අද එහෙනම් ඔන්න තවත් මාවල් නෙට්ෆ්ලික්ස් එකතුවක අවසානය සනිටුහන් කරන්නයි ඇවිල්ලා ඉන්නෙ. ලූක් කේජ් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. ආයෙම උපසිරසි කරන්නෙ නෑ කිවුවට මේක කරන්න වුණා. මේක මම කරන්න් හිටපු දෙයක් නෙවේ. කොටින්ම මං මේ සීරියස් එකට අත ගහන්නවත් නෙවේ හිටියෙ. විමා මුළින්ම අහපු වෙලාවෙ මං ඒ යකාට බෑ කිවුවා.…

අද එහෙනම් ඔන්න තවත් මාවල් නෙට්ෆ්ලික්ස් එකතුවක අවසානය සනිටුහන් කරන්නයි ඇවිල්ලා ඉන්නෙ. ලූක් කේජ් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. ආයෙම උපසිරසි කරන්නෙ නෑ කිවුවට මේක කරන්න වුණා. මේක මම කරන්න් හිටපු දෙයක් නෙවේ. කොටින්ම මං මේ සීරියස් එකට අත ගහන්නවත් නෙවේ හිටියෙ. විමා මුළින්ම අහපු වෙලාවෙ මං ඒ යකාට බෑ කිවුවා. ඉතින් කොහොම හරි අන්තිමට අත නොගහන්න ටියත් නිර්මාණි අක්කා බාරගත්ත එපියයි, විමා බාරගත්ත එපිය වෙන මේ එපියයි මට කරන්න වුණා. මං දන්නවා මේකෙන් පස්සෙ එන අයන් ෆිස්ට් සීරියස් එකටත්, ඩිෆෙන්ඩර්ස් සීරියස් එකටත් මට අනිවාර්යයෙන් අතගහන්න වෙනවා කියලා. ඒ කියන්නෙ මාවල් වෙනුවෙන් බයිස්කෝප් DC උපසිරසි කරුවන්ගෙ උදව්ව දෙන්න මං ලෑස්ති වෙලා ඉන්නෙ. හෙ හේ… එහෙනම් අද කතාව පොඩ්ඩක් බලමු.
කලින් කොටසෙ අන්තිමට මතක ඇතිනෙ ඩයමන්ඩ්බැක් එයාගෙ අළුත් ආමර් එකත් ඇඳගෙන පොප්ගෙ බාබර් සාප්පුවට එනවා. ඔන්න අද එතන ඉඳන්. ලූක් සහ ඩයමන්ඩ්බැක් ඉතින් වලි. ඩයමන්ඩ්බැක්ගෙ ඇඳුම හදලා තියෙන්නෙ ලූක් කේජ්ටම ගැළපෙන්න. ඒක හදලා යෙන්නෙත් හැමර් එකෙන්. මතක ඇතිනෙ හැමර්, එහෙමත් නැත්නම් ජස්ටින් හැමර් කියන්නෙ අයන් මෑන්ගෙ ප්‍රතිවාදියෙක් කියලා. අයන් මෑන් 2 එකේ හිටියෙ. අන්න එයා. (මතක ඇතිනෙ, මේ සීසන් එක පුරාවටම මාවල් MCU එකේහුඟක් දේවල් ගැන කියනවා. හුඟක් ඉඟි දුන්නා. නම් පවා කිවුවා. ආරංචියක් ආවා Infinity War එකට නෙට්ෆ්ලික්ස් සෙට් එකත් එනවා කියලා. බලමුකො ). ඉතින් මේ ඇඳුම නිසා ලූක් කේජ්ට ඩයමන්ඩ්බැක්ව පරද්දන එක ලේසි වෙන්නෙ නෑ. ඉතින් දෙන්නා එක්ක හොඳ වලියක් යනවා. (හැබැයි ඩෙයාඩෙවිල් එකේ මැට්, ගෝතම් එකේ ගෝඩ්න්, බාර්න්ස් ගහගන්න විදිහ දැක්කහම නම් ලූක් ගැන පොඩ්ඩක් දුක හිතෙනවා වගේ දැනුණා. මොකද අර තුන්දෙනාම සාමාන්‍ය මිනිස්සු වෙලත් සුපිරි පාරවල් ගහනවා. ලූක් නම් නිකන් ඔහේ වගේ ගැහුවෙ. බලයක් තිබිලත්. ඩයමන්ඩ්බැක් “You still hit like a bitch” කියන එක ටිකක් විතර සාධාරණයි කියලත් හිතුනා එහෙම ගහගන්නවා දකිද්දි. හිටපු පොලිස්කාරයෙක් වුණත් සටන්කාමීත්වය නම් මදියි කියලයි මට හිතුනෙ. හැබැයි ඉතින් ඩයමන්ඩ්බැක් මේ එපිය පටන් ගන්නකොට පෙන්නන බොක්සිං දක්ෂතාවය ලූක් එක්ක ගහගද්දි පෙන්නුවෙ නෑ කියන එකත් ටිකක් දැනුණා. හරි හරි මාවල් අය තරහා ගන්න එපා ඉතින් දැන්. :3 ) කොහොම හරි ඉතින් අන්තිමට ඩයමන්ඩ්බැක්ව පරද්දනවා. පස්සෙ ඉතින් මිස්ටි, ඩිලර්ඩ්ව අත්අඩංගුවට ගන්නවා කෝනෙල්ගේ මිනීමැරුමට. ඒත් ඩිලර්ඩ් වැරදියි කියලා ඔප්පු කරන්න පුළුවන් වෙයිද මිස්ටිට? ලූක් කේජ් අන්තිමට වැරදි නෑ කියලා ඔප්පු වුණත් කාල් ලූකස් තාම වැරදි නිසා(ඇත්තටම නිර්දෝෂී වුණත්) ආයෙත් සීගේට් වලට යන්න වේවිද? මේ දේවල් දැනගන්න ආද එපිය බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම සීරියස් එක පුරාවට බොහොම ආසහිතෙන කරුණු ටිකකුත් මං දැක්කා.
