නත්තල් සමඟ ළඟ ළඟම එනකොට ඔන්න holiday season එකට What If…? Season 02 ආවා. ඉතින් මේ අරන් ආවේ පළවෙනි එපියේ සිංහල උපසිරසි. එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If Nebula Joined the Nova Corps?” කියලයි. ඒ කියන්නේ “නෙබියුලා නෝවා කෝප්ස් එකට බැඳුණොත් මොකක් වෙයිද?” කියන එකයි. මේක තමයි MCU Disney Plus සීරිස් එ…

නත්තල් සමඟ ළඟ ළඟම එනකොට ඔන්න holiday season එකට What If…? Season 02 ආවා. ඉතින් මේ අරන් ආවේ පළවෙනි එපියේ සිංහල උපසිරසි. එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If Nebula Joined the Nova Corps?” කියලයි. ඒ කියන්නේ “නෙබියුලා නෝවා කෝප්ස් එකට බැඳුණොත් මොකක් වෙයිද?” කියන එකයි.
මේක තමයි MCU Disney Plus සීරිස් එකකට දෙවෙනි කතා සමයක් ආව දෙවෙනි අවස්ථාව. පළවෙනි එක Loki Season 02 නේ. සාමාන්‍යයෙන් සතියකට එක එපිය ගානේ නිකුත් කරන ෆෝමැට් එක වෙනස් කරලා දවසකට එක ගානේ දෙන්න මේ පාර තීරණය කරල තියෙනවා. ඒ කියන්නෙ මේ සීසන් එකේ එපිසෝඩ් 09 අද ඉඳන් එක දවසට එක ගානේ එකදිගට දෙසැම්බර් 30 දක්වා පළ වෙනවා. නිකුත් වෙන දවසෙම සබ් එකත් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
නෙබියුලා කියන්නෙත් ලෝකි වගේම දුෂ්ටයෙක් විදියට පටන් අරන් වීරයෙක් විදියට ඉවරවුණු චරිතයක් නේ. ප්‍රධාන MCU ටයිම්ලයින් එකේ දැන් එයා අලුත් Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක්. මේ එපිසෝඩ් එකේ පෙන්නන alternate ටයිම්ලයින් එකෙත් වෙන්නෙත් ඊට ටිකක් සමාන දෙයක් තමයි. Ronan ව මතකද? මං මේ කියන්නේ Infinity War එකෙන් පස්සේ රෝනින් වෙලා හිටිය Hawkeye ගැන නෙමෙයි. Guardians of the Galaxy (2014) ෆිල්ම් එකේ ප්‍රධාන දුෂ්ටයා ගැනයි. මෙන්න මේ හාදයා මතකද?

ඒ ෆිල්ම් එකේදී Xandar ග්‍රහලෝකය විනාශ කිරීමෙ අරමුණ ඉටු කරගන්න තැනෝස් එක්ක වැඩ කරන්න මෙයා එකඟ වුණා. ක්සැන්ඩාර් කියන්නේ නෝවා කෝප්ස් හි මූලස්ථානය බව මතක ඇති නේ. මේ එපිසෝඩ් එකේ ටයිම්ලයින් එකේදී රෝනන් තැනෝස්ව පාවලා දීලා එයාව මරනවා. එයත් එක්ක ගමෝරාත් මැරෙනවා. තනි වෙලා හිටපු නෙබියුලාව නෝවා ප්‍රයිම් විසින් නෝවා කෝප්ස් එකට බඳවගන්නවා.
මේ අතරේ රෝනන් සැරසෙන්නේ ක්සැන්ඩාර් ආක්‍රමණය කරන්නයි. එයාව නවත්තන්න බැරිම තැන නෝවා ප්‍රයිම් ග්‍රහලෝකය වටේට විනිවිද යා නොහැකි ආරක්ෂක පළිහක් සක්‍රීය කරනවා. ඒ කියන්නේ ක්සැන්ඩාර් වල ඉන්න ඔක්කොම ටික ග්‍රහලෝකය ඇතුළේ හිර වෙනවා. ඒත් දැන් කවුරුහරි කෙනෙක් ඒ ආරක්ෂක පළිහ ක්‍රියාවිරහිත කරන්නයි යන්නේ. මේ කේස් එක විසඳන එක භාර වෙන්නේ නෙබියුලාටයි. එතනින් එහාට වෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලලා හොයාගන්නකෝ.
එහෙනම් හෙට දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,374 downloadsDownload What-If-S02-E01-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
14 comments
Isuru Dilshan
Praveen
Thanks
Vilana
Super work
Hashan
Thanx for the sub!!!
Kosala
Thanks bro
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️
Anonymous
Thanks bro.great work ❤
Thilinda Randeera
Thanks Bro
Sashen
Supiri
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
chinthaka chathuranga
thanks bro
Thisara Prabhath Senarathne
Thanks broh
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s What If…? [S02 : E01] Sinhala Subtitles | නෙබියුලා නෝවා කෝප්ස් එකට බැඳුණොත්…? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/what-if-s02-02.jpg)




Thanks