Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E09] | අබිරහස් නගරය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. මේ අරගෙන එන්නේ මර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ නව වන කතාංගයයි. මේ දෙවන කතා සමයේ පළමු අදියරය අවසන් වන්නට ඇත්තේ තවත් එක් කතාංගයක් පමණයි. ගිය සතියේ කතාංගයක් විකාශය නොවූ නිසාම ඊට පෙර සතියේ විකාශය වූ අටවන කොටසේ සිදු වූ සිදුවීම් එතරම් මතක නැතිවත් ඇති. ඒ නිසාම පොඩ්…

Marvels-Agents-Of-S.H.I.E.L.D

  සුභ දවසක් හැමෝටම. මේ අරගෙන එන්නේ මර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ නව වන කතාංගයයි. මේ දෙවන කතා සමයේ පළමු අදියරය අවසන් වන්නට ඇත්තේ තවත් එක් කතාංගයක් පමණයි. ගිය සතියේ කතාංගයක් විකාශය නොවූ නිසාම ඊට පෙර සතියේ විකාශය වූ අටවන කොටසේ සිදු වූ සිදුවීම් එතරම් මතක නැතිවත් ඇති. ඒ නිසාම පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ආ…. ලිපිය දිග නිසා හදිස්සි කස්ටිය අද කොටස බලලාම ලිපිය කියවන්ඩලා.

අටවන කතාංගයේදී නැවත වතාවක් පරීක්ෂක කාටර් සම්බන්ධ සිද්ධීන් කීපයක්ම එළියට ආවා. ඒ වගේම ඇය, වයිට්හෝල්, ස්කයිගේ දෙමාපියන් සහ ඔබෙලිස්කය/පේන කියන්නා සම්බන්ධ රහස් නොසිතූ අකාරයකින් විසඳෙන්නට පටන් ගත්තා. නමුත් ඒ එකක් වත් සහමුලින්ම විසඳුනේ නැහැ. මුලින්ම වයිට්හෝල් එහෙම නැත්නම් වර්නර් රේන්හාඩ්ට් හා ඔබෙලිස්කය අතර සම්බන්ධය සැලකුවොත්, අපිට ගියවර කතාංගය ආරම්භයේදීම දකින්න ලැබුනා ඔහු ඔබෙලිස්කය සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන අතරතුර දී එක් කාන්තාවකගෙන් වෙනස් ප්‍රතිඵල ලැබෙන අවස්ථාවක්. රෙයිනාට වගේම ඇයටත් හැකියාව තිබුණා ඔබෙලිස්කය හානියකින් තොරව ස්පර්ශ කරන්න.

ඒ වගේම තවත් හිතට වැදුනු අවස්ථාවක් තමයි පරීක්ෂක කාටර් විසින් රේන්හාඩ්ට්ව ප්‍රශ්න කරන ආකාරය. එතන දී රේන්හාඩ්ට් ඇයට යෝජනා කරනවා ඔබෙලිස්කය සම්බන්ධව හදාරන්න එහි රහස් දැනගන්න ඔහුත් සමඟ එකතු වන ලෙස. නමුත් එය ප්‍රතික්ෂේප කරන කාටර්, ඔහුව ජීවිත කාලයම එක් කාමරයක සිර කර තබනවා. ඊට පෙරාතුව රේන්හාඩ්ට් ඇයට පවසනවා, දෙව්ලොව සිට අපේ ලෝකය අයිතිකර ගැනීමට පැමිණි නිල් පැහැති සුර දූතයින් සම්බන්ධ මිත්‍යා කථාව. ඒ නිල් පැහැති සුර දූතයින් ලෙස හැඳින්වූයේ කවුද යන්න අපි දැන් දන්නවනේ. ඒ තමයි ක්‍රී කියන පිටසක්වළ ජීව කාණ්ඩය. අද කොටසෙන් ඒක ඔයාලට තහවුරු වේවි තව දුරටත්. වයිට්හෝල් පැවසුවේ එකී සුර දූතයින් අපේ ලෝකයට පැමිණියේ එය දිනා ගැනීමට කියලා. නමුත් ස්කයිගේ පියා කීව හැටියට ඔවුන් පැමිණ තිබුනේ මනුෂ්‍ය සංහතිය මේ ලොවින් තුරන් කර දමන්නටයි. ඒකේ ඇත්ත නැත්ත ඉතින් ඉදිරියට තමයි බලන්න වෙන්නේ.

