Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E07] |සිතියම… [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකින් පස්සේ තමයි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, හත් වන කතාංගය මේ අරගෙන එන්නේ. විරාමය ගත්තේ නම් මම නෙවෙයි, ඒ අපේ ශීල්ඩ් කණ්ඩායම. ගියවර ලිපිය ටිකක් දීර්ඝ එකක් වුණා. ඒ වුණත් හොඳ ප්‍රතිචාර තිබුණා ඒ වෙනුවෙන්. ඒ නිසා හිතුවා සෑම සතියකම, පසුගිය කොටසේ වුණ දේවල් වලට අමතරව…

Marvels-Agents-Of-S.H.I.E.L.D

සතියක විරාමයකින් පස්සේ තමයි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, හත් වන කතාංගය මේ අරගෙන එන්නේ. විරාමය ගත්තේ නම් මම නෙවෙයි, ඒ අපේ ශීල්ඩ් කණ්ඩායම. ගියවර ලිපිය ටිකක් දීර්ඝ එකක් වුණා. ඒ වුණත් හොඳ ප්‍රතිචාර තිබුණා ඒ වෙනුවෙන්. ඒ නිසා හිතුවා සෑම සතියකම, පසුගිය කොටසේ වුණ දේවල් වලට අමතරව කතා මාලාව සම්බන්ධයෙන් අන්තර්ජාලයෙන් සොයා ගත් කරුණු කීපයකුත් බෙදාගන්න එක හොඳයි කියලා. ගියවර කොටසේ වුණු සිද්ධීන් පොඩ්ඩක් ගලපාගෙන ඉමු.

ගියවර කොටස ආරම්භ වන්නේ, එක්සත් ජාතීන්ගේ සමුළුවකට එල්ල වන ප්‍රහාරයකුත් එක්ක. ශීල්ඩ් ලෙස පෙනී සිටිමින් එම ප්‍රහාරය එල්ල කරන්නේ, හයිඩ්‍රාවන්. ශීල්ඩ් සංවිධානයේ අලුත්ම ප්‍රධානතම එරෙහිවාදියා වන ජෙනරල් ටැල්බට්, මේ ප්‍රහාරය හමුවේ තුවාල ලබනවා. හයිඩ්‍රා ප්‍රධානී ඩැනියෙල් වයිට්හෝල් මේ ප්‍රහාරය එල්ල කරන්නේ, ලෝකයා ඉදිරියේ ශීල්ඩ් යනු වැරදිකාර පාර්ශවය බව ප්‍රත්‍යක්ෂ කරන්නට බව කොල්සන් තේරුම් ගන්නවා.

එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත එල්ල වුණු ප්‍රහාරය සඳහා භාවිතා කළ ආයුධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නට පරීක්ෂක මේ ගේ ප්‍රධානත්වයෙන් මොකින්බර්ඩ් (බොබී) සහ හන්ටර් පිටත් වෙනවා ජපානයේ ඔකිනාවා වෙත. ඒ එකී ආයුධය නිර්මාණය කළා යැයි සැක කෙරෙන ටොෂීරෝ මෝරී සොයාගෙන. මේ අතර, සීමන්ස් සහ බොබී හයිඩ්‍රාවන්ගෙන් බේරී පැන එන අතර රැගෙන ආ දෘඩ තැටිය පරීක්ෂාවට ලක් කරන්නට පැවරෙනවා සීමන්ස් හට. ඒ පෙර කී ආයුධය සම්බන්ධයෙන් එහි තොරතුරු ඇතුළත් නම් ඒවා අනාවණය කරගැනීමට.

ගියවර කොටසේ වැදගත්ම කාරණය වුණේ, වෝර්ඩ්ගේ වැඩිමල් සහෝදරයා වන සෙනෙට් සභික ක්‍රිස්ටියන් වෝර්ඩ් කතා මාලාවට අවතීර්ණ වීමයි. ඔහු හමුවට යන කොල්සන් කියා සිටින්නේ, එක්සත් ජාතීන් වෙත එල්ල කළ ප්‍රහාරය තමන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාවක් නොවන බවයි. ඒ වගේම ග්‍රෑන්ට් වෝර්ඩ් ඉන්නේ තමන්ගේ භාරයේ බවත් පවසනවා. නොකළ වරදින් තමන් ඇතුළු ශීල්ඩ් කණ්ඩායම නිදොස් කළහොත් ඒ වෙනුවට ග්‍රෑන්ට් වෝර්ඩ්ව ක්‍රිස්ටියන්ගේ භාරයට පත් කිරීමේ එකඟතාවයක් ක්‍රිස්ටියන් හා කොල්සන් අතර ඇති වෙනවා. ඒ අනුව වෝර්ඩ්ව ඔහුට බාර දුන්නත්, වෝර්ඩ් පැන යන අයුරු ඔයාලා දකින්න ඇති.

