කලින් කොටසෙ වුණේ මෙන්න මෙහෙම දේවල්, ටැන්ඩිට පුළුවන් වෙනව රොක්සන් සිදුවීමට බලපෑමක් වුණු අබිරහස් පුද්ගලයෙක් ගැන තොරතුරු හොයා ගන්න. හැබැයි ටැන්ඩිට තව වැඩි විස්තර දනගන්න නම් රොක්සන් සමාගම ඇතුළට රිංග ගන්න වෙනව.. ඒකට ඇය පුහුණු වෙන කෙනෙක් මුවාවෙන් “මීනා හෙස්” ලඟට නමත් වෙනස් කරගෙන යනව.. මීනා හෙස් කියන්නෙ න…

කලින් කොටසෙ වුණේ මෙන්න මෙහෙම දේවල්,
ටැන්ඩිට පුළුවන් වෙනව රොක්සන් සිදුවීමට බලපෑමක් වුණු අබිරහස් පුද්ගලයෙක් ගැන තොරතුරු හොයා ගන්න. හැබැයි ටැන්ඩිට තව වැඩි විස්තර දනගන්න නම් රොක්සන් සමාගම ඇතුළට රිංග ගන්න වෙනව.. ඒකට ඇය පුහුණු වෙන කෙනෙක් මුවාවෙන් “මීනා හෙස්” ලඟට නමත් වෙනස් කරගෙන යනව.. මීනා හෙස් කියන්නෙ නේතන් බෝවන්ගෙ (ටැන්ඩිගෙ තාත්තගෙ) යාළුව අයිවන් හෙස්ගෙගෙ දුව.. කොහොමහරි බොරු කරල වැඩේ ගොඩ දාගත්තට මීනා හෙස් දැනගන්න ඒ ඉන්නෙ ටැන්ඩි බෝවන් කියල. ඒ අතරෙ මීනගෙ තාත්ත අයිවන් හෙස් ඉන්නෙ අංශභාග තත්වයේ කියල දැක්කනෙ.. කොහොමහරි ටැන්ඩි ඔහුගෙ මනසට රිංගල විස්තර වගයක් හොයා ගන්නව..
ඒ අතරෙ ටයි උත්සාහ කරන්නෙ බිලීගෙ මිනීමරුව “කෝනර්ස්” කොටුකර ගන්න. ඒකට ඔහු බිලීගෙ යාළුව ඩුඈන් පාවිච්චි කරනව. මොකද ඩුඈන්ට කෝනර්ස් එක්ක සමීප සම්බන්ධයක් තියෙනව. ඒත් කෝනර්ස් කියන්නෙ මාරම කපටියෙක්. ටයිගෙ සැලසුම් ඔක්කොම වතුරෙ යනව කෝනර්ස් කරන වැඩක් නිසා.. කෝනර්ස, ඔ’රයිලි එක්ක ඇවිත්, කූට සැලසුමකින් ඩුඈන්ව මරල දානව.. ඒ වෙලාවෙ එතන ටයි ඉන්නව.. කෝනර්ස් ටයිට වෙඩි තිව්වත් අන්ධකාරයට පින්සිදු වෙන්න ඔහුට ටැන්ඩි ඉන්න තැනට පැනගන්න පුළුවන් වෙනව.. තව පොඩ්ඩෙන් ටයිරොන්ගෙ කෙල්ලගෙ නැන්ද කියන අනාවැකියක් ඇත්ත වෙනව කෝනර්ස් තියපු වෙඩිල්ල ටයිරොන්ට වැදුණ නම්..
