පෙර කොටසින් ලූක් කේජ් කියන්නේ හැම කෙනෙක්ම දන්න කෙනෙක් වෙලා හමාරයි. මිනිස්සු එයාට පිස්සු වැටිලා තියෙන තරම ගැන කලින් කොටසදී දකින්න ඇතිනේ නේද? ඕනෙම කෙනෙක් පමණට වඩා ජනප්‍රිය වුනාම ප්‍රශ්ණ වැඩි වෙනවා. විරයෙක් කියලා නැහැ. ලූක්ටත් ඒක පොදුයි. මේ වෙද්දී ලූක් යන එන තැන හොයාගන්න, එයා එක්ක එකට ඉදන් අරගන්න පින්…

පෙර කොටසින්
ලූක් කේජ් කියන්නේ හැම කෙනෙක්ම දන්න කෙනෙක් වෙලා හමාරයි. මිනිස්සු එයාට පිස්සු වැටිලා තියෙන තරම ගැන කලින් කොටසදී දකින්න ඇතිනේ නේද? ඕනෙම කෙනෙක් පමණට වඩා ජනප්‍රිය වුනාම ප්‍රශ්ණ වැඩි වෙනවා. විරයෙක් කියලා නැහැ. ලූක්ටත් ඒක පොදුයි. මේ වෙද්දී ලූක් යන එන තැන හොයාගන්න, එයා එක්ක එකට ඉදන් අරගන්න පින්තුර ටැග් කරන්න වෙනම ඇප් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ “හාර්ලම්වල වීරයා” නමින්. ඉතින් ලූක් යන යන තැන මිනිස්සු වට වෙනවා. එයා එක්ක එකට ඉදන් පින්තුර අරගන්නවා, ඒ අස්සේ එයාගේ ටි ෂර්ට්, කැප් විකුණනවා එක විකාර ගොඩයි. ලූක්ගේ ප්‍රසිද්ධියත් එක්ක තවත් අපුරු වැඩක් සිද්දචෙලා තියෙන්නේ. ඒ තමයි කුඩු නිපදන වන අය පවා කුඩු ඔතන්න පාවිච්චි කරන්නේ ලූක් කේජ් කියන නාමය තියෙන කොලවල. මේක නම් ඉතින් හිතනවට වඩා බරපතලයි. මොකද ලූක්ට ඕන මේ වැඩ නවත්තලා දාන්න. ඒත් එයා කුඩු තිප්පලවල් නවත්හන්න හැම මොහොතකදීම වෙන්නේ තවත් එකක් කොහෙන් හරි මතුවෙන එක.
ලූක් කේජ් කියන්නෙත් අනික් සුපිරි වීරයෝ වගේම නරක උන්දලව නවත්තන එකනේ. හැබැයි එයා ජෙසිකා ජෝන්ස්, මැට් මර්ඩොක් වගේ රස්සාවක් කරන කෙනෙක්වත්, ඩැනී රෑන්ඩ් වගේ උපතින්ම සල්ලි කාරයෙක්වත් නෙවෙයි. ලූක් කියන්නේ රස්සාවක් නැති කෙනෙක්. දැන් උනත් පොප්ගේ බාබර් සාප්පුව කෙරීගෙන යන්නේ නැහැනේ නිකන් ඇරලා තියනවා මිසක්. ඉතින් ලූක් හාර්ලම් නගරයට සේවය කලාට එයා ඒ කරන සේවයට හරියන්න සල්ලි නම් අරගන්නේ නැහැ. ඉතින් මේක එයාගේ වටේ ඉන්න අයට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. මරායාට තමන්ගේ සහෝදරයා නැතිවෙලා ගියාට පස්සෙ එයා තමයි දැන් පවුලේ ක්ලබ් එක කරගෙන යන්නේ. තනියම නෙවෙයි ශේඩ්ස් එක්ක. ඒ විතරක් නෙවෙයි ශේඩ්ස්ව දැන් මරායා මිනිහා කමටත් අරගෙන තියෙන්නේ. මේ දෙන්නගේ හවුල නිසා තමයි තාමත් ක්ලබ් එක පවතින්නේ. මේ දෙන්නට ඕන ආපහු කලින් වගේම දහජරා වැඩ කරලා සල්ලි හොයන්න. මේ නිසාම තමයි