Watch Trailer

Marvel’s Cloak & Dagger [S01 : E06] Sinhala Subtitles | එක්කෙනෙක් මැරෙයි, එක්කෙනෙක් ජීවත් වෙයි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Cloak and Dagger පළමු කතා සමයෙ හයවන කතාංගය. මේක කරන්න හිටියෙනම් මම නෙවෙයි විමා. විමාගෙ විභාග කටයුතු නිසා මේක කරන්න පටන් ගත්තට සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණු නිසා තමයි මේක මට කරන්න වුණේ.. කොහොම වුණත් පොඩි ප්‍රමාදයක් වුණා.. ඒ ගැන යාළුවො හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.…

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Cloak and Dagger පළමු කතා සමයෙ හයවන කතාංගය. මේක කරන්න හිටියෙනම් මම නෙවෙයි විමා. විමාගෙ විභාග කටයුතු නිසා මේක කරන්න පටන් ගත්තට සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණු නිසා තමයි මේක මට කරන්න වුණේ.. කොහොම වුණත් පොඩි ප්‍රමාදයක් වුණා.. ඒ ගැන යාළුවො හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.

පහුගිය කොටසින්..

ටයිරෝන් පරීක්ෂක ඔ’රයිලිව මුණගැහෙන්න පොලිසියට යන්නෙ මොකටද ගියානෙ. ටයිරෝන් ඔ’රයිලිව මුණගැහෙන්න යන්නෙ එයාගෙ අයියගේ ඝාතනයට සම්බන්ද කොනර්ස් කියන දූෂිත පොලිස් නිළදාරියව නීතියට කොටු කරන්න බලාගෙන. ඒත් ටයිරෝන් දැනගන්නවා කොනර්ස් කියල නිළදාරියෙක් ගැන කිසිම සටහන නෑ කියල. ඒ වගෙම එයාගෙ අයියගේ ඝාතනය ගැනත් කිසිම සටහනක් ඇත්තෙත් නැහැ. ඔ’රයිලි කියන විදිහට නම් කොනර්ස් කියන හාදයා දූෂණ මර්ධන අංශයේ වැඩ කරන රහස් නිළදාරියෙක්. මෙතනදි ටයිරෝන් ඔ’රයිලිට කියනවා කොනර්ස් හාදයා මත්ද්‍රවය ජාවාරමට සම්බන්දයි කියල. ටැන්ඩිත් රොක්සොන් සමාගමට විරුද්ධව සාක්ෂියක් හොයාගන්න මැරුණ නීතිඥයාගෙ අල්මාරියෙන් ගත්තු ලිපි ගොණු අවුස්සනවා. මේ වෙනකොට එවීටා සැරටම ටයිරෝන්ට කැමැත්තෙනුයි ඉන්නෙ. එවීටා ටයිරෝන් පුදුම කරවන්න ටයිරෝන්ගෙ ලොකර් එක පවා සරසනවා. තමන්ට ලැබුණු හෝඩුවාවන් පස්සෙ යනකොට ටැන්ඩිට එක තැනකදි මේ හැම දේකටම මූලික වුණු අභිරහස් හාදයෙක් ගැන දැනගන්න ලැබෙනවා. ඔ’රයිලිත් දිගින් දිගටම කොනර්ස්, මත්ද්‍රවය ජාවාරමට සම්බන්ද නිළදාරියෙක් බව ඔප්පු කරන්න පුළුවන් විදිහෙ සාක්ෂි හොයාගෙන යනවා. ඕව තමා වුණේ පහුගිය කොටසෙ.

අද කොටසින්..

අද කොටස ඇත්තටම කොටස් තුකන් විදියට තමා යන්නෙ.. ටයිගෙ කෙල්ල එයාගෙ නැන්ද එක්ක කාඩ් වලින් අනාවැකි බලනව. ඒකෙන් බොහෝ දේවල් හෙළි වෙනව වගේම අනාගතේ අසුබ දර්ශන රාශියක් ගැනත් හෙළි වෙනව. ඒක අද කතාවෙ පැතිකඩ තුනෙන් එකක්.

