Watch Trailer

The Terror [S01 : E07] Sinhala Subtitles | ප්‍රෝඩාකාර මිනීමරු ද්‍රෝහියා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ හත්වෙනි කතාංගය.. දැන්නම් මම ලිපි ලියන්න ඕනෙත් නෑ ඇත්තටම.. ඔබ මේක බලන කෙනෙක්නම් මම කතාව ගැන පූර්විකා, අටුවා, ටීකා කිසි දෙයක් ලියන්න ඕන නැහැ. දන්නෝ දනිති.. නොදන්නෝ දනිත්වා! කියල කියමු නේහ්. සම්ප්‍රදායට අනුව මම ඉතිං පොඩ්ඩක් කතාව මතක් කරල ද…

ආයුබෝවන් යාළුවනේ..!
ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ හත්වෙනි කතාංගය.. දැන්නම් මම ලිපි ලියන්න ඕනෙත් නෑ ඇත්තටම.. ඔබ මේක බලන කෙනෙක්නම් මම කතාව ගැන පූර්විකා, අටුවා, ටීකා කිසි දෙයක් ලියන්න ඕන නැහැ. දන්නෝ දනිති.. නොදන්නෝ දනිත්වා! කියල කියමු නේහ්. සම්ප්‍රදායට අනුව මම ඉතිං පොඩ්ඩක් කතාව මතක් කරල දෙන්නම්..

පහුගිය කොටසින්..

කැප්ටන් ක්‍රොසියර් හදිස්සියේම අසනිප වුණු නිසා ෆිට්ජේම්ස්ට තමයි නැව් වල භාරකාරත්වය හිමි වෙන්නෙ.. දක්කනෙ කාලෙ ගෙවිල ගිහින් ඔවුන්ගෙ කෑම සීඝ්‍රයෙන් ඉවර වෙනව කියල කට්ටිය තේරුම් ගත්ත. කෑම ඉවර වෙනවටත් වඩා දරුණු ප්‍රශ්නයක් ඔවුන්ට තියෙනව කියල ගුඩ්සර් හොයාගන්නෙ අර වඳුර යොදාගෙන කරපු පරීක්ෂණයෙන් හොයා ගත්ත. ඒ අනුව ටින් කෑම වල ඇසුරුම් කිරීමේ දෝෂයක් නිසා ටින් කෑම වලින් විෂ රසායනයක් මුදා හැරල ඒකෙන් මිනිස්සු අසනීප වෙනව කියන කාරණා ඔහු හොයා ගන්නව. මේක ප්‍රධාන වෛද්‍ය ඩොක්ටර් මැක්ඩොනල්ඩ්ට කිව්වත් ඔහු ඒක යටගහන්න කතා වෙනව මිස තීරණේකට ආවෙ නෑ. තීරණේකට ආවෙ නෑ කියල හිතුවෙ අපිනෙ.. හැබැයි මැක්ඩොනල්ඩ් තීරණයකට ඇවිත් තිබුණ.ඔන්න ඔය අතරෙ තමයි කැප්ටන් ෆිට්ජේම්ස් තීරණය කරන්නෙ කානිවල් එකක් තියන්න. ඒකට හේතුව තමයි නැව අතෑරල පයින් යන ගමනට මිනිස්සුන්ට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම.. කොහොමහරි කානිවල් එක යන අතරතුර ඩොක්ටර් මැක්ඩොනල්ඩ් හරි හෝ වැරදි වේවා ඔහුගෙ තීරණය ක්‍රියාත්මක කරනව. ඔහු සාදය පවත්වන කූඩාරම වටේට තෙල් දාල, කූඩාරමෙන් පිටවෙන දොර වහල.. කූඩාරමට ගිනි තියල, ඔහුත් ගිනි තියාගන්නව.. හිකී එළියෙ ඉඳල එකෙක්ව මරල කූඩාරම කපල ඉඩ හැදුවෙ නැත්තං කට්ටිය අමු අමුවේ පිච්චිලා යනව. ඒ අස්සෙ සයිලන්ස් ලේඩිත් දිව කපාගෙන කූඩාරම ඇතුළට ඇවිත් ඉන්නෙ කියල මතකයිනෙ.

