Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E19] | හෙළිදරව් අනතුරු ඇඟවීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, අද ඔන්න සුපුරුදු විදියටම ඉක්මනින් අරගෙන එන්න පුළුවන් වුනා මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 19 වන කතාංගය. මේ කතා සමය අවසන් වෙන්න තවත් තියෙන්නේ කතාංගයන් තුනක් විතරයි. අද කතාංගය සුවිශේෂි වන්නේ, මැයි 1 වෙනිදා අපේ රටේ ඇතුලුව ලොව පුරා නිළ වශයෙන් තිරගත වීම ආරම්භ කරන Ma…

MAofshield-NEW

හොඳයි එහෙනම්, අද ඔන්න සුපුරුදු විදියටම ඉක්මනින් අරගෙන එන්න පුළුවන් වුනා මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 19 වන කතාංගය. මේ කතා සමය අවසන් වෙන්න තවත් තියෙන්නේ කතාංගයන් තුනක් විතරයි. අද කතාංගය සුවිශේෂි වන්නේ, මැයි 1 වෙනිදා අපේ රටේ ඇතුලුව ලොව පුරා නිළ වශයෙන් තිරගත වීම ආරම්භ කරන Marvel’s Avengers: Age of Ultron චිත්‍රපටයට අද කතාංගය සම්බන්ධ වෙන නිසාවෙන්. අප සියලු දෙනාම නොඉවසිල්ලෙන් බලා සිටින ඒ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රවේශයක් අද මේ කතාංගයෙන් ලබා දෙනවා. ඒ පිළිබඳ විස්තර ලිපියේ අවසානයට කියන්නම්. දැන් ගියවර කතාංගය මතක් කරගෙන ඉමු.

හයිඩ්‍රාවන්ගේ දැන් ඉතිරිව සිටින ප්‍රධානීන් වන ස්ට්‍රකර් සහ ඩොක්ටර් ලිස්ට් යන දෙපළව කොල්සන් පහු ගිය කාලය පුරාවටම ලුහුබැඳ ගිය බවට ගියවර කතාංගයෙන් අපිට දැනගන්න ලැබුනා. ඩොක්ටර් ලිස්ට් වැඩි දියුණු වූවන් පර්යේෂණයට භාජනය කරන ආකාරය වගේම 17 වෙනි කතාංගයෙන් කියවුනු Afterlife නවාතැනේ සාමාජිකයෙකුව සිටි ඊතන් නම් කෙනාවත් පර්යේෂණයට භාජනය කර මරා දමා ඇති බව ගියවර කොටස ආරම්භයත් සමඟ දැකගන්න ලැබුණා. ඔහුගේ අරමුණ වුනේ වැඩි දියුණු වූවන් සතු බලය උකහා ගැනීම බවයි පේන්න තිබුණේ. සැබෑ ශීල්ඩ් පරීක්ෂකවරුන්ගේ ලුහු බැඳීමෙන් බේරී පලා එන ෆිට්ස්ව තම කණ්ඩායමට එකතු කරගන්නට කොල්සන් සමත් වෙනවා. හන්ටර්, මයික් පීටර්සන් (ඩෙත්ලොක්), ෆිට්ස් එක්ක මේ කණ්ඩායම ග්‍රෑන්ට් වෝර්ඩ්වත් එක්කහු කරගන්නයි කොල්සන් තීරණය කරන්නේ. ඒ අනුව ඩෙත්ලොක් සමඟ කාරාව තමන්ගේ භාරයට ගන්නා කොල්සන්, වෝර්ඩ් සමඟ එකඟතාවයකට එන්නේ, තමන්ට හයිඩ්‍රාවන් හා සම්බන්ධ වෙන්න උදව් කරනවා නම් ඔවුන් දෙදෙනාට නිදහසේ ඉන්නට ඉඩ දෙන බව කියමින්. ඊට එකඟවන වෝර්ඩ්, තමන් විසින් අවනත කරගෙන සිටින සුනීල් බක්ෂීගේ සේවය ලබා දෙන්න තීරණය කරනවා. ඒ අනුව මයික් පීටර්සන් සමඟ බක්ෂී ඩොක්ටර් ලිස්ට් හමුවෙන්නට යනවා.

මේ අතරතුරේ, පරීක්ෂක මේ, සීමන්ස්ගෙන් ඉල්ලා සිටිනවා කොල්සන් සඟවපු ඇත්ත ගැන දැනගන්න අවශ්‍ය නිසාවෙන්, ෆියුරිගේ මෙවලම් පෙට්ටිය විවෘත කරන ලෙසට. නමුත් සැබෑම මෙවලම් පෙට්ටිය ෆිට්ස් රැගෙන ගිය බවත් තියෙන්නේ බොරු පෙට්ටියක් බවත් ඇය මේට පවසනවා. මෙවලම් පෙට්ටිය තමන් සතුව නැති නිසාවෙන්, කොල්සන්ගේ අරමුණ දැනගත නොහැකි නිසා, පරීක්ෂක මේ, සීමන්ස්ගෙන් ඉල්ලා සිටිනවා මයික් පීටර්සන්ගේ ඇහේ ඇති පෝෂකය සම්බන්ධ වන ලෙසට. අකමැත්තෙන් වුනත් සීමන්ස්ට ඒ වැඩේ කරන්න සිදු වෙනවා.

