Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E11] | දැන් ඔවුන් කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

‘අනිවාර්යෙන්ම ලිපිය කියවන්න ආරාධනා කරනවා’. මුලින්ම පමාවට සමාව, වෙන වැඩ අතරෙයි මේක කරන්න උනේ මට. අද එහෙනම් මේ විදියට නැවත ආරම්භ වෙන්නෙ Marvel’s Agents of S.H.I.E.L.D දෙවන කතා සමයේ මැදි විරාමයේ පළමු කතාංගය නොහොත් සියල්ල උඩු යටිකුරු කල පෙර කතාංගයේ “පසුකම්පනයි” මේ අරන් එන්නෙ. (ඒ විදියටයි මේ කතාංගය නම්…

MAofshield-NEW4

‘අනිවාර්යෙන්ම ලිපිය කියවන්න ආරාධනා කරනවා’. මුලින්ම පමාවට සමාව, වෙන වැඩ අතරෙයි මේක කරන්න උනේ මට. අද එහෙනම් මේ විදියට නැවත ආරම්භ වෙන්නෙ Marvel’s Agents of S.H.I.E.L.D දෙවන කතා සමයේ මැදි විරාමයේ පළමු කතාංගය නොහොත් සියල්ල උඩු යටිකුරු කල පෙර කතාංගයේ “පසුකම්පනයි” මේ අරන් එන්නෙ. (ඒ විදියටයි මේ කතාංගය නම් වෙලා තියෙන්නේ). වෙනදට උපසිරසි අරන් එන යශෝධට තවමත් විභාගේ නිසා කිනා එජට් කාටර් එකේ අන්තිමට කිවුව වගේම මට මේක කරන්න සිද්දවුනා. මගේ අදහස අනුව DC කට්ටිය දණගානකොට මාවල් කට්ටිය හයියෙන් දුවන්නත් පටන් අරන් ඉවරයි කියල. ශිල්ඩ් පිහිටුවිමට මුලිකත්වය ගත්තු පෙගී කාටර්ගේ චරිතය අලලා, කැප්ටන් ඇමරිකා ඇවෙන්ජර්ස්හි නායකයා විදියට ශිල්ඩ් සමග එකතුවීම (පළමු කතා සමයෙන් නම් ඒ ගැන මොකුත් කියවුනේ නැහැ, නමුත් කැප්ටන් ශිල්ඩ් සමග එකතුවෙන්නේ ඔහුගේ පෙම්වතිය වන ඒජන්ට් කාටර් නොහොත් පෙගී නිසා) අයන් මෑන් නොහොත් ටෝනි ස්ටාක්ගේ කෘතීම බුද්ධියට ජාවිස් කියන නම ලැබුනේ කොහොමද ආදී එකී මෙකී නොකී සියලු අතීත රහස් කාටර් සමග දිගහැරීමට පටන් අරන් තියෙන්නේ බොහෝ විට තව කතා සමයක් ඒවි ඒකෙ, ඉතින් කොහොමහරි ඒ විදියට ඒජන්ට් කාටර් ඉතාම සාර්ථක විදිහට නිමා උනා, දැන් ඒජන්ට් ශිල්ඩ් ඒ වගේම ඉදිරි මාස කිහිපක් තුලදී ඩෙයා ඩෙවිල් එනව රුපවාහිනී තිරයට, ඇරෝ, ෆ්ලෑෂ් සහ ගෝතම් සමග සටනට තමයි මේ අය සැරසෙන්නේ, දැනට ගෝතම් නම් යස අගේට බැට් මෑන්ගේ කතාවල ඉන්න දුෂ්ටයින් සහ සෙලිනා වැනි බැට් මෑන්ගේ සහයට ඉන්න චරිත වල ආරම්භය ගලපගෙන යනවා, ඇරෝ සහ ෆ්ලෑෂ් තවමත් ගැලපීම හරිහැටි ලබාගෙන නැති පාටක් තමයි මටනම් පෙන්න තියෙන්නේ, මොකද බැට් මෑන්ගේ කතාවේදී එන රාස් අල් ගූල් චරිත ස්භාවය සහ කතාව ඇරෝ එකේදී හාත්පසින්ම වෙනස් නමුත් මාවල් කට්ටිය කොමික් චරිත රුපවාහිනිය හරහා රසිකයින්ට සමීප කරවමින් මාවල් සිනමැටික් විශ්වයට ඒ චරිත ගලපන කාර්යය නම් යස අගේට කරනව, ඒකෙ නවතම අදියර තමයි මාවල් කට්ටිය පහුගිය කතාංගය මගින් අපි කොහෙත්ම නොහිතපු විදියට මාවල් කොමික් පොත්වල ඉන්න “Inhumans” කියන පිරිස මේ කතාවෙන් එලියට දැමීම. පහුගිය කතාංගයෙදී රෙයිනා සහ ස්කයි දෙන්නට යම්කිසි සිදුවීමක් වෙනව දකින්න ඇතිනේ, ඒ සිදුවීමෙන් මොවුන් විසින් අපිට හදුන්වාදෙන පිරිස තමා ඉන්හියුමන්ස්ල. ඉන්හියුමන්ස් කියන එකේ තෙරුම නම් මනුෂ්‍ය නොවන, එහෙම නැත්නම් අමනුෂ්‍ය කියන එක. නමුත් කොමික් පොත් වලට අනුව මේ අය සුපිරි මනුෂ්‍යයින් (superhumans). මේ පිරිස මාවල් කොමික් යුනිවර්ස් එකේ වෙනම පිරිසක්. මොවුන්ව සිනමාවට හඳුන්වා දෙන්නේ කවුරුත් හොඳට දන්න ‘Fantastic Four’ නමින්. ඒ නම කිවුව ගමන් කට්ටියම දන්නව ඇතිනේ ඔන්න 😀 ඉන්හියුමන්ස්ල ගැන වෙනමම ෆිල්ම් එකක් නිෂ්පාදනය කරනව කියල මාවල් සිනමා කතා රචක Stan Lee පවසල තියනව ඒ 2018 නොවැම්බර් වලදී ඒකෙ නමත් Inhumans කියල තමයි දැනට දැනගන්න තියෙන්නේ, ඉදිරියෙදි ඒ ගැන හොඳින් විස්තර දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඉදිරියේදී ස්කයි වෙත වැඩි අවධානයක් යොමුවෙයි කියලත් කියනව.

