ඉතින් ඔන්න අද අරගෙන ආවා කට්ටිය කෙල හල හල බලාගෙන හිටපු ටීවී සීරියස් එකක මුල්ම කොටස. විශේෂයෙන් ඉතින් මාවල් ලෝලීන් නම් මේක එනකම් ඇඟේ ලේ නැතිව නොවැ හිටියේ… 😀 සුරේනි අක්කා කිවුවා අනේ මල්ලී මේකට ලිපිය කොහොම හරි ලිපියක් ලියලා දෙන්න කියලා. ඉතින් බෑ කියන්නයෑ. අද නිවාඩු දවසක් නිසා ඔන්න ඔහේ හිමීට ලියුවා. කොහො…

ඉතින් ඔන්න අද අරගෙන ආවා කට්ටිය කෙල හල හල බලාගෙන හිටපු ටීවී සීරියස් එකක මුල්ම කොටස. විශේෂයෙන් ඉතින් මාවල් ලෝලීන් නම් මේක එනකම් ඇඟේ ලේ නැතිව නොවැ හිටියේ… 😀 සුරේනි අක්කා කිවුවා අනේ මල්ලී මේකට ලිපිය කොහොම හරි ලිපියක් ලියලා දෙන්න කියලා. ඉතින් බෑ කියන්නයෑ.
අද නිවාඩු දවසක් නිසා ඔන්න ඔහේ හිමීට ලියුවා. කොහොමින් කොහොමින් හරි ඔන්න එහෙනම් අර විමාගේ භාෂාවෙන් කියන්නා වගේ පොඩ්ඩක් ලොකු පඳුරක් තලන්නයි යන්නේ… ලොකු කිවුවට එච්චරම ලොකුත් නෑ. කම්මැලි නැතිව මේ ලියන ආටිකල් එක කියවහල්ලා ඈ…. :3 ගිය දවස් ටිකේ මේක ගැන විස්තර හොයද්දි මේකට තිබ්බ රේටින්ග්ස් දැකලා DC ලෝලියෙක් වෙන මගේ කනෙන් දුම් දාන්න ගත්තා. :3 අපි මේ දවස් වල බලන DCලගේ ඇරෝ, ෆ්ලෑෂ් ට එරෙහිව මේ Daredevil (ඩෙයාඩෙවිල්)( සිංහලෙන් කිවුවොත් කිසිදේකට බය නැත්තා, එහෙමත් නැත්නම් “යකඩයා”) ට පුළුවන් වේවි කියලා හිතනවා. IMDb අගය 9.5ක්. ඇරෝගේ සහ ෆ්ලෑෂ්ගේ අගය 8.2යි. ඉතින් කනෙන් දුම් දාන එක අහන්නත් දෙයක්ද. ( ඔහොම කිවුවට DC ෆෑන්ලත් Marvel ලගේ ඒවා පැල් බැඳගෙන තමා බලන්නේ. :3 😀 ) ඉතින් මේක අලුතෙන්ම පටන් ගන්න ටීවී සීරියස් එකක් නිසා අපි පොඩ්ඩක් ඩෙයාඩෙවිල් චරිතය ගැන හොයලා බැලුවොත් හොඳයි නේද???