පරීක්ෂක කාටර් හා රේන්හාඩ්ට් අතර සංවාදය ගැන වැඩි යමක් කීවොත් කාටර් රේන්හාඩ්ට් හට පවසනවා තමන් ඔහු සමඟ එකට වැඩ නොකරන බවත් ඔහුගේ පර්යේෂණ සහ ඒ පර්යේෂණ වලට අදාළ දේවල් සියල්ල ඔහුත් සමඟම වළ දමන බවත්. ඒ එක්කම ඇය තව දුරටත් පවසනවා, යම් කිසි දවසක අහස දෙබෑ වී ඔහු කියනා දේ සිදු විය හැකි නමුත් ඒ දවස උදා වෙන විට ඔහු තමන්ගේ පැත්තේ සිටිය යුත්තෙක් වීමට අවශ්‍යයතාවයක් නැති බවත්. එනමුත් රේන්හාඩ්ට් කියා සිටින්නේ කිසිම දෙයක් සදහටම වැළලී පවතින්නේ නැති බවයි. ඒ කාරණාව අසත්‍යයක් නොවන්නේ, වසර 44 ක් සිරගෙදර සිර කුටියකට වී තම ජීවිත කාලය ගෙවා දැමූ රේන්හාඩ්ට් ඉන් බේරී තමන් නතර කළ රාජකාරිය නතර කළ තැනින් පටන් ගෙන නැවත ක්‍රියාත්මක කරවන නිසාමයි.

වසර 44 ක් ගත වූ නිසාවෙන් රේන්හාඩ්ට් වයෝවෘද වුවත් ඔහු සිරගත වීමට කලින් ඔබෙලිස්කය සම්බන්ධයෙන් පරීක්ෂණයට ලක් කළ කාන්තාව එක් දිනකින් හෝ වයසට ගොස් නැති බව ඔහුට දකින්න ලැබෙනවා. මේ නිසාවෙන් ඇගේ වයසට නොයෑමේ රහස සොයා පරීක්ෂණ පවත්වන ඔහු නැවත තරුණ වන්නේ, ඇගේ ජීවිතයට සමු දෙමින්. ගියවර කතාංගය අවසානයේදී අපට පැහැදිලි වුනා, එසේ මිය යන කාන්තාව ස්කයි ගේ මව බව. ඒ අනුව ස්කයිගේ පවුල සම්බන්ධයෙන් තවත් එක් ගැටළුවක් ඉතිරි වෙනවා. ඒ තමයි රෙයිනා සහ ස්කයි අතර නෑ කමක් තිබේද යන්න.

ඔච්චර වෙලා කීවේ අතීතය ශීල්ඩ් කතා මාලාවට සම්බන්ධ වුනු අකාරයනේ. දැන් ගියවර කොටසේදී අපේ ශීල්ඩ් කණ්ඩායම කරපු දේවල් මොනවද කියලා බලමු. කණ්ඩායම ආපහු සැරයක් වෙන් වෙනවා. කොල්සන්, පරික්ෂක මේ ව කඳවුරේ ප්‍රධානියා ලෙස රඳවමින් ස්කයි, ට්‍රිප් සහ ෆිට්ස් එක්ක හවායි වලට යනවා වෙනත් මෙහෙයුමක් වෙනුවෙන්. ඒ තමයි මෙතෙක් දවසක් කොල්සන්ට වදු දුන් නගර සැලැස්මට අදාළ නගරය පෘථිවියේ පිහිටලා තියෙන එකක්ද එහෙම නම් ඒ කොහේද යන්න හොයාගන්නයි. හමුදාවට අයත් චන්ද්‍රිකා ජාලයක් ඉතාම උපක්‍රමශීලිව හැක් කරන මොවුන් නගරය පෘථිවියේ පිහිටා ඇති බවත් එය පිහිටා ඇති ස්ථානයත් හොයාගන්නවා. නමුත් ඒ කාර්ය අතරතුර ඊට මැදිහත් වෙනවා, ස්කයිගේ පියාණන්. ඔහු ට්‍රිප් ගේ ජීවිතය මරණයට කැප කරමින් කොල්සන්ට කියා සිටින්නේ, ස්කයි ගැන අයිතියක් කොල්සන්ට නැති බවයි. ඊට අමතරව මේ වන විට හයිඩ්‍රාවන් සතුව ඇති ඔබෙලිස්කය නගරයට සම්බන්ධකමක් දක්වන බවත් ඔහු පවසනවා.

