Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E12] | නුඹ සැබවින්ම කවරෙක්ද… [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 12 වන කතාංගයයි. ගිය සතියේ 11 වන කතාංගය ඔයාලට අරගෙන ආවේ අපේ විමා. විමාට ඒ වෙනුවෙන් නැවත වතාවක් ස්තූතිය පුද කරනවා. මේ 12 වන කොටස විකාශය වුනේ අපේ වෙලාවෙන් පසුගිය බදාදා උදෑසන වගේ. ඉතින් දවස් දෙකක් ප්‍රමාද වුණා උපසිරැසි…

Marvels-Agents-Of-S.H.I.E.L.D 3

සුපුරුදු පරිදි මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 12 වන කතාංගයයි. ගිය සතියේ 11 වන කතාංගය ඔයාලට අරගෙන ආවේ අපේ විමා. විමාට ඒ වෙනුවෙන් නැවත වතාවක් ස්තූතිය පුද කරනවා. මේ 12 වන කොටස විකාශය වුනේ අපේ වෙලාවෙන් පසුගිය බදාදා උදෑසන වගේ. ඉතින් දවස් දෙකක් ප්‍රමාද වුණා උපසිරැසිය අරගෙන එන්න. මේ මාස කීපය ඉතාම කාර්ය බහුල නිසයි මෙහෙම පමා වෙන්නේ. ඒත් ලබන සතියේ ඉඳන් සුපුරුදු පරිදි ඉක්මනින් උපසිරැසිය අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 

මතක් කරන්න ඕනේ ගියවර උපසිරැසියත් එක්ක විමා බොහොම වටිනා ලිපියක් අරන් ඇවිත් තිබුණා. ඔයාලා ඒක කියවන්න ඇතියි කියලා හිතනවා. ඒ ලිපියේ ස්කයිගෙන් මාර්වල් සිමාරූපී විශ්වයට ඉන්හියුමන්ස්ලා අවතීර්ණ වීමේ ආරම්භය සනිටුහන් වුනු බව කියැවුණා. ඒ වගේම ඒ ලිපියේ අඩංගු වුනු Fantastc Four සහ Inhumans අතර සම්බන්ධය ගැන කියවුණු කරුණ මෙන්න මේ විදියට සංශෝදනය වෙන්න ඕනේ කියලා විමා අද ලිපියෙන් මතක් කරන්න කිව්වා.

“ෆැන්ටෑස්ටික් ෆෝ කොමික් පොතෙන් තමයි ඉන්හියුමන්ලව හඳුන්වා දුන්නේ, සිනමාවේදී ෆැන්ටෑස්ටික් ෆෝ ඉන්හියුමන්ලට සම්බන්ධ නැහැ. එතැනදී මට වැරදීමක් වුණා, එතන නිවැරදි කරන්න ඕනේ ඔය විදියට, – විමා”

ඒ කරුණ දිහාවට අවධානය යොමු කරන ගමන් අපි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. ගියවර කොටස ආරම්භ වුණේ තවත් නොමිනිසෙකුගේ (Inhuman) පැමිණීමත් එක්ක. අපිට දෙවන කතා සමය අතරමැද නතර කළ කොටසේදීත් (10) මෙයාව යන්තන් දැකගන්න ලැබුණා. ඒ එක්කම ස්කයිගේ මව සහ ඔහු අතර යම් කිසි සම්බන්ධයක් ඇති බව ගියවර කොටසෙන් පේන්න තිබුණා. දැක්ක ගමන් මම හිතුවේ මේ X-Men කණ්ඩායමේ කෙනෙක්වත්ද කියලා. ඒත් බලන් යනකොට X-Men එක්කලා හැප්පෙන්න පුළුවන් පිරිසක් මේ නොමිනිසුන් අතරින් බිහි වේවි කියලත් හිතෙනවා.

ඔබෙලිස්කයේ විධාරණයට නිරාවරණය වුනු ස්කයිව නිරෝධායනය කරලයි තිබුණේ. ඒ වැඩිදුර පරීක්ෂණ උදෙසා. රූපමය වශයෙන් වෙනස් නොවූවත් ස්කයිගේ ජානමය වෙනස්කම් තියෙන බව ෆිට්ස් අවධාරණය කරගන්නවා. නමුත් ඒ බව ඔහු කණ්ඩායමේ අනෙක් පිරිසට දන්වන්නේ නැහැ. ඒ ස්කයිගේ ආරක්ෂාව ගැන හිතලා. ස්කයි සමඟම පරිවර්ථනයට ලක් වූ රෙයිනා රූපමය වශයෙනුත් වෙනස් වී සිටි බව පේන්න තිබුණා. රෙයිනාගේ ස්වරූපය මම නම් දැක්කේ ඉත්තෑවෙක්ගේ වගේ. බොහොම අසරණ ඒ වගේම මෘග පෙනුමක් තමයි එයාට ලැබිලා තිබුණේ. ඒ වගේම අසරණව ස්කයිගේ පියාව සොයාගෙන යන රෙයිනාට ඔහුගෙන් පිහිටක් ලැබෙන්නේත් නැහැ.මල් මල් වත හැඳි සුන්දර රෙයිනා විරූපී මෘගයෙකු බවට පත්ව සිටි නිසා, තව දුරටත් ජීවත් නොවන්නයි ඇය කල්පනා කරන්නේ. ඒ නිසා දිවි තොර කරගන්න හැදුවත් ඒ උත්සාහය මම ඉහතින් සඳහන් කළ නොමිනිසා නිසාවෙන් වැළැක්වෙන බවයි ගියවර කොටසින් දකින්න ලැබුණේ.