MCU(Marvel Cinematic Universe) එකේ හැමර් ඉන්ඩස්ට්‍රීස් ගැන අහන්න වගේම දකින්න ලැබෙනවා. හැමර් ගැන මං කලින් කිවුවනෙ. ඒ කියන්නෙ එක්ස් මෙන් එහෙම වගේ මේක MCU එකෙන් වෙන් වෙලා නෑ කියන එක පැහැදිළියි. ඒ වගේම 2012 අවෙන්ජර්ස් ෆිල්ම් එකේදි වෙච්ච චිටඋරි ආක්‍රමණය ගැන “The incident”කියලා ඉඟියක් දෙනවා. ඒ වගේම ඒ දෙබස යන තැනදිම (DVD විකුණන කොල්ලා කියන්නෙ, මුල් එපිසෝඩ් එකේ) ටෝනි ස්ටාක්ගෙ නම කෙළින්ම කියනවා වගේම තෝ(ර්) ගැනයි, කැප්ටන් ඇමරිකා ගැනයි, හල්ක් ගැනයි හොඳ පැහැදිලි විදිහට වහෙන් ඔරෝ කියනවා. මෙතන නියම වැඩේ කියන්නෙ ටෝනිගෙ නම විතරක් කෙළින්ම කියලා දාන එක. අනිත් කිසිම වීරයෙක්ගෙ නමක් සෘජුවම කියන්නෙ නෑ. සීරියස් එක පුරාවටම කෙළින්ම කියන්නෙ ටෝනිගෙ නම විතරයි(මට මතක විදිහට).
තව ලූක්ගෙ මුල්ම සුපිරිවීර නම වෙන “පවර් මෑන්” කියන නම මුල්ම වතාවට අපිට මුල් එපියෙදි කියනවා අහගන්න පුළුවන්. එතනින් ටිකක් අයන් ෆිස්ට් ගැනත් කියවෙනවා. මොකද කොමික් වල මේ දෙන්නා එකතු වෙලා වෙනමම පරීක්ෂක කණ්ඩායමක් හදන නිසා.
ඒ වගේම ඩෙයාඩෙවිල් එකේ දුෂ්ටයින් වෙච්ච විල්සන් ෆිස්ක් සහ පනිෂර් ගැනත් අපි දැක්කා මේ සීසන් එකේදි සඳහන් කරනවා. තව ටර්ක් බැරට් වගේම ක්ලෙයා(ර්) ටෙම්ප්ලේයාර්වත් මේ සීසන් එකේදි අපට හම්බුණා. (ඒ වගේම ඉතින් මේ සීසන් එකෙන් පස්සෙ අයන් ෆිස්ට් එනවා කියලත් දකින්න ඇතිනේ. )
අනිත් කරුණ තමයි කොලීන් වින්ග් (Colleen Wing) කියන චරිතය ගැන පොඩි ඉඟියක් දෙනවා අන්තිම එපියෙදි. මෙයා ඉතින් අපිට අයන් ෆිස්ට් එකේදි බලාගන්න පුළුවන් වගේම මිස්ටි නයිට්ගෙ හොඳම යාළුවෙකුත් වෙනවනෙ.
එහෙනම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent link.
Marvels.Luke.Cage.S01E13.720p.WEBRiP.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම ඉහත පිටපත සඳහා අදාළ වේ.
618 downloadsDownload Marvels.Luke_.Cage_.S01E13.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/SamanPrasad2-e1480018432344.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Season >>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
19 comments
lakshan
නවින් නිසල්
◑◑◑◑අන්තිම කොටසේ සබ් එක එනකම් තමා බලාගෙන ඉදියේ !! තැන්ක්ස් මචන් ◑◑◑◑
kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudheera
niyamai bro...
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Dilan Hasitha
Sub ekata thanks sahoo
#Jaya Wewa....sameera
ela machan. godaaak thanks.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....එනකන් හිටියේ.....
KuMu
mat dc fan kenk tma.eth me marvel hero 4 denage series tika pattma stories tiyena Pattama series tikk.subata tnx bro.
Tharindu
බොහොම ස්තූතියි...
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
nipuna404
season 2 එකට සබ් දෙන්නේ නැද්ද
Dilshan Sanka
Season 2 ekatath puluwannm sub danna saho
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ✨️ ජයෙන් ජය ♥️
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ati yantam bro thkz sub akta me katawa amathka wela tibbe ,viking ikmnta sub tika denna ශාන් විමුක්ති ta help ak dunnam wtinwa bn ,