ඔන්න ඉතිං කට්ටිය කාලයක් බලන් උන්නු Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ පස් වන අදියර තමයි මේ පටන් ගන්න සුදානම. මෙදා පාර කතාව පෙර කතාංග වඩා විශේෂ එකක් වෙයි කියලා තමයි ගොඩ දෙනෙක් නම් කියන්නෙ. ඒකට හේතුව වගේම තවත් කතා මාලාවෙ ඉදිරියෙ වෙන්නෙ මොනවද කියන එක පිළිබඳව දේවල් ටිකක් මම කියන්නම්. හැමෝම වගේ දන…

ඔන්න ඉතිං කට්ටිය කාලයක් බලන් උන්නු Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ පස් වන අදියර තමයි මේ පටන් ගන්න සුදානම. මෙදා පාර කතාව පෙර කතාංග වඩා විශේෂ එකක් වෙයි කියලා තමයි ගොඩ දෙනෙක් නම් කියන්නෙ. ඒකට හේතුව වගේම තවත් කතා මාලාවෙ ඉදිරියෙ වෙන්නෙ මොනවද කියන එක පිළිබඳව දේවල් ටිකක් මම කියන්නම්.
හැමෝම වගේ දන්නවා S.H.I.E.L.D. කතා මාලාව බොහෝ වෙලාවට MCU එකේ ප්‍රධාන චිත්‍රපටිත් එක්ක සම්බන්ධ වෙන විත්තිය. ඉතිං මෙදා පාර S.H.I.E.L.D. නියෝජිතයො ටික අභ්‍යවකාශයෙ ඉන්න නිසා ගොඩක් දෙනෙක් මත පල කරනවා මෙවර කතා මාලාව Guardians of the galaxy vol 2, Thor Ragnarok, වගේම ඉදිරියේදි එන්න තියෙන Captain marvel සහා Avengers infinity war එකත් එක්ක යම් තාක් දුරට හොද සම්බන්ධතාවක් ගොඩ නගා ගනියි කියලා. හැබැයි දැනට වාර්තා වෙන විදිහට කතා මාලාව Guardians of the galaxy vol 2 හා Thor Ragnarok විශේෂ සම්බන්ධයක් නොමැති බව තමයි. හැබැයි මේ චිත්‍රපටි දෙක යම් කිසි හේතුවක් වෙන්න පුළුවන් අපෙ S.H.I.E.L.D නියෝජිතයො ටික අභ්‍යවකාශයේ ඉන්න. තව දෙයක් තමයි ඔයාලා S.H.I.E.L.D පස්වන සීසන් එකේ ට්‍රේලර් එක බැලුවනම් දකින්න ඇති ක්‍රී වරු කිහිප දෙනෙක් පැමිණෙන සීන් එකක්. කොමික් පිළිබඳව දන්න අය දන්නවා ක්‍රී වරු සහා කැප්ටන් මාවල් අතර තියෙන සම්බන්ධය කොයි වගේද කියලා. ඒ වගේම ක්‍රී වරු Guardians of the galaxy ලත් එක්කත් හොදටම සම්බන්ධ පපිරිසක්. ඔය හේතු කාරණා මත අපිට හිතන්න පුළුවන් මේ දැනට තිරගතවුනු චිත්‍රපට දෙකත් එක්ක වගේම ඉදිරියේදි එන්න තියෙන Captain marvel සහා Avengers infinity war එකත් එක්කත් යම් හෝ සම්බන්ධයක් මෙවර කතා මාලාවත් එක්ක ඇති වෙන්න පුළුවන් කියලා. තව දෙයක් තමයි ඇවෙන්ජර්ලා අභ්‍යවකාශයට එනවනම් අනිවාර්යයෙන්ම එතන S.H.I.E.L.D එකත් ඉන්නවා.
* නැවතත් එකට.
ඔයාලට මතක ඇති පසුගිය කතා මාලාවෙ නියෝජිතයො වෙන් වුනා. ඩේසි එහෙම ශීල්ඩ් එකෙන් අයින් වෙලා ගිහින් එයාගෙම ගමනක් යන්න ගත්තා. හැබැයි මේ පාර ඒක වෙනස් වෙලා හැමෝම එකට එකතුවෙලා ඉන්නවා ආපහු සැරයක්.
