ඔන්න එහෙනම් ගෙනාවා, Scorpion විසි දෙවනි කොටස. ඒත් එක්කම කියන්න ඕනේ, හතරවෙනි සීසන් එකේ අන්තිම කොටස තමයි මේ. ජරමර අස්සේ බර කරත්ත වගේ මෙදා පාරත් ගෝනුස්සෝ කණ්ඩායමට හරි හරි ප්‍රශ්න එක්ක තමයි ගැටෙන්න වෙන්නේ. ස්ලයි ඉන්නවනේ, එයාගේ පෑනේ මිතුරෙක් වුන ඇලෙක්ස් එයාට හදිසියෙම කතා කරලා උදව්වක් ඉල්ලනවා. ඒ තමයි එයා…

ඔන්න එහෙනම් ගෙනාවා, Scorpion විසි දෙවනි කොටස. ඒත් එක්කම කියන්න ඕනේ, හතරවෙනි සීසන් එකේ අන්තිම කොටස තමයි මේ. ජරමර අස්සේ බර කරත්ත වගේ මෙදා පාරත් ගෝනුස්සෝ කණ්ඩායමට හරි හරි ප්‍රශ්න එක්ක තමයි ගැටෙන්න වෙන්නේ.
ස්ලයි ඉන්නවනේ, එයාගේ පෑනේ මිතුරෙක් වුන ඇලෙක්ස් එයාට හදිසියෙම කතා කරලා උදව්වක් ඉල්ලනවා. ඒ තමයි එයාලගේ ගමේ ජෞෂ්ඨයව බේරගන්න ඉන්ධන ගෙනැත් දෙන්න කියනෙක! ඒ මොකක්ද ඒ කියලා දැන් ඔයාලට හිතුනා නේද? ජෞෂ්ඨයා තමයි ඇලෙක්ස් හිටපු ගම සටන්කාමින්ගෙන් බේර ගන්න පුලුවන් එකම කෙනා, නමුත් ඇලෙක්ස් ස්ලයිගෙන් උදව් ඉල්ලන වෙලාව වෙද්දී ජෞෂ්ඨයගෙ ජීවිතේ අනතුරේ වැටිලයි තියෙන්නේ. එයාව ජීවත් කරවන්නේ සංවාතකයකින්. ඒක ක්‍රියා කරවන්න ඕන කරන ඉන්ධන ගේන එක තමයි අද මෙහෙයුම වෙන්නේ. ඕකත් මහ ලොකු දෙයක්ද? වැඩේ අමාරු වෙන්නේ ඉන්ධන ගබඩාවට යන්න තියන පාර බිම් බෝම්බ වළලපු පාරක් වුන එක!
මෙදා පාරත් ගෝනුස්සෝ ටික හොඳ හොඳ අමාරු වල වැටෙනවා. බිම් බෝම්බ වළලපු පාරේ කරදරයක් නැතුව යන්න පුලුවන් මඟක් හොයා ගන්නකොට, තවත් නොසිතූ බාධාවක් එයාලට එනවා. මේ බාධා මැඩගෙන මෙදා පාර අභියෝගයත් ජය ගන්න ගෝනුස්සොන්ට පුලුවන් වෙයිද?
අවසාන කොටස නිසා වැදගත්ම සිදුවීම් කීපයක් බලා ගන්න පුලුවන් වෙයි. වෝල්ටර් මෙච්චර දවස් පේජ්ගෙන් හංඟගෙන හිටපු රහස එළි වෙයිද, දරුවෙක් හදන්න ටෝබි- හැපී ගත්ත තීරණේට මොකක් වෙයිද, ස්ලයි, තමන්ගේ හිතේ තියන ආදරේ ෆ්ලොරන්ස්ට කියයිද මේ හැම ප්‍රශ්නෙකටම උත්තර අද කොටසින් හොයා ගන්න පුලුවන් වෙයි. ඊට වඩා අද වෙන්න යන දේවල් ගැන නොකියා ඉන්නෙක හොඳයි කියලා හිතනවා.