අපේ කොමික් ලෝලීන් නම් ඉතින් ඩෙයාඩෙවිල් ගැන නොදන්නා විදිහක් නෑනේ. ඩෙයාඩෙවිල් කියන්නේ මාවල් කොමික්වල ඉතාමත් ප්‍රබල චරිතයක්. මේ ඩේඩෙවිල් චරිතය මුල් වරට එලියට එන්නේ වර්ෂ 1964 අප්‍රේල් මාසයේ. ඩේඩෙවිල්ව නිර්මාණය වෙන්නේ ස්ටෑන් ලී සහ බිල් එවරට් කියන කොමික් චරිත නිර්මාණකරුවන් අතිනුයි. ස්ටෑන් ලී ව නම් කට්ටිය නොදන්න විදිහක් නෑනේ. ඉතින් මේ ඩෙයාඩෙවිල්ගේ ඇත්ත නම තමා මැතිව් මයිකල් මර්ඩොක්, එහෙමත් නැත්නම් මැට් මර්ඩොක්. මෙතැනදී මැට් මර්ඩොක් කියන්නේ ඒක අන්වර්ථ නාමයක් විතරයි. මෙයාට අන්වර්ථ නාම තව කීපයක්ම තියෙනවා. මැට් පොඩි කාලෙදිම එයාගේ අම්මා එයාව දාලා යනවා. ඉතින් ඊට පස්සේ තාත්තා තමයි හෙල්ස් කිචන්වල ඉඳන් මෙයාව බලාගන්නේ. හැබැයි තාත්තා කවදාවත් කියන්නේ නෑ අම්මා එයාව දාලා ගියා කියලා. එයා කියන්නේ අම්මා මැරුණා කියලයි. තාත්තා නමින් ජොනතන් “බැට්ලින් ජැක්” මර්ඩොක් හෙවත් ජැක් මර්ඩොක්. බොක්සිං ක්‍රීඩකයෙක්. තාත්තාට ඕන වුනේ මේ මැට්ව ඔහුට වඩා සාර්ථක පුද්ගලයෙක් කරන්න. ඉතින් ජැක් උත්සාහා කරේ මේ මැට්ව නිතරම වාගේ ඉගෙනුම පැත්තට යොමු කරන්නයි. ජැක් බලාපොරොත්තු වුනේ එයාගේ පුතා කවදා හරි දවසක් එයා වගේ නූගත් පුද්ගලයෙක් නොවී වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් වෙයි කියලයි. ඉතින් මේ නිසා ඒ අහළ පහළ ඉන්න ළමයි මැට්ට විහිලුවටත් එක්ක ඩෙයාඩෙවිල් කියන්න ගත්තා. ඉතින් මේ දුක නැතිකරගන්නත් එක්ක මැට් කලේ හොරෙන්ම ගිහිල්ලා තාත්තාගේ ජිම් එකට වෙලා පුහුණුවීම වල නිරත වෙච්ච එකයි. ඉතින් දවසක් මේ මැට් දැක්කා වේගෙන් එන ට්‍රක් එක දිහාවට වයසක මනුස්සයෙක් ඇවිදගෙන එනවා. ඉතින් මෙයා මේ වයසක මනුස්සයාව බේරගන්න උත්සාහා කරනවා. එතනදී මේ ට්‍රක් එකේ තිබිච්ච විකිරණශීලී රසායනික ද්‍රව්‍යයක් මෙයාගේ ඇස් වලට ඉහෙනවා. ඒ නිසා මැට්ගේ පෙනීම සදහටම නැතිවෙලා යනවා.
හැබැයි 2003 ආපු ඩෙයාඩෙවිල් ෆිල්ම් එකේ නම්( මේ සිනමාපටයේදී ඩෙයාඩෙවිල් විදිහට රඟපාන්නේ 2016 වසරේ එන්න තියෙන BvS සිනමාපටයේ බැට් මෑන් විදිහට රංගනයෙන් දායක වෙන බෙන් ඇෆ්ලෙක්ට් කියන රංගදරයායි.) මේ අනතුර වෙන්නේ වෙනස් විදිහකට කියලා බලපු අය දන්නවා ඇතිනේ. ඒ මැට් ගේ තාත්තා වැඩකරන තැනට මැට් ගෙ විභාග ප්‍රතිපල පෙන්නන්න ගියාම එයා මාසගානක ඉඳලා එතන වැඩ නෑ කියන එක දැනගෙන දුකින් ගෙදර එන අතර මගදිනේ. එතැනදී එයා දකිනවා තාත්තා මනුස්සයෙක් එක්ක රණ්ඩු වෙනවා. එයාගේ තාත්තා එහෙම කෙනෙක් නෙව් නිසා එයාට ඒක දරාගන්න බැරුව එතනින් දුවලා යන අතර තුරේදී තමා මේ අනතුර වෙන්නේ. ඉතින් මේ අනතුර නිසා මැට් ගෙ පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා කියලා මම කිවුවනේ. නමුත් මැට්ට රෝහලේදී