ඔන්න ඉතිං Agents of SHIELD පස්වන කතා සමයෙ 18 වෙනි කතාංගයටත් උපසිරැසි අරගෙන ආවා. තවත් කොටස් 4 ක් වගේ තමයි කතාවෙ ඉතුරුවෙලා තියෙන්නෙ. හැබැයි මේ වෙනකල් ABC නාලිකාවෙන් කිසිම දැනුම් දීමක් කරලා නෑ මේ කතා මාලාවෙ ඊලග අදියරක් පිළිබඳව, අපි හිතමු මේක මෙතනින් නතර වේවා කියලා. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස මතක…

ඔන්න ඉතිං Agents of SHIELD පස්වන කතා සමයෙ 18 වෙනි කතාංගයටත් උපසිරැසි අරගෙන ආවා. තවත් කොටස් 4 ක් වගේ තමයි කතාවෙ ඉතුරුවෙලා තියෙන්නෙ. හැබැයි මේ වෙනකල් ABC නාලිකාවෙන් කිසිම දැනුම් දීමක් කරලා නෑ මේ කතා මාලාවෙ ඊලග අදියරක් පිළිබඳව, අපි හිතමු මේක මෙතනින් නතර වේවා කියලා. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස මතක් කරගෙන ඉමු,
පසුගිය කොටස පටන් ගත්තෙ ෆිට්ස්-සිමන්ස් සහා යෝ-යෝ එංගලන්තයට යන ගමනත් එක්කලා. මේ අය සෙෆර් එක්කින් එංගලන්තයට යනවා ජෙනරල් හේල් හොයන කුටීරය හොයාගෙන. ඉතිං මේ තුන්දෙනා සෙෆර් එක ඔටෝ පයිලට් දාලා යානයෙන් පනිනවා. ඔය අතරවාරෙ කෝල්සන් සහා ටැල්බට් දෙන්නා හේල්ගෙන් පැනලා යනවා, හැබැයි ටැල්බට්ට වැඩිය සනීපෙන් නෙවෙයි ඉන්නෙ, කොහොම උනත් ටැල්බට්වත් ඇදගෙන කෝල්සන් දිගටම ගමන යනවා. ඔය අතරෙ තමයි ඩේසි ඇතුලු පිරිස කෝල්සන්ව හොයාගෙන මෙහෙට එන්නෙ. හැබැයි කොච්චර හෙව්වත් හොයාගන්න එක ලේසි පහසු වෙන්නෙ නැ, ඉතිං ඒ නිසාම ඩේසි තීරණය කරනවා සෙෆර් එක ගොඩබාලා කෝල්සන්ව හොයන්න පටන් ගන්න. ඔය අතරෙම තමයි රූබි කෝල්සන්ලගෙ පස්සෙන් එන්න ගන්නෙ, කොහොම හරි රූබි කෝල්සන් සහා ටැල්බට්ව හොයා ගන්නවා. රූබි කෝල්සන්ට පහර දෙන්න සැරසෙනවාත් එක්කම ඩේසි එතෙන්ට එනවා. ඔතනට එන මේ සහා ඩීක්ට ඩේසි කියනවා කෝල්සන්වයි ටැල්බට්වයි අරගෙන යානවයට යන්න මම රූබි ගැන බලාගන්නම් කියලා. මෙතනදි තමා කාලයක් තිස්සෙ බලාගෙන හිටපු සටන වෙන්නෙ. හැබැයි රූබිට නම් ඩේසි එක්ක හැප්පෙන එක ලේසි පහසු වෙන්නෙ නැහැ. මොකද ඩේසි බලයන් ආපහු ලැබිලා තියෙන නිසා. රූබි පරාද වෙනවත් එක්කම එතනට ඩීක් එනවා රූබිගෙ ආයුධය අයින් කරන්න, ඔය වෙලාවෙ තමයි ජෙනරල් හේල් එතනට ඇවිත් වෙඩි වරුසාවක් තියන්නෙ. කොහොමහරි ඒ වෙඩි පාරක් ඩීක්ට වදිනවා. ඉතිං ඩේසි ඩීක්වත් අරගෙන එතනින් පැනගන්නවා. ඩීක්වත් අරගෙන යානව ආපහු ලයිට්හවුස් එකට එන්න ගන්නවා, හැබැයි ඩීක්ට බෙහෙත් කරන්න සිමන්ස් ලයිට්හවුස් එකේ ඉන්නෙ නැ. දන්නවනෙ කාටද ඒ වැඩේ කරන්න වුනේ කියලා.
