Masters of the Air Sinhala Subtitles කතාවේ මුල දිගහැරුමේ හතර වෙන පරිච්ඡේදය ඔයාලට මතක ඇති බ්‍රෙමෙන් පහරදීම සිද්ධ වුණා. මේ සටනේදී ගොඩක් අය මැරුණා සමහරුන්ට වෙච්ච දෙයක් නැති වුණා. කිඩ්, ක්‍රොස්බී, බක් මේ අය ගැන කිසිම තොරතුරක් නැතිව ගියා.. ඇත්තටම මේ අයට මොකද වුණේ ෆ්ලෑක් ප්‍රහාරයකින් කොහෙට හරි වැටුනද මලා…

කතාවේ මුල දිගහැරුමේ හතර වෙන පරිච්ඡේදය ඔයාලට මතක ඇති බ්‍රෙමෙන් පහරදීම සිද්ධ වුණා. මේ සටනේදී ගොඩක් අය මැරුණා සමහරුන්ට වෙච්ච දෙයක් නැති වුණා. කිඩ්, ක්‍රොස්බී, බක් මේ අය ගැන කිසිම තොරතුරක් නැතිව ගියා.. ඇත්තටම මේ අයට මොකද වුණේ ෆ්ලෑක් ප්‍රහාරයකින් කොහෙට හරි වැටුනද මලාද ? ඉන්නවද කිසි දෙයක් අපිට දැනගන්න වෙලාවක් තිබුණේ නෑ මොකද ක්ෂණයකින් ටයිම්ලයින් පැනල එතනින් එහාට බ්‍රෙමෙන් වලින් හරියටම දින ගණනකට පස්සේ කතාව බකී මුලිකත්වයෙන් වූ මන්ස්ටර් ප්‍රහාරය පැත්තට ගියා..
මන්ස්ටර් කියන්නේ එක විදිහකින් 100ට කියන්න බැරි තරම් පාඩු ගොඩක් එකතු කල සටනක් වුණා..ජර්මානු ප්‍රහාරක යානා රැසකගේ සඳ ප්‍රහාරයට ලක් වෙලා සියල්ලන් සසල කරමින් මේජර් රෝසෙන්තාල්ගේ අබලන් වූ B-17 යානය පමණක් තෝප් ඇබට් පර්යන්තයේ දිස් වෙද්දී බබල්, නාශ් වගේ ගොඩක් සටන අතරතුරදී මිය ගිහිං තිබුණ.. සටන අතරතුර අපි දැක්ක බකීගේ යානයේ එංජින් විනාශ වෙලා කඩා වැටෙනවා නමුත් යානයේ හිටපු අය පැරෂුට් වලින් පනිනවත් අපි දැක්කා. පස්වෙනි කොටස ඔය විදිහට අවසන් වෙලා මේ දිගහැරුමේ හය වැනි පරිච්ඡේදයට එද්දි යුධ ඉතිහාසය පැත්තෙන් තවත් අලුතෙන් දේවල් ටිකක් අපිට දැනගන්න හම්බවුණ..
මේ කාලේ යුද්ධයේ නිරත වෙමින් ඉන්න ගුවන් සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික සුවය තකා ඇමරිකානු රතු කුරුස සංවිධානයේද දායකත්වයෙන් ඇමරිකානු 8 වැනි ගුවන් බලකාය විසින් එංගලන්තයේ පුරා “ගිලන් නිවාස” නමින් සංකල්පයක් පවත්වාගෙන ගිහිං තිබුණ..තරු පහේ හෝටල් වගේ තමයි මේවා .ආහාර පාන විනොදාස්වය උදෙසා ක්‍රීඩා සෙබලෙකුගේ හිත සතුටු කරන්න පුළුවන් අවශ්‍ය හැම පහසුකමක්ම එන සෙබළුන්ට මේවා තුලින් ලැබුණ. මානසික නිරවුල් භාවය පවත්වාගෙන යාම මේ කාලය වෙනකොට හරිම වැදගත් කාරණයක් වුණා යුද්ධය වෙනුවෙන් අට වැනි බලකායට. මේවට යැව්වේ ක්‍රියාකාරී හොඳ සෙබළුන්වයි.. එයාලට පොඩි රෙස්ට් එකක් දෙන්න. ඉතිං කර්නල් හාඩින් මේජර් රෝසෙන්තාල් ඇතුළු කණ්ඩායම යැව්වා මේ වගේ තැනකට සතියක විවේකයක් සඳහා මොකද ඔහු ඇතුළු කණ්ඩායම කඳවුරේ ඔවුන්ගේ තුන්වන දවස වන විට මෙහෙයුම් තුනකටම එක දිගට සම්බන්ධ වී තිබුණ..ඒ වගේම හැමෝගෙම ඔළුගෙඩි වලින් ගිහින් තිබුණේ නෑ මන්ස්ටර් සිදුවීම.. මේජර් ක්‍රොස්බී ඔක්ස්ෆර්ඩ් වෙත සංචාරය කළා අනික් පැත්තෙන් මිත්‍ර පාර්ශවයන් අතර පැවැත්වූ සම්මන්ත්‍රණයක් සඳහා 100 නියෝජනය කරමින්..ඔහුටත් මේ විවේකය අවශ්‍ය වෙලයි තිබුණේ මොකද බබල්ගේ නැති වීම ඔහුට දරාගන්න බැරි දෙයක් කම්පනයක් ඇති කල දෙයක් වුණා..
