Watch Trailer

Marvel’s Cloak & Dagger [S01 : E02] Sinhala Subtitles | අතීතය, වර්තමානය සහ අනාගතය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමීර සහෝදරයා ඊයෙ පොරොන්දු වුණා වගේම ඔන්න අද අරගෙන ආව Cloak and Dagger පළමු කතා සමයේ දෙවන වෙළුම අරගෙන.. මම Marvel විශ්වයට එකතු වෙන්නෙ අලුතින්.. පැරණි Marvel රසිකයෙක් වුණාට කවදාවත් සබ් එකකින් Marvel විශ්වය එක්ක එකතු වෙන්න මට අවස්ථාවක් ලැබුණෙ නෑ.. විමා සහ සමීර සහෝ නිසා ඔන්න මට…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං සමීර සහෝදරයා ඊයෙ පොරොන්දු වුණා වගේම ඔන්න අද අරගෙන ආව Cloak and Dagger පළමු කතා සමයේ දෙවන වෙළුම අරගෙන.. මම Marvel විශ්වයට එකතු වෙන්නෙ අලුතින්.. පැරණි Marvel රසිකයෙක් වුණාට කවදාවත් සබ් එකකින් Marvel විශ්වය එක්ක එකතු වෙන්න මට අවස්ථාවක් ලැබුණෙ නෑ.. විමා සහ සමීර සහෝ නිසා ඔන්න මට ඒ අවස්ථාවත් උදා වුණා.. ඒ වගේම සමීර කිව්ව වගේ, නුදුරු අනාගතේ දවසක ඔයාලට බයිස්කෝප් මංසල හරහා අලගිය, මුලගිය හැම තැනක්ම අවුස්සල මේ කතා මාලාව ගැනත් හොඳ විස්තරයක් ලැබේවි.. එතකං ටිකක් පැටළිලි සහගත වගේ දැණුනත් කතාව බලාගෙන යන්න කියල ආරාධනා කරනව.. හරි එහෙනම් කලින් කොටස ගැන පොඩි සාරාංශයක් දීලම ඉන්නම්..

“ටැන්ඩි, ටයිරොන් (ටයි)” මේ තමා කතා නායකයන් දෙන්න.. “ටැන්ඩි” එයාගෙ තාත්ත එක්ක කාර් එකෙන් එනකොට කාර් එක ගඟකට වැටුණ කට්ටියට මතකයිනෙ.. ඒ අතරෙම සමගාමීව “ටයිරොන්” එයාගෙ අයිය “බිලී” එක්ක කාර් එකක රේඩියෝ එකක් ගලවගෙන පොලීසියට මාට්ටු වෙලා, පැනල යනකොට බිලී පොලිස් වෙඩි පාරකින් මැරිල වැටෙනව. ඒත් අර ගඟටම තමා.. ටයි වතුරට පනිනව බිලීව බේර ගන්න.. අවාසනාවට එතකොටත් බිලී මැරිල.. ටිකකින් ටයිරොන්ටත් සිහි නැති වෙනව.. හැබැයි වතුරට යට වුණු කාර් එකේ ඉන්න ටැන්ඩිගෙ අත ටයිරොන් අල්ල ගන්නව.. ඔන්න එතනින් තමා කතාව හරියට ආරම්භ වෙන්නෙ.. කාලෙකට පස්සෙ මේ දෙන්න තරුණ කාලෙ ආයෙත් පාර්ටි එකකදි හමු වෙනව.. හැබැයි හොඳටම වෙනස් චරිත දෙකක් විදියට.. ටැන්ඩි හොරගෙඩියෙක් වෙලා, ටයිරොන්ගෙ පොකට් එක් උස්සනව.. හැබැයි ටයිරොන් පස්සෙන් එළවල ටැන්ඩිව ඇල්ලුව විතරයි ඔන්න කාලයක් නිද්‍රාශීලී වෙලා තිබ්බ බලය නැවත මතු වෙනව.. ඒ බලය පාවිච්චි කරල මතකයිනෙ පස්සෙ වෙලාවක ටැන්ඩි අර සල්ලිකාර කොල්ලට ආලෝක කිරිච්චියකින් ඇනල බේරෙනව.. ටයි එයාගෙ අයියව මරපු පොලිස් කාරයගෙ වෙඩි පාරෙන් බේරෙනව අන්ධකාරයේ කබාය පාවිච්චි කරල.. “ආලෝකය සහ අන්ධකාරය,” පරස්පරයන් දෙකක්.. ඔහොම තමා දළ වශයෙන් මුල් කොටස..

අද කතාව තුළ වෙන්නෙ, ටැන්ඩිට ටවුන් එකෙන් යන්න සල්ලි හොයා ගන්න දෙන ගේමක් ගැන.. ටැන්ඩි නම් හොර ගෙඩියෙක්..ඒකටම හරියන්න අර “ලියම්” කියන හාදයත් ඉන්නවනෙ.. අර කිණිසි පාර කාපු කොල්ලට මොකක් වෙන්න ඇතිද..? ඒකත් බලන්නකො.. මේ අතරෙ ටැන්ඩි සහ ටයි දෙන්නටම අතීත සහ අනාගත දැක්මක් වගේ දෙයක් ගැන ඉඟි ලැබෙනව.. ඒව ඇත්තටම මොනවද? ඒකත් ඔවුන් සතුව තිබෙන බලයන්ද? මේ බලයන් ඔවුන්ට තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරන්න පුළුවන්ද? බලලම උත්තර හොයා ගන්නකො.. කට්ටිය දන්නවනෙ මේකත් බයිස්කෝප් සහෝදර සමූහයේ එකමුතුවක් විදියට තමයි ඔයාලගෙ අතට පත් වෙන්නෙ.. ඒ විදියට අනුව ඊලඟ සතියෙ කොටස තරිඳු සහෝදරයා අරගෙන ඒවි.. සතියක විරාමයක් තියෙනව.. හොඳ හුස්මක් අරගෙන ලෑස්ති වෙන්න.. එහෙනම් ගිහින් එන්නම්.  ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

29 comments

  1. ravindu lakshan

    athi yantham ....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් හිටියේ....
    පට්ට කතාව මේක...

  4. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  5. Randi

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  6. dsdkavishka

    Thenks saho

  7. thanula D

    තැනක්ස් සහෝදරයා සබ් එකට.ජයවේවා.......

  8. Stranger

    thaanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Lakshan

    Thanks Bro.

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  13. SanjulaJeter

    tq

  14. ranga11112

    Thanks shaho...sub akata bohoma pin.
    Theruwan saranai

  15. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya...

  16. sachintha

    Thanks For Sub....

  17. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. ThusharaIndunilRathnayaka

    thanks for sub bro....!

  19. Janith Ramanayaka

    Thanx bro

  20. sachintha

    Thanks For Sub...

  21. futureomega

    thax

  22. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  23. suranuwan

    thank you..

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. priyan99

    thanks saho sub ekata

  26. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  28. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  29. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.