Watch Trailer

Guardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් නැතුව සරල විස්තරයක් තමයි…

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් නැතුව සරල විස්තරයක් තමයි අද මං අරන් ආවේ.

Guardians of the Galaxy තමයි MCU එකේ එහෙමත් නැත්නම් මාර්වල් සිනමා විශ්වයේ දෙවෙනි සමූහ වීර සිනමාපටය. මුලින්ම අපි කොමික් පැත්ත ගැන ටිකක් බලමුකෝ. Guardians of the Galaxy කණ්ඩායම මුලින්ම හඳුන්වා දෙන්නේ 1969 දී Marvel Super-Heroes #18 වෙනි කලාපය තුලින්. පසුව විවිද මාර්වල් කොමික් කීපයක් මගින් මේ කණ්ඩායම ඉදිරිපත් කරා. Marvel Two-In-One #4–5 (July–Sept. 1974) සහ Giant Size Defenders #5 සහ Defenders #26–29 (July–Nov. 1975). පසුව මේ කණ්ඩායම Marvel Presents #3–12 (Feb. 1976 – Aug. 1977) පැමිණියා. Thor Annual #6 (1977), The Avengers #167–177 (Jan.–Nov. 1978) සහ #181 (March 1979), Ms. Marvel #23, Marvel Team-Up #86 (Oct. 1979), සහ Marvel Two-in-One #61-#63 & #69 (Nov. 1980) මගින් පැමිණි මේ කණ්ඩායම 1980 දී තමන්ගේම කොමික් කතාවක් ලෙසින් Guardians of the Galaxy #1 ලෙස ඉදිරිපත් උනා.

හැබැයි මුල්ම කණ්ඩායම උනේ අපි මේ වෙනකොට MCU එකේ දන්නා සෙට් එකනම් නෙවෙයි. Major Vance Astro, Major Vance Astro, Martinex, Yondu තමයි මුල්ම ගාඩියන් කණ්ඩායම උනේ. Starhawk, Nikki, Aleta Ogord, Replica, Talon, Yellowjacket, Geena Drake පසුව මෙම කණ්ඩායමට එකතු උනා, MCU ඒක ගැන කතා කරද්දී ඉතින් මේ කණ්ඩායම ගැන කතා කරලා වැඩක් නැහැනේ.. ඉතින් අපි බලමු MCU එකට අදාළ කරගත්තු 2008 දී එළිදක්වපු කණ්ඩායම ගැන. “Annihilation: Conquest” #6 (April 2008) තුලින් තමයි මේ කණ්ඩායම මුලින්ම එළිදක්වුවේ. පසුව 2008 මැයි මාසයේදී Guardians of the Galaxy vol. 2, #1 එළිදක්වනු ලැබුවා.. 2008 එළිදැක්වුණු මෙම දෙවන අදියරේ කතා මාලාව තුලින් තමයි අපි දන්නා කියන ඩ්‍රැක්ස්, ගමොරා, ගෘට්, ස්ටාර් ලෝර්ඩ්, රොකට් රැකූන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් උනේ.

2014 දී පැමිණි Guardians of the Galaxy සිනමාපටය අති සාර්ථක වූවා. ඩොලර් මිලියන 770 ට අධික අදායමක් ලද මෙය James Gunn ගේ අධ්‍යක්ෂණයක්… විශේෂයෙන්ම Awesome Mix Vol. 1 නමින් පැමිණි ගීත මාලාව තුලින් සිනමාපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.. ඉතින් මේ සාර්ථකත්වය නිසාම Awesome Mix Vol. 2 ගීත මාලාව සහිතව Guardians of the Galaxy Vol. 2 නිර්මාණය උනා. ජේම්ස් ගන් ම තම මේකෙත් අධ්‍යක්ෂණය. සිතුව විලසම සාර්ථක වෙමින් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 860 ට අධික අදායමක් ලබාගෙන තියෙනවා. මේ අවුරුද්දේ දැනට තෙවෙනියට වැඩිම අදායම ලද සිනමාපටය මෙයයි.

ජේම්ස් ගන් සමඟ සංගීත අධ්‍යක්ෂණය කළ Tyler Bates දෙදෙනා විසින් තමයි මෙහි ගීත ඇල්බමය තෝරා තිබෙන්නේ. බොහෝ දෙනා පවසන විදියට පළමු සිනමාපටයේ Awesome Mix Vol. 1 වලටත් වඩා Awesome Mix Vol. 2 සාර්ථක ගීත ඇල්බමයක් බවයි. සුපුරුදු විදියට ක්‍රිස් ප්‍රේට්, සෝ සල්ඩනා, Dave බැටිස්ටා, වින් ඩීසල්, බ්‍රඩ්ලි කූපර් කණ්ඩායමට අමතරව කර්ට් රසල්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ද එල්වනු ලැබුවා. කතාව ගැන කියන්නනම් අදහසක් නැහැ බලලම දැනගන්නකෝ. හැබැයි කියන්නම් මේ පාරනම් වෙනස්ම කතාවක් තමයි යන්නේ.. MCU එකේ ඉන්ෆිනිටි ජෙම් ප්‍රධාන තේමාවෙන් එලියට ගිහින් අපූරු කතාවක් ගොඩනගලා තියෙනවා මේකෙදි. ඒවගේම අපූරු ආෆ්ටර් ක්‍රෙඩිට් කීපයකුත් තියෙනවා….