මේ අතරතුරේදී කඳවුරේ සිටින බොබී සිර කුටියේ සිටින බක්ෂීගෙන් වයිට්හෝල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. බක්ෂීගෙන්ම පිට වූ ඉඟියක් යටතේ කරුණු සොයා බලන මේ ඇතුලු සෙසු පිරිස, වයිට්හෝල් කියන්නේ රේන්හාඩ්ට් නම් නාසි නායකයෙක් බවත් පරීක්ෂක කාටර් විසින් ඔහුව අවුරුදු 44 ක් තිස්සේ සිර කර තැබූ බවත් සොයාගන්නවා. බක්ෂී නිසාවෙන් මේ කාරණා එළි වු බව බොබී විසින් ඔහුට ඒත්තුගන්වනවා. ඒ නිසාවෙන් ඔහු සියදිවි නසාගන්න උත්සාහ කරනවා. නමුත් මේ ප්‍රශ්න කිරීම් බලා සිටින හන්ටර්ට තේරුම් යනවා, බොබී විසින් බක්ෂීට දැඩි පීඩනයක් එල්ල කළේ ඇය සම්බන්ධයෙන් වූ රහස් බක්ෂී හෙලි කරාවි කියන කාරණය හේතුවෙන් බව. නමුත් ඒ සම්බන්ධයෙන් ගැටලුකාරි තත්වයක් ඇති වුනේ නම් නැහැ.

මේ සියල්ල අතරතුරු මේ කතා මාලාවේ වැදගත් චරිතයක් වූ වොර්ඩ්ට වුනේ මොකක්ද කියලාත් කිව්වොත්නේ හොඳ. තමන්ගේ බාල සොහොයුරාව ළිඳට තල්ලු කිරීම සම්බන්ධයෙන් වැරදි කාරයා තමන් නොවන බවත් එය කළේ තම වැඩිමල් සොහොයුරාගේ වුවමනාවට බවත් වෝර්ඩ් ස්කයිට පැවසුවා මතක ඇති. නමුත් වෝර්ඩ්ගේ හෘද සාක්ෂිය වෝර්ඩ් වෙත එහි චෝදනාව පැවරූ බැවින් වගේම තමන්ව යුක්තිය ඉදිරියට රැගෙන එන බවට ක්‍රිස්ටියන් වෝර්ඩ් පැවසූ නිසාවෙනුත් වෝර්ඩ් යනවා ඔහු හමුවන්නට. වෝර්ඩ්ගේ තාඩන පීඩන හමුවේ සෙනෙට් සභික ක්‍රිස්ටියන් වෝර්ඩ් පාපොච්චාරණය කරනවා වැරදිකරු තමන් බවට. ඒ ක්ෂණයෙන් ඔහුගේ කරට අත දමාගන්නා අපේ වෝර්ඩ් ඔහුත් එක්ක පවුලේ අයව මුණ ගැහෙන්න ගිය බවයි පෙනුනේ. අනතුරුව වයිට්හෝල් වෙනුවෙන් තම සේවය ලබා දෙන්නට යන වෝර්ඩ් එහි යන්නේ, කිනම් අරමුණකින්දැයි යන්න ගැන කිසිම ඉඟියක් අපිට ලැබුනේ නැහැ. ඒ එක්කම වෝර්ඩ්ගේ පවුලේ අය සිය දිවි නසාගත් බවක් ප්‍රවෘත්ති වලින් අසන්නට ලැබුනා. වෝර්ඩ් මොකක්ද මේ කරන සෙල්ලම?

