Watch Trailer

The Rain [S01 : E04] Sinhala Subtitles | අතීතය සහ අමුත්තන්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – තමුන්ගේ පියා හොයාගෙන ස්වීඩනයට යන්න අක්ක මලෝ ගමන් ආරම්භ කිරීමෙන් තමයි කලින් කොටස පටන් ගත්තේ. නමුත් ඔවුන්ට මේ ගමන සඳහා පිටත් වෙන්න සිද්ධ වුනේ තනියම, ඒ මාර්ටින් මේ සඳහා කැම…

ඔන්න එහෙනම් සිව්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.

කලින් කොටස –

තමුන්ගේ පියා හොයාගෙන ස්වීඩනයට යන්න අක්ක මලෝ ගමන් ආරම්භ කිරීමෙන් තමයි කලින් කොටස පටන් ගත්තේ. නමුත් ඔවුන්ට මේ ගමන සඳහා පිටත් වෙන්න සිද්ධ වුනේ තනියම, ඒ මාර්ටින් මේ සඳහා කැමැත්තක් නොදැක්වූ නිසාවෙන්. නමුත් අවදිවෙන බියට්‍රිස් මේ ගැන බොහොම කෝප වෙලා තමුන්ගේ නඩයත් අරගෙන සිමෝනා එකක් එකාසු වෙන්න පිටත් වෙනවා. කොහොම හරි ඔවුන් නගරයේ දී එකිනෙකා හමුවුන හැටි අමතක නැතුව ඇති. නගරයේ ටිකක් විනෝදයෙන් කාලය ගතකල මේ තරුණ පිරිසට ඒ සතුට වැඩි වෙලාවක් තියාගන්න සිද්ධ නොවුන හැටි මතක ඇති කියල හිතනවා. ඒ නගරයේ දැනට ඉතිරිවෙලා ඉන්න මිනිසුන් නිසාවෙන්. ඔවුන් බොහොම කුරිරු බව මතක ඇති, කෑම ටිකක් වෙනුවෙන් තවත් මනුස්සයෙක් මරන්න දෙපාරක් නොහිතන හැටි දකින්න ඇති අර පොඩි දරුවට සිමෝනා ලබා දුන් කෑම ටික ලබාගන්න ඔහුට සහ ඔහුගේ පියාට කරපු දෙයින්. නමුත් එතනින් නොනැවතුන ඉන් එක අයෙක් සිමොනා පසුපස ඇවිදින් රස්මුස් බිල්ලට ගෙන කෑම ඉල්ලන හැටි මතක ඇති… මේ මොහොතේ තමයි තමුන්ගේ හිත වෙනස් කරගත් මාර්ටින්, පැට්‍රික් එකක් මෙතනට එන්නේ… ඔවුන් රස්මුස් මුදවා ගැනීමට සමත් වුනත් ඒ ඔහුට තුවාලයක් සිදුවීමෙන් පසු බව මතක ඇති…

කොහොම නමුත් ඔවුන් සමත් වෙනවා නගරයේ තිබෙන බංකර් එක වෙත යන්න, නමුත් මෙතෙක් ඔවුන්ගේ අත්දැකීම වගේ නෙමෙයි මේ බංකර් එක මේ වෙනකොටත් මිනිසුන් විනාශ කර හමාරයි. කිසිදු ප්‍රයෝජනවත් දෙයක් එහි අඩංගු වන්නේ නැහැ. ඉතින් රස්මුස්ගේ ජීවිතය බේරාගන්න ඔවුන් සතු දේ වලින් ප්‍රථමාධාර ලබා දීම තමයි කරන්නට හැකි වුනේ. නමුත් අර කලින් හමුවුන කුඩා දරුවාගේ පියා සඳහන් කල වෛද්‍යවරයෙක් ඉන්න තැනක් සොයා යන්න තමයි සිමෝනා සුදානම් වෙන්නේ… මේ සියල්ල එකක් අමතක නැතුව ඇති බියට්‍රිස්ගේ භූමිකාව… ඇය රස්මුස්ට කිව්ව කතාව වගේම මුලින් මාර්ටින් හමුවුන අවස්ථාවේ ඔහුට කිව්ව කතාව… ඉතින් ඇයගේ අවස්ථාවාදී වැඩ ඇතුලේ තවත් යමක් සැගවිලා තියන බවක් තමයි පෙනෙන්නට තිබුනේ… කොහොම නමුත් ඔය සිදුවීම් එකක් කලින් කොටස නිම වුනා….