හොඳයි, එහෙනම්, සමුගන්න කලින් කියන්න බොහොම වැදගත් දෙයක් තියනවා. ස්තූතිය පුද කරන්න ඕන ගොඩ දෙනෙක් ඉන්නවා. ප්‍රණීත් මල්ලි කියපු විදියට මේ කතා මාලාවට සිංහල උපසිරැසි ගන්වන වැඩේ පටන් අරන් තියෙන්නේ ශෙරින් අක්කා. පස්සේ මේ වැඩේට කීප දෙනෙක්ම එකතු වෙලා තියනවා. රොයිලි අයියා, ප්‍රණීත් මල්ලි බොහෝ කාලයක් ඔයගොල්ලො වෙනුවෙන් Scorpion අරගෙන ආවා.මට මේ අවස්ථාව ලැබුනේ මම කොහොම වත්ම නොහිතපු වෙලාවක. මේ සීසන් එක අවසාන වෙනකන් සිංහල උපසිරැසිය ගේන වැඩේ වෙනුවෙන් හසන්ත අයියත් සෑහෙන කට්ටක් කෑවා. Scorpion බලලාවත් නොහිටපු කෙනෙක් විදියට මේ වැඩේ මම භාර ගත්තෙ හසන්ත අයියගෙ වචනේ අහක දාන්න බැරි නිසා. දැන් ඉතින් සමුගන්න කාලේ හරි. බොහොම කාර්‍යබහුල වෙලා ඉන්න අතරේ තමා අන්තිම කොටස් කීපය ඔයාලට අරගෙන ආවේ.
ඉතින්, විශේෂයෙන්ම කියන්න ඕනේ කණගාටුවෙන් වුනත්, මින් ඉදිරියට Scorpion වෙනුවෙන් සිංහල උපසිරැසිය ලබා නොදී ඉන්න බයිස්කෝප් සිංහලෙන් අපේ කණ්ඩායම තීරණයක් අරගෙන තියනවා. ඒ නිසා Scorpion එක්ක මෙතුවක් කල් රැඳී සිටී හැමෝටම බොහොම ස්තූතියි. සමුගන්නම්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,146 downloadsDownload Scorpion-S04E22.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
103 comments
cjgayan
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
mmath me series eka mula idala baluwa...meka denna ape sahodara sub dena sahodara sahodariyan loku kattak kawa..gal mul ella una..eth siyalu badaka mada me series eka dunnata godak isthuthi...godak pin...
eth idiriyata Scorpion ekata sub nodi inna epa...meka balana aya kipa dena wenuwen wath idiriyedi sub dena eka gana ape sub dena sahodara sahodariyo hithala balanna....pls idiriyatath scorpion walata sub denna...
podda
scorpion මුල ඉදන්ම බලපු කෙනෙක් විදිහට උපසිරිස නොදීමේ තීරණය ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද කොතරම් පරක්කු වුනත් පුළුවන් විදිහට සබ දෙන්න කියලා ඉල්ලපු කට්ටියකුත් හිටිය නිසා . ඒ වගේම මොන දෙයක් උනත් ඔහේ සබ බාගෙන ගියපු කට්ටියකුත් හිටියා වගේ ලාවට මතක් වෙනවා. ඒ වගේම කොහොම හරි මේතරන් දුරක් මේක කරගෙන ආව සියලු දෙනාටම ප්‍රණාමය පල කරනවා