ආයෙත් සිහිය එනකොට මැට්ට තේරෙනවා එයාගේ ශ්‍රවන හැකියාව, ස්පර්ෂයෙන් යමක් හඳුනාගැනීමේ හැකියාව සාමාන්‍ය මිනිසෙකුගේ මට්ටමට වඩා ඉතාමත්ම ඉහල මට්ටමකට වර්ධනය වෙලා කියලා. මේ ස්පර්ශන හැකියාවෙන් තමා ඉස්සරහට මැට් තමාගේ කියවීම් කටයුතු කරගන්නේ. ඇස් පෙන්නේ නැති නිසා. මීට අමතරව ඔහුට රේඩාර් සන්නිවේදන හැකියාවක්ද මේ අනතුරෙන් මූණට විසිවෙච්ච රසායනික ද්‍රව්‍යය නිසා ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ කනට ඇහෙන ශබ්ධ ආධාරයෙන් මෙයාට පුළුවන් එයා අවට තියෙන වස්තූන්ගේ රූප හා හැඩය මනසින් මවාගන්න. ඉතින් මෙයා ඉස්සරහට නීතීඥයෙක් විදිහට වැඩ කරද්දි මිනිස්සු ඇත්ත කියනවද කියලා බලන්නත් මේ රේඩාර් හැකියාව පාවිච්චි කරනවා. බොරු කියනකොට හදවතේ හාට් බීට් එක වෙනස් වෙනවනේ. අන්න ඒ වෙනස් වෙන රේට් එක බලන්න තමා මෙයා මේ බලය පාවිච්චි කරන්නේ…
ඉතින් මාස කීපයකට පස්සේ මෙයාට ස්ටික් කියන නින්ජා ගුරුවරයාගෙන් එයාගේ හැකියාවන් පාලනය කරගන්න පුහුණුවක් ලැබෙනවා. මේ අතරතුරේ ෆ්ලෙක්ස් කියන තරඟ අනුග්‍රාහකයා විසින් පොඩි ආරවුලක් නිසා මැට් ගෙ තාත්තව වෙඩි තියලා මරනවා. පස්සේ මැට් මේ ෆ්ලෙක්ස්ව හොයාගෙන යනවා. පස්සේ මේ මැට් තාත්තගේ පලිය ගන්න කරන ක්‍රියාවන් ගැන එයාම බයට පත්වෙලා ආපහු මාස්ටර් ස්ටික්ව හොයාගෙන යනවා. නමුත් මාස්ටර් ස්ටික් මැට් මේ කරපුදේවල් නිසා එයාව ආපහු බාරගන්නේ නෑ. ඊට පස්සේ මැට් දිගටම එයාගේ අධයාපන කටයුතු කරගෙන ගිහිල්ලා කොලොම්බියා නීති විද්‍යාලයට ඇතුලත් වෙනවා. එතැනදී තමයි මෙයා ඉලෙක්ට්‍රා නැචියොස් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේ. මං මෙතනදී ඉලෙක්ට්‍රා ගැන නොකියා ඉන්නම්. මාවල් අය නම් ඉලෙක්ට්‍රා කවුද කියලා දන්නවා ඇතිනේ. පස්සේ දවසක එයා ගැන කියන්නම්. ඉතින් පස්සේ මෙයා මෙයාගේ නීති උපාධිය අරගෙන නීතීඥයෙක් විදිහට රැකියාවට එලබෙනවා. ඉති මෙයා ආයෙමත් එයා හැදී වැඩිච්ච කිචන්ස් හෙල්වලට එනවා. ඊට පස්සේ තමා මෙයා ඩෙයාඩෙවිල් නමින් වැඩ පටන් ගන්නේ. මුලින්ම මෙයාගේ ඇඳුම කහ පාටයි කලුපාටයි මිශ්‍ර වෙච්ච ඇඳුමක්. ඒක හදාගන්නේ එයාගේ තාත්තා බොක්සිං වලට පාවිච්චි කරපු ඇඳුම් පාවිච්චි කරලා. පස්සේ තමා ඉතින් අඳුරු රතුපාට ඇඳුමට බහින්නේ. ඉතින් දැනට මේ ඇති කියලා හිතනවා. :v :v කියනවා නම් තවත් තියේ… :3 ඕක තමයි ඉතින් සරලවම ඩෙයාඩෙවිල් කොමික් චරිතයේ බිහිවීම. මෙයා ඉතින් ශීල්ඩ් ( S.H.I.E.L.D.) එකත් එක්කත් වැඩ කරලා තියෙනවා. 😉 චරිතය ගැන මම කියපුවාගේ අඩුපාඩු තියේ නම් පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා… 😀 හරි එහෙනම් අපි හැරෙමුකො දැන් මේ ඩෙයාඩෙවිල් ටීවී සීරියස් එක දිහාවට. අද කතාවේ නම Into The Ring (ඉන් ටු ද රින්).