ඔහොම තමයි කලින් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරණා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා. ඒ වගේම එන්න එන්න මේ ප්‍රේහෙලිකාවේ අපි දන්න කරුණු ප්‍රමාණය වැඩි වෙනවා…

  • ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
  • සිමෝනාගේ පියා වැඩ කරන ඇපලෝන් ආයතනය ලෝක විනාශයට යම් තරමකට දායක වෙලා තියනවා. ඒ පිළිබඳ තවමත් අපිට හරි අදහසක් නැහැ.
  • ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
  • සිමෝනාගේ පියාට විතරයි මේ විනාශයෙන් ලෝකය බේරාගන්නට පුළුවන්.
  • රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
  • ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
  • ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.
  • මාර්ටින්ගේ අතීතය.
  • ආහාර සහ සියලුම අංගයන්ගෙන් සම්පුර්ණ තවමත් හරි හැටි භාවිතා නොවූ බංකර් ආසන්නයේ ඇති බව.
  • සිනෝමාගේ පියා කෙසේ හෝ තවත් බංකර් එකක් වෙත පැමිණ ඇති බව.
  • පියා ස්වීඩනයට යන්නට ඇති බව.
  • නගරයේ මිනිසුන් කෑමබීම වෙනුවෙන් එකිනෙකා ඝාතනය කරගන්නා බව.
  • බියට්‍රිස් පෙනෙන චරිතය නොවන බව.

ඉතින් මේ කරුණු හිත දරාගෙන මේ කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….

අද කොටස –

මේ වෙනකොට රස්මුස් බොහොම අසාධ්‍ය තත්වයක තමයි පසුවෙන්නේ… ඉතින් මොවුන්ගේ අරමුණ ඔහුව වෛද්‍යවරයා වෙත ගෙන යාම. නමුත් ඒ සඳහා දිගු පාලමක් පසුකරන්නට සිද්ධ වෙනවා, ඒ තමයි එගොඩ විය හැකි එකම මාර්ගය, කලින් මාර්ටින් සඳහන් කළා වගේ අනික් පාලම සියල්ල විනාශ කොට දමා හමාරයි. නමුත් මේ පාලම විවෘතයි, බොහොම භයානකයි… ඒ වගේමයි “අමුත්තන්” මේ පාලම ප්‍රයෝජනයට ගන්නවා බොහම වැඩියෙන්… ඔව් අද කතාවේ දී ඔබට මෙතෙක් දඩයක්කාරයන හැටියට අර කලින් දැක්ක දිවි බේරගත්ත මිනිසුන් සොයා නම පිරිස ගැන අවබෝධයක් ලබාගන්නට හැකි වේවි ටිකක්, අපේ කට්ටිය ඔවුන්ව හඳුන්වන්නේ “අමුත්තන්” ලෙසින්. මේ වැඩේ සාර්ථකව ඉටුකර ගැනීම සඳහා සිමෝනා අපූරු සැලසුමක් ක්‍රියාත්මක කරනවා… ඒ වගේමයි අද අපිට ජින් ගේ අතීතය දැකගත හැකි වේවි…

මේ සියල්ල එකක් අක්ක මලෝ තමුන්ගේ පියා ගැන නොසිතූ කතාවක් අහන්නත් අද වාසනාවන්ත වෙනවා… ඒක වාසනාව කියන්න නම් බැහැ නමුත් මොකක් නමුත් ඒක ආරංචියක් නෙව… හැබැයි ඒ ආරංචිය එකක් ලොකු අරභිරහසක් තවත් ටිකක් විසදෙනවා… ඒ වගේම කණ්ඩායමේ කෙනෙක්ට අනතුරක් වෙන හැටිත්, ඒ නිසාවෙන් මාර්ටින් ගැන කණ්ඩායමේ කෙනෙක් සිතා සිටි අකාරය වෙනස් වෙන හැටි වගේම ඔහුගේ හොඳ පැත්තකුත් ඔබට මේ කොටසින් දැකගත හැකි වේවි… කොහොම නමුත් වැස්සත් එක්ක ඔවුන් අදත් සටනේ….