ඒ එක්කම බක්ෂිව ඇමක් ලෙස පාවිච්චි කරමින් වයිට්හෝල්ගේ තැන ගන්න සූදානමින් සිටින අනෙක් හයිඩ්‍රා බල මූලයන් කීපයක්ම කොල්සන් ඇතුලු කණ්ඩායම විසින් විනාශ කර දමන්නේ, එක් හිසක් කැපූ විට හිස් දෙකක් මතු වෙනවා යැයි කියන හයිඩ්‍රා උදෘත පාඨය විහිළුවක් කරමින්. අද කොටස ගැන යමක් කීවොත් අද ස්කයිට නෑ කම් කියන පිටසක්වළයෙක්ගේ ආගමනයක් සිද්ද වෙනවා. ඒ එක්කම ඇස්ගාඩ් වල සිෆ් ආර්යාවත් පැමිණෙනවා. ඔබෙලිස්කය, ස්කයි සහ මේ අය අතර කතාව මොන විදියට වේවිද කියලා බලන්න එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්.. 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

49AEEE068F101D1BB7530825D6D5067B11DC8EA8

264 MB කොපිය මෙතනින් බාගන්න

B1235EB473ADF3B09E965CFD5DAC40E941FF0558

166 MB (720p) කොපිය මෙතනින් බාගන්න

0E291EDC3620DDFC923D1DD3E6C12CEE2F6B6C5E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,385 downloadsDownload Agents.of_.shield.baiscopelk.S02-E12.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,385 downloadsDownload Subtitles88 KB

37 comments

  1. Ravindu Adithya

    බොහෝම ස්තුතිවන්ත වෙනවා sub එක වෙනුවෙන්.
    තවත් පරක්කු වෙන්න බෑ .මේක බලන්න ඕන.දැනටමත් පරක්කුයි.

  2. DASUN

    thanks

  3. ෂෙරින් සමාධි ගිනිගේ

    පරක්කු උනාට කමක් නෑ සහෝ...
    අපි දන්නවනේ තියෙන වැඩ අතරෙ මේ වැඩ කරන්න තියෙන අමාරුව...
    ස්තූතියි උපසිරැසියට...

  4. Hasitha

    Thanks sahoooo

  5. නලින්

    ස්තුතියි යසෝ!..

    කලින්ම බා ගත්තා.

    ජය වේවා!

  6. Jayz Waniganeththi

    හෆ්ෆේ... යාන්තම් ඇති දවස් තුනක විතර ඉදල ටොරෙන්ට්ටුවත් බාගෙන බලාගෙන හිටියෙ.. ඇති යන්තම්. මේ පාරත් දිග ලිපියක් දාල තියෙන්නෙ අපේ යාළුවන්ට කියවන්න. ඇති ඇති ටයිප් කොර කොර හිටිය දැන් බලමු.. සියළු දෙනාටම ජය.. "Hail S.H.I.E.L.D" බුදුසරණයි..!!

  7. oshan

    thank you very much ale

  8. chinaaa

    පරක්කු උනත් බොක්කා හොඳයි.අපේ engli knowledge eka poddak adui. Mn wage gonnun wenuwen karadara unata tnxxxxxxx aiyaaaaa

  9. Dhanushka

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Ruchira

    sub 1ට ස්තුතියි.......

  11. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. එල්.සී. දමැල්

    THANK U!

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :)

  14. madhuka

    thanks machan

  15. Mahesh

    sub ekata thanx aaaa

  16. Thusitha Hettiarachchi

    Thanks saho....

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ශාන් විමුක්ති [විමා]

    සබට තුති යශෝධ සහෝ
    තිබ්බ නොයිවසිල්ලට කලින්ම බැලුව :D

  20. අදිත ප්‍රවීන්

    මාත් කලින්ම බැලුවා .
    දැන් ආයෙත් බලමු .
    බොහොම ස්තුතියි යශෝධ අයියේ උපසිරැසියට !

  21. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩ ටික ඉවර කරගෙන සුපුරුදු ස්පීඩ් එකට එමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  22. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)
    #Hail_Hydra

    5000 comment

  23. සුපුන් මධුසංක

    Thanks saho.....

  24. Jayz Waniganeththi

    සහෝ ඊයෙ SHIELD වගේම Flash 15 කොටසත් රිලීස් උනානෙ අනික මේ වෙද්දි ටොරෙන්ට් කොපිත් හැම එකක්ම වගේ රිලීස් වෙලා තියෙන්නෙ. ඉතින් Flash වෙනුවෙන් මාසයක්ම බලන් හිටපු එකේ ඉක්මනටම සබ දෙමුනේද දෙකටම??

  25. kavinda

    බොහොම ස්තුතියි යශෝධ

  26. ගයාන් රූකාන්ත

    කොමෙන්ට් එකක් කොටන්න පමා උනා මචෝ
    බොහොම තුති හොදේ සබට,අනිත් එපියත් ඉක්මනටම ඕනේ ජය!!

  27. දසන් බුද්ධික

    ඔන්න ගත්තෝ.... ජය....
    සබට තුති....

  28. Leo~Oshan

    Thanks!!!!!!!!!!!!!!!!!!!!

  29. Madhusankha

    thanks bro !

  30. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. me

    Thanks

  33. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  34. Charles

    166MB (720p) torrent link eka වැඩකරන්නේ නෑ

  35. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  36. Manoj Ashitha

    Thank you very much....

  37. Pramukmili

    thanxx bro..........