Watch Trailer

Marvel’s Cloak & Dagger [S01 : E01] Sinhala Subtitles | ජීවිත දෙකක්, එකම දෛවයක්…. [සිංහල උපසිරසි සමඟ]

හිතන්න ඔබට ඕනෙම මොහොතක හිතූ හැටියට ආලෝක කිරිච්චි නිර්මාණය කරන්න පුළුවන් කියල… මම හිතන්නෙ නැහැ කිසිම කෙනෙක් මාරයි කියාවි කියල… බොහොම දෙනෙක් සැකයක් නැහැ අහයි ඔය වැරදිලා නේද ලිව්වෙ කියල… අම්මපා මේ ලියන මමත් හරියට මේ වැඩේ අවබෝධ කරගන්න උත්සහ කරනවා. ඒ කතාව හරි කියන්නකො… අනික් අන්තයට ගියාම ඔහුට පුළුවන් අන…

හිතන්න ඔබට ඕනෙම මොහොතක හිතූ හැටියට ආලෝක කිරිච්චි නිර්මාණය කරන්න පුළුවන් කියල… මම හිතන්නෙ නැහැ කිසිම කෙනෙක් මාරයි කියාවි කියල… බොහොම දෙනෙක් සැකයක් නැහැ අහයි ඔය වැරදිලා නේද ලිව්වෙ කියල… අම්මපා මේ ලියන මමත් හරියට මේ වැඩේ අවබෝධ කරගන්න උත්සහ කරනවා. ඒ කතාව හරි කියන්නකො… අනික් අන්තයට ගියාම ඔහුට පුළුවන් අන්ධකාරය බලයක් යොදාගෙන ද්වාර විවර කරන්න… ඒ තුලින් ගමන් කරන්න වගේම ඒවා යොදාගෙන තමුන්ට ඕන දෙයක්, ඕන කෙනෙක් වෙනත් තැනකට ගෙනියන්න… කොටින්ම ඔහු අන්ධකාර බලය සංසරණය කරන්නටම හපන් ජිවිතයක්, ඔවුන්ගේ නියෝජිතයෙක් කිවහැකි… සැකයක් නැහැ මුල දේ තේරුම් ගත්ත පිරිසත් දමල ගහල යන්න සුදානම් වෙනවා ඇති… නමුත් ඉන්න පොඩ්ඩක්…! මාර්වල් විශ්වයට (MCU) එක්කාසු වෙන අලුත්ම ටෙලි කතාව වන මේ ටෙලි කතාවටත් අවස්ථාවක් දෙන්න කියල මම ඉල්ලා සිටිනවා… ඒ කරුණු කිහිපයක් නිසාවෙන්, නමුත් අද ඔබට ඒ කරුණු ගැන මම කියන්නට සුදානම් වෙනවා ද? කොහෙත්ම නැහැ….

වෙනටද මේ වගේ දෙයක් ආරම්භ කරනකොට අපේ බයිස්කෝප් මාර්වල් ත්‍රස්තවාදියා (හයිද්‍රා) ඔහුගේ දැනුමෙන් මේ කතාවේ අලගිය මුලගිය තැන ඔක්කොම පැහැදිලි කරන්න අපිත් එක්ක ඉන්නවා, නමුත් අපේ අවාසනාවට අද ඔහු අතිශය කාර්යය බහුල වෙලා, නමුත් බය වෙන්න එපා මේ සියල්ල අපැහැදිලි තැන් තවත් අපැහැදිලි කරන්න, සමහර තැන් පැහැදිලි කර දෙන්නට ඔහු වටිනා ලිපියක් බයිස්කෝප් මංසල තුලින් අපිට ඉක්මනින් ලබා දෙයි… එතකම් මම මේ කතා මාලාවේ ආරම්භය ගැන පුංචි වචන කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්නම්….

1982 වසරේ නිකුත් වුන Peter Parker, the Spectacular Spider-Man #64 තුලින් කොමික් ලොව එලිය දකින මේ ජෝඩුව ඔවුන්ගේම කියා කතා පොතක් ලෙසින් එලිය දකින්නේ 1983 නිකුත් වුන කොටස් 4 කින් සමන් විත කොමික් කතාව ඇතුලෙ. නමුත් එහි නොසිතූ සාර්ථක භාවය නිසාවෙන්ම 1985 වසර වනවිට ඔවුන් මාස් පතා පලවෙන කොමික් පොතක් දක්වා එන්නට සමත් කම් පානවා. ඒ Bill Mantlo, Rick Leonardi සහ Terry Austin වගේ පිරිසකගේ හැකියාවන්ට පිං සිද්ධ වෙන්නට. ඔවුන් සැබවින්ම Runaways හි කොටස් කාරයන් කියන්නට හැකි/ නොහැකි නමුත් ඒ සියල්ල ඔබට දකින්නට හැකි වේවි අපේ සම්පුර්ණ විස්තරය පල වුනත් එක්කම. ඒ වගේමයි මේ ලිපියේ කොමික් කතාවේ චරිත දෙකේ පසුබිම් කතා ගැන මම සඳහන් කිරීමක් කරන්නෙ නැහැ මොකද ඒ කතා දෙක අදට ගැලපෙන හැටියට කතාවට වෙනස් කරගෙන ඇති බවයි පේන්නට තියෙන්නෙ.