අවසාන වශයෙන් ගියවර කතාංගයේ මගේ හිත ඇදගත්ත ජවනිකාව ගැන කියන්න ඕනේ කියලා හිතුනා. ඒ තමයි වෝර්ඩ්, වයිට්හෝල් සහ ස්කයිගේ පියා අතර සිදු වූ සංවාදය. එහි දී වෝර්ඩ් කියා සිටිනවා තමන් කොල්සන්ගේ කණ්ඩායමේ වැඩ කළ බවත් එහි සාමාජිකයින්ව පවුලේ අය වගේ ආශ්‍රය කළ බවත්. වයිට්හෝල් කියා සිටිනවා, ඔබෙලිස්කය සම්බන්ධව ස්කයිගේ පියා සතු දැනුමත්, කොල්සන්ගේ කණ්ඩායම සම්බන්ධව වෝර්ඩ් සතු අත්දැකීමුත් එක්ක හයිඩ්‍රාවන්ට සැඟවුනු නගරයේ අබිරහස බාධාවකින් තොරව එළිදරවු කරගත හැකි බව. ස්කයිගේ පියාට කොල්සන් විසින් බාධා කිරීම සම්බන්ධයෙන් වෝර්ඩ් කණගාටුව පළ කරද්දී, ඔහු කියා සිටිනවා තමන්ට පාඩුවක් වුනේම නැති බවත්, හැම විටම තමන්ගේ සතුරා ව මුහුණට මුහුණ හමු වෙන එක හැම අතින්ම හොඳ බවත්. එහෙම කියන ගමන් ඔහු කෙළින්ම තම ඇහැ යොමු කරන්නේ වයිට්හෝල් වෙත. ඉහත තුන් දෙනා අතර සිදු වූ මේ සංවාදයෙන් පැහැදිළිවම හෙළිදරවු වන කාරණාව වන්නේ, මේ තුන් දෙනාටම තමන්ගේම අරමුණු තුනක් ඇති බවත්, ඒ වෙනුවෙන් එකිනෙකාව අවශ්‍ය වන බවත්. ඉතින් අවසානයේ කුමක් වේවිද..?

අද කොටස ගැන පුංචි දෙයක් කියන්නම්. කොල්සන් කණ්ඩායමක් රැගෙන යනවා, අබිරහස් නගරය සොයන්නට. ඒ නගරය සොයා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් කණ්ඩායමේ එක් සාමාජිකයෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වෙනවා. ඒ මේ කතා මාලාව තුළ මෙතෙක් නොවූ සිදු වීමක්. ඒ වගේම පරීක්ෂක මේ යටතේ තමන්ව රැක ගැනීමට පුරුදු පුහුණු වුනු ස්කයිගේ සටන් ජවනිකාවක් අද කතාවට ඇතුලත්. ස්කයි වෙනුවෙන් වහ වැටිලා ඉන්න අපේ බයිස්කෝප් රසිකයින් කීප දෙනාට අද නම් ඉවසුම් නැති වෙයි ඈ.. එලස්ස්… මං ගියා එහෙනම්. ජයම වේවා..!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

de3beea816a3cbab6d6e969138e8ee3260284ce8

297 MB කොපිය මෙතනින් බාගන්න

a3418861c07ffe1dbe1285a407dd86cbb2d949c4

348 MB කොපිය මෙතනින් බාගන්න

ba7637fa35782a4051ed53e02240a95b040a4d0a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,138 downloadsDownload Marvels-Agents-of-SHIELD-S02-E09.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

5,138 downloadsDownload Subtitles65 KB

49 comments

  1. randy

    thanks

  2. Dinush

    mchan video link eka wada karanne nahane

  3. chathuranga

    thank machan

  4. දේවා

    මචන්ලා වීඩියෝ ලින්ක් එක ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න බැහැනේ

  5. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති යශෝධයා
    කතාවනම් දැන් එකෙන්මයි :D

  6. me

    Thanks

  7. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ලිපියේ තියෙන විදියට යශෝධ සහෝ කතාව බොක්කටම අරන් වගේ නේද? ;)

    අවුලක් නෑ අපිත් එහෙම තමයි. කියාගන්න තියෙන අදහස් පිට කරගන්න විදියක් නැතිව ඉන්නේ.
    ෆන් තැන් බොහෝමයි.
    කතාව නම් පට්ට හොඳේ.
    ළඟඳී සෙට් එකම බලලා ඉවරයක් කලා.

