Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E19] Sinhala Subtitles | එහෙං එකක්, මෙහෙං එකක් [සිංහල උපසිරසි සමඟ]

දැං නම් ගොඩ දෙනෙක් එහෙම Avengers infinity war එහෙම බලලා හෙන ගැම්මෙන් ඇත්තෙ නේද? ඉතිං ඇවෙන්ජර්ලා ඒ විදිහට ලෝකෙ බේරගන්න අපරිමිත යුද්ධයක් කරන වෙලාවෙ SHIELD නියෝජිතයො ටික ලෝකය කෑලි වලට වෙන්වෙලා විනාශ වෙලා යන එකෙන් බේරගන්න මේ පැත්තෙන් ලොකු සටනක් දෙනවා, එහෙන් එකයි මෙහෙන් එකයි. කතාවෙ මුල් කොටස් වලදිම කියව…

දැං නම් ගොඩ දෙනෙක් එහෙම Avengers infinity war එහෙම බලලා හෙන ගැම්මෙන් ඇත්තෙ නේද? ඉතිං ඇවෙන්ජර්ලා ඒ විදිහට ලෝකෙ බේරගන්න අපරිමිත යුද්ධයක් කරන වෙලාවෙ SHIELD නියෝජිතයො ටික ලෝකය කෑලි වලට වෙන්වෙලා විනාශ වෙලා යන එකෙන් බේරගන්න මේ පැත්තෙන් ලොකු සටනක් දෙනවා, එහෙන් එකයි මෙහෙන් එකයි. කතාවෙ මුල් කොටස් වලදිම කියවුනා ඩේසි තමයි මේකට හේතුව කියලා. ඒත් මේ වෙන සිද්දීන් එක්ක බැලුවාම ඒ ඇත්තද කියලත් හිතෙනවා. අද කොටස ඒ ගැන තවත් අපූරුවට පැහැදිලි කරයි. හරි එහෙනම් සුපුරුදු පරිදි පෙර කොටසේ මතකන් අවදි කරගමු.

මතකනෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා කුටීරයෙ කොටසක් විනාශ කරලා දානවා. ඒ කියන්නෙ දැං රූබිට ලෝක විනාශ කරන්නා බවට හැරෙන්න බෑ කූටිරය පාවිච්චි කරලා. ඉතිං ඔහොම ඉන්නකොට තමයි ඔතනට ස්ට්‍රකර් සහා රූබි එන්නෙ. ස්ට්‍රකර් හොයා ගන්නවා කුටීරයෙ ඉන්ෆුසර් එක විනාශ කරලා කියලා. ඒ නිසා රූබි ෆිට්ස්-සිමන්ස් දෙන්නට තර්ජනය කරනවා මේක ආපහු හදන්න කියලා. ඔය අතරෙ තමයි ඩේසි හොයාගන්නෙ හේල් ඉන්නෙ කොහෙද කියලා. ඉතිං මේ අය හේල් ඉන්න කවදවුරට පහර දෙන්න යනවා. මේ පහර දීමට යන්නෙ ඩේසි සහා මේ දෙන්නා. හැබැයි නොසීතු පරිදි හේල් යටත් වෙනවා. ඒ වගේම ශීල්ඩ් වල උදව් ඉල්ලනවා රූබිව බේරගන්න. ඒ වගේම රූබි ඉන්නෙ ෆිට්ස් සිමන්ස් දෙන්නා ඉන්න තැනමයි කියලා.

මතක ඇතිනෙ ටැල්බට් හයිඩ්‍රලාට අනුකූල වුනා ගිය සතියෙ, ඔව් ටැල්බට් ඊට පස්සෙ මෙහෙයුම සම්පූර්ණ කරන්න ඕන කිය කිය, රොබින් ඉන්න කාමරේට ගියා. එතනදි එයා දැක්කා රොබින් ඇදපු චිත්‍ර. එතනට හැබැයි ඒ වෙලාවෙ රොබින්වත් එයාගෙ අම්මා පොලීවත් හිටියෙ නැ. හැබැයි ටික වෙලාවකින් ඒ දෙන්නම මෙතෙන්ට එනවා. ඊට පස්සෙ තමයි ටැල්බට් රොබින්ගෙන් නොසෑහෙන්න ප්‍රශ්න අහන්න ගන්නෙ. ඒ නිසාම රොබින්ගෙ අම්මා ඒක වලක්වන්න උත්සහ කලත් ටැල්බට් පොලීව සිහි නැති කරලා රොබින්ව අරගෙන යනවා. හැබැයි මේ ගැන මැක්ට ඉව වැටෙනවා. ඊට පස්සෙ කෝල්සන් සහා මැක් එකතුවෙලා රොබින්වත් බේරගෙන ටැල්බට්වත් නතර කරනවා.