එක්සත් ජාතීන්ගේ සමුළුවට ප්‍රහාරය එල්ල කළ ස්කාලොටී ඇතුළු පිරිස ජූලියන් බෙකර්ස් නම් පුද්ගලයා සොයා යන බව මේ ඇතුළු පිරිසට ටොෂීරෝගෙන් දැනගන්න ලැබෙනවා. ජූලියන් බෙකර්ස් කියන්නේ, බෙල්ජියානු විදේශ කටයුතු ඇමති. ඒ වගේම සාමය පවත්වාගෙන යෑමට දැඩිව ක්‍රියා කරන කෙනෙක් හැටියටයි පෙනුණේ. මේ, හිතන්නේ හයිඩ්‍රාවන්ගේ උත්සාහය බෙකර්ස්ව ඝාතනය කර දැමීම බවයි. එවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ක්‍රියාකාරී නොවන රටවල් පවා, සෙනෙට් සභික ක්‍රිස්ටියන් වෝර්ඩ් විසින් ඉදිරිපත් කළ ශීල්ඩ් සහ මුලින්ම නැති කර දැමීමේ යෝජනාවට සහයෝගය දක්වාවි කියන බලාපොරොත්තුවෙන් වයිට්හෝල් මේ ඝාතනය සැලසුම් කරන්නට ඇති බවයි ඇය විශ්වාස කරන්නේ. ඒ අදහස වරදින්නේ, බෙකර්ස් හයිඩ්‍රාවන් සමඟ එක්කාසුව ඇති බව අනාවරණය වීමත් සමඟම. ෆිට්ස්-සීමන්ස් සහ මැක් දෘඩ තැටිය මාර්ගයෙන් සොයාගන්නවා, ජූලියන් බෙකර්ස් කියන්නේ, එක්සත් ජාතීන් වෙත එල්ල කළ ඉහත කී ප්‍රහාරය සඳහා භාවිතා කළ ආයුධයේ නිර්මාතෘවරයා වන වින්සන්ට් බෙකර්ස්ගේ මුනුබුරා බව. ඒ අනුව කොල්සන් වහාම පරීක්ෂක මේ ව දැනුවත් කරනවා වහාම බෙල්ජියමේ බෘස් වල පිහිටි ආරක්ෂිත නිවාසය වෙත යන ලෙසට. නමුත් ඔවුන් යන විට ප්‍රමාද වැඩියි. ශීල්ඩ් පරීක්ෂකවරුන් හය දෙනෙක් මිය යනවා. නමුත් ස්කාලොටී සහ බෙකර්ස්ව අත් අඩංගුවට ගන්නට ඔවුනට හැකි වෙනවා. ජෙනරල් ටැල්බට් සහ ශීල්ඩ් අතර අමනාපය තරමක් දුරට හෝ දුරු වූ බවක් අපිට දකින්නට ලැබුණා.

කොල්සන් විසින් ග්‍රෑන්ට් වෝර්ඩ්ව ක්‍රිස්ටියන් වෙත බාර දීම නිසාවෙන්, ශීල්ඩ් වෙත ලෝකයාගෙන් එල්ල වී තිබූ තර්ජනය තරමක් දුරට අඩු වේවි යන්න තේරුම් ගත හැකි ප්‍රකාශයක් ක්‍රිස්ටියන් විසින් ඉදිරිපත් කෙරුණා. ඔන්න ඔය විදියට තමයි ගියවර කොටස දිග හැරුණේ. කොල්සන් විසින් කළ පිටසක්වල කැටයම් වලින් පෙන්නුම් කෙරෙන්නේ සිතියමක් බව පස්වන කතාංගයේ අවසානයේදී ස්කයි ප්‍රකාශ කළත්, ඒ පිළිබඳව කතිකාවක් ගියවර කොටසේ සිදු වූයේ නැහැ. නමුත් ගියවර කොටස අවසානයේ, අපි කවුරුත් නොදන්නා කෙනෙක්, ඒ අක්ෂර රටාවන් තම ශරීරයේ පුරා පච්ච කොටාගන්නා සිද්ධියක් දක්නට ලැබුණා. ඒ පුද්ගලයා සහ සිතියමක් බවට ස්කයි සැක කරන අක්ෂර රටාවන් වල සුළ මුල අද කතාංගයෙන් විග්‍රහ කෙරෙනවා. ඒ තවත් අභිරහසක් විසඳන්නට ඉඩ ඉතිරි කරමින්. එන්න එන්නම කතාව ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගන්නා බවක් තමයි පේන්න තියෙන්නේ.

මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් සහ ඒජන්ට් කාටර් විකාශන කාල සටහන.