අනිත් පැත්ත තමයි ටැන්ඩි රොක්සන් සමාගමට එරෙහිව සාක්ෂි එකතු කරන්න උත්සාහ කරන එක. ඒකට ඇයට ලොකු රඟපෑමක් කරන්න වෙනව. මෙතනදි “මීනා හෙස්” කියන කෙනා ටැන්ඩිගෙ ඉලක්කය බවට පත් වෙනව. කලින් කොටස අවසානය මතක නම් මේ මීනා කවුද කියල ඔයාලට මතක ඇති. ටැන්ඩි මීනා හෙස්ව ගොනා කරගෙන දේවල් හාරවුස්සන්න යන්නෙ. හැබැයි වෙන්නෙ කොහෙත්ම නොහිතපු දෙයක්.. ඒක ඔයාලම බලාගන්න.

අනිත් පැත්තෙන් ටයි තමන්ගෙ අයියව මරපු කෝනර්ස් අල්ලගන්න ඩුඈන් ලඟට කිට්ටු වෙන්න උත්සාහ කරනව. මතක ඇතිනෙ ටයි දන්නව කෝනර්ස් එක්ක ඩුඈන්ට සමීප සම්බන්ධයක් තියෙනව කියල. ටයි හදන්නෙ මේකෙන් වැඩක් ගන්න. ඔ’රයිලි දන්නව කෝනර්ස් කියන්නෙ මහා කපටි ජාවාරම්කාරයෙක් කියල. හැබැයි දන්නෙ නෑ වගේ ඉන්නෙ. අද කෝනර්ස් යනව ඔ’රයිලි එක්ක මත්ද්‍රව්‍ය බෙදාහරින කොල්ලො අල්ලන්න. ඒ අතරෙ කෝනර්ස් ලොකු සැළසුමක් හිතේ තියාගෙන ඉන්නෙ. මේ සැළසුම නිසා බොහෝ අයගෙ ජීවිත අනතුරේ වැටෙනව. කෝනර්ස්, ඔ’රයිලි එක්ක යන මේ ගමනෙදි වෙඩි හුවමාරුවක් වෙනව. එතනදි කෝනර්ස් ටයිට වෙඩි තියනව. අතුරුදහන් වෙන්න කලින් ටයිට වෙඩි වදීවිද? වෙඩිල්ල එක්කම අතුරුදහන් වෙලා ටයි ගිහින් නතර වෙන්නෙ ටැන්ඩි ලඟ. වෙඩිල්ලෙන් දෙන්නගෙන් කාටහරි හානියක් වෙන්න ඇතිද?

එහෙනම් ඉතිං අපේ සහෝදරයෙක් ඊලඟ කොටසත් අරගෙන ඒවි. එතකං මම ගිහින් එන්නම්.  ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,068 downloadsDownload Marvels-Cloak-Dagger-S01-E06.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,068 downloadsDownload Subtitles31 KB

25 comments

  1. Jana

    Thanks :)

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      සහෝ වෙලාවක් තියනවා නම් Luke cage season 2 සබ් කරමු...

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. ThusharaIndunilRathnayaka

    sub ekata thanks......!

  5. ThusharaIndunilRathnayaka

    sub ekata thanks......!!!

  6. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!

  7. Charinda

    thank you.....

  8. tharidu sagara

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….
    ජයවේවා

  9. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ....
    ඔබට ජය

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    හෙට කොටස ඉක්මනට ගේමු...

  11. Lakshan

    Thanks Bro.

  12. Ayesh Prashan

    Thank You

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. suranuwan

    thanks...

  16. Randi

    උපසිරැසියට ස්තූතියි!

  17. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  18. Ostin_Gunathilaka

    thnx

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  23. chinthaka.max4

    thankx machan