කතාවේ ප්‍රධාන චරිතය වෙන මැට් මර්ඩොක් (Matt Murdock), නැත්නම් ඩයාඩෙවිල් (Daredevil) විදිහට චාලි කොක්ස් (Charlie Cox) ද, මැට්ගේ ලේකම් වෙන කැරන් පේජ් (Karen Page) විදිහට ඩෙබොරා ඈන් වොල් (Deborah Ann Woll)ද, මැට්ගේ ළඟම යාළුවා වෙන ෆොගී නෙල්සන් (Foggy Nelson) විදිහට එල්ඩන් හෙන්සන් (Elden Henson )ද, විල්සන් ෆික් එහෙමත් නැත්නම් කින්පින් ( Wilson Fisk / Kingpin) විදිහට වින්සන්ට් ඩිනොෆ්රියෝ (Vincent D’Onofrio) ද, ක්ලෙයා ටෙම්ප්ල් (Claire Temple) විදිහට රොසාරියෝ ඩෝසන් (Rosario Dawson) ද අපිට මේ කතා මාලාව හරහා දැකගන්න පුළුවන්. මේ කතා මාලාව කතාංග, එහෙමත් නැත්නම් එපිසෝඩ් 13කින් සමන්විත වෙනවා.
ඉතින් බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඒ කතාංග සියල්ලම ඉදිරියේදී ඔබවෙත අරගෙන එන්න බයිස්කෝප් අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ බොහෝ දුරට මේක ටීවී සීරියස් එකකින් නවතින එකක් නම් නෑ. සිනමාවෙනුත් ආයෙමත් ඩෙයාඩෙවිල් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. 😉 මාවල් ෆෑන්ලට මේ පාර අවුරුදු සරුවෙයි කියලා හිතනවා. 😀 😉 අද තියෙන්නේ මැට් සහ ෆොගී දෙන්නා අලුතින් වැඩ පටන්ගන්න දවසේ කතාව. එයාලා අලුතින් තැනක් එහෙම අරගෙන පොලිස්කාරයෙකුට අල්ලසක් එහෙම දීලා ඔන්න විත්තියේ නීතිඥයින් විදයට වැඩ ආරම්භකරනවා. අද කතාවෙදි ඔයාලට දැකගන්න පුළුවන් කැරන් පේජ් කොහොමද මැට් මර්ඩොක්ගේ ලේකම් හැටියට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ වගේම මැට් ඩෙයාඩෙවිල් විදියට මේ වෙනකොටත් වැඩ පටන් අරන් ඉවරයි. ඒ වැඩටිකකුත් බලාගන්න පුළුවන්වෙයි. හරි එහෙමනම් බලන්නකෝ මේ තරුන නීතිඥයින් දෙන්නා එයාලගේ පළවෙනි නඩුව විසදන්නේ කොහොමද කියලා. දෙවන කොටසින් හමුවනතුරු එහෙනම් හැමෝටම සුභ දවසක්…!!!