ඇත්තටම පහුගිය කොටසේදී මොකද උනේ, මාවල් විශ්වයේ ඉන්න දුෂ්ට චරිතයක් වෙන Calvin Zabo එහෙම නැත්නම් Mister Hyde කියන චරිතය නිරාවරණය වීම සිද්දවුනා, ඒ ස්කයිගේ පියා ස්කයි තමන්ගේ පියාව මුණගැහීමත් සමගයි. වැදගත්ම දේ තමයි ආරංචියේ හැටියට ස්කයි භූකම්පන/ වෙනත් කම්පනයන් ඇතිකරවීමට හැකියාව තියන ඉන්හියුමන් කෙනෙක් බවට පත්වීමයි, (කොමික් කතාවලට අනුව ඩේසි ජොන්සන්ගේ පියා supervillain/සුපිරි දුෂ්ට චරිතයක් වෙන Calvin Zabo(Mister Hyde) ඔහු තමයි ස්කයිගේ තාත්තා ඒ කියන්නේ ස්කයි තමයි ඩේසි ජොන්සන් කියන කොමික් චරිතය වෙන්න ), ඒ වගේම ස්ක්යිගේ මව චීන කාන්තාවක් කියල මේ කතාවේදී කියවුනානේ, ඇයත් ඔබෙලිස්කය ස්පර්ශ කළහැකි, වයසට නොයන අයෙක්, ස්කයිටත් ඒ වගේම රෙයිනටත් ඒ හැකියාව තියනවා. මේ කතාවේදී වගේම ස්ක්යිට රඟපාන Chloe Bennetගේ ඇත්තම අම්මත් චීන කාන්තාවක්. ඉතින් නැවතත් කතාව දිහාවට හැරෙනවානම් නමවෙනි කතාංගය ආරම්භයේදී ස්කයි, රෙයිනා අඳින විදියේ මල් ගවුමක් ඇඳගෙන හිස් කොරිඩෝවක් දිගේ දුවගෙන යනව සිහිනයෙන් දකිනවා පෙන්වනව, ඒ වගේම අන්තිමදී ඇයගේ අත් දෙක අළු බවට පත්වෙන්න පටන් ගන්නවා.. ඒ වගේම කොල්සන් හැම වෙලේම කුරුටු ගාන ඉරි වල තේරුම වන අභිරහස් නගරය සොයාගෙන පිරිස පිටත් වෙනවා, එතැනදී ස්කයිගේ සිහිනය සැබෑවක් වෙන්න පටන් ගන්නව, ඒ දසවැනි කතාංගයෙදී. ඒ වගේම දැන් හයිද්‍රා නායකයා වන වයිට්හෝල්ට කොල්සන් වෙඩි තියනවා පෙන්නුවත් මැරුණද නැද්ද කියල හරියටම පෙන්වන්නේ නැහැ ඒ උනත් වයිට්හෝල් මියගියා කියල ඒජන්ට් 33 විසින් කියනව. අද තහවුරු කරගන්න පුළුවන් වෙයි ඒ ගැන. ඒ වගේම ස්කයිත් වෝර්ඩ්ට වෙඩි තියනව දැකගන්න පුළුවන් උනා. ඒ වගේම කොමික් රසිකයන් මාවල් වෙතින් ඉල්ලාහිටින්නේ වයිට්හෝල් මියගිය නිසා දැන් ප්‍රධානියෙක් නැතිව ඉන්න ඒජන්ට් 33ව, තවත් කොමික් චරිතයක් වෙන Madame Masque (මැඩම් මාස්ක්) බවට පත්කරල කතාවට එක්කරන්න කියල. එහෙම කරාවිද කියල බලමු ඉතින්.

