැන. ආ.. we r hydra and Hail Hydra
lakshan
උපසිරැසියට තුති……
Sanjeewa
thanks bro .... keep it up (Y)
Mahesh
sub ekata thanx aaaaaa
nisala udara
supiri
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
A.ERANDA
elama elaz thanks bro
Ruchira
sub 1ට ස්තුතියි......
මේ වගේ විස්තරයක් ලබාදුන්නට බොහෝම ස්තුතියි....අදිත ප්‍රවීන්
නියමයි යශෝධ අයියා !
දැන් තමයි බලන්නේ .
ජය .....
:Dහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. එදාම බාගෙන බැලුවට ඔන්න දැනුයි කමෙන්ට් එක දාන්නෙ. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!lahiru ruchiran
ada anith episode eka denne nadda bro...?
Dhana
තෑන්ක්ස්ම වේවා !@#$%^&*()_+?
Chinthaka chathuranga
thnxz bro…..
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!kavinda
ස්තුතියි..
උපසිරැසියටMadhusankha
mama ada mr comment eka danne video eka balanneth nathuwamayi. e yashodha sahodarayage mahansiya agayannayi. jaya we !
Asela Madhusanka
Elaz
Sithija Sathsara
Subtitle Eka Dunnata Thank You.
Manoj Ashitha
Thank you very much....
Pramukmili
thnxx bro...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E08] | ඩැනියෙල් වයිට්හෝල්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Marvels-Agents-Of-S.H.I.E.L.D.jpg)

thanx saho sub ekata.