* සියළු සම්පත් අහිමි වීම.
ඔයාලට මතක ඇතිනෙ කට්ටියව පසුගිය කතා මාලාවෙ අවසානෙට පැහැරගෙන එනවා. අන්තිමේ නවතින්නෙ අභ්‍යවකාශ යානෙක. ඉතිං ශීල්ඩ් නියෝජිතයන්ගෙ සියළුම අවි ආයුධ වගේම එයාලගෙ ඩේටබේස් මූලස්ථාන සියල්ලම පාහෙ අහිමි වෙනවා. සටනකදි වුනත් මේ අයට සාමාන්‍යයෙන් ලැබෙන සම්පත් එහෙම නැත්නම් resources, සාමාන්‍යයෙන් ලැබෙන උදව් ලබා ගන්න හැකියාවක් නෑ. තනියම තමා සටන් කරන්න වෙන්නෙ.
* ජෙමාගෙ වටිනාකම.
ජෙමා තමයි S.H.I.E.L.D. නියෝජිතයින්ට තියෙන හොදම අවස්තාව වෙන්න පුළුවන්නෙ ආපහු පෘථිවියට එන්න. මොකද මෙයාලාව හිරවෙලා ඉන්නෙ අභ්‍යවකාශයේ තියෙන කොලනියක. ඉතින් ජෙමාගෙ හැකියාවන් තමයි මෙයාලට මෙතනින් පැනගන්න ලැබෙන හොදම අවස්තාව.
* කෝල්සන් සහා ගෝස්ට් රයිඩර් අතර සම්බන්ධය.
කට්ටිය අහන දෙයක් තමයි මේ වතාවෙ ගෝස්ට් රයිඩර් නැද්ද කියන කාරණේ. කට්ටියට මතක ඇති පහුගිය සීසන් එකේ එයිඩව විනාශ කරන්න කෝල්සන් ගෝස්ට් රයිඩර්ගෙන් උදව් ගන්නවා. හැබැයි ඒ දෙන්නා අනික් අයගෙන් මොකක් හරි වසන් කරන බවක් පේන්න තිබ්බා. ගෝස්ට් රයිඩර් කරපු උදව්වත් එක්ක කෝල්සන් රයිඩර්ට යම් ආකාරයට ණයයි. ඔන්න ඔය හේතුව නිසා අපිට ආපහු ගෝස්ට් රයිඩර් දකින්න ලැබේවිදෝ කියලා පොඩි කුතුහලයක් තියෙනවා.
ඒ වගේම තමා මේ විස්තර හොයන් යද්දි අනින් කොනින් දැනගන්න ලැබුනා ගෝස්ට් රයිඩර් කතා මාලාවක් නෙට්ෆ්ලික් සහා මාවල් එකමුතුවෙන් නිර්මාණය කරන්න යනවා කියලා. ආරංචියක් පමණි.
* මැක්ගෙ චරිතය.
මැක් ගැන දන්නවනෙ හැමෝම. ක්‍රියාදාම වලදි සුපිරි චරිතයක්. ඉතිං මෙදා පාර මැක්ට ගණුදෙනු කරන්න වෙන්නෙ ඒලියන්ත් එක්ක. තව දෙයක් තමා මෙයාට මේ පාර අලුත් භාණ්ඩ ටිකක් ලැබෙන බව ආරංචි වෙනවා. කොහොම වෙතත් අවසානයෙ මැක් සුපර් හීරො කෙනෙක් වෙන්න තමයි යන්නෙ.
* මන්දාකිණියෙ දගකාරයා.
මෙයා අපිට අලුතෙන් හදුන්වලා දෙන කෙනෙක්. අපේ ශීල්ඩ් නියෝජිතයො ටිකට මෙයාගෙන් බොහොම ලොකු උදව් ටිකක් මුල ඉදන්ම ලැබෙනවා. ඔයාල දකින්න ඇති ට්‍රේලර් එකේ මෙයා වෙස් මූණක් දාන් ඉන්නවා. මට ඒකත් එක්කම මතකෙට ආවෙ Guardians of the galaxy වල Star lord ව. මොකද එයා ලගත් ඔය විදිහෙම මාස්ක් එකක් තියෙනවා. අපි බලමු මෙයාලා අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙයිද කියලා.
