මතකනෙ ගිය සතියෙ ලයිට්හවුස් එකට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවුනා. ඔව් මේ පිටසක්වලයො හදුන්වන්නෙ රැමෝරැත්ලා කියලා. මේ ප්‍රහාරය සිද්දවෙන වෙලාවෙ ඩේසි නම් මෙතන හිටියෙ නැ. ඒ පොලී සහා රොබින්ව ඇරලවන්න ගිය නිසා. හැබැයි ඩේසිගෙ අරමුණ ඒක විතරක් නෙවෙයි. එයා කෝල්සන්ව බේරගන්න පුළුවන් විදිහකුත් හොයාගන්න එක්කයි පිටවෙලා…

මතකනෙ ගිය සතියෙ ලයිට්හවුස් එකට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවුනා. ඔව් මේ පිටසක්වලයො හදුන්වන්නෙ රැමෝරැත්ලා කියලා. මේ ප්‍රහාරය සිද්දවෙන වෙලාවෙ ඩේසි නම් මෙතන හිටියෙ නැ. ඒ පොලී සහා රොබින්ව ඇරලවන්න ගිය නිසා. හැබැයි ඩේසිගෙ අරමුණ ඒක විතරක් නෙවෙයි. එයා කෝල්සන්ව බේරගන්න පුළුවන් විදිහකුත් හොයාගන්න එක්කයි පිටවෙලා ගියෙ. ඔය අතරෙ තරමයි මේ පහර දීම සිද්දවුනේ. පහර දීමත් එක්කලා ශීල්ඩ් නියෝජිතයො හොදටම හිරවෙනවා. කෝල්සන්ගෙ කෙරුවාවලුත් මේකට එක හේතුවක් ඉති. ඔය අල්ල පනල්ලෙ තමයි ටැල්බට් හිමීට චේම්බර් එකට රිංගලා සේරම ග්‍රැවටෝනියම් ටික තමන්ගෙ ඇගට දාගන්නෙ. මිනිහා මුල ඉදන්ම කිව්වා “මට මේක හරිගස්සන්න පුළුවන්” කියලා. ග්‍රැවටෝනියම් එක්ක ටැල්බට්ට ලොකු බලයක් හම්බවුනා දැක්කනෙ. කියන්න දෙයක් නැ පිටසක්වලයො පෙට්ටි වෙලා නැවතුනෙ. ඒත් එක්කම ටැල්බට් කෝල්සන්වත් අරන් එතනින් පිටවෙනවා. ඔතන ඉදන් තමයි අද ගතාව ගලාගෙන යන්නෙ.
ඔය දේවල් අතරෙ ඩේසි කෝල්සන්ව බේරගන්න විදිහක් හෙව්වා මතකනෙ. ඔව් කැන්ඩිමෑන් මෙයාට තොරතුරක් වගේම ඩෙත්ලොක් වැඩසටනට අයිති ද්‍රාවණයකුත් දෙනවා. හැබැයි ඒකට තව එක දෙයක් අඩුයි හැබැයි ඒක තියෙන තැන හොයා ගන්න බෑ කියලා කැන්ඩි මෑන් කියනවා. හැබැයි ඩේසි ඒක දැක්ක ගමන් දැනගන්නවා කොහෙද මේ කියලා. අන්තිමෙ අපි දැක්කා ඩේසි තමන්ගෙ අම්මගෙම මිනි වල ආයෙ හාරනවා. මතකනෙ ජ්‍යායින් කියන්නෙ කවුද කියලා. ඔව්, ජ්‍යායින් කියන්නෙ ඉබේ සුව වීමෙ හැකියාවක් සහිත ඉන්හියුමන් කෙනෙක්, ඒ වගේම මෙයා වයසට යන්නෙ නැති කෙනෙක්. කොහොමහරි ජ්‍යායින්ව මරනවා, ඒක වෙන කතාවක්.