ජ්‍යායින්ග් සහ ගෝර්ඩන්, රෙයිනාට ලැබී ඇති බලය ගැන සාකච්ඡා කරමින් සිටින්නේ එය මීට පෙර කාටවත්ම ලැබී තිබුණු බවට සඳහනක් ඔවුනට සොයා ගැනීමට නොහැකි වන නිසයි. රෙයිනා සතු මේ අනාගතය දැකීමේ හැකියාව කොතරම් ප්‍රබලද කියලා අද කොටසින් ඔයාලට ඒත්තු ගැන්වෙයි. ඒ එක්කම ජ්‍යායින්ග් තීරණය කරනවා ස්කයිගේ පියා, කැල්ව ඔවුන්ගේ නවැතැනෙන් පිටමං කරන්නට. ඔහු ඉන්හියුමන් කෙනෙක් නොවන නිසා, තව දුරටත් ඔවුන් සමග ඔහුට රැඳෙන්නට අවසර නොමැති බවයි ඇය කියන්නේ. නමුත් ඔහුව එකණෙහිම පිටමං කළොත් ඔහු දරුණු වී ඒ නිසාවෙන් අන් අයට කරදර ඇති වේ යැයි විශ්වාස කරන ස්කයි කියා සිටින්නේ, ඔහුත් එක්ක තමනුත් ගියොත් ඒ ඔහුට එය තේරුම් කර දෙන්නට හැකි වන බවයි. කෙසේ නමුත් ස්කයි සමඟ කැල් තමන්ගේ කාර්යාලය වෙත පිටත් වෙනවා. ඒ අතරමඟ ලැබෙන අවසරයකින් ස්කයි පරීක්ෂක මේ අමතා කියා සිටිනවා තමන් කැල් සමඟ සිටින බවත් එම ස්ථානයට පැමිණෙන ලෙසත්. කොහොම නමුත් ස්කයිගේ ආරක්ෂාවට ජ්‍යායින්ග් විසින් ලින්කන්වත් එම ස්ථානයට එවා තිබෙනවා.

බක්ෂී සමඟ මයික් පීටර්සන් ඩොක්ටර් ලිස්ට් හමුවී සාකච්ඡා කරන අතරතුරේ, හයිඩ්‍රා සංඥා වලට හසු වෙනවා, ගෝර්ඩන්ගේ දූරවිස්ථාපන හැකියාව. ඒ අනුව ගෝර්ඩන් සොයා ගැනීමට බක්ෂීව සහ මයික්ව පිටත් කර හරින්නේ, තමන්ගේ පක්ෂපාතීත්වය ඔප්පු කරන ලෙසට නියෝග කරමින්. ඔවුන් පැමිණෙන්නේ, කැල්ගේ කාර්යාලය වෙත. එහිදී ලින්කන් සහ මයික් හයිඩ්‍රා ග්‍රහණයට හසු වෙනවා. කොල්සන් සහ වෝර්ඩ් හයිඩ්‍රාවන් පසු පස එම ස්ථානයට පැමිණියත් ඔවුන්ට ස්කයිව රැගෙන යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ගෝර්ඩන් විසින් නැවත වතාවක් ස්කයිව සහ කැල්ව රැගෙන යන බවක් තමයි පේන්න තිබුණේ. තම පිරිස අඩු නිසාවෙන් කිසිවක් කර කියා ගත නොහැකි වන කොල්සන් තීරණය කරනවා ගොන්සාලේස් වෙත බාර වෙන්නට. ඒ අනුව ගියවර කොටස අවසන් වන්නේ, පරීක්ෂක මෝර්ස් සහ මැක් හමුවේ යටත් වන කොල්සන්ගේ ජවනිකාවකින්.ඔය විදියට තමයි ගියවර කොටස දිග හැරුණේ, අද කොටසේදී ඩොක්ටර් ලිස්ට්ගේ භාරයට පත්ව සිටින ලින්කන් සහ මයික් පීටර්සන්ව මුදවා ගැනීමේ මෙහෙයුමක් තමයි දිග හැරෙන්නේ. ඒ වගේම අද කතාංගයේදී පරණ ශීල්ඩ් කණ්ඩායමේ සාමජිකයින් හය දෙනා නැවත එකතු වෙනවා. තමන්ගේ අරමුණ ගොන්සාලේස්ට ඒත්තුගන්වන කොල්සන් තම කුඩා කණ්ඩායම පමණක් වැටලීම සඳහා රැගෙන යනවා. ස්කයි මේ කණ්ඩායමට එකතු වන්නේ, රෙයිනාගේ අනාගත දැක්මක් නිසාවෙන්. එහෙනම් අද කොටස මොන විදියට දිග හැරෙයිද කියලා බලන්න.

