Watch Trailer

War & Peace (2016) [E06] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි යුද්ධය හා සාමය නම් වූ කෙටි කතා මාලාවේ අවසානය. පසුගිය කොටස ගැන කට්ටියටම මතක ඇති කියලා හිතන නිසා ඒ ගැන විස්තර කරන්නේ නැහැ. කොහොම උනත් මෙතෙක් කතාව පුරාම තිබුණේ ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට දරණ උත්සාහය නිසා ඇති වූ යුද්ධයන් හේතූවෙන් රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව…

War-&-Peace-(TV-Mi-2016)-4

මේ තමයි යුද්ධය හා සාමය නම් වූ කෙටි කතා මාලාවේ අවසානය. පසුගිය කොටස ගැන කට්ටියටම මතක ඇති කියලා හිතන නිසා ඒ ගැන විස්තර කරන්නේ නැහැ.  කොහොම උනත් මෙතෙක් කතාව පුරාම තිබුණේ ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට දරණ උත්සාහය නිසා ඇති වූ යුද්ධයන් හේතූවෙන් රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම්.

ඉතින් ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් රුසියාව යටත්කර ගන්න ගිහින් මොකද උනේ කියලා ඉතිහාස කතාව අපි අහලා තියෙනවනි. ඒක තමයි මේ කතාවට ඇතුලත් කරලා තියෙන්නේ. නැපෝලියන් මොස්කව් ආක්‍රමණය කරනවා. නමුත් ජනරාල් කුටුසොව්ගේ තීරණය අනුව රුසියානු හමුදාව සටන් නොකර පසුබසිනවා. මේ නිසා මොස්කව් හි වෙසෙන මිනිසුන්ටත් මොස්කව් අතහැර යන්න සිදුවෙනවා. ඉතිහාසයේ සඳහන් පරිදිම රුසියානු අධික ශීතල සමඟ සටන් කළ නොහැකි නිසා නැපෝලියන් මොස්කව් අතහැර රුසියාවෙන් ඉවත් වීමට තීරණය කරනවා. ඉතින් මෙසේ නැපෝලියන් මොස්කව් යටත් කරගෙන සිටින කාලය තුල දී පියරේ ප්‍රංශ හමුදාවේ සිරකරුවෙකු බවට පත්වෙන අතරේ හෙලෙන් විසින් පියරේගෙන් වෙන්වීමට ඔහුගේ අවසරය ඉල්ලනවා. ඒ වගේම බලාපොරොත්තු නොවු කිහිපදෙනෙක්ම මිය යනවා. ප්‍රංශය හා රුසියාව අතර ඇතිවු මේ යුද්ධය ඔවුන් සියළු දෙනාටම විවිධාකාරයේ දුක්වේදනා ගෙනදෙනවා. කෙසේ නමුත් අවසානයේ සියළු දෙනා එක්ව මේ සියල්ල අභිබවා තම ජිවීත සාර්ථකව ගොඩනඟා ගැනීමට වෙර දරනවා.

මේ කොටසට පැය 1යි විනාඩි 22ක පමණ ධාවන කාලයක් තියෙනවා. සඳහන් කරලා නැති ගොඩක් සිදුවීම් බලන්න පුළුවන්.

ඉතින් මේ කතාව බලන්න එකතු උන ටික දෙනාටත්, අදහස් දක්වපු කිහිප දෙනාටත් බයිස්කෝප් කණ්ඩායමටත්, මේකට සබ් කරන්න කියපු විමාටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම සබ් චුට්ටක් පරක්කු වෙන කොට “කෝ WP” කියලා පණිවිඩ එවලා මාව කේන්ති ගස්සපු සමන්(පූසා)වත් මතක් කරන්නම ඕන…

ඔවුන් පවසනවා දුක් විඳීම  අවාසනාවක් බව.
නමුත් මගෙන් අසා තිබුණා නම්,
මට සිරකරුවෙකු ලෙස  ඉන්න හැකිද කියලා
අත්අඩංගුවට ගෙන තිබීමට පෙර මම සිටියා වගේ,
නැත්නම් ඒ සියල්ල තුළින් නැවත යන්න.
මට පැවසිය හැකියි,
“දෙවියන්ගේ නාමෙන්,
මට නැවත සිරකරුවෙකු වී සිටීමට ඉඩදෙන්න.”
අපේ ජීවිත අවසන් කෙරෙමින් තිබෙන විට,
අපි හිතනවා ඔවුන්ට සෑම දෙයක්ම අහිමිව තිබෙනවා කියලා.
නමුත් එය අළුත් සහ හොඳ දෙයක ආරම්භය පමණයි.
එහි ජීවිතය පවතින තාක්කල්,
එතැන සතුට තිබෙනවා.
එතැන විශාල ගනුදෙනුවක් තිබෙනවා.
පැමිණීමට නියමිත විශාල ගනුදෙනුවක්.

___පියරේ බෙසුකොව්___

Jessica Jones (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

War.And.Peace.2016.S01E06.BRRip.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

174 downloadsDownload War.And_.Peace_.2016.S01E06.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

    Previous Episode                            All Episodes

Subtitles

174 downloadsDownload Subtitles35 KB

12 comments

  1. Dimuthu

    Thank you!

  2. නවින් නිසල්

    උපසිරැසිය එනකම් බලාගෙන ඉදියේ . ස්තුතියි !!

  3. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub walata..digatama sub demu.jaya wewa……

  4. Kumara

    Thank you

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහොදරි
    #ජය වෙවා...

  6. Chami.S

    Thanks....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chathura

    war & peace.ithamath wishishta kathawak.BBC eken ithamath wishishta widiyata meka Tv series ekak widiyata genawa.me wage ekakata sinhala subs dunnata godak sthuthi.

  9. rasanga

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

  10. Sam Fisher

    thank you for all epis and all subs

  11. daypal

    Thank You Very Much

  12. Anonymous

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.