ඒ වගේම මේ සලරුව MCU එකේ සංවේදී අවසානයක් සහිත එකක්.මම නෙවේ මේකෙ අධ්‍යක්ෂක තුමාම තමයි කියල තියෙන්නේ ඒක.. ආරම්භක දර්ශණයම බලපු මටත් අවංකවම යොන්ඩුගෙ සීන් එකේදි කඳුලු ආවා. මෙවර කතාව පියවරුන් පාදක කරගෙන නිමවුනත් පීටර් සහ ඊගෝ අතර සම්බන්ධය නොව පීටර් සහ යොන්ඩු අතර සම්බන්ධය සහ යොන්ඩු තමාව රැකගත් ආකාරයට ගෘෘට් හට පීටර් පියෙක් වන ආකාරය සංවේදී ලෙස පෙන්වලා තියෙනවා. ඒ වගේම නෙබියුලා, ගමෝරා සොයුරියන්ගේ කතාවත් මනාව දක්වනවා. මේ කතාව අවසන් වන්නේ මාවල් විශ්වයේ තවත් දැවැන් චරිතයක අනාගත ආගමනයක සලකුනු පෙන්වලා.. ඒ ඇඩම් වෝලොක්.. මෙයා ගැන කියන්නනම් අදහසක් නෑ… ඉස්සරහට කියන්නම්කෝ.. දැනට මතක තියාගන්න ඉන්ෆිනිටි ජෙම් කතාවල මෙයා දැවැන්ත චරිතයක් කියලා.. හැබැයි MCU Infinity War එකේදි මෙයා නෑ කියල තහවුරු කරලා තියෙන්නේ.. ඒ කියන්නේ GoG Vol:3 එනකල් ඉන්න වෙනවා මෙයාව බලාගන්න…

#Hail_Hydra

ඉහත විස්තරය ගෙනාවේ අපේ හයිඩ්‍රා නියෝජිත තිසර නියෝ සහෝ විසින්. ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථක අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැනි කොටසයි. 2017 මැයි 05 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.0 අගයක් ලබාගෙන තිබෙනවා. විනාඩි 136 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 200ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 146ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 385ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය චිත්‍රපටිය හිතුවෙවත් නැති විදියට සාර්ථක වුන නිසා තමයි මේ දෙවැනි කොටසත් ඉක්මනින්ම නිකුත් කරලා තියෙන්නේ. ඒ වාගෙම කියන්න ඕනි මෙම චිත්‍රපටියත් පාදක වෙලා තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි.

සුපුරුදු පරිදි කලින් චිත්‍රපටියේ වගේම මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Baby Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා.

ඉතින් ඔයාලට මතක ඇතිනේ සැන්ඩාර් රොනන්ගේ තරහින් බේරාගත්තට පස්සේ, දැන් ගාර්ඩියන්ස්ලා දැන් වීරයෝ විදියට තමයි හැමෝම පිලිගන්නේ. ඉතින් ඒ නිසා එයාලට මන්දාකිනියේ එක එක තැන්වල වෙන ප්‍රශ්න විසදන්නත් යන්න වෙනවා. එහෙම ගියපු ගමනක් තමයි සෝවේරියන් ලෝකය ලොකු මෘගයෙක්ගෙන් බේරාගන්න ගියපු ගමන. ඉතින් එතනදි රොකට් පොඩි හොරකමක් කරනවා. අන්තිමේට ඉතින් සෝවේරියන්ලට හොද කරන්න වීරයෝ විදියට ගිහින් එයාලගේ හතුරෝ වෙලා එන්න තමයි මෙයාලට වුනේ. ඔය අතරේ කණ්ඩායමේ නායකයා ස්ටාර් ලෝර්ඩ් එහෙමත් නැත්නම් පීටර් ක්විල්ගේ පරම්පරාව මොකක්ද එයාගේ තාත්තා කවුද කියලා හොයාගන්න මෙයාලට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඉතින් ඒ ගමන ලේසි වෙන්නේ නෑ. ඒ වගේම එයාලා හිතපු දේවල් වෙන්නෙත් නෑ. මීට වඩා නම් වැඩි විස්තරයක් මම ඔයාලට කියන්නේ නෑ. ඔයාලම බලලා තිරණය කරන්න මන්දාකිණියේ ආරක්ෂකයන් මේ සැරේ මන්දාකිනිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා… . . ^_^ මීලග උපසිරැසියෙන් හමුවෙනතුරු ඔබට ජය… . .!