2011 වස‍රේ නිර්මාණය ආරම්භ වුන මේ කතා මාලාව හරි ආකාරව නිර්මාණය වෙන්න අදියර කාරා පිවිසීම සිද්ධ වෙන්නේ Joe Pokaski කතා මාලාවේ නිර්මාපක අසුන ආරුඩ කරගැනීමත් එක්ක. එහෙම ආරම්භ වුන කතා මාලාව 2017 ජනවාරි මාසය වෙනකොට තමුන්ගේ ප්‍රධන චරිත දෙක වෙනුවෙන් Olivia Holt සහ Aubrey Joseph නම් කරගැනීම සිද්ධ වෙනවා… ඒ කොටස් 10 කින් යුක්ත පළමු කතා සමයක් වෙනුවෙන්… Freeform නාලිකාව මුලික නිවහන කරගෙන විකාශය වෙන මේ කතා සාමය තුල කොටසක් මිනිත්තු 45 ක වගේ කාල සීමාවක් තුල විකසනය වෙනවා… ඒ වගේම කියන්න ඕන මේ කතා මාලාවත් අපි දැනට දන්නා මාර්වල් සිනමා විශ්වය සහ ටෙලි කතා විශ්වය කියන දෙකම තුලයි භුමිගත වෙලා තියෙන්නෙ, ඉතින් වෙනමම ලෝකයක් ගැන හිතන්නට හේතුවක් නැහැ… විශේෂයෙන්ම අපේ තරුණ වීරයන් Runaways හි කොටස්කරුවන් නිසාවෙන් කතා දෙක අනාගතයේ දී එකතු වෙන්නටත් ඉඩක් තියේවිද කියන්න බැහැ… තවම නම් ඒ ගැන සඳහනක් නැහැ… ඉතින් Action, Adventure, Drama, Sci-Fi කාණ්ඩ නියෝජනය කරන මේ කතාව ගැන බලන්න සුදානම් වෙමු එහෙනම්.

උඩින් මම කිව්ව ටිකත් විද දරාගෙන මේ වෙනකම් ආවා නම් ඔබ දැන් මේ සුදානම් වෙන්නේ කතාවට පොඩි ප්‍රවේශයක් ගන්න… කතාවේ එක ප්‍රධාන චරිතයක් වබ ටැන්ඩි බෝවන් එහෙමත් නැත්නම් දන්නා නමින් ඩැගර් ගෙන් තමයි අපි කතාව ආරම්භ කිරීමට සුදානම කොටින්ම කියනවා නම් ඇයගේ ළමා අවධියෙන් සුන්දර යැයි පෙනෙන වරප්‍රසාද ලත් ජිවිතයක් ගත කරන බව පෙනෙන මේ පුංචි කෙල්ලට ජිවිතයට අමතක නොවන අත්දැකීමක් අත්දකින්නට සිද්ධ වෙන මොහොතක නගරයේ තවත් අන්තයක තමුන්ගේ සොහොයුරා සමඟ පොලිසියෙන් පැනයන ටයිරෝන් “ටයි” ජොන්සන් තමුන්ගේ ජිවිතයට ලොකු බරක් දෙකතු කරගන්නේ සිහිනෙකින්වත් නොසිතූ හැටියකට… නමුත් මේ අවාසනාවන්ත මොහොත දෙකොනක සිරවුණ මේ පුංචි දරුවන් අත්විදින්නේ අත් පටලවාගෙන කිව්වොත් මම නිවැරදි… ආයෙත් ඔබට මේ කතාව මහා අවුලක් වගේ පේනවා ඇති නමුත් ඒ තමයි ඇත්ත, එතන අවුලක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ අ අවුල තුල තමයි කතාවේ මිහිරියාව ඔබට දැකගත හැකි වෙන්නෙ…

ඉතින් දැන් අපිත් පනිමු වසර ගණනක් පෙරට… දැන් ඔවුන් දෙන්නම නව යෞවනයන්, නොදන්නා මිනිසුන්… ජිවිත වෙනස් වුන මිනිසුන්… නමුත් අර මාතෘකාවේ සඳහන් කරපු දෛවයම ආයෙත් ඔවුන්ව එකම සාදයකට ගෙන එන්නේ ජිවිතයෙන් බැටකන මේ තරුණ දෙපලට සරදම් කරන්නදැයි හිතාගත නොහැකි වේවි… නමුත් ඔවුනගේ එක් ස්පර්ශයක් නිසාවෙන් ඈතට විසිවෙන මොවුන් නැවතත් පියවි සිහිය ලබන්නෙ වික්ෂිප්ත වුන ලොවක… ඇය තමුන්ගෙ සුදු ආලෝකය විහිදුවන අත්ල දෙන බලා සිටින මොහොතක අන්ධකාරයෙන් වෙලාගත් දුමාරයක් ඔහුගේ අත්ල වෙලා ගන්නේ සබැවිම ඔවුන් දෙදෙනාම තමුන් කවුදැයි මොහොතකට අමතක කරමින්…