ෆිට්ස්-සිමන්ස් සහා යෝ-යෝ තුන්දෙනා හයිඩ්‍රා කදවුරකට යනවා හැබැයි එතන ආරක්ෂා කරන්නෙ අන්ටන් අයිවනෝව් විසින්, ඒ වගේම රූබිව කාමරයකට දාලා ජෙනරල් හේල් ලොක් කරලා දානවා ක්‍රීල්ට කරා වගේම. ඔය අතරෙ මැක්ට සහා නියෝජිත පයිපර්ට සිද්දවෙනවා ඩීක්ගෙ සැත්කම කරන්න. ඔය අතරතුරේ කෝල්සන් ටැල්බට්ට අනාගතය පිළිබඳව කියනවා, එතනදි මේ ඇවිත් කෝල්සන්ව පැත්තකට එක්කගෙන ගිහින් එයා මේ කරපු මෝඩ වැඩේට බනිනවා, ඒ වගේම කවුරුත් දැනන් උන්න ඒත් මේ කෝල්සන්ට නොකිව්ව දේ ඒ මොහොතෙ කියනවා, ඒ තමයි “මම ඔයාට ආදරෙයි” කියලා. ඊට පස්සෙ මේ එතනින් යන්න යනවා. ඔය දේවල් වෙන අතරතුරේ ස්ට්‍රකර් හොයාගන්නවා අංශු මාත්‍රණ කුටීරය වැඩ කරන්නෙ කොහොමද කියලා. මෙයා ඒක කියන්න මුලින්ම එන්නෙ රූබි ගාවට. රූබි කියන්නෙ එයාගෙ අම්මා කවදාවත් ඒකට ඉඩ දෙන්නෙ නැ කියලා, එතනදි තමයි ස්ට්‍රකර් අහන්නෙ “ඇයි ඔයා එයාව මරලා දාන්නෙ නැත්තෙ කියලා.” කොහොම වුනත් මෙයා රූබිගෙ කාමරේ ඇරලා යන්න යනවා. ඔය අතරෙ හේල් මෙතනට එනවා, ඒ අතරෙ ස්ට්‍රකර් විද්‍යාඥයො කිප දෙනක් මරලා ඉතුරු කෙනාට කියනවා ග්‍රැවටෝනියම් ප්‍රවාහනය කරන්න ලෑස්ති කරන්න කියලා.
රූබි සහා හේල් අතර සිද්දවෙන කතා බහ අතරෙ රූබි හේල්ට පහරදීලා කාමරේට දාලා ලොක් කරලා ස්ට්‍රකර් එක්ක එකතුවෙනවා. ඔය අතරෙ ෆිට්-සිමන්ස් සහා යෝ-යෝ තුන්දෙනා හදන්නෙ කුටීරය විනාශ කරලා දාන්න. ෆිට්ස් කුටීරයෙ කොටසක් විනාශ කරනවා. ඔය අතරෙ තමයි යෝ-යෝ ෆිට්ස්-සිමන්ස් දෙන්නට කියන්නෙ අනාගතේ වෙනස් කරන්න නම් “කෝල්සන්ට මැරෙන්න දෙන්න වෙනවා කියලා.” ඔයාලට මතකෙන් ඔය කතාව කිව්වෙ අනාගතේ හිටපු යෝ-යෝ කියලා. හැබැයි තාමත් කෝල්සන්ගෙ මරණය අනාගතේ ඉරණම වෙනස් කරන්න කොහොමද කියන එක පැහැදිලි නැ. ඔය අතරෙ තමයි මෙක්ලා ඔතනට එන්නෙ, මෙක්ලව නවත්ත ගිහින් තමයි යෝ-යෝ දැනගන්නෙ එයාට අලුතින් සවි කරපු අත් නිසා එයාට එයාගෙ වේගය පාවිච්චි කරන්න බැරි විත්තිය. ඉතිං ෆිට්ස්-සිමන්ස් දෙන්නා යෝ-යෝව එතනින් එළියට යවනවා සෙෆර් එක හොයාගන්න, ඔය අතරෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් වගේ රෝබෝලට දිගට හරහට වෙඩි තියන්න ගන්නවා. ඕක තමයි මේ දෙන්නට ලැබුන මධුසමය. යෝ-යෝ එළියට යන අතරදි තමයි අයිවනෝව්ව හම්බවෙන්නෙ, එතනදි තවත් වලික් යනවා, හැබැයි අයිවනෝව් යෝ-යෝට පරාද වෙනවත් එක්කම අනික් මෙක්ලත් විසන්ධි වෙන්න ගන්නවා. මොකද අයිවනෝව් තමයි මේ සේරම මෙක්ලව පාලනය කරන්නෙ. ඔය අතරෙ තමයි එතෙන්ට රූබි සහා ස්ට්ටකර් එන්නෙ. ඇවිත් සිමන්ස්ව අල්ලගෙන තර්ජනය කරනවා ෆිට්ස් විනාශ කරපු කොටස ආපහු හදන්න කියලා. අද කොටසෙන් තමා හරියටම දැනගන්න වෙන්නෙ මේ අය මොනා කරාවිද කියලා.
ඔය අතරෙ ටැල්බට්ගෙ තොරුතුරු එක්ක ඩේසි හේල් ඉන්නවා කියලා හිතන තැනක් හොයාගෙන. ඒත් එක්කම ඩීක්ටත් සිහිය එනවා, හැබැයි මිනිහා කියවන විකාර වල නම් අඩුවක් පෙනුනෙ නැ, කොහොම නුමුත් ඩීක්ගෙ හිතේ ඩේසි ගැන අදහසක් තියෙන බවට හොදටම තහවුරු වුනා.
