අදත් උණු උණුවේම ගෙනාවා Marvel සහ Disney Plus එකමුතුවෙන් ගහන What If…? කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කතාංගය. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Peter Quill Attacked Earth’s Mightiest Heroes?” කියලයි. ඒ කියන්නේ “පීටර් ක්විල් පෘථිවියේ ශක්තිමත්ම වීරයින්ට පහර දුන්නා නම් මොකක් වෙයිද?” කියන එකයි. පළවෙ…

අදත් උණු උණුවේම ගෙනාවා Marvel සහ Disney Plus එකමුතුවෙන් ගහන What If…? කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කතාංගය. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Peter Quill Attacked Earth’s Mightiest Heroes?” කියලයි. ඒ කියන්නේ “පීටර් ක්විල් පෘථිවියේ ශක්තිමත්ම වීරයින්ට පහර දුන්නා නම් මොකක් වෙයිද?” කියන එකයි.
පළවෙනි එපිසෝඩ් එක බැලුවා කියල හිතනවා. ඒක Guardians of the Galaxy (2014) එක්ක සම්බන්ධයක් තිබුණා නේ. ඒකේ ප්‍රධාන දුෂ්ටයා වුණු රෝනින් තමයි මේකෙත් ප්‍රධාන දුෂ්ටයා වුණේ. ඒ වගේ What If…? දෙවෙනි එපිසෝඩ් එක සම්බන්ධ වෙන්නේ Guardians of the Galaxy Vol. 2 (2017) එක්කයි.
ඒ ෆිල්ම් එකේදී අපට එළිවුණා පීටර් ක්විල් එහෙමත් නැත්නම් Star-Lord ගේ තාත්තා Ego නම් සෙලෙස්ටියල් කෙනෙක් බව සහ එයා විශ්වයම යටත් කරගන්න හදන බව. එයාට එහෙම කරන්න නම් අර්ධ-සෙලෙස්ටියල් කෙනෙක් වෙන එයාගේ පුතාගේ සහයෝගය ඕනේ. පීටර් මුලින් ඒකට කැමති වුණත් පස්සේ දැනගන්නවා තමන්ගේ විශ්වය යටත් කරන සැලසුමට පීටර්ගේ අම්මා බාධාවක් වන බව දැනගෙන Ego එයාව මැරුව බව. ඊටපස්සේ පීටර් තමන්ගේ තාත්තාට එරෙහිව සටන් කරලා එයාව විනාශ කරලා විශ්වය බේරගන්නවා. මේ ටික දැනන් හිටියාම කතාව තේරුම් ගන්න පහසුයි.
කට්ටියට Yondu ව මතක ඇති කියල හිතනවා. කලින් එපිසෝඩ් එකෙත් එයාව දකින්න ලැබුණා. යොන්ඩු කියන්නේ පීටර්ගේ තාත්තා වන Ego, පීටර්ව පෘථිවියෙන් පැහැරගෙන එයා ළඟට අරන් එන්න කියලා එවපු හාදයා. එයා සාර්ථකව පීටර්ව පෘථිවියෙන් පැහැරගත්තත් අන්තිම මොහොතේ හිත වෙනස් වෙලා එයාව egoට දෙන්නේ නෑ. යොන්ඩු පීටර්ගේ තාත්තා වගේ එයාව හදාගන්නවා. Guardians of the Galaxy ෆිල්ම්වල තියෙන හොඳම කොටස්වලින් එකක් තමයි පීටර් සහ යොන්ඩු අතර සම්බන්ධය. Vol. 2 එකේදී පීටර් Ego ව පැරැද්දුවට පස්සේ පීටර්ව බේරගන්න හැමෝවම අඬවමින් යොන්ඩු තමන්ගේ ජීවිතේ පූජා කරනවා. ඒ scene එක නම් masterpiece එකක්.
“He may have been your father, boy. But he wasn’t your daddy. I’m sorry I didn’t do none of it right. I’m damn lucky you’re my boy.”
– Yondu (Guardians of the Galaxy Vol. 2)
ඒත් යොන්ඩුගේ හිත වෙනස්වෙලා පීටර්ව හදාගන්න ගත්තේ නැතිව එයාව Ego ට බාර දුන්නා නම් මොකක් වෙයිද? අන්න ඒක බලාගන්න පුළුවන් වෙයි මේ එපිසෝඩ් එකෙන්. දන්න අඳුනන මූණු ගොඩක් ඉන්නවා. MCU රසිකයෙක්ට අනිවාරෙන්ම අඳුරගන්න පුළුවන් වෙයි.
එහෙනම් එපිය බලන්නකෝ. තුන්වෙනි එපියෙන් හෙට හමුවෙමු. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,740 downloadsDownload What-If-S02-E02-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
12 comments
Diaryofnish
Sumith Kumara
ජය වේවා කොල්ලෝ සබ් එක හොඳට කරනවා
Kosala
Thanks bro
Kasun
leave The World Behind sinhala sub dennako
Ushan Charuka
Thank you lokkoo…… digatama karagena yamu….
wishwa
niyamai machan.digatama sub eka damu
Thilinda Randeera
Thanks Bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
chinthaka chathuranga
thanks bro
Thisara Prabhath Senarathne
Thanks broh
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි.
Advertisement
![Marvel’s What If…? [S02 : E02] Sinhala Subtitles | යොන්ඩුගේ හිත වෙනස් වුණේ නැත්නම්…? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/what-if-s02-02.jpg)




අනෙ Thanks දාන කම් බලන් හිටියේ