    පිස්සු කොර කතාව.
    සබට ස්තුතියි හොඳේ.... :)

    ආයු- බෝ -වේවා !!!

  8. Deshan

    ස්තුතියි සහෝ

  9. Dinush

    ambooo dan thamai patta..link eka wada machooooo. bohoma sthuthiy obage kapakereem walata.....

  10. Nicol Vishan

    තැන්ක්ස් මචන්

  11. Jamson

    Thanks malli

  12. Seminda

    thanks bro..............

  13. Raj

    meke 147MB torrent eka dala tiyenne #8 episode eka. aparade mage 150MB. meeta passewath link daddi hariyata balala danna

  14. Ravindu Adithya

    thanx bro.

  15. chamath

    thanx bro

  16. Sam

    thnkss brooo..elzz...//

  17. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ.....
    ජය!!!

  18. හිරූ

    දැන් නම් කතාව මරු. ඉවසන්න බැරි තැන ඉංග්‍රීසි උපසිරසිත් නැතුවම බැලුව ඊයෙ. දැන් ඉතින් ආයෙත් බලමි. බොහොම ස්තූතියි උපසිරසියට!!!

  19. sajeevi

    thanks

  20. Shamal

    මේ වගේ විස්තර විචාරයකට තමා මම කැමති... ස්තුතියි සහෝ.... :D

  21. Ashoka

    thnks machan

  22. dasun disanayaka

    THANKS

  23. නලින්

    ස්තුතියි ලිපියට මචං! කථාව නම් බලන්න ඕනේත් නැහැ වගේ...

    අනිවා බලනවා ඒ වුනාට... :P

    ජය වේවා!

  24. තිසර නියෝ

    හම්මියෝ නියමායි.....
    :P
    ඉවසිල්ලක් නැතුව හිටියේ මේ සතියේ එපිය එනකල්....
    උපසිරැසියට තුති යශෝධ සහෝ..…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. තිසර නියෝ

      ස්කයි වෙනුවෙන් වහ වැටිලා ඉන්න අපේ බයිස්කෝප් රසිකයින් කීප දෙනාට අද නම් ඉවසුම් නැති වෙයි ඈ.

      ඈ බොල ගයානයෝ :P ඔය ස්කයි කෙලීට ඔච්චර වහවැටෙන්න තියෙන ලස්සන මොකක්ද ඒකිගේ :P ... හැටි විතරක් :P.

    2. ගයාන් රූකාන්ත

      මම කිවා කියලා හිතාගනින්
      බෝගේ සිමන්ස් වගේද බලහන්කො
      කොහොමද අද ෆයිට් ටික....හම්මේ ඉතින් :P

  25. Charitha

    Thank you, Ela Ela

  26. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  27. silent$

    thanx bro !!!!!

  28. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  29. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  30. Mahesh

    sub ekata thanx aaaaaa

  31. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  32. Ruchira

    sub 1ට ස්තතියි........

  33. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බලන්න වෙලාවක් හම්බවුණේ. දැන්ම බානවා. ජය෴෴ :P :P

  34. ujitha

    tankiu wewa....
    bagaththa...

  35. A.ERANDA

    lot of thanks bro

  36. ගයාන් රූකාන්ත

    කොමෙන්ට් එකක් කොටන්න පමා උනාට සමාවෙන්න යශෝද අයියේ
    කොච්චර ආස උනත් අද තමයි බලන්න වෙලාවක් ලැබුනේ
    සබට තුති ජය !! :P :P :P

    1. යශෝධ

      මං ඒත් බැලුවා මොකෝ මේකට වුනේ කියලා.. ;-)

  37. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  38. chinthaka

    suparb malla... episode 10 kawadda denne .....

  39. gimshan

    Aiye marvel agent Carter tv serious aktah sub aka denwa neda????????

  40. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  41. Chinthaka chathuranga

    thnxz bro…..

  42. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  43. oshan

    අනේ දිගටම මේ වගේ විස්තර දාන්න . එවා හරිම රසවත් කියවන්නේ හරිම ආසාවෙන්. Thanx

  44. kavinda

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  45. Manoj Ashitha

    Thank you very much....

  46. Pramukmili

    thanxx bro............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.