ඉතිං මේ දේවල් වලට පස්සෙ ඩේසි ආපහු ලයිට්හවුස් එකට එනවා. හැබැයි යෝ-යෝ ඩේසි ආව ගමන් එයාගෙ මූණට කඩා පයිනවා, ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා අතර සටනකුත් ඇති වෙනවා. අද කතාව ගලාගෙන යන්නෙ අපරිමිත යුද්ධය (Infinity War) අතර කාලයත් එක්ක. ඒ නිසා ටිකක් විශේෂයි.
ටිකක්විතර පරක්කු වුනා ඉතිං, වැස්ස සහා කම්මැලිකම දෙකම එකට එකතු වුනාම ඔහොම වෙනවා, අනික කට්ටියගෙ අදහස් දැක්වීමත් අඩුයිනෙ. කම්මැලි හිතෙනවා. එහෙනම් තවත් කොටස් දෙකක් පමණයි අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ශීල්ඩ් හි අවසානය දකින්න. එහෙනම් අන්තිම කොටසට කලින් කොටසින් හමුවෙමු.
#Hail Marvel!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
43 comments
sanjaya kumara
Kasun A.
sabata thuthi lahiru saho.jaya!
Amalka Himeshan
Thanks machan sub ekata
Cmj
Thanks bro!
lahiru sadaruvan
thank you so much aiye.. oya nam supiri..
Isaac
Thanks aiya sub ekata. Good luck...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAmila89
Obata jaya
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිට්යේ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට.. මේ සීසන් එකෙන් කතාව ඉවර වෙන එකටනම් මාර අවුල්. බලපු පට්ටම කතාවක් තමා මේක. මොනා කරන්නද ඉතිං. හොද දේවල් හැමදාම තියෙන්නේ නෑනේ..!
dush135
ela
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේකට තියෙන කැමැත්ත නම් අඩු වෙන්නේ නැ...
S1 එකෙන් පස්සේ පට්ට tie-in එකක් එයි වගේ...
තව season එකක් අවොත් පට්ට මේකෙන් නවත්තන්නේ නැතිව..eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Udara Damith Dissanayaka
මේක ටිකක් පරක්කු උන එකත් හොදයි
මගේ pc එක කැදීල අද තමයි හැදුවේhashanandhashan
thanks this sub
but shadowhunters season 3 is start
එකෙ sub දෙන්නෙ නැද්දSanath Indika
thx broo
V.T.Piyumal
Sub akata thanks bro!!me season aken agents of shield iwara wenawada??
Shalika
thanks bro
mmadhushankha
thanks sahoo
Ashan Maduranga
thank you wewa lahiru saho sub ekata good luck jaya wewa baiscope set ekatama
nirodha uthpala
Niyamai bro thx for sub aye shodow hunters patan gattu kaleka eakata aniva sub deepan mama umbava danne shadow hunters eaka berapu hinda umba nattan shadowhunters thamath kota uda.
ThusharaIndunilRathnayaka
sub ekata thanks lahiru.....!
tharidu sagara
තෑන්ක්ස් සහෝ සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
bohoma sthuthi sahooo jaya...
futureomega
Hail Talbet...
MadRad0912
Thanks bro... ela.
NokA
thanx machooo,,,,,,,,,,,,,,,,,,
hiruni
thankzzzz bro sub ekata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kaushan Rasanga
බොහෝම ස්තූතියි සහෝ ❤️❤️❤️
Deception සබ චුට්ටක් පරක්කුයි වගේ නේලහිරු ප්‍රසාද්
නෑ නේද බං.
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි......ජයවේවා......!!!!!!!!!!!
Shashmith 1
Tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nimanaka
thanks brother
prageeth2
tnx bro
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජයවේවා !!!!!Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
gayanmagee
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E20] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව ටැල්බට්ද..? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Marvels-Agents-of-S.H.I.E.L.D.-1.jpg)



thanks machan....sub ekata