* ෆිට්ස් ඔබ කොහිදැයි?
ෆිට්ස් පස් වන සීසන් එකේ ඉන්න බව තහවුරුයි. නමුත් ඔයාලට ෆිට්ස්ව මුල් කොටස් දෙකේ දකින්න ලැබෙන්නෙ නැ. කොහොම වුනත් මෙයා ටික කාලයක් යනකන් දැකබලා ගන්න ලැබෙන එකක් නෑ. හැබැයි ඔයාලට කතාවෙ දකින්න ලැබෙයි ෆිට්ස්ගෙන් ලැබුනු පණිවිඩයක්.
* පිටසක්වලයො.
මෙච්චර කාලයක් පිටසක්වල තාක්ෂණයත් එක්ක ගණුදෙනු කරපු ශීල්ඩ් නියෝජිතයන්ට මේ වතාවෙ පිටසක්වල ජීවින් එක්කලා ගණුදෙනු කරන්න වෙනවා. ඔයාලා දකින්න ඇති ක්‍රී වරු වගේම තවත් සත්තු ජාතියක් ඉන්නවා. උන් ක්‍රී ලගෙ මොකක් හරි පරීක්ෂණයක්ද නැත්නම් වෙනම ජීවින් කොට්ටාසයක්ද කියල ඉදිරියෙදි අපිට දැනගන්න ලැබෙයි.
ඇත්තම කියනවනම් මේ ලිපිය නෙවෙයි දෙන්න හිතන් හිටියෙ ඒත් තියෙන කාල වෙලාවත් එක්කලා වෙන එකක් ලියා ගන්න පුළුවන් වුනේ නැ. ඉතිං ඔයාලට මේ ලිපියෙන් සෑහෙන්න වෙනවා.
තව වැදගත් දෙයක් කියන්න තියෙනවා.කට්ටිය දන්නවා ඇරෝ කතා මාලාවෙ කොටසක යම් ප්‍රමාද දෝෂයක් වුනා කියලා. ඉතිං ඒ ටිකට ඒ සහෝදරයට වගේම සයිට් එකට කිව්ව කතා ටිකට නම් හොදටම කල් කිරුණා. ඇත්තම කියනවනම් ආයෙ ඒ කතා වලට ඉදිරියෙදි උපසිරැසි ලබා නොදෙන්න හැම කෙනෙක්ම තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියෙ මේ කතා මාලාවෙත් උපසිරැසි දෙන්න ටිකක් පමා වෙන්න පුළුවන් මගෙ පෞද්ගලික වැඩ කටයුතු හේතුවෙන්. දැං හිතයි ඉතිං වෙන එක්කුට දීපංකො කියලා. එහෙනම් කෙනෙක් හොයා දෙන්න වෙනව ඔයාලටම. මොකද මේක කරනවනම් මුල ඉදන්ම කතාව බලපු කෙනෙක් වෙන්න ඕන. ඉතිං එහෙම අපේ උපසිරැසි කරුවෙක් හිටියත් එයාල තවත් සීරියස් අදින අය. ඒ නිසා කවුරු හරි ලෙලි පුක් ගාය තියෙන කෙනෙක් අපේ උපසිරැසි එක්ක මේක බලන්න හිතන් ඉන්නවනම් කියන්නෙ කරුණාකරලා බලන්න එපා. මොකද ඊලගට දවසක් හමාරක් පමා වුනා කියලා ජීවිතේට කමෙන්ට් නොදාපු උන් වාක්‍යය රචනා ලියන් එන්නෙ. බොරු නම් පහුගිය ඇරෝ සහා ෆ්ලෑෂ් කොටස් වලට වැටිලා තියෙන කමෙන්ට් බලන්න.
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
7,862 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E01-E02.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
74 comments
tharindu
Malinda
ela mchn. uba puluwan hetiyata sub karapan. oni ewun maasayak idala hari oka enakam idala balai. inna bari aya salli dila sub karawagena balai.