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අක්කේ උපසිරසට..අවසානය නිසා දෙයක් කියන්නම් ඕනි මුල ඉදන්ම ස්කෝපියන් බලපු කෙනෙක් විදියට. අදටත් මං ආසම කතා අතර තියෙන එකක් තමා මේක. මුල් සීසන් දෙකෙන් පස්සේ කතාව සෑහෙන්න්න් සවුත්තු උනා. විශේෂයෙන්ම තුන්වෙනි සීසන් එක. හතරවෙනි එකෙන් තමා ආයෙත් ටිකක් යතා තත්වෙට ආවේ. මෙච්චර කාලයක් මේක අතහරින්නේ නැතුව බැලුවේ මේකේ තියෙන විද්‍යාත්මක දේවල් වලට ගොඩක් ආස කරපු නිසා. ඒ වගේම මේක උපසිරැසි කරපු හැමෝටම ගොඩක් ස්තුති කරනවා. මං හිතන විදියට මේ කතාව නිසා අම්බානකට බැනුම් ඇහුවේ දේවක අයියා. මාත් බැනලා තියේ සබ් එක පරක්කු වෙලා. ඒ කොහොම උනත් හැමදේම ඉවසාගෙන උපසිරසි කරපු හැමෝටම බොහොම ස්තුතියි. මේකට ආයේ උපසිරැසි ලැබෙන්නේ නෑ කියන එකනම් ලොකු දුකක්. පුලුවන්නම් ඊලග සීසන් එකටත් උපසිරැසි ලබා දෙන්න උත්සහ කරන්න කියලා ඉල්ලනවා. මුල ඉදන් උපසිරැසි ලබා දුන්න ශෙරින් අක්කා,දේවක අයියා,ප්‍රණීත් අයියා,රවිදු සහෝ,රොයිලි අයියා අවසානයට උපසිරැසි කරපු අක්කටත් බොහොම ස්තුතියි..ජය වේවා හැමෝටම...!
Janith
niyama wadak bn kale sathutui jaya wewaaa wadi wadiyen sub karanna haiya shakthiya labewaaaa !!!! :D
Rocky45
Scorpion maru Anne next season eke sub one
thiwanka anuhas
mula idala sub dunna heamotama thankx.namuth plez sub dena eaka nawathwanna eapa
shalithadeshan
sub walata thnx
anith season ekath sub one
plzzzzzzzzzzzzKavindu Gimahan
Thnx sub ekt... sub dna ek nwtwnd ep mkta wnd wge dgtm sub ek dnna
Steve
ThanQ SUB Ekt bro ... but digatam sub dennn plz wen kauruth nh oyl thrm hodt sub hadana so think about it again ... team ekath ekka katha kral aye sub denn godak aya illnwane...........
charith65
ස්තුතියි සබ් ඵකට...
ඒත් සබ් දෙන ඵක නවත්තන්න එපා..plzzzzzzzHarindra kumara
මෙච්චර කාලයක් මේ කතාව බැලුවේ මේකේ අමුතුම ආතල් එකක් තියෙන නිසා...ඒ ආතල් එක ගත්තේ මේකට පුළුවන් උපරිමයෙන් සබ් එක දුන්නු නිසා.ඒත් අන්තිමේදි baiscope එක ගත්ත මේ තීරණය නම් මම එකඟ නෑ.Season 4 ක්ම බලපු අයට ඉතිරි ටිකත් නොදී අපිව අතරමං කරන්ට එපා කියලා මම කාරුණිකව ඉල්ලනවා.
ඒවගේම අන්තිමේදී මේකට Sub දීපු හැමෝටම ස්තූතියි.විශේෂයෙන් දේවක අයියාට ස්තූති කරනවා බැනුම් අහගෙන හරි මේ දේ කරාට.
මම හිතනවා ඉදිරියේදී Baiscope Adminලාගේ අදහස වෙනස් වෙයි කියලා.
-ස්තූතියිThamoth Kavinda
ස්තුතියි සබ් එකට. එත් සබ් එක දෙනෙක නතර කරන්න එපා.
Gathsara Umesh
Bhoom sthuuthiyi..
Anee heleli akkoo...
Plzz apiwa athrman krnn ep ithin..season 5th akk krmmuko..himeet anee plzz..
Bhoom sthuuthiyi hmdeektm..raviz
Thank you.............!
Scofield
Thank you for subs
Great work.