ඉතින් කොහොමින්හරි කොල්සන්ලා හොයාගෙන ගිය නගරයේ පොලව යට තියන අභිරහස් දොවොලේදී රෙයිනා, ස්කයි සහ ට්‍රිප් තුන්දෙනා ඔබෙලිස්කයත් එක්ක තනිවෙනවා. කොල්සන් එතනට එන්න උත්සහ කලත් වෙනත් පාලනයකට යටත් වෙලා ඉන්න මැක් විසින් ඔහුව වළක්වනවා, ඒ වගේම රෙයිනා කියනවා ඔබෙලිස්කය කියන්න විනාශකාරී දෙයක් නෙමේ ඒකෙන් නැවත ජීවයක් උපදවනවා, එකේ පිහිටින් අන්තිමේදී අපිට දැනගන්න පුළුවන් වෙනව ඇත්තටම අපි කවුද කියල යනුවෙන්. ඉතින් ඔය අතරවාරයේදී නවවෙනි කතාංගයෙන් ස්කයි සිහිනෙන් දුටු පරිදි ඔබෙලිස්කයේ බලපෑමෙන් රෙයිනා සහ ස්කයි තුන්දෙනාගේ සිරුරු අළු බවට පත්වෙන්න පටන් ගන්නවා… නමුත් ට්‍රිප් හට එවෙලේදී ඉන් බලපෑමක් වෙන්නේ නැහැ, ට්‍රිප් එක්වරම ඔබෙලිස්කයට පහරක් ගසනවාත් සමගම ඔබෙලිස්කය කම්පනයක් ඇතිකරවමින් දුමාරයක් බවට පත්වනවා, ඒ සමගම ට්‍රිප් අළු ගොඩක් බවට පත්වන අතර රෙයිනා කිවූ පරිදිම ස්කයි ඉන්හියුමන් කෙනෙක් බවට පත්වෙනකොට රෙයිනත් පරිවර්තනයකට ලක්වෙනවා, ඒ වගේම වයිට්හෝල් මියගිය නිසා කතාවේ සතුරගේ චරිතයට එන්නෙ කවුද කියලත් දන්නෙ නැහැ. නමුත් හයිඩ්‍රා පාඨය වන, ඔළුවක් කපද්දී ඒ තැන අරගන්න ඔලු දෙකක් මතුවෙනව කියන එක සැබෑ කිරීමක් වෙයිද කියන්න බෑ. ඒ වගේම පහුගිය කොටස අවසානෙදි දකින්න ඇති එක ඔබෙලිස්කයක් විතරක් නෙමේ තියෙන්නේ තව ඒවා තියනවා, ඒ වගේම තවත් ඉන්හියුමන්ස්ල ඉන්නවා කියලත්. අද imdb 9.3ක් ලැබිල තියන කතාව ගැන සඳහන් නොකර ඉන්නම්, මේ පැහැදිලි කිරීම් අනුව අද කතාව ගැන තව මුකුත් කියන එක සුදුසු නෑ කියල හිතෙනව මොකද අද දැනගන්න ලැබෙන්නේ නැති ඒවත් විස්තරයේ සඳහන් වෙලා තියනවා. යශෝධ ලබන සුමානේ ඉඳන් ආයේ ඒජන්ට් ඔෆ් ශිල්ඩ් සමගින් ඔයාලත් එක්ක එකතුවෙයි, එහෙනම් තවදුරටත් ලෝකය නිකම්ම නිකම් සුපිරි වීරයන්ගේ ලෝකයක් විතරක් නොවේවි. මම යන්නම් එහෙනම් වයිකින්ග් සමග හමුවෙමු, හැබැයි ටිකක් පමා වෙයි.   “Hail Marvel, Lv U Sky”  😳  :*