Shadow
tnx :)
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය වේවාGathsara Umesh Kumara
Noyama lipiyak liyalane shoo....patta lipiya
Bhoom sthuthiyi shoo......රයන් ද සිල්වා
නියමයි ලහිරු සහෝ ඉන්හියුම්න්ස් එකේ දී පොරොන්දු උනා වගේම ඉක්මනට සබ් එක අරන් ඇවිල්ලා
තෑන්ක්ස් මචෝ
03 වෙනි කොටසෙන් ලබන සතියේ හමු වෙමුඇරෝ,ෆ්ලෑශ් එකේ කේස් එකක් ගිහින් නේද උබ කියල තියන හින්දම පොඩ්ඩක් ඔලුව දාලා බැලුව
මම නම් ඔය cw මල් කතාබලන්න එක නවත්තලා හුග දවසක් වෙනෝ බන් ඒත් අපේ මදුකප්‍රිය සහෝට බැනපු එකට නම් මට ලෙසටම මල පැනලා ඉන්නේ...
මොනව කරන්නද බන් හීතලට හු** හැදුන සෙට් එකක් ඉන්නවනේ ටීවී සීරීස් බලන්න පුරුදු වෙලා උන්ගෙන් ඊට වඩා දෙයකුත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ බන්...Viraj Harsha
Elama saho... Thanks
tharusha
Thanks bro sub ekata
සුපුන්
අනේ ගොඩක් ස්තුතියි සහෝ..තමන්ගේ කාලය,ශ්‍රමය,ධනය වැයකරගෙන මේ සේවයට
එක එකා කියන බලු කතා ගණන් ගන්න එපා.කොහොමත් මේ රටේ උන්ට මොකක් හරි කාලයක් නිකන් ලැබුනම උන් හිතන්නේ ඊට පස්සේ හැමදාම ඒ දේවල් උන්ට වෙලාවට පිළිවෙලට ලැබෙන එක උන්ගේ අයිතියක් කියල..
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේක මගේ කැමතිම කථා මාලාවක් ටිකක් පරක්කු වූනාට කමක් නැහැ . ඔයාලා ඇත්තටම මේ කරන්නේ ලොකු පිනක් . ඉංගීසි දන්න කෙනෙක්ට වුනත් ෆල්ම් වල තියෙන සමහර වචන තේරුම් ගන්න අමාරුයි. ඔයාලට බුදුසරනයි දේවි පිහිටයි .
Dhananjya Jagath
thanx bro sub ekata
Ravindu Rukshan
Thx
Amalka
තැන්ක්ස් බ්‍රො සබ් එකට කොපියනම් ආව දවසෙ ඉදන් බාගන හිටියෙ අද තමා බලන්නෙ සබ් දූන්න නිසා ඉතුරු කොටස් ටිකත් පුලුවන් විදිහට දෙන්න
ඒක නෙමේ හන්ටර් ඉන්නව කියල තහවුරු කරලද ?
lahiru
woww........ supiri bro enkn blagena hitiya thankSSSSSSSSSSSSSSSS...
podda
thanks machan sub ekata. malata comment ekak danne nathi ekek sub eka parakku unama benala comment ekaka demmama mala panina eka sadaranai bn kiyanna kisima deyak ne. jaya wewa!!!!!!!
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Nishan Kelum Ruchiranga
ගනන් ගන්න එපා කොල්ලො සබ් එක පරක්කු උනාත් මට වටිනවා
ගුඩ් ලක් මේ සිස එකත් ඇදන් යමුomendra
balolo biruwata kadu kada helenne nehene. aka nisa ediriyatama yanna . sub akata thks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ආසාවෙන්ම බලන කතාවක් තමයි මේක. ඇරෝ එකට දාලා තිබ්බ කමෙන්ට් ටිකනම් මාත් බැලුවා මචං. මට තාම පුදුමයි ඒ ටික දැකලත් මධුකප්‍රිය සහෝ මේ සතියේ සබ් එක කරපු එක. එදා ඇරෝ එකට කමෙන්ට් එකක් දැන්මා නවත්වන්නේ නැතුව කොහොමහරි කරන්න කියලා. ඒත් කමෙන්ට් ටික කියෙවුවට පස්සේ ආයෙත් එහෙම කියනේ නෑ කියලා හිතාගත්තා. උබලත් මිනිස්සු බන්. ඉවසීමේ සීමාවක් උබලටත් තියෙනවා. පිනට සබ් එක ගන්න ගේ පුතාලට එච්චරම ලොකු ලයින් එකක් තියේනම් පිනට සබ් එක කරලා දෙන උබලා කොහොම ඉන්න ඕනිද. කොහොමත් සීසන් 5 ඉදන්ම ඇරෝ ෆ්ලෑශ් වල ඕක තිබුනා. කවිදු සහෝත් පුදුම ඉවසීමකින් තමයි කලේ. කොහොමහරි මේ කරන සේවය අගය කරන ගොඩක් දෙනෙක් ඉන්නවා මචං. ඒක නිසා ඒ අය වෙනුවෙන් හරි මේ දේ දිගටම කරගෙන යන එක ලොකු පිනක් මචං.