ආ… කියන්නම ඕනා. මේ තොරතුරු ගත්තේ අන්තර්ජාලය හරහා. සිංහලෙන් කොමික් ගැන කියවන්න ආස නම් මූණු පොතේ Comic Script කියලා ටයිප් කොරලා එන පේජ් එකට ලයික් එකක් දාන්න කියලත් ඉල්ලනවා… 😉 මේ ලිපිය ලියන්න අද දින කොමික් ස්ක්‍රිප්ට් පේජ් එකේ පල වුන Daredevil ලිපියත් උපයෝගී වුනා කියලා මතක් කරන්නම ඕනා… 🙂
ලිපිය- සමන් ප්‍රසාද් ( පූස් මල්ලී)
126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න
BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න
E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11,858 downloadsDownload Marvels.Daredevil.s01e01.-update.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
94 comments
Asin
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
ඔන්න මම දුන්න දවසේම කමෙන්ට් එකක් දැම්මා.
හැබැයි ඉතින් එක වැටිලා නෑ. :-(
ඉක්මනින්ම සබ් එක දුන්නට බොහෝම පින්.
ලිපියට පූසටත් ස්තුතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
sachira
මේකත් බලන්නම ඕනෙ,ලිපිය යිවූ සහෝටත් මේක අපිට අරන් එන සහෝදරීටත් බොහොම ස්තූතියි. :)
kasun
episode 13nama ikmanata demu :D
darshana
saho sub ekata thanks.meke mulu season ekama awith ban
[Prash]
Ela. Thnx... :)
Keshan Wasala
මග බලන් හිටියේ මේක එනකං :D DC එවුන්ට සිහිනැතිවෙන්න ගැහුවද මන්ද Marvel කට්ටිය :D කියල වැඩක් නෑ මෙන්න සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි සුරේනි අක්කේ ඒ වගේම මේ සුපිරි ලිපිය ලිව්වා සහොටත් ගොඩක් ස්තුතියි !! මේකේ අනිත් කොටස් ටිකත් පුළුවන් වෙලාවක ගේන්න ජය වේවා !!
Pasindu Jayanada
එල මේක එනකන් බලන් හිටියෙ. පුලුවන්නම් සිංහල සබ් දෙන එපි 13ම තියන ටොරන්ට් එකක් දෙන්නකෝ.. එක පාර ඩවුන්ලෝඩ් කරගත්තොත් ලීසි. බොහොම ස්තූතියි.. :D
Thimothy
thanks okkotama
දීනු
ස්තුතියි උපසිරැසියට. විශේෂයෙන් X265 Rip එකට. PSARips වැඩ නැති නිසා ගන්න තැනක් නැතිවයි හිටියේ. දැන් ඒක හරි. ඉක්මනටම ඉතුරු ටිකත් දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Ravindu Thenabadu
නියමයි. දෙනකල් හිටියෙ. ඉතුරු ඒවත් ඉක්මනටම දෙමු..
sajeevi
thanks a lot
lakshitha
thnx saho :D
D.Chamara
thanks sahooderi niyamai enakan asawena balagena hitapo kathawak thanks :D
sas jay
thnx saho
ගැජට් පොඩ්ඩා
නියමයි කෙල්ලේ...........දිගටම දෙන්න
-==(czRGsl)==-
wooooooooooooow iye dakka menna ada sub ekath daal.. supiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thank you.... pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Rasidu
නියමයි.එනකන් බලන් හිටියේ.
මරු මරු sub එකටයි ලිපියටයි දෙකටම thanx..
නියම ලිපිය...
ඉක්මනට ඉතුරු එපි 12ත් දෙන්න.thanxNish
Thanks machan... sub ekata
Sahan
ammo fattama vadakata tama akkiyo atha gahala thyenne.. fatta fata fata.. thankz a lot sub ekata... lipiya liyapu sahotath thankz a lot wewaaa!! :D
Mahesh
sub ekata thanx aaaaaaaaa
Sahan
mokak d me epi 13ka sn eka.. ekama dvsene rls date thyenne..
La හිරු
Thankz sis
#ChalinduDeshan (කිනා)
දීලා. ආසාවට ඊයෙම බැලුවා.
දැං ආපහු බලන්න අහැකියි.