 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

48B8435478FC08ECB5480CD4A400986513704028

230 MB කොපිය මෙතනින් බාගන්න

1CB25283227C50D95F200891F20398A250CCBC9E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,726 downloadsDownload Marvels-Agents-of-S-H-I-E-L-D-S02E11.baiscopelk7.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

5,726 downloadsDownload Subtitles315 B

46 comments

  1. ANTON

    Thanks Brooooo!

    1. ANTON

      ඔප්ස්... ඔන්න මම අද එක......
      සබට බොහොම තුති

    2. J-U-M-P-J-E-T

      Hail Hydra ;)

  2. Saketha Pulasthi

    ඕ...යෑස්... ඔන්න එහෙනම් ආයෙත් ඒජන්තයො ටිකෙ වැඩ බලන්න පුලුවන්.
    කිව්වත් වගෙ හරියට කතා ටික ගලපන්නේ නෑ වගේ.. :( උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. kavinda

    මේකත් AVENGERS වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.
    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. එල්.සී. දමැල්

    උපසිරසට තුති ...
    ජය...

  6. C#

    patta aaa... Kochchara kaalayak balan hitiyada SKY ta wena de balaganna! Lipiya kiyawannam passe, meka balalama! Bohoma sthuthyi!!

  7. Malith

    බොහොම ස්තූතියි යාලුවා........!!!

  8. samadhi

    බොහෝම ස්තූතියි සහෝ.සබ් එකට සහ ලිපියට යන දෙකටම.

  9. chiran

    thanxx
    meka enakan balan hitiye

  10. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. Bhagya

    ela ela .........!

  12. sajeevi

    wow..
    thanks

  13. D.Chamara

    niyamai sahoo niyamai denakam balagena hitiya thanks sahoo

  14. Ruchira

    sub 1ට ස්තුතියි.......

  15. යශෝධ

    අමාරු වෙලාවේ පිහිටට ආපු විමාට මගේ ප්‍රණාමය.. සුපිරි ලිපියකුත් එක්කම ගේමට අවතීර්ණ වුණා එහෙනම්. සබ් එක ගත්තා කොල්ලෝ. බොහෝම ස්තූතියි මචෝ.. බලන්න වෙන්නේ කිව්වත් වගේ ලබන සතියේම තමයි. ජයම වේවා එහෙනම්.. එලස්ස්ස්.....

  16. Deshan

    බොහෝම ස්තූතියි සහෝ

  17. udith

    onna balan hitiya ekath hambuna bole....... =D ela kiri aaaaa

  18. සුපුන් මධුසංක

    ස්තුතියි යාළුවා.....
    මේ කොටස එනකම් බලාගෙන හිටියේ.....

  19. ෂෙරින් සමාධි ගිනිගේ

    අම්මෝ.. මෙන්න කතාව ආයෙත් ඇවිත්...
    පුදුම නොඉවසිල්ලකින් හිටියේ මේක එනකම්...
    යශෝධ සහෝ නැති නිසා විමා මේක බාර ගන්න බවට කලින් ඉඟි පළ උනානේ..
    ඒකට හේතුව ලිපියේ අවසානයේ තියෙන එකද මන්දා...:P
    කොහොම වෙතත් උපසිරැසියට ස්තූතියි...
    එහෙනම් මේ සතියේ ඉඳන් Hail Marvel තමයි.

