Watch Trailer

Marvels Daredevil [S03 : E11] with Sinhala Subtitles | ඕන එකක් හිතා ගන්න [සිංහල උපසිරසි සමඟ]

මාවල් ඉතිහාසයේ බිහිවූ අති සාර්ථකම මාලා නාටකය වන ඩෙයා ඩෙවිල් කතා මාලාවෙ තුන්වෙනි කතා සමයත් මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් හරහා විකාශනය කර හමාරයි.. ඔන්න ඉතිං ඔයාලගෙ රසවින්දනය වෙනුවෙන් හැමදාමත් වගේ පෙළ ගැහෙනෙ බයිස්කෝප් අපි මේ සෑරෙත් පරක්කු නොකරම හනි හනිකට උපසිරැසි ඔයාල වෙත රැගෙන ආවා.. මේ වෙනකොට කතා සමයෙ අවසාන…

මාවල් ඉතිහාසයේ බිහිවූ අති සාර්ථකම මාලා නාටකය වන ඩෙයා ඩෙවිල් කතා මාලාවෙ තුන්වෙනි කතා සමයත් මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් හරහා විකාශනය කර හමාරයි.. ඔන්න ඉතිං ඔයාලගෙ රසවින්දනය වෙනුවෙන් හැමදාමත් වගේ පෙළ ගැහෙනෙ බයිස්කෝප් අපි මේ සෑරෙත් පරක්කු නොකරම හනි හනිකට උපසිරැසි ඔයාල වෙත රැගෙන ආවා.. මේ වෙනකොට කතා සමයෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වෙමිනුයි ඉන්නෙ…මට පැවරුනේ 11 වෙනි එපිය.. ඉතිං මේ එපියෙ IMDB අගය 9.2ක් විදිහට මේ වෙනකොට සටහන් වෙලා තියෙනව…

කලින් එපියෙන්

ඔයාලට මතක ඇතිනෙ කලින් එපිය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තිබුණේ කැරන්ගෙ පැත්තටයි…මේකෙදි කැරන් කාටවත් නොකීව කවුරුත් නොදන්න රහසක් එළිදරව් වෙනව… ඒ තමයි කැරන්ගෙම වැරැද්දෙන් බීමතින් වාහනේ පදවල එයාගෙම අයිය මිය ගිය විත්තිය… කැරන්ගෙ අම්මාගෙ මරණයෙන් පස්සෙ පස්සෙ කැරන්ගෙ තාත්තයි අයියයි සෑහෙන අඟ හිඟකම් මැද්දෙ තමා පවුල නඩත්තු කරන්නෙ.මේක කැරන්ට තේරෙනව ඉතිං කැරන් තීරණය කරනව එයාගෙ පාසල් ගමනට තිත තියන්න..ඊට පස්සෙ කැරන් එයාගෙ පෙම්වතා ටොඩ් එක්ක එක්කාසු වෙලා ඉස්කෝලෙ ළමයින්ට මත්ද්‍රව්‍ය විකුණන්න පටං ගන්නව..දවසක් එක පාරට කැරන්ගෙ අයියා කෙවින් ඇවිල්ල කැරන්ට කියනව එයාව ආපහු ඉස්කෝලෙට අරගෙන කියල..ඔන්න ඉතිං කැරන්ගෙ තාත්තා පැක්ස්ටන්ට හරි සතුටුයි මේක ගැන.. ඔන්න ඉතිං පැක්ස්ටන්ට ඕන වෙනව පවුලේ කෑම වේලකින් මේ සතුට මරන්න..මේකෙදි කැරන්ගෙ පෙම්වතයි අයියයි අතරෙ බහින් බස් වීමක් වෙනව..මේක පස්සෙ දුර දිග ගිහිං කැරන් ටොඩ් එක්ක ගෙදරින් යනව..ගෙදරින් එන ටොඩ් සහ කැරන් එළියෙ තියන බාර් එකකට ගිහිං කරටි කැඩෙන්න ගසල ආපහු ටොඩ් එක්කම ටොඩ්ගෙ ට්‍රේලරයට එනව..එනකොට කැරන්ගෙ අයිය ට්‍රේලරයට ගිනි තියනව..කෝපයෙන් ඇවිස්සෙන ටොඩ් කෙවන්ගෙ අයියට පහර දෙනව..මේක නවත්තන්න ගිහිං කැරන්ටත් තුවාල වෙනව.අන්තිමේදි කැරන් වහාම තුවාල වෙච්ච අයියවත් දාගෙන වාහනෙන් එතනින් පිට වෙනව..කොහොමවුණත් මෙයාලට වැඩි දුරක් යන්න නම් වෙන්නේ නෑ කාර් එක අනතුරකට ලක් වෙනව..කෙවින් මෙතනදි මැරෙනව..කොහොමවුණත් පොලීසියෙ ලොක්කා මෙතෙන්දි කැරන්ව ආරක්ෂා කරනව සිදුවීමට කැරන්ගෙ තිබුණ සම්බන්ධය වහන් කරල..අන්තිමේදි කැරන්ගෙ තාත්තා පැක්ස්ටන් කැරන්ගෙන් නගරයෙන් පිට වෙලා යන්න කියල ඉල්ලනව..කැරන් හැමෝගෙන්ම හංඟන්න උත්සහ කරන මැට්වත් නොදන්න අඳුරු රහස මේක තමයි.. ඔන්න මෙතනින් පස්සෙ ආපහු කතාවට එනව..ඔයාලට මතක ඇතිනෙ කලින් එපියෙදි ෆිස්ක් දැනගන්නව කැරන් හැංඟිල ඉන්නෙ පල්ලියේ කියලා..ඔන්න ඉතිං ෆිස්ක් කැරන්ව මරන්න ඩෙක්ස්ව එවනව පල්ලියට..මේ අතරෙ මැට් ඉන්නෙ දෙලොවක් අතර තනිවෙල ෆිස්ක්ව මරනවද කැරන්ව බේරගන්න යනවද කියල හිතා ගන්න බැරුව..කොහොම වුණත් අන්තිමේදි මැට් තීරණය කරනව කැරන්ව බේරගන්න යන්න..පල්ලියට එන මැට් ඩෙක්ස්ව පන්නගෙන කැරන්ව නම් බේරගන්නව..ඒත් ෆාදර් ලෑන්ටම්ව නම් බේරගන්න ලැබෙන්නේ නෑ මෙයාට..

