අතපසුවීමක් නිසාවෙන් අපේ සහෝදරයින් දෙන්නෙක්ම මේ එපිසෝඩ් ඒකට උපසිරසි කරලා තියනව, ඒ නිසා ඒ දෙදෙනාගේම උපසිරස මෙහි පලකරනව අපි. සිදුවූ අතපසු වීමට කණගාටුව ප්‍රකාශ කරනව. තාමර දෙනුවන් ඔන්න මම එහෙනම් ඩෙයාඩෙවිල් කතා මාලාවේ තවත් එක කොටසක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. කලින් කොටස අපේ යසිරු සහෝ කළානේ. මම මේක ගෙනාවා.…

අතපසුවීමක් නිසාවෙන් අපේ සහෝදරයින් දෙන්නෙක්ම මේ එපිසෝඩ් ඒකට උපසිරසි කරලා තියනව, ඒ නිසා ඒ දෙදෙනාගේම උපසිරස මෙහි පලකරනව අපි. සිදුවූ අතපසු වීමට කණගාටුව ප්‍රකාශ කරනව.
තාමර දෙනුවන්
ඔන්න මම එහෙනම් ඩෙයාඩෙවිල් කතා මාලාවේ තවත් එක කොටසක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. කලින් කොටස අපේ යසිරු සහෝ කළානේ. මම මේක ගෙනාවා. මේ උපසිරැසිය දෙන්න නම් බාරගෙන ටික කාලයක් ගියා. වැඩ වැඩි නිසා කරගන්න වෙලාවක් ලැබුණේ නෑ. පුළුවන් තරම් ඉක්මනට කරලා තමයි මේ ගෙනැල්ලා තියෙන්නේ. තව එකක්, ගොඩක් වැදගත් දෙයක් ගැන 4 වෙනි කොටසේ ලියපු ලිපියේ ලියන්න අමතක වුණා. ඩෙයාඩෙවිල් කතාවේ මේ කොටස් දෙක සබ් කරන්න ලබා දීම සම්බන්ධයෙන් ශාන් විමුක්ති (විමා) අයියට හදපිරි ස්තූතිය පුද කරන්න ඕන. 4 වෙනි එකේ ලිපියත් එයාගේ. ඒකටත් ස්තූති කරන්න ඕන.
කතාවට බහිමු. මේ කොටස පටන්ගන්නේ කලින් කොටසෙදි ඩෙයාඩෙවිල් හොයාගත්ත අර ලේ හිඳින කූඩු ඇතුලේ හිටපු මිනිස්සු ඉන්න තැනින්. ඒවගේම මතක ඇතිනේ කලින් කොටසේ ෆිස්ක්ගේ හිරගෙදර ජීවිතය ගැන පෙන්නුවා. ෆ්‍රෑන්ක් කාසල්ව නඩුවෙන් පරාද කරලා ෆිස්ක් එයා හිටපු හිරගෙදර අංගනයටම කාසල්ව ගෙන්නගත්තානේ. ෆිස්ක්ට හිරගෙදර බලය අල්ලගන්න උදව් කරොත් කාසල්ට හිරගෙදරින් එලියට යන්න දෙනවා කියලා ෆිස්ක් වුණු පොරොන්දුව අනුව ෆිස්ක්ගේ හිරගෙදර ප්‍රතිවාදියා ඩටන්ව කාසල් මරනවා. ඒ හින්දා කාසල් හිරෙන් එලියට එනවා. ඇයි මැට් ඉලෙක්ට්‍රාව පන්නගන්නවනේ. එයා නිව්යෝර්ක් වලින් යන්න හදන වෙලාවේ කෙනෙක් ඇවිල්ලා ඉලෙක්ට්‍රාව මරන්න හදනවා…කවුද ඒ? ඒක ඔයාලම බලාගන්න. මේ කොටසෙදි ගොඩක් අය මැරෙනවා. ඒ ඔක්කොම මිනීමැරුම් ගැන ඇඟිල්ල දික්වෙන්නේ කාසල්ට. කැරන් ඒක විශ්වාස කරන්නේ නෑ. ඒත් මේකෙදි මැරෙන්නේ කාසල්ට වැරදි කරපු අයමයි. එහෙනම් මිනීමරුවා කාසල්ද? නැද්ද? තව එකක්, මැට් මේකෙදි ෆිස්ක්ව බලන්න ගිහිල්ලා ගුටිත් කාලා එන්නේ. මෙහෙම කිව්වොත් කතාවම කියනවා. ඒ හින්දා විස්තරේ මේ ඇති. කතාව බලලම දැනගමු ඉතිරි ටික.