ඩේසි යනවා ටැල්බට්ට කතා කරන්න, ඩේසිට දැනගන්න ඕන ටැල්බට් හේල්ට ශීල්ඩ් එක ගැන කිව්ව හැමදේම දැනගන්න. ඒත් ටැල්බට්ට ඕන එයාගෙ පවුලෙ උදවියට කතා කරන්න. ඩේසි පොරොන්දු වෙනවා එයාලට කියන්නම් කියලා ටැල්බට් කරදරයක් නැතුව ඉන්න වග. ටික වෙලාවකින් ඩේසි ආරක්ෂිත මාර්ගයක් ඔස්සෙ ටැල්බට්ට එයාගෙ පවුලෙ අයට කතා කරන්න ඉඩ සලස්වල දෙනවා. හැබැයි ඒ වෙනකොටත් හේල්ගෙ සහචරයෙක් එහාට ගිහින් ඉවරයි, එතනදි තමයි හේල්ගෙ නෝනා වාක්‍යය වගයක් කියවන්නෙ, මතකනෙ හයිඩ්‍රා වලට අහුවුනාම ඒ අයව තමන්ට නම්ම ගන්න පුළුවන් විදිහට වෙනස් කරනවා වචන කිහිපයක් කියලා. හොදම උදාහරණය විදිහට ගන්න පුළුවන් Captain America Winter Soldier චිත්‍රපටිය. මතක ඇති බකී කියන්නෙත් එහෙම කෙනෙක්. ඉතිං ටැල්බට් අන්තිමට හයිඩ්‍රා එකට ඕන විදිහට අනුකූල වෙනවා.
අද කොටසින් බලාගමු ටැල්බට් මොන නාඩගමක් නටයිද කියලා. ඒ වගේම කවුරු කුටීරයට යයිද, ෆිට්ස් ආපහු ඒක හදයිද කියන ප්‍රශ්න කිහිපයකට උත්තර අද කොටසින් ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්.
#Hail Marvel!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,781 downloadsDownload Marvel-s-Agents-of-S-H-I-E-L-D-S05-E18.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
39 comments
Hirunaprabodha
nirodha uthpala
Kollo meka eanakan keeparake page eaka refresh karada ...thx bn mekath denna patan gattu eaka gana .umba shadowhunter eaken patan aragena Dan godak dura avilla neh .umba hitiye nattan api thamath shadowhunters balala na bro. .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .......
Mr.pamz
Elama bro supiri
Thanks for sub & good luckraviz
Thank you..........!
denis_doj
bro supiri.. ikmani labena ekma sub eka..
dush135
ela
thanks bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNim@pulli
THANQ mcn ❤️
Amila89
ජය වේවා
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.ජය වේවා...............!!!!!!!!!!!!!!!!!!
Prasadwc
Sub එකට බොහොම ස්තූතී
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක ඉක්මනටම දීලා....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun A.
sabata thuthi lahiru saho.jaya!
Isaac
Tnks bro sub ekata best of luck...
Lushan Tharinda
සබට තෑන්ක්ස් බ්‍රෝ...
Udara Damith Dissanayaka
මේක ට පස්සේ නේද ඇවෙන්ජස් එන්නේ බලමුකෝ මේ කොටසේ සම්බන්දයක් තියේද කියලා
sura
thanks saho
futureomega
Hail Marvel
Shashmith 1
බයිස්කෝප් එකේ දාන පලවෙනි කමන්ට් එක වෙන්න ඕනේ
මං මේක බලන්න පටන් අරන් සති තනක් වගේ නොකා නොබී බැලුවේ අන්තිමට සේරම බැලුවා ඉවසිල්ලක් නෑ ඉතුරු ටිකත් එනකන් සබ් එකට ගොඩක් තෑන්ක්ස්
.
පොඩි ඉල්ලීමක් තියෙනවා
පුලුවන් කවුරු හරි ඉන්නවනම් Star Treck Discovery එකට සබ් දෙන්නD.Chamara
bohoma sthuthi sahooo jaya...
Amalka Himeshan
Thanks machan sub ekata
thusitha Premarathna
thanks bro
Maleesha pathirana
dan meka epa wenwa
ලහිරු ප්‍රසාද්
ප්ලීස්, නොබලා ඉන්න.
බලෙන් පෙන්නුවෙ නෑනෙ.
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddhi Jayasanka
tnx yaalu...............
Nuwantha Dulan
Thanks machan
melinda
apo me tv series eka iwara wenna epa danma asawen balapu ekama katawa
sub ekata thank youසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ....
ජය වේවා....nimanaka
thanks brother
prageeth2
tnx a lot
Sajithlakshan
පසිරැසියට බොහොම ස්තුතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E18] Sinhala Subtitles | සියලුම දේ මග කියන්නෙ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Marvels-Agents-of-S.H.I.E.L.D.-1.jpg)



ස්තූතියි සහෝ.. ඔබට ජය..