Waiting for next seasonChirath D Perera
බොහාම ස්තුතියි scorpion කතා මාලාවට සබ් දුන් සෑම දෙනාටමග අපි බලා පොරොත්තු වෙනවා වගෙම අපි ඉල්ලිමක් කරනවා නැවත Season 5 දි සබ් ඒක කරන මෙන්
maduranga
මේක නැවැත්තුවම ඉතුරුවෙන්නෙ ලුසිෆර් විතරයි . මම බලන එකකට
එකත් දැන් නෑ වගේ නේද ?
එතකොට මේ පැත්තට එවෙන්නෙ ෆිල්ම් එකකට සබක් ගන්න තමාsupsith
thanks sub 1ta
KaSun Chathuranga
ස්කොපියන් සබ් එකට තුති. මම 2013 සිට බයිස්කෝප් එකෙන් සබ් ගන්නවා. ඒ වගේම මේ අවුරුදු 5ක කාලය තුල වැඩියෙන්ම සබ් නිසා බැනුම් අහපු එකම කතා මාලාව මේක කියලා හිතනවා. ඒ උනත් ඒ බාධක සියල්ල පරාද කරලා බයිස්කෝප් ටීම් එක නොකඩවා මේ කතාවට සබ් දුන්නා. මම හිතනවා මේ කතාව බලන ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් සලකලා ඇඩ්මින් මඩුල්ල මේ ගත්ත තීරණය ගැන යලිත් වරක් සිතයි කියලා. අවසානයේදී Season 4 එකේ අවසන් කොටසට සබ් ලබා දුන් හෙළිලි හේමමාලි සහෝදරිය ඇතුළු මෙතෙක් කල් නින්දා අපහස මැද්දේ මේ කතාව ගෙන ආ සියලු සහෝදර සහෝදරියන්ට ස්තුති කරනවා.
Damith Priyankara
මේච්චර කාලයක් උපසිරසි ලබා දුන්නට උපසිරසි නිර්මාණය කල සියලු දෙනාටම බොහොම ස්තූති....මේක ගොඩක් අාසාවෙන් බලන Tv series ඒකක් 5 වෙනි season ඒකෙත් උපසිරසි කොහොම හරි දෙන්න............
Chalana
thank you very much... !!!
thanula D
තෑන්ක්ස් සබ් එකට.අනේ සීසන් 5ත් සබ් දෙන්න.නවත්වන්න එපා.මොනා උනත් මෙච්චර කල් ස්කෝපියන් එකට සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.ජයවේවා........
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වෙවා..අයේ නොදී ඉන්න තීරණයට බලවත් විරෝදය.
ඔය කිවුවාට මන් හිතනවා තීරණය වෙනස් වෙයි කියලා..මේකට උපසිරැසි කරපු ඔක්කෝටම බොහෝම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි හෙළිලි නගේ සිංහල උපසිරැසියට. ඒ වගේම බෑ නොකියා අන්තිම කොටස් ටිකෙන් මාව බේරලා දුන්නටත් බොහොම පිං. ජයම වේවා෴෴ :P :P
Riveen
ayye plzz next season akatath sub denna.api mula idalama meka baluwua baiscope akata pin sidda wenna.plzz apiwa atharaman karanne nathiwa sub denna.
sasanwalasa
5th ona
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් කතාමාලාවකින් නැවත හමුවෙමු...
ජයpradeep hashan
sub ekata tnks
season 5 tath sub denoooDilshanAbeykoon
Mulinma baiscope ekt tnx karanna one .me katawta subtitles dunnata sherin Akka ,praneeth,royly ayaa,dewaka Ayya ,hasantha Ayya,helali aklata okotoma. Tnx ..Dan awurudu 5 KT kittuwa me katawta sub denwt....
MN kiynne patan gatta Wade atarinna epaa
...iwrykma karanna
Baiscope adawiyata Jaya....
Kanchaka
Thanks bro
Lakshan Fernando
Thank you
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
season 5ක් ගැන තාම කියලා නැ නේ...
ආවත් නොදී ඉන්න නම් එපා...
සුපිරි කතාවක් මේක...ගොඩක් අය බලනවා...
සබ් එක නැතිව බලන්නත් අමාරු කතාවක්..