මගෙන් කලින් ඉල්ලලා තිබුණ විදියට ෂර්ලොක් හෝම්ස් සුනඛ ශාපය තමයි ඊළඟට අරන් එන්න හිතන් ඉන්නේ. ටික කලක් යයි. හැබැයි පුළුවන් තරම් ඉක්මනට දෙන්න ට්‍රයි කරන්නම්. තව උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!!!
සමීර කරුණාරත්න
මේක ගත්තේ නම් මම නෙමෙයි මේ ආසිරියාගේ කොටස, මේකා ගත්තා වගේම කොරන නිසා ඉතින් මම මේ මේක කළා…. පහුගිය කොටස මතක් කරගෙන ඉමුකො එහෙනම්, ගිය සතියේ තමයි ෆ්‍රෑන්ක් කාසල් හිර ගෙදර වෙත ගෙන ගියේ, ගියා වගේම ඉක්මනින් කලින් කතා සමයේ දුෂටයා වුන විල්සන් අංකල් මේ කොල්ලා ලව්වා වැඩ කරවා ගන්න පටන් ගත්තා නෙව, කොහොම හරි වැඩේ අවසාන වුනේ ෆ්‍රෑන්ක් හිරෙන් පැනයාමෙන්, ඒකට ඉතින් පැනයාමක් කියලා නම් කියන්න හැටියක් නැහැ. කොහොම නමුත් අවසාන වුනේ ඩෙයාඩෙවිල් නෝබු හා සටනක් කර රුධිරය වෙනුවෙන් හිරගත කරගෙන උන්න ළමයින් පිරිස බේරා ගැනීමෙන්…
අද එතැන් සිට එහෙනම්, කොහොම හරි පොලිසිය සිද්ධ්ය වුන තැනට එනවා, ඩෙයාඩෙවිල් අලුත් රහස් පරීක්ෂකතුමා එකක් කතා කරලා රෝගීන් ටික මෙට්‍රෝ ජෙනරල් එක වෙත ගෙනියන්න වැඩ සුදානම් කරනවා. ඒ ක්ලේරා ලගට. ඒ වගේම අද වෙඩි තැබීමක් වෙනවා, ලොකු රහස් ගොඩක් එලි වෙනවා. ෆ්‍රෑන්ක් නැවතත් නගරය හොලන්න පටන් ගන්නවා… ඒ එක්කම අද බිත්ති දිගේ නගින්න හැකි නින්ජාවරුන් එකක් සුපිරි සටනක් බලාගන්න ඇහැකි…. ඒ එක්කම ඉලෙක්ට්‍රා නික්ම යනවා අද… යනවා කීවට යන්න හදනවා ඒක අවසන් වෙන්නෙත් සුපිරි සටනකින්…
මේ ඔක්කොම බලන්නකෝ කොහොම විසදෙයිද කියලා…. 11 හා 12 කෝටස් දෙක ඔන්න විමාට භාරයි එහෙනම්. මම නැවත මේ කතා සමයේ අවසාන කොටස එකක් හමුවෙන්නම්. එතෙක් ඔබ සැමට ජය වේවා…..
198 MB (x265 HEVC 1.93 GB) කොපිය මෙතනින් බාගන්න
B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057318 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න
90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,325 downloadsDownload Marvels-Daredevil-S02-E10-1.zip181 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සහ “තාමර දෙනුවන්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles
19 comments
Suranjaya_91
Suranjaya_91
අම්මෝ පලවෙනි පාරට අද තමා බය්ස්කෝප් එකේ ඉස්සෝරොම කමෙන්ට් එකක් දැම්මෙ.
Sachintha
thanks bro
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ජය වෙවා
Ysa
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහෝ...
Sajeevi
Thanks
S.K.Ruchiranga
elma thz machoo sub ekata
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
විමෝ ඉතුරු ටික ඉක්මනට දීපන් ...Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
NKMK
Thanks වේවා...
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jeewana Lakshan
දෙන්නටම ගොඩක් ස්තුතියි.
LAKSHAN
බොහොම ස්තුතියි සහෝ..
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Milinda Sadaruwan
thank you bro
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Darkmoon
thanks mchng
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමය් සහෝ. ඊලග එකත් ඉක්මනටම දෙන්න.