Tharaka Lahiru
tnq mcn
nirodha uthpala
Mata anith eavunva adalama na ..maga hitala tibba shadowhunters eaken umba subtitles loke ta Bassa vaga dnno danithi... umbala set eaka nattan api sinhalen balalath hamarai bn eakai ceen eaka .godak harry tikak harry bannata bro eakek harry umbalata Honda kiyanava ne bn ....thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
Charith Madhusanka
Thanks bro,! Puluwan widihata sub aka denna.Lucifer series aketh sub dena aka nawaththalada???
මිතුල් ලක්ශිත
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ
එලමThe_Dula
thnks
Prasad
thnx mchan sub ekata
Udara Damith B/K
kalin sisan eka baluwe නෑ
එක බලන්නේ නැතුව මේක තේරෙයිද
නැද්ද කවුරු හරි
මව දැනුවත් කොරන්ඩසනිඳු ලක්ඛිත
ලොකු අවුලක් නෑ බන්. හැබැයි ඒක බලලා බැලුවනම් හොදයි. දැනට කලින් සීසන් එකට සම්බන්ධයක් නෑ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ!
Udara Damith B/K
thanks
ehenameka balala inda weyi ..
ok
HASITHA
Ela ela bro ganan ganna epa wena ewn kiyana ewa ubala wade karagena palayan
sumudu priyankara
THANK YOU SAHO SUB EKATA
sam
ආසාවෙන් බලාගෙන හිටිය කතා මාලාවක්. පරක්කු උනාට කමක් නැහැ. සබ් දෙන එකට බොහොම ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanula
adoo ohoma karanna epa bn.ballek dennek biruwa kiyala kandu kada watenne na bn.api gana poddk ithapankoooo.ane.......... mona nathath sub walata thnks.digatama sub denna.jayawewa
lahiru sandaruwan
thank you so much aiye... eth kohewath nethi balu nakutto tikak biruwa kyla oyalage wede nawaththannna hadana eka nam moda wedak.. mkda ehema unoth parada wenne oyalamai.. apita badaka enawa.. ewata muhuna dila issarahata yana eka tamai sebe jayagrahanaya... etakota oya burana unta gdk ridewi... once again thank you so much bro.....for the sub
චින්තක
හම්මෝ මේක එනකම් මගබලන් හිටියේ . උබල කරන මේ වැඩේ , උබලගේ කැපවීම , බලන් ඉන්න බැරි අඩු කුළේ පර බල්ලෝ ටිකක් නම් ඉන්නවා. කාලකන්ණි නිකන් දෙන දේ ගන්නෙත් හැඩ බලලා .ගණන් ගන්න එපා කොල්ලනේ. මුන්ගේ මුතුන් මිත්තෝ ඒ කාලෙත් අපේ රට සුද්දන්ට පවා දුන්න අඩු කුලේ පර හැත්ත ගෙන් පැවැත එන උන් බන්. ජයවේවා කොල්ලනේ.
Udeshika
thank u so much
Mahesh Eranga Madhushan
kohewath inna poddak iwasanna bari san of bitchla kiyana katha ubala ganan ganna epa bn e dawas wala hama ekatama karadara wassa gan wathura wage dewal nisa e wagema bn sub ekak hadanna wena mahansiya un danne na bn ekai ehema ki
Kawshalya Dushyan
දෙන දවසක දියං බං.කොහොමත් සිංහල සබ් නැතුව බලන්නෑ.අනික අපි දන්නවා උඹලට වැඩ කියලා.ගෙදරට වෙලා පිං බත් ගිල ගිල ඉන්න උං එ්වා දන්නෑ.අන්න එ්කයි අවුල.සබට ගොඩක් තුති.සදා ජය.පුලුවං ඉක්මනට ඊළග එකත් දෙන්න.කලබලයක් නෑ.