අද එපියෙන්

පල්ලියේ වෙන අලකලංචියෙන් පස්සෙ පොලිසියෙන් වගේම FBI එකෙන් ඇවිල්ල පල්ලිය වටලනව.. ඉතිං මැට් සහ කැරන් පල්ලියෙ ඇතුළෙම දිගටම හැංඟිල ඉන්නව සිස්ටර් මැගීගෙ උදව්වත් ඇතිව. කොහොමවුණත් මේ හැමදෙයක්ම මැද්දෙ එතනින් පැනගත්ත ඩෙක්ස්ට නං මේක කිසිම ගැටළුවක් වෙන්නෙ නෑ මොකද පල්ලියේ සිදුවීම බලාගන්න ඩෙක්ස්ට ඉන්නව නඩිම්..ඉතිං නඩීම් FBI එක යොදාගෙන මැට්වයි කැරන්වයි හොයනව.. මේ අතරෙ එයාල මැගීගෙ උදව්වෙන් පල්ලියෙ ඇතුළෙම හංඟිල ඉන්නව. කතාවෙ තවත් පැත්තක අධිකරණයෙන් ෆිස්ක්ව සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනව..ඉතිං එළියට එන ෆිස්ක් නිවේදනයක් කරමින් මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කරනව එයාලගෙ සැබෑම හතුරු තමන් නොව ඩෙයාඩෙවිල් බව..පල්ලියෙ හිර වෙලා ඉන්න මැට්ටයි කැරන්ටයි එළියට එන්න අන්තිමේදි පිහිට වෙන්නෙ..හෝව් හෝව්..කිව්වා ඔය හොඳටම ඇති ඔයාලම බලාගන්න ඒ කවුද කියාල..අද කතාවෙ තවත් එක විශේෂ දෙයක් වෙනව..සමහරවිට ඒක ෆිස්ක්ගෙ අවසානයේ ආරම්භය වෙන්න පුළුවන්..මං කියන්න යන්නෙ නෑ ඔයාලම බලාගන්න..එහෙමනම් ඉතිං අවසරයි ඩෙයාඩෙවිල් මේ කතා සමයේ මගේ දායකත්වය මෙතනින් අහවරයි..ඊ ළඟ එපිය විමා සහෝ අරගෙන එයි..ජය වේවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,913 downloadsDownload Marvels-Daredevil-S03-E11.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

9,913 downloadsDownload Subtitles29 KB

35 comments

  1. TDilshan

    Thank u very much............

  2. MAALnath

    Thanks .............good luck .....................the exorcist season 02,colony season 03 valatath sinhala sub denna ............................

  3. Ravindu Rukshan

    Thx

  4. Milind@

    Thanks saho

  5. sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

  6. Denis Maneesha

    Thanks bro sub ekata

  7. V.T.Piyumal

    Sub ekata thanks..! Ilaga episode ekata ikmanta denna..! Jaya wewaa...!!

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  9. kiree

    Thank U Sahoo

  10. TDilshan

    Thankzzzz

  11. Suren0

    Thanx kolla.ituru epi 2t adama dapanko.ubala dena sub natiwa balala wadak na

  12. Thar96

    thank u brothers.

  13. Naveendra_rox

    Thanks

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. Ayesh Prashan

    Thank You

  16. sumithj

    thanks

  17. Kulanjana Maduranga

    subata thanks saho....

  18. Lasantharathnasirirox

    එළකිරි...tnx

  19. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා........!!!!!!!!!!!!

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි

  21. Lakshan

    Thansk Bro.

  22. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  23. Stranger

    thanks

  24. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  25. Ara N Madhu

    Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....

  26. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  27. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  28. Kasun A.

    උපසිරැසියට තුති අචින්ත සහෝ,ජය!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Sajithlakshan

    thanks ...................

  31. suchroxx

    Thanks Bro

  32. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....!

  33. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  34. Shaggy

    Thank you very much

  35. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️