Guardians of the Galaxy Vol. 2 (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Guardians.of.the.Galaxy.Vol.2.2017.720p.BluRay.x264-SPARKS

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

59,727 downloadsDownload Guardians-of-the-Galaxy-Vol-2-2017-BR-1.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

59,727 downloadsDownload Subtitles106 KB

136 comments

  1. Nipuna Kisal

    Thnx bro.enakam balan hitiye..

  2. nisala udara

    denakan balan hitiye ela ela godak stuti patta kora umma

  3. Ishan

    Thanx machan

  4. ara

    Bluray enakam ennawa..eth patta thanks...

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ආසවෙන් බලන්න හිටපු කතාවක් සහෝ.. ඉන්ෆිටි වෝ එකට සෙට් වෙන එකනේ.. බොහෝම පින්..ඇරෝ,ෆ්ලෑශ් වලින් හමුවෙමු සහෝ..!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. නලින් පෙරේරා

    වෙබ් ආවා කියන්නේ ඉතින් වැඩි දවසක් යන්න කලින් බ්ලුරේ එනවා කියලා තමයි.

    එල එල කවිදු මලේ, ඒවගේම තිසරටත් ස්තුතියි.

    ජය වේවා!

  7. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!! Dan Dakke Ekai Comment Ekak Danna Parakku Wune Thanks Sub Ekata

  8. Damith

    Thanks saho sub ekata.
    denakal balan hitiye.
    Jayen jaya

  9. Sajith Anthony

    උපසිරැසියටබොහොම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා...!!

  10. nsuvin

    Supiri wadak. bohoma sthuthi.

  11. Shalika

    Meka balanna puluwan hoda copy ekak ne

  12. charith ishara

    thanx mcn bt video file 1 4gb :(

  13. KAVINDA GAMAGE

    බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. සාන්

    බොහොම ස්තුතියි සහෝ..
    DLනි අනිවාරයෙන් බලන්නවා.

  16. anujaya

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  17. Gathsara Umesh Kumara

    Kiynn wachan nae ayye...
    Bohoom sthuthiy sub ekat...hadawarhinm suba patahwaa...
    Sub nm waththnn epa..ekdgtm dennooo

  18. roshan_st

    නියම ෆිල්ම් එක ....
    බොහොම ස්තුති ඔබ සැමට }}}}}}}}}

  19. Thanusha

    Thanks saho

  20. chathura layantha

    එනකල් බලන් හිටියේ තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!! lipiyatath thanks..

  22. පැතුම් චතුරංග

    අඩේ පට්ට බන්.
    ශානිකයා සබ දීලනේ යකූ..
    තැනකු සබට ආ
    ජය වේවා!

  23. Silent$

    Thnxxxxxxxxxxxxxxx

  24. Tharaka

    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  25. Mahesh

    Sub ekata thanx

  26. එල්.සී. දමැල්

    බොහොම ස්තුතිියි බ්ලුරෙ ආවම බලනව

  27. Udara Cooray

    Thank you

  28. Chanuka

    Thanks brooo

  29. Janith.K.B.

    බොහොම ස්තූතියි

  30. අසිත

    එලම සහෝ තෑන්ක්ස්
    Bluray awama balamu

  31. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  32. නිරෝෂ්

    ස්තුතියි පැතුම් සහෝ.ජයවේවා!

  33. Lakmal

    අම්මට කවිඩුව මෙක කරල තියෙන්නෙ එල එල

  34. nirodha uthpala

    Arrow flash nati hinda kolla ela vadak ata atha gaha thieyenne elama bro obata jaya ah guardian Netflix series eakath langa langalangama eanava bro eakatath support eakak denava ne.....

  35. chathuranga

    ela bro

  36. vikum

    ela ela thanks bro..

  37. DG

    bohoma sthuthi saho....

  38. Udara Damith B/K

    කා ලාලෙකින් නෙ
    ස්තුතියි බලලා හොද කමෙන්ට් එකක් දාන්නම්කො

  39. chinthaka

    anakan balagana hitiya tanx bro

  40. Heshara

    Thanks bro. Blu ray rip awillada?

  41. Lahiru

    meke bluray ekath awilla thiyenne

  42. sameera dananjaya

    BR copy eka awa saho ikmanatama,,,, damuda sub eka,,,,,,, jaya wewa

  43. shamal

    BR awilla Thx for SUB

  44. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      br eka enakm innawa...update parak danna...

  45. kavindu

    thnx bro

  46. mayura inomal

    BR avooo..... suba dendooo.....

  47. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  48. Harsha

    Tks bro

  49. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ…

  50. Bhagya

    Thanks.......!

Load more comments