මාර්වල් ආයතනය තමන්ගේ රූපවාහිනී කාර්ය සටහන් යාවත්කාලීන කර තිබෙනවා, (අපිට කණගාටු දායක අකාරයකට 🙁 ) ඒජන්ට් ඔෆ් ශීල්ඩ් කතා මාලාව සහ ඒජන්ට් කාටර් කතා මාලාව සම්බන්ධයෙන්. ඒ පහත අකාරයටයි.

ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ පළමු අදියර 2014 දෙසැම්බර් 9 වන දායින් නිමාවට පත් වෙනවා (Mid-season finale). ඒ දෙවන කතා මාලාවේ 10 වන කොටසේ විකාශයත් සමඟ. ඒ අනුව පළමු අදියර අවසාන වන්නට තවත් ඇත්තේ කතාංගයන් තුනක් පමණයි. (ඒ කතාංගයන් තුන අතරටත් අනිවාර්යෙන්ම සතියක විරාමයක් ඒවි).

ඒජන්ට් කාටර් කතා මාලාව විකාශය ආරම්භ කෙරෙනවා 2015 ජනවාරි 6 වන දා සිට, ඒ ශීල්ඩ් කතා මාලාව විකාශය වූ වේලාවටමයි. මෙය කොටස් අටක් දක්වා විකාශය වීමට නියමිතයි. (ඒ අනුව අපට මාස තුනක පමණ කාලයක් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාව නරඹන්න ලැබෙන්නේ නැහැ).

ඒජන්ට් ඔෆ් ශීලඩ් දෙවන කතා සමයේ දෙවන අදියරය විකාශය නැවත ආරම්භ කෙරෙන්නේ, 2015 මාර්තු 3 වෙනිදා. (එය බොහෝ විට 2015 මැයි 12 වෙනි දා හෝ මැයි 19 වෙනිදායින් අවසන් විය හැකියි).

වැදගත්ම කාරණය තමයි, අපි හැමෝම දන්නවා දැන් Avengers: Age of Ultron (2015) චිත්‍රපටය 2015 මැයි 1 වෙනිදා බොහෝ රටවල් වල තිරගත වීම ආරම්භ කරන බව. ඉහත කරුණු අනුව එම චිත්‍රපටය තිරගත වීමට ප්‍රථමයෙන් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමය විකාශය අවසාන කරන්නට බොහෝ විට ඉඩ ලැබෙන්නේ නැහැ. මෙහෙම කීවම කට්ටියට මතක් වෙනවා ඇති, ශීල්ඩ් පළමු කතා සමය විකාශය වෙන අතර වාරයේ Captain America: Winter Soldier (2014) චිත්‍රපටය තිරගත වීම නිසා කතා මාලාව නොසිතූ ලෙස වෙනස් වූ හැටි. බලමු ඒ වගේ දෙයක් මෙදා සැරෙත් වේවිදෝ කියලා.

අද අරගෙන ආව තොරතුරු සඳහන් කරලා අවසන්. දීර්ඝ ලිපියකට අකමැති පිරිසකුත් ඇති, ඒ අය ඉතින් සුපුරුදු පරිදි උපසිරස අරන් අද කතාව රස විඳින්න. අනෙක් පිරිස ලිපියත් කියවලාම අද කොටස රස විඳින්න. දෙගොල්ලගෙන්ම ඉල්ලනවා අදහසක් පල කරලා යන්න කියලා. ජයම වේවා..! එලස්ස්ස්…

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

eea8c48a90a5580ef862af128b2cf0961cb24159

270 MB කොපිය මෙතනින් බාගන්න

aebf0d8cf05b62cedff18c78cf1bc2b9c4cdc444 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,268 downloadsDownload S.H.I.E.L.D.S02E07.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

5,268 downloadsDownload Subtitles56 KB

57 comments

  1. Dinith

    hamme athi yanthan awa :D thanx sahoo :D

  2. ෂෙරින් සමාධි ගිනිගේ

    නියමයි.... එළනේ...
    බොහොම ස්තූතියි සහෝ....
    ජය!!!

  3. janaka

    onna mamai eka.......... sub ekata thnx..........

  4. La හිරු

    niyamai sahooo thankuuu

  5. Anjana

    Thnx saho.....sub ekata...........

  6. Ravindu Adithya

    thanx bro.

  7. suneth

    patta...thanks

  8. RUKI

    thnxz bro.....

  9. A.Eranda

    Thanks you very much bro.

  10. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. නලින්

    ඔන්න ඉතින් බලලම ඉවර කරලා ලිපිය කියව්වේ...

    ස්තුතියි යශෝද...

    ජය වේවා!