  20. milan

    thanx bro........... digatama demu

  21. chamath

    thanx mcn... supiri

  22. නුවන්ත දුලාන්

    නියමයි විමා සහෝ.
    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

  23. Hasitha

    Niyamay machoo digatama karagenayamu :D මුලින්ම පමාවට සමාව ;) :D :D :D

  24. me

    Thanks

  25. THIMOTHY

    ela ela. thanks kollo

  26. නලින්

    ස්තුතියි විමෝ.. සබ එනකල්ම හිටියා බලන්නම.. සබ ඇවිල්ලත් බලන්න උනේ උබේ පත ලිපිය කියවලමයි.

    ‘අනිවාර්යෙන්ම ලිපිය කියවන්න ආරාධනා කරනවා’ කියලා තිබ්බ නිසාම.. එලස්ස්! මචෝ..

    ජය වේවා!

  27. ruwan

    thks brooo
    jaya wewa

  28. ns

    බොහෝම ස්තුතියි

  29. අදිත ප්‍රවීන්

    නියමයි විමා අයියේ !
    ඔන්න බෑවා .
    හැබැයි ඔය අන්තිමට කියලා තියන ටික නම් ඇල්ලුවේ නෑ !!!!!
    :(

  30. දසන් බුද්ධික

    අන්තිමට එහෙනම් විමාට වැඩේ කරන්න උනා නෙහ....
    හොදයි හොදි... සබට තුති සහෝ............
    ජයවේවා......

  31. බ්ලැක් පැන්තර්

    අප්පා... ඔන්න උඹ කියවන්න කියපු නිසා ලිපිය කියෙව්වා...
    උඹ එහෙනම් මාවල්ලට කඩේ යනවා නේද... :3
    ටෝනි ස්ටාක් බොට කීයක් පගාව දුන්නැයි... ??? :3 :3
    හෙ හේ... සබට තුති විමෝ...!!!
    ජය...!!!

  32. ගයාන් රූකාන්ත

    අකමැත්තෙන් උනත් සබ් එක ගැනීමට සිදුවේ
    ඔබගේ නොනවතින නොහොබිනා ක්‍රියාවන් පිළිබඳව
    නීති මාර්ගයෙන් කටයුතු කරන බවට අසතුටෙන් උවත් දැනුම්
    දීමට සිදුවේ,ඉදිරි සතිය තුල උසාවිය ඉදිරියේ පෙනීසිටීමට
    ඔබට දිනයක් දැනුම් දෙන්නම්...එහෙනම් වෙන කරන්නම දෙයක් නැති නිසා
    සබට තුති කියලත් කියන්නම් ජය වේවා කියලත් කියන්නම්කො
    ඉදිරි සතිය තුල උසාවියේදී හම්බ වෙමු.

  33. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. nisala udara

    alut ekat dendoo

  35. oshan

    අනේ දිගටම මේ වගේ විස්තර දාන්න . එවා හරිම රසවත් කියවන්නේ හරිම ආසාවෙන්. Thanx

  36. Jayz Waniganeththi

    සහෝ 12 වෙනි කොටසෙ Eng සබ වගේම ටොරෙන්ට් එක ඇවිල්ලත් දැන් ගොඩක් දවස්.. ඉතින් සිංහල සබත් දෙමු නේද ඉක්මනටම?? ගිය සැරේනම් මේ වෙද්දි දුන්න.. ගොඩක් තුති හොදේ හේ වැඩේට, බුදුසරණයි..!!

  37. oshan

    Hell marvel love you. Sky he he . උබත් හොරෙන්ම sky ට love නේද vord වගේ. එල එල mee too. Thanx. ;)

  38. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    #Hail_Hydra

  39. a.eranda

    ,nice tnx bro

  40. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  41. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  42. Abdulla

    trip ge ahimi weema hondhata dhanuna bro....

  43. Manoj Ashitha

    Thank you very much....

  44. Pramukmili

    thanxx bro..........