himal
Sub dena eka nilupul aiyyata nawaththanna epa kiyanna lahiru bro mokada dc rasikayo wana api wahawathila inne ara අවජාතකයන් kiyana katha ganan ganna epaa කියන්න plZz mdu aiyya api bokka wunath denawa
Ddmd Ruwan
thanks subata
Supun chameera
ela
sudharaka
bohoma sthuthi saho
Dishan Pamudu Jayasinghe
Ela
prasad bls
ela machan
Lahiru C. Jayathilaka
එලම... තැන්කූ එකෙන්ම....!!!
Damith
Amme meka enakam Hitiye Saho. :) :)
Tnx Bokka (Y)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
D.Chamara
bohoma sthuthi sahoo nwathann epa kohoma hari karagena yamuo natham api loko amaruwaka watenna jaya
Sahan Sulakkhana
බොහොම ස්තුතියි සහෝ
කපිල
නිකන් දෙන සබ් එකක් ඇරන් ඒක දෙන්න පරක්කුවුනා කියල බනිනවනම් ඒක අන්තිම කැත වැඩක්. සබ් එක ගන්න අය ඒකට වැය වෙච්ච කාලයටයි, කරන්ට් බිල් එකටයි ගෙවන්නෙ නැහැනේ, එහෙම තිබිලත් බනින එක හරි නැහැ. මාත් බයිස්කෝප් එකේ (Saige Paint The Sky - 2013) ෆිල්ම් එකට සබ් එක දිල තියෙන හින්ද දන්නව සබ් එකක් හදන එකේ තියෙන අමාරුව. නොදන් ඉංග්‍රිසි මධුර ඩික්සනරි එකෙන් බල බලා ඒක හදාගන්න සති තුන හතරක් ගියා. සමහර අය හිතනව ඇති ඉංග්‍රිසි වචන ටිකක් සිංහලට හරවන එක ලේසියි කියල, කරලම බලන්න ඕනි ඒකෙ රහ දැනගන්න. කොහොම වුනත් බනින සුළුතරය ගැන නොහිතා අපි වගේ බහුතරය ගැනවත් හිතලා මාසයක් දෙකක් දඩුවම් කාලයකට පස්සෙ හරි ආපහු සබ් එක දෙන්න පටන් ගන්න.
සබ් එකක් ගන්න හැමෝටම කමෙන්ට් එකක් දාන්න අමාරුයි තියෙන වැඩයි අනං මනං දේවල් හන්දයි. (උදාහරනෙකට මම කමෙන්ට් දාන්න කම්මැලිම කෙනෙක්, ඕ ලෙවල් වලටවත් රචනාවක් ලියපු නැති එකේ කමෙන්ට් දැමිලි ගැන මොන කතාද) ඒක හින්ද ෆේස්බුක්වල වගේ ලයික් බටන් එකක් හදුන්වලා දුන්නොත් නරකද? එතකොට කමෙන්ට් එකක් දාන්න පුළුවන් අය එහෙම කරයි, බැරි අයට ලයික් එකක්වත් දාන්න පුළුන්නේ. බයිස්කෝප් එකේ කට්ටිය මේක ගැන හිතුවනම් හොදයි.
ශීල්ඩ් එකේ සබ් එකට ස්තූතියි, කැමතිම කතාවක්. ශීල්ඩ් නවත්තලා කියලයි හිතන් හිටියෙ, දැන් ඉතින් අයෙත් ගානකට තට්ටුවෙනව ඩේට පැකේජ් හදන්න.
Lasantha Priyankara
උඹලා කරන කැප කිරීම අපි ගොඩාක් අගය කරනවා. ඒක තේරෙන්න ඇති මී හරක් කියන දේවල් ගණන් ගන්න එපා. දිගටම කරගෙන පලයල්ලා. ඒක ගොඩක් වටිනවා. ජය වේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E01-02] Sinhala Subtitles | ලෝක විනාශයෙන් පසු… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Marvels-Agents-of-S.H.I.E.L.D.-1.jpg)



thanks for sub
Lucifer subtitles danndo