අනාවැකි ගැන කතා කරනකොට ටයිරෝන්ගෙ කෙල්ල එයාගෙ නැන්ද එක්ක කාඩ් වලින් අනාවැකි බලනව.. අනාගතය බොහෝ භීෂණකාරී එකක් කියල තමයි පේන්නෙ නම්.. ඒ අනාවැකි වලට අනුව දිව්‍යමය යුගළය ගැන ඔවුන්ට දැනගන්න හැකියාව ලැබෙනව.. ඔවුන් දන්නව ඒ යුගලයේ එක් අයෙක් ටයිරොන් කියල.. අනිත් කෙනා කවුද කියන්න ඔවුන් තාම දන්නෙ නෑ.. කතාව අවසාන වෙන කිට්ටුව නරකම අනාවැකිය කියවෙනව.. ඒ තමයි “එක් අයෙක් මියයාවි, එක අයෙක් බේරේවි” කියන අනාවැකිය..
අද කොටසින්..
හරි කලින් කොටස බලපු අය දන්නවනෙ ටැන්ඩි අයිවන් හෙස්ගෙ මනසට රිංගල එක්තරා ආකාරයක දොරක් හොයා ගන්නව. හැබැයි ඇයට තනියම ඒ දොර අරින්න බැහැ. ඔන්න ඒ නිසා අද ටැන්ඩි ටයිරොන්ගෙන් උදව් ඉල්ලනව. දෙන්න එක්ක ඉස්පිරිතාලෙට ගිහින් දෙන්නම අයිවන් හෙස්ගෙ අත අල්ලල එයාගෙ මනසට ඇතුළු වෙලා අර දොර අරිනව.. ඔයාල හිතන්නෙ දොරෙන් කොහෙට යන්න ඇති කියලද? ඒක ගැන මම ඉඟි පළ කරන්නෙ නෑ.. මොකද ඒක ඔයාලම බලාගන්න ඕන දෙයක්.. ඒ දොරන් ඇතුළු වෙන තැන එකම අවුල් ජාලාවක්.. නමුත් මේ තැන කතාවෙ අනාගතයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තැනක් කියලත් කියන්න පුළුවන්.. කොහොමහරි කතාවෙ ඒ කොටස් ටික මුලින් මුලින් පිස්සු වගේ දැනේවි.. ඒත් අගට යනකොට ඒ සිදුවීම් පෙළ පැහැදිලි වෙනව.. අයිවන් හෙස් ඉන්නෙ තමන්ගෙම මනසෙ හිරවෙලා.. එයාව බේරගන්න යන ටැන්ඩි, ටයි දෙන්නට මොකක් වේවිද? ඒකත් ඔයාලටම දැනගන්න බාරයි.. හැබැයි එක දෙයක් තියෙනව, අද කොටසෙදි දෙන්න තමන්ගෙ බලයන් වලින් සෑහෙන වැඩ ගන්න දවසක් කියල නම් කියන්නම ඕනෙ.. ඉතිං ඇතිනේ විස්තර.. එහෙනම් මේ කොටසත් බලන්න කියල ආරාධනා කරනව..
- ලිපිය ලබා දීම වෙනුවෙන් උදයංග සම්පත් හතරසිංහ සහෝට විශේෂ ස්තුතියක් හිමිවිය යුතුයි….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
30 comments
sam1973
toonmo
thx bro,
dsdkavishka
Thenks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය
Luke cage season 2 එකට සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්...
ඔයා වැඩේට අත තිව්වොත් ආයේ 2ක් නෑ ලෙසටම දෙනවා කියලා දන්නවා....KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Himantha
Sub ekata godak thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Randi
උපසිරැසියට ස්තූතියි!
lakmal16304
ELz
tharidu sagara
දෙන්නටම ස්තූතියි!
සමේර සහෝ සුබ් එකනම් පට්ට ස්ප්‍රීඩ් දිල තියෙනව තෑන්ක්ස් හොදේAyesh Prashan
Thank You
Kanchana
Thanx sahooo
tutooo
RACE 3 HINDIFILM EKATA SUB DENNA YALUWANE KAURUHARI
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා............
Lakshan
Thanks Bro.
Stranger
thanks
suranuwan
thanks bro.....
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasitha Illangasinghe
Thanks sub ekata..
nuwan14
godak isthuthi oyata
nuwan14
godak isthuthi oyata. jaya weewa. niyamayi
futureomega
thax sub ekata
Shammi
ela ela thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks sub ekata