නමුත් ඔබට දැකගත හැකි වේවි ඒ බලයන් ක්‍රියා කරන හැටි සැකවින්, යම් අදහසක් ලැබෙයි ඔබට නමුත් මම වඩා කැමති එහෙම නොවෙන එක ගැන මොකද මේ කතාව තුල චරිත ගමන් ගන්නා මාර්ගයම ඔවුන් එක්ක ගමන් ගන්නට අපිට අවස්ථාවක් ලැබෙනවා මේ වික්ෂිප්ත වීමත් එක්ක…

කළු සුදු පොලිස් ප්‍රශ්න, මත්ද්‍රව්‍ය භාවිතය වගේ කරුණු කරනා එහෙමත් කැටිකරගත් කතා දිවයන මේ සුපිරි වීර කාව්‍ය සාමාන්‍ය එකක් නොවේවි, නමුත් මහා බරපතල දෙයක් නම් අපි දකින එකක් නැහැ මොකද ඕනවට වඩා අන්ධකාරය එක්ක ගණුදෙණු කරන්නට යන විශ්වයන් ඇස් ඉදිරිපිට කඩා වැඩෙන හැටි අපි කොතෙකුත් දකිනවා නෙව… ඉතින් සාමුහික ක්‍රියා පටිපාටියක් ලෙස සමගාමී විකාශය ගෙනයන බයිස්කෝප් පවුලේ නවතම Marvel ටෙලි කතා මාලාව ඔබට භාරයි මෙලෙසින්…

දෙවැනි කොටසත් නිකුත් වී ඇති නිසාවෙන් හෙට දිනයේ ඒ වෙනුවෙනුත් ඉඩක් වෙන් කරගන්න කියල ඉල්ලමින් මම ඔබෙන් සමුගන්නවා. අදහසක් දක්වා යන්න මේ ගැනත්… එහෙනම් ඔබ සැමට ජය වේවා !!!!

පා.ලි. 

බයිස්කෝප් මංසලේ මෙම කතා මාලාවට අදාලව පළවූ අගනා ලිපිය තුලින් ඔබට දැන් තවත් මේ චරිත ගැන දැනගත හැකි වේවි…..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

45 comments

  1. Hiran Eranda

    බොහොම ස්තුතියි උපසිරසියට සමීර අයියේ. ජය වේවා.

  2. ravindu lakshan

    enakam hitiye sub

  3. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  4. chathura_sam

    supri.magabalan hitiye.. thank u saho..jaya..

  5. chathura_sam

    thank u saho....jaya..

  6. Krishan NiShalya

    බොහොම ස්තූති ...
    ආවගමන්ම සබ් දෙන්න පටන් ගත්තට

  7. Lakshan

    Thanks Bro.

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සමීර අයියේ උපසිරසට. ආව දවසෙම බාලා තියාගත්තා අනිවා සබ වැටෙන නිසා. දිගටම කරගෙන යමු. ජය වේවා!

  9. DushanPasindu42

    Thnk u.. 2 epiyeth sub ikmanata denna....

  10. Lucifer94

    thanks machan..mahansiyata sthuthyi

  11. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  12. Kaushan Rasanga

    Tnx bro ❤️

  13. Subhash13

    සුපිරිම මචෝ

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. Tharu

    tnq

  16. Ayesh Prashan

    Thank You

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Nadeesha rox alahakoon

    Tnx bro digatama suba demuu

  19. Jana

    Thanks bro!

  20. yasith udayanga

    good work bro... aluth ewa thama apita oni.. keep it up....

  21. ranga11112

    Thank you saho....me karana kepakirimata oyalata godak pin...
    Theruwan saranai

  22. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි.............ජය වේවා.................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  23. tharidu sagara

    උපසිරැසියට බොහෝම ස්තුතියි…
    ජය වේවා

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Marvel නම් අනිවා බලනවා...
    මේක එනකම් හිටියේ...

  26. Randi

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  27. prageeth chamalka

    නියමයි සහෝ... උපසිරැසියට ගොඩක් ස්තූතියි

  28. SAjith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

  29. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  30. SanjulaJeter

    tq

  31. nirodha uthpala

    Hambe deela thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya..

  32. Janith Ramanayaka

    Thanx jayawewa

  33. lahiru madhuranga

    tnx...keep it up

  34. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  35. suranuwan

    thanks bro....

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Thisara Dilshan

    Thanks bn.. digatama karagena yamu.

  38. toonmo

    thx bro

  39. priyan99

    thanks bro sub ekata

  40. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  41. Dharshana Kasun

    Thanks...

  42. Ravindu chandika

    thankf

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  44. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  45. chinthaka.max4

    thankx machan