  12. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D

  13. chamath

    thanx bro

  14. මැකා

    අම්මෝ මේක දාලා...
    සති 2ක් ඉවසන් හිටියේ අමාරුවෙන්...
    කලින් එකට comment කරන්න හම්බුනේ නැත්තේ නෙට් slow නිසා...
    කියවන්නත් කලින් ම දැම්මා...
    හැමදාම වගේ......ඉතින්... සබට තැන්කු... හොඳ වැඩක්...ජය වේවා...

    1. මැකා

      "මෙහෙම කීවම කට්ටියට මතක් වෙනවා ඇති, ශීල්ඩ් පළමු කතා සමය විකාශය වෙන අතර වාරයේ Captain America: Winter Soldier (2014) චිත්‍රපටය තිරගත වීම නිසා කතා මාලාව නොසිතූ ලෙස වෙනස් වූ හැටි"

      - අඩෝ... මෙතන මං ගැන නේ කිව්වේ... මමනේ කිව්වේ ඕකුන් ඔහොම තමා කියලා.. :p
      අයියෝ මම හිතුවා කාර්ටර් වෙන වෙලාවක පෙන්නයි කියලා.. ශිකේ...
      ඔය Agent Carter series එකේ "ටෝනි ස්ටාක්" ගේ තාත්තා "හොවර්ඩ් ස්ටාක්" ගේ යාලුවෙක් වෙන "ජාවිස්" (JARVIS) ව අඳුනගන්න ලැබෙනවා... JARVIS කියන්නේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ... :p
      ආයෙත් සෙට් වෙමු..ලබන සතියේ..!!

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ, සමාවනුමැන යශෝ සහෝ...
    මම මුලින් මුලින් මේ කතාවට ආසා උනත් පස්සේ පස්සේ හරි ගියේ නැහැ,
    මොකද දවසින් දවස එක එක ප්‍රශ්න නිසා...
    දැන් මේ කස්ටිය කියන විදියට කතාව හොඳද මංදා...
    බලමුකෝ නේද?
    එහෙනම් බොහොම ස්තුත්යි ගින්දර වගේ ගේම ගහනවට...
    ජය වේවා!!

  16. Damith

    Thzzzzzzzzzzz Aiyeeeeee.....................

  17. Hasitha

    wisthare godak hoday.....

    thanks sub eka ikmanata dunnata

  18. tikiri

    patta pata pata ohoma yamu lokka
    -

  19. Nivish

    සබ් එකට තැන්ක්ස් සහෝ.. එතකොට මේක දෙසැම්බර් 09න් පස්සේ යේ 2015 මැයි වලද ආයේ එන්නේ..? :(

    1. යශෝධ

      2015 මාර්තු 3 වෙනිදා තමයි දෙවන අදියර ආරම්භ වෙන්නේ....

  20. Deshan

    බොහොම ස්තූතියි

  21. හිරූ

    එල කිරි මචං. ආපු ගමන්ම දීල. බොහොම ස්තූතියි!

  22. ujitha

    thakiu saho..
    okkoma bewa

  23. Sam

    niyami sahooo...sub dankn hitiyeee...elzzzzz...////..thnkss a lot..

  24. ANTON

    Yee thanks bro!

  25. D.Chamara

    thank sahooo sub ekata niyamai degatama karagenaya ymo jaya... :D

  26. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට යසෝ..
    මෙන්න ගන්නවා
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය....!

  27. sajeevi

    thanks for letter &amp; sub

  28. Shamal

    hamme ithin. ude kaama paththaka. meka balala innawa.

  29. dilan

    thanks

  30. me

    Thanks

  31. THIMOTHY

    Thzzzzzzzzz. supiriiiiiiiiiiii. subabathanawa oyata......

  32. dasun disanayaka

    THANKS

  33. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  34. VisH

    උපසිරසියට වගෙම ලිපියටත් බොහොම ස්තුතියි... : )

  35. Sasindu JAyashma

    me wage thawa lipi one hama week ekama mewage lipiyak denna

  36. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න බෑවා මලේ..
    තැන්කු... තැන්කු..
    ජයම වේවා...

  37. CHAMEE

    thanks sahooooo

  38. Kulanjana Maduranga

    Thanks YASHODA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. dilshan

    thank you

  40. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. අද තමා බලන්න වෙන්නෙ. ජය෴෴ :P :P

  41. Thushara

    Thanks යශෝධ... I appreciate your commitment..

  42. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  44. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  45. Ruchira

    sub 1ට ස්තුතියි........

  46. අදිත ප්‍රවීන්

    නියමයි යශෝධ අයියා !
    බොහොම තුති උපසිරැසියට .
    දැන්ම බානවා .
    :D

  47. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය...........

  48. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  49. Shan

    Elakiri mcn.....

  50. Chinthaka chathuranga

    thnxz bro…..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.