ඇත්තටම කොල්සන්ගේ සැබෑ අරමුණ වුනේ වැඩි දියුණු වූවන්ව මුදා ගැනීමද? ස්ට්‍රකර් සතුව සිටින නිවුන්නු (දන්නෝ දනිති. 😉 ) ඔවුන් ගැනත් අද කතාවෙන් කියවෙනවා. ලොකීගේ සෙංකෝලය නැවතත් කරළියට පැමිණෙනවා. ඒ වගේම හැමෝම බලාගෙන සිටින ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් චිත්‍රපටයට අද කොටස සම්බන්ධ කරන්නට පැමිණෙන්නේ, මාරියා හිල්. තීටා මූලලේඛය කියන්නේ මොකක්ද?.. ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙන් ඒ ගැන දැනගන්න ලැබේවිද.. ප්‍රශ්න ගොඩයි.. එහෙනම් රස විඳින්න.. ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙන් අනතුරුව දිග හැරෙන විසි වෙනි කතාංගයෙන් ලබන සතියේ මුණ ගැහෙමු. මම ගියා.. ජයම වේවා..! එලස්ස්ස්…… #ItsAllConnected

“අපට ප්‍රතිවිපාක විඳින්නට සිදු වෙනවා. මිනිසා විසින් නිර්මාණය කළ යකඩ, අපේ නගර කෑලි වලට ඉරාවි. ලෝකය
සදහටම වෙනස් වේවි.”
– රෙයිනා.

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

141 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

5F7C8C18C1588D9C6FBD02245B02EE37CC4A812F

262 MB කොපිය මෙතනින් බාගන්න

18447B94B9D709310336A9401C2EA706254FF683 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,566 downloadsDownload Agents_of_shield_baiscopelk_S02E19.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

5,566 downloadsDownload Subtitles60 KB

44 comments

  1. Maleesha

    Hail Hydra! :3

  2. chamath

    elaz ada nama wadi wela balagena inna ona une ne. thanx broo..

  3. kavinda

    අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.

  4. hasini

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න.

  5. ashan

    Thankz Bro..

  6. Sudheera

    Thx sahoo...!

  7. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!

  8. raki

    thanks bro...!!

  9. C#

    thanx aaa. Tawa tika dawasakin meke downloads wadiwei mareta. Mokada mama dakka HIRU TV eke meke add ekak yanawa lagadeema kiyala.

  10. me

    Thanks

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.....

  12. ගයාන් රූකාන්ත

    එල එල මචෝ,ඔන්න ගත්තා,සබට බොහොම තුති මචෝ ජය!!

  13. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  14. Kps

    ada nam ikmanatama sub eka dala thank you saho

  15. Keshan

    ගොඩක් ස්තුතියි අයියේ :D

  16. Ruchira

    sub 1ට ස්තුතියි.......

  17. Kasun Widusha

    tnx mcn Yashooo....................

  18. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  19. Ashan

    Thanks

  20. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. Samadhi

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!

  22. chamath225

    Thanks !

  23. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    ඉවර වෙන්න කලින් තවත් සුපිරි ලිපියක් ලියමු..
    දිගටම කරගෙන යමු සහෝ..

    ජය වේවා !!!

  24. Hasitha

    Thanks sahooo..... :) :D :D

  25. ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
    ජය!!!

  26. අදිත ප්‍රවීන්

    ඔන්න ගත්තා යශෝධ අයියේ !
    බොහොම ස්තුතියි සබට .
    මේ කොටස නම් පට්ට වගේ .
    එල

  27. Caulson

    "Theeta protocol is ready. Its time to bring Avengers back"

    dan ithin balapallako avengers!!!

  28. Yomal Ravindu

    Thanks.....!!!!!

  29. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  30. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි කමෙන්ට් එක දාන්නෙ. ජය෴෴ :P :P

  31. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  32. Dimuth

    Thanx...

  33. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට ස්තුතියි සහෝ.
    මෙන්න බෑවා.

    ආයු -බෝ -වේවා !!!

  34. chinthaka

    Thx sahoo…!

  35. TN

    :P
    උපසිරැසියට තුති…… :)

  36. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  38. Sajith Uditha

    hiru tv eke dana nisa meka download karana ekath aparade kiyla hithenwa. Eth nobalath be. Ane manda.

  39. D.Chamara

    thank sahoo,jaya wewa………….. :D

  40. Nisala udara

    Alat ekat dendoo

  41. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  42. Udara Damith B/K

    thanks

  43. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  44. Pramukmili

    thanxx bro............