අලුත් ගැණුම්කරුවන්ව හොයන්න ගත්තේ. ගැනුම්කරුවන් ගැන මං ඔයාලට අමතුවෙන් පහදලා දෙන්න ඕන නැහැ කියලා හිතනවා. මොකද ඒ අය බිස්නස් කරන විදිහ එකක් නෑර කතාව අහුලේ පැහැදිලි කරලා දුන්නානේ. මේ අතරෙම තමයි ලූක්ගේ තාත්තා ටවුමට ඇවිත් තියෙන්නේ. එයාගේ තාත්තට ඕන ආපහු වතාවක් ලූක් එක්ක එකට එකතු වෙලා ජීවීතේ පටන් ගන්නයි. ඒත් ලූක්ගේ තාත්තාගේ කලින් ක්‍රියා කලාපය නිසාම ලූක්ට එයාගේ තාත්තා එක්ක පුදුමාකාර තරහවකින් ඉන්නේ. මේ නිසාම එයා එයාගේ තාත්තව නොසලකා හරිනවා. ලූක් කියන්නේ මරායාගේ බිස්නස් වලට තර්ජනයක් කියලා දන්න නිසාම මරායා ශේඩ්ස් එක්ක එකතු වෙලා තමන්ගේ ගැනුම්කරුවෙක්ව රවට්ටගෙන ජූඩාස් උණ්ඩ වලින් වෙඩි තියලා මරන්න යවනවා. ඒත් ඔයාලා දකින්න ඇතිනේ ගින්නෙන්, පිපිරුමෙන් හෝ ජුඩාස්ගේ උණ්ඩ වලින්වත් ලූක්ට හානියක් වුනේ නැහැ. අත අහිමිවෙලා තියෙනකොට සමහර අයගෙන් ඇතිවෙන ප්‍රශ්ණ නිසාම මිස්ටි ආපහු පොලිස් දෙපාර්තමේන්තුවේ සැහැල්ලු සේවයට යනවා. කොටස අවසානයේදී බුෂ්මාස්ටර් කියලා වෙඩි වැදුනත් හානියක් වෙන්නේ ලූක් වගේ තවත් කළු මිනිහෙක් කතාවට එකතු වුණා.
අද කොටසින්
සැහැල්ලු සේවයට ගිය මිස්ටිට එහෙම ලේසියෙන් තමන්ගේ රාජාකරිය කරන්න වෙයිද? කවුද මේ බුෂ්මාස්ටර් කියන්නේ? එතකොට ඇයි මේ මනුස්සයා හාර්ලම් වලට ඇවිත් තියෙන්නේ වගේ හුගාක් දේවල් අද කොටසින් ඔයාලට දැකගන්න ලැබෙයි. තවත් කියවන්න යන්නේ නැහැ එහෙනම් මේ කොටසත් බලලම ඉන්නකො.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,799 downloadsDownload Marvels-Luke-Cage-S02E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
18 comments
madusanka
Vihanga sathsara
thanksss bro.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKanchana
Thanx sahooooo
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
නියමයි
පලවෙනි කොටසට තිබුන කමෙන්ට් ගානැ අඩු වෙලානේ දෙවෙනි කොටසට enakotaKasun A.
upasiresiyata thuthi chamara saho,jaya!
Kulanjana Maduranga
subata thanks saho..keep it up...
Sanjeewa2010
thnxxxxxxxxxxx
priyan99
thanks bro sub ekata
madhushi1.amarasinghe
Thanks alot
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kavinda
sub akata thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro ***!!