ෆිට්ස්-සිමන්ස් දෙන්නට අන්තිමේ ඉන්ෆියුසර් එක ආයෙ හදන්න වෙනවා, ඒක ඉවර උනායින් පස්සෙ රූබි කුටීරය ඇතුලට යනවා. ෆිට්ස්-සිමන්ස් මේක අනතුරු දායක දෙයක් කිව්වත් කනකට ගන්නෙ නැ. ස්ට්‍රකර් කුටීරයට ග්‍රැවටෝනියම් යන එක ක්‍රියාත්මක කරලා ටික වේලාවකින් රූබි කෑ ගහන්න ගන්නවා එයාව එළියට අරගන්න කියලා. ඔය වෙලාවෙ තමයි ජෙනරල් හේල්, ඩේසි සහා මේ ඔතනට එන්නෙ. හේල්ගෙ කීමට ෆිට්ස් කුටීරය නවත්තනවා. හැබැයි ඒ වෙනකොටත් රූබිගෙ ඇගට 8% ග්‍රැවටෝනියම් ඇතුල්වෙලා ඉවරයි. මතකනෙ මීට කලින් ග්‍රැවටෝනියම් වලට අතදාපු කීල්ට වෙලා තියෙන සංතෑසිය. ඉතිං ඒ වගේම රූබිගෙ ඔලුවෙත් කට හඩවල් ඇහෙන්න ගන්නවා. මෙයාට මේක දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතිං රූබිගෙ උදව්වට මේ වෙලාවෙ එන්නෙ ස්ට්‍රකර්, හැබැයි එයාවත් රූබිවත් නොහිතපු විදිහට ස්ට්‍රක්ර්ට රූබි අතින් මැරුම් කන්න වෙනවා. රූබිගෙ තත්ත්වය එන්න එන්නම දරුනු වෙන්න ගත්තා, හේල් වගේම ඩේසිත් උත්සහ කලා මෙයාව සන්සුන් කරන්න. ඒත් හරි ගියෙ නැ. ඔය වෙලාවෙ තමයි ඔතෙන්ට යෝ-යෝ එන්නෙ. මෙයා අනාගතේ දැක්ක දේවල් එක්ක හිතන්නෙ රූබියි ලෝක විනාශ කරන්නා කියලා. ඉතිං යෝ-යෝ රූබිගෙ බෙල්ල කපන් යන්න රූබිගෙ ආයුධයම පාවිච්චි කරනව. එතනදි වෙන දෙයක් එක්කලා ජෙනරල් හේලුත් පැනගන්නවා. දැං යෝ-යෝ හිතන් ඉන්නෙ එයා ලෝකෙ බේර ගත්තා කියලා.

ජෙනරල් හේල් නතර වෙන්නෙ ආපහු සමූහාණ්ඩුව ලග. එයාලට කියනවා ග්‍රැවටෝනියම් තියෙන්නෙ ශීල්ඩ්ලා ලග ඒ වගේම එයාලා ඉන්න තැනත් දන්න විත්තිය. ඉතිං හේල් කොහොමද ශීල්ඩ් මූලස්ථානය තියෙන තැන දන්නෙ, සමූහාණ්ඩුව ග්‍රැවටෝනියම් අරගන්න එයිද, එතකොට ටැල්බට්ට මොකක් වේවිද? මේ සේරටම උත්තර අද එපිසෝඩ් එකේ තියෙනවා. එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.

#Hail Marvel

ඔබ සැමට පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා…!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,563 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D-S05E19.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,563 downloadsDownload Subtitles29 KB

38 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

  2. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ....
    Infinity War එක ගැනත් පොඩ්ඩක් කියනවා නේ මේකෙත්....
    ඒක බලපායිද දන්නැ මේකටත්...

  5. Sanath Indika

    thx broo

  6. Udara Damith Dissanayaka

    පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා…!
    මන්නම් තම බැලුවේ නෑ
    සිංහල සබ එක්කම ඔන්න ඔහේ ඇවෙන්ජස් බලනවා

  7. chamee1982

    thanks broo

  8. ThusharaIndunilRathnayaka

    sub ekata thanks lahiru....!

  9. ThusharaIndunilRathnayaka

    meth sith pathura lowa suwapath karana pinbara wesagak wewa...!
    sub ekata thanks lahiru....!

  10. Mr.pamz

    Thanks bro
    Supiri ,

  11. Amalka Himeshan

    තැන්ක්ස් ලහියා සබ් එකට
    මේක ඉවර වෙන්නත් ලඟයිනෙ :(

  12. Dulan Randika

    Thax sub ekata

  13. ushan

    Thanq

  14. anurudda

    thanks for sub bro.

  15. Kasun dk

    Thanks.

  16. amila heshan

    Ash vs Evil Dead seasone 3 ekata subtitles Denco plz

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Shalika

    ela

  19. nirodha uthpala

    Hambe mekata sub deela thiyenne patta busy day eakaka ne thx bro digatama sub denna labeva kiya hadavatinma partana karanava obata jaya

  20. Lushan Tharinda

    Subata thanks bro...

  21. hiruni

    Sub ekata thankzzzz bro

  22. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  23. lahiru sadaruvan

    thank you so much brother....

  24. Kasun A.

    sabata thuthi lahiru saho.jaya!

  25. supunthusara

    Due to copyright issues, we do not provide any torrent link. mehema wenne ay

    1. ලහිරු ප්‍රසාද්

      ඉස්සර බයිස්කෝප් අඩවියෙන් ටොරන්ට් එක ලබා දුන්නත්, ඒ සම්බන්ධයෙන් ඇතිවුන නීතිමය ගැටලු නිසාවෙන් බයිස්කෝප් අඩවිය ටොරන්ට් පිටපත් නිකුත් කරන්නෙ නැ. මොකද ටොරන්ට් කියන්නෙ නීති විරෝධි පිටපත්. ඔයාලට අවශ්‍යය පිටපත බාගත කරගන්න තමයි baiscopedownloads.com වෙබ් අඩවිය නිර්මාණය කරලා තියෙන්නෙ.

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Buddhi Jayasanka

    thanks bro.....tnx

  28. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  29. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............

  30. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  32. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ....
    ජය වේවා....

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. nimanaka

    thanks brother

  35. prageeth2

    Godaak sthuthi

  36. Sajithlakshan

    බොහොම ස්තූතියි

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!