කික්ම තමා.
ජය!nuwan
mekath supiri athi. oyala dennatama godak sthuthi.
thoshan
oya gollanta wada wadi 2015 marvel daredevil tv series eka full download karagena sub danna kickass.to wala full seaseon ekama tiyenawaaa
chanz nethadun
nce brwwwwww gdk aswn blna htpu t seriz ekak thnkzzzzz
nuwan
එල එල අක්කේ ලෙසටම දෙමු..............සුභ අලුත් අවුරුද්දක් වේවා....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Jamson
Thanks akkiyo
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
me kathaawa කොහොම එකක්ද?
දවසින් දවස එක එක ප්‍රශ්න තියෙන එකකද? නැත්නම් එකම කතාව දිගට යන එකක්ද?
දවසින් දවස එකක් එක ප්‍රශ්න නම් බැහැ අප්පා...
කොහොම වුනත් බොහොම ස්තුතියි උපසිරසියට./..
ජය වේවා!!යශෝධ හේමාල්
thx bro
යශෝධ හේමාල්
*sis :v
නලින්
ස්තුතියි සුරේනි අක්කා... සමන් උබටත් ස්තුතියි..
මේකේ සේරම එපි ටික එකපාර ආවා නේ. එහෙමිට දෙමු සේරම. එලස්ස් වේවා..
ජය වේවා!
Ashaa
thank you.... thank you..... . imdb eke episode okkoma ekama dawase release welane. meka telecast wela iwara wuna TV series 1k da? any way Thank you you you sis.....
udara
mchn m lipiya kiyeuwa patta lipiya bn
...eee wagema sub eka dunna akkitath thanx....keep it uposhan
DC tha marvelda pattai hode thank you very much
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
lipiyatath thanks SAMAN saho........
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ආයේ කියන්න දෙයක් නෑ.... බලනවා බලනවාම තමයි.
උපසිරැසියට බොහෝම ස්තුතියි සුරේනී සහෝරදරී....
කතාවේ ඔක්කෝම ජබෝරියං ගාලා ඉන්ටර්නෙට් එකට දැම්මා.
මේ ඔක්කෝම හෝ ගාලා බාගෙන යමින් ගමන්.සමන් සහෝත් ලොකු විස්තරයක් දීලා තියෙනවා කතාව ගැන.
හැබැයි ලිපියේ තවත් ටිකක් ලිව්වානම් තමා හොඳ. :)
කොහොම වුනත් ලිපියට ගොඩක් මහන්සි වෙලා තියෙනවා.ඔන්න ඉතිං දෙන්නටම ස්තුති කරනවා.
දිගටම දෙමු හොඳේ.... :)ආයු -බෝ -වේවා !!!
isuru
thanks sis!
Sam
thnkss sis...niyamai..hoda lipiyakk..elzzz
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████C#
awilla awilla Daredevil awilla!
DR
නියමායි සහෝදරී
එල්.සී. දමැල්
ඔන්න ටීවී සීරීස් එකක් බලනවා කියලා පටන්ගන්න යන්නෙ අද තමයි...
උපසිරසට තුති...
ඊළඟ එපියත් ඉක්මනින් ඉල්ලන ගමන්
ජය පතනවා...එල්.සී. දමැල්
ලිපියටත් තුති පූස් සහෝ...
කැලුම් එදිරිසිංහ
කියන්න වචන නෑ එකෙන්ම සුපිරි....පුස් මල්ලිටයි සුරේනි අක්කටයි ගොඩක් පිං මේ කරන සේවයට.....අනිත් කොටස ටිකත් ඉක්මනින්ම දෙමුමුමු....බයිස්කෝප් එකට සදා ජය....!!!!!......
චතුරංග සුරාජ් පෙරේරා
Thanks sis
Laz
auruddta thegi dila apita...... 120ta 220k ayu boo wela apita blnna tawat me wage tv series wedi wediyen denna puluwn wenna oni
Rayan
Pattay,, thanx saho..
kavinda
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
tharindu
thank sub ekata digatama karanna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

oh my god i'm the first. thankz....... bro to upload