අද කොටසින්..

සාදයේ ගින්නෙන් පස්සෙ ඔවුන්ට තිබුණු පිරිස් බලයෙන් බොහෝමයක් අහිමි වෙනව. මේ අතරෙ කෑම බීම නැති ප්‍රශ්නෙ නිසා කැප්ටන් තීර්ණය කරනව දඩයම් කරන්න කණ්ඩායම් පිටත් කරල යවන්න. මේ එක කණ්ඩායමකට නායකත්වය දෙන්නෙ ලුතිනන් ආර්වින්.. ඒ කණ්ඩායමේ මිස්ටර් හිකී එහෙමත් ඉන්නව.. මේ අතරෙ හිකී නැවට බැඳුණු හැටි කෙටියෙන් විස්තර කෙරෙනව. කාටහරි මුලින්ම නැවේ ලියාපදිංචි වුණු හිකී සහ දැන් හිකීගෙ මූණ මතකනම් මොකද්ද මේ වුණේ කියල හිතාගන්න පුළුවන්. කොහොමහරි අර්වින් සහ පිරිසට දඩයමක් නම් ලැබෙන්නෙ නෑ.. නමුත් ඔහුට ඇස්කිමෝවරු කණ්ඩායමක් හමු වෙනව.. ඔවුන් අර්වින්ට අලුත් මස්වලින් සංග්‍රහ කරනව. මේ සුබ ප්‍රවෘත්ති කණ්ඩායමේ අනික අයට කියන්න අර්වින් දුවගෙන එනකොට, මිස්ටර් හිකී?

අටවෙනි කොටසින් හමුවෙමු.. ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

4,422 downloadsDownload The-Terror-S01-E07.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

උදයංග සම්පත්

Subtitles

4,422 downloadsDownload Subtitles25 KB

32 comments

  1. Sherlock holmes

    ලොවෙත් නෑ තෑන්ක්ස් :-)

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Shanilka vithanage

    බැලුවෙන් බැලුවෙ නෑ බං මෙහෙම කතාවක්..ඉක්මනට දාපන් සුපිරී..

  4. Milind@

    Thanks saho...

  5. HTH

    thanks machn

  6. harshahjk

    බොහෝම ස්තූතියි උදයංග. විස්තරයක් තියනවා නම් මම කැමතියි. බලපු නිසා කතාව මතකයි තමයි ඒත් ලිපිය කියවලා කතාව බලන්න ගියාම ඒක හොඳියි කියලා මම හිතනවා. මම කතාව බලන්න කලින් පසුගිය කොටස ගැන තියන ටික කියවනවා. ස්තුතියි ජයවේවා

  7. panagama

    thank

  8. Kanchana

    Thanz sahoo

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. Viraj

    sub ekata thanks saho..jaya wewa!!

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Dasun

    මේ කතාව බලද්දි එන කුතුහලය මුසු භීෂණ හැඟීම වෙන එක කතාවක් වත් බලද්දි එන්නෙ නෑ...

  13. Ayesh Prashan

    Thank You

  14. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. 4devinda

    උපසිරැසි සඳහා බොහොම ස්තුතියි.. .

  17. Udara Damith Dissanayaka

    මේක බලන්නේ නැති අය පවු

  18. Asanke

    Thanks for sub

  19. Kulanjana Maduranga

    subata thanks....

  20. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  21. ravindushehan

    8 weni sub eke idan 404 not found watenwane

    1. උදයංග සම්පත් හතරසිංහ

      9 සහ 10 එපි තාම පළවෙලා නැහැ මිත්‍රයා.. ඒකයි ඒ.. තව දවසක් දෙකක් ඇතුළත ඒක පළ වේවි.

  22. npmuweerasinghe

    thanks...

  23. sasala

    thanks

  24. imyk

    thanks....ayye

  25. mindika

    Thanks !!!!!!!!!!!

  26. Sajithlakshan

    thanks .......................

  27. Lahiru Lakshan

    thanks bro..

  28. Haashan Dhanushka

    thnxxxxxxxx

  29. MAALnath

    Thanks ..............good luck ................

  30. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!