කොහොම හරි සබ් එක දෙන්න දිගටම...chathuka45
Adooo season 5 ekatath sub dendakooo... baiscope eka hindamai api meka beluwe
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Season 5 akatath Sub denna plzLushan Tharinda
සබට තෑන්ක්ස්...
සීසන් 5ටත් සබ් ඕනේ...Madhushanka
Riveen
Godak aya asawen scorpion balanawa.aka nisa plzz mekata sub nodi innepa.oya wadak nathi serious akak nawaththala hari mekata sub aka denna plzz.
Udara Damith Dissanayaka
වෝල්ටර් පොඩි බොරුවක් කළා ........
ඒක\ එළිවෙලා අන්තීමට ස්කොපියන් කණ්ඩායම
කෑලි කෑලි වලට කැඩිලා ගියා
එකට සිංහල සබ බයිස්කෝප් එකෙන් සමගියෙන් සමාදානයෙන් කට්ටිය ගොඩක් දෙන දුන්නා
එත් අන්තිමට
ස්කොපියන් වෙන්වෙලා ගිය විදිහටම මේකත් වෙන්වෙලා ගියා
සීසන් 4 ක් ස්කොපියන් ආවොත් එකේ කණ්ඩායම එකට එකතුවෙයි \
ඒ වගේම එකට එකතු වෙලා එකට සබ කරන මෙන් ඉල්ලා සිටිමිRadeepa Gayantha
Pls season 5 awot sub nodi inna epa scropion api asawen balapu story ekka pls.
Sujith19981107
ඉස්සෙල්ලම කියන්න ඕනි සබ් එක මෙච්චර කල් දාපු එකට බොහොම ස්තුති...මේක මන් නම් season 1 ඉදලම එක දිගට බලපු එකක්.අනිත් ඒවා වගේ නෙවේ අපිට ඉගෙන ගන්න දෙයක් හරි තියෙනවා.මේක බලන්නේ බොහොම ටික දෙනයි උනාට ඒ ටික දෙනාට මේක ගොඩක් වටිනවා.එහෙම බලනකොට මේකට මේක තමයි මේකේ හොදම කතාව වෙන්නේ..පුළුවන් නම් season 5ටත් සබ් දෙන්න එක තමයි මේ site එකේ හොදම කතාව වෙන්නේ.
D.Chamara
mulinnam wada asse hari api wenuwen sub eka genawat bohoma sthuthi .
ane ai sub nodi ennam hadanna epa mage asama eka meka ehama karanna epa . ai saub denna naha kiyala ahapo gaman hadwatha wawanne nathuwa giya.... ane ehamanam karanna epa ....suranuwan
thanks,,,
ch@m0d
ඔච්චර කාලයක් මේකට සබ් කරපු අයට බොහොම ස්තුතියි.
ජයII Ranuka II
digatama sub denna plz
IreshSampath
thanks
shadow@worker
ela thz fatta api dannava sub karanda thiyana amaruva visheshayen scorpion eke thiyena amaruva ee siyalla medde apita sub dunnu oyaalata subapathanava thavath meevage sub denna hekiyaava lebevath kiyala man prarthana karanava
KasunRe
බොහොම ස්තූතියි සහෝදරී......
Pbhagya452
Sub ekata thanks...plz season 5 ekatath sub danna..
mininduraveesha
Thank you sub walata.... scorpion balanna oyalage subtitle enakam hamadama balagena innawa.... ithin e nisama elaga episode walatath subtitle denna.... please .... thank you
prabod nilanga
mechchara cal sub genawata godak thanks ee wagema season 5 awoth aniwaren sub danna meka sub nethiwa balanna beri kathawk e wagema meka godk aya balanawww....
Dilruk lahiru
Thnx for the subtitles..... season 5th awoth sub Deanna plzzz meka sub nathuwa blanna ba.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Aththatama me series eka mula indalama balapu kenek hetiyata hemadama yam deyak igena ganna lubuna. ayeth subtitle denne nethi eka nam loku aduwak. puluwan nam idiri kathamalawalatath denna