අද කොටස තමයි මට නම් මෙතෙක් කතා මාලාවේ හොඳම කොටස. කොහොම නමුත් මේ කොටසත් එක්ක අපි කතා මාලාවේ භාගයක් දුර ඇවිදින්, තවත් කොටස 4ක් පමණයි ඉතිරිව තියෙන්නේ. නමුත් ඉතින් කියන්න ඕන සති අග ලැබුණ වේගය නම් නැති වේවි සතියේ මැද වැඩ එකක්, නමුත් අනිවාර්යයෙන්ම දවසකට එක කොටසක් ඔබට ලැබෙයි. ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි.

PSA පිටපත් සඳහා උපසිරස ලබාදෙන්න කියල ඉල්ලීමක් කරල තියනව දැක්කා. නමුත් සමාවෙන්න ඕන ඉක්මනින් ඔබ වෙත මේක අරගෙන එන්න ඕන නිසා මම හැම කොටසක්ම බාගත කරගෙන අවසානයි. PSA පිටපත් ඊයේ හවස් ජාමයේ වගේ තමයි නිකුත් වෙලා තියනව දැක්කේ. නමුත් බැලුව කෙනෙක්ට අනුව නම් Dual Audio පිටපත් සඳහා උපසිරස ගැලපෙන බව තමයි ආරංචි, ඔබත් බාගත කල කෙනෙක් නම් වෙනත් කෙනෙක්ට දැනුවත් වීමට පොඩ්ඩක් කමෙන්ට් එකකින් ගැලපෙන බව දැනුම් දෙන්න… ලින්ක් නම් දාන්න එපා අපි ඒකට දැන් ඉඩක් ලබා නොදෙන බවත් කරුණාවෙන් සලකන්න…

ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන Dual Audio පිටපත්වල තියන ඉංග්‍රීසි දෙබස් ටිකක් විතර සමහර තැන්වල වෙනස් වෙන්න පුළුවන් උපසිරසත් එකක්. ඒකට හේතුව වෙන්නේ අපේ සිංහල හඬ කැවීම් වගේම ඒ හඬ කැවීම් ඉංග්‍රීසි කතා කරන ප්‍රේක්ෂකයන් හට හැකිතාක් සමීප වෙන්න නිර්මාණය කර තිබීම හේතුවෙන්. නමුත් ලැබෙන උපසිරස ඩෙන්මාර්ක් භාෂාවට ආදාල දෙබස් තමයි අසංෂිප්තව පරිවර්තනය කර තියෙන්නේ. ඉතිනේ එහෙම වෙනසක් දැක්කොත් ඒ වැරදීමකින් නොවන බවත් කියන්න කැමති…

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

23 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..PSA එකෙන් දිලා තියෙන rip එකට සබ් එක හරියටම හරියනවා. ඩුවල් ඕඩියෝ එකක් තමා තියෙන්නේ. ඕඩියෝ එකත් කිසිම අවුලක් නෑ. ගන්න කට්ටිය ඒකෙන් අරන් බලන්න. කොලටි එක ගැනත් කියන්න ඕනි නෑනේ PSA rip වල...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. dush135

    ela

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. milindasl

  6. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූති සහෝ.... :D

    1. isuru321@

      Thanka

  7. hashanandhashan

    thawa kotas 4 ethuru sub denna

  8. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  9. ramesh shalitha

    Episode 5 sinhala sub aka neena ... plz aka dannako

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  14. sampath n perera

    සබ් එකට බොහොම ස්තුතියි

  15. SanjulaJeter

    thanks

  16. Dineth Sachiranga

    සිංහල උපසිරැසියට ස්තූතියි

  17. demon

    thnkz

  18. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට... ;)

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dushan Tharuka

    Niyamai...thanks...Jaya wewa !!!

  21. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  22. umesh bandara 6

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.