මෙතෙන්දි ක්‍රොස්බීට හමුවෙනවා අමුතු හමුදා නිලධාරිනියක්. සබල්ටන් වෙස්ට්ගේට් කියන්නේ ප්‍රියමනාප පෙනුමක් ඇති සිත් ගන්නා සුළු චරිත ලක්ෂණ වලින් හෙබි තැනැත්තියක් වුණා පිටින්. ක්‍රොස්බී සමඟ මැය ඉක්මනින් කුළුපග වුණත් ඇයගේ සැබෑ තනතුර සැම විටම වසං කළා ක්‍රොස්බීගෙන්..මොවුන් දෙදෙනා යම් කාලයක් විනෝදයෙන් ගත කරමීන් ඉන්න කොට එකතැනකදී ඇය හදිසියේම නික්මෙනව හිතාගන්න බැරි ලියුමක් ඇවිත්.. ඉස්සරහට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ සබල්ටන් වේස්ගේට් සම්බන්ධව දේවල් මැය ඇත්තටම කවුද කියල.. කතාව වෙනුවෙන් කරපු පුංචි වෙනස්කමක් විදිහට ඇය හඳුන්වන්න පුළුවන්.. කතාවේ තියන නම ඇයගේ නම ඇත්තම නම නොවෙයි.. ඇය කතාවේ පරාසය නිර්මාණශීලි විදිහට පුළුල් කරපූ තැනක් වෙනවා.
කොහොම වුණත් කතාවේ සමස්ථ කාල රාමුව ඇතුළේ ගලා යාම හරිම ඉක්මන් වගේම අපිට කාල වකවානු ගැන ගොඩක් තැන්වල අපැහැදිලිතා මතු වෙනවා තේරුම් අරං බැලුවේ නැත්තම්.. පස්වෙනි පරිච්ඡේදයේ ආරම්භය ක්‍රොස්බීගේ යලි පැමිණීම සිද්ධ වුණා.. මතක තියාගන්න ඕන මේ හැම දෙයක්ම ලොකු කාල පරතරයන් එක්ක වෙන්නේ මේ එකකට එකක් සිදුවීම් එක දිගට ගලායන ඒවා නෙවේ රැයකින් දවාලකින් වෙන දේවලුත් නෙවෙයි..ලෝක යුද්ධය අග භාගයේ හතර අතින්ම පාබල හමුදා ගුවන් හමුදා යුරෝපය වටලද්දී එංගන්තයට එන ඇමරිකානු 8 වෙනි ගුවන් බලකායට අයිති සියවැනි බෝම්බ සේනාංකය තෝප් නම් ස්ථානයක කඳවුරු බැඳගෙන සමකාලීනව මෙහෙයුම් දියත් කලේ කොහොමද මෙයාලගේ කැප කිරීම සමස්ථය අපිට Master of the Air තුලින් බලාගන්න තියෙන්නේ මේ දේයි..මේක එපිසෝඩ් 9ක මිනි සීරිස් එකක් වෙනකොට මෙහි අඩංගු වෙන්නේ තෝප් ඇබට් හී සිදු වූ දේවල් වලින් විශේෂම තැන් කීපයක් විතරයි මේ දේවල් කොහොමද සමස්ථ යුද්ධයට බලපෑවේ දළ අදහසක් අපිට ලබාගන්න පුළුවන්..මේ තුළ ගොඩක් ඉතිහාසගත තොරතුරු අන්තර්ගතයි.. ඉතිං ගලපගෙන බලන්න වෙනවා අපට මේ හැමදෙයක්ම කතා සමය බලං යනකොට ..
අද කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ..6වැනි එපිසෝඩ් එක ඉවර වෙනකොට බකී දිවි බේරාගෙන තිබුණා අපි දැක්කා..ඔහු ජර්මානු හමුදාවට නතුවෙනවා..දෛවය මොනතරම් පුදුමාකාරද මේ සේරම වෙලා ඔහුට නැවතත් ඔහුගේ පැරණි මිතුරා බක් ඇතුළු පිරිස හමුවෙනවා ලුෆට්වාෆ් iii ජර්මානු සිරගෙය තුළදී..මේක ඔවුන්ට මොනතරම් සතුටුදායක දෙයක් වෙන්න ඇතිද?
පටි තද කරගන්න යුරෝපා ආක්‍රමණයට තව ටිකයි…
මේ කතාව වෙනුවෙන් මාවත් එකතු කරගත්තට ඔලිව සහෝදරයාට ස්තුති කරන ගමං එහෙනම් මං යනවා..හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Masters of the Air Sinhala Subtitles S01.E07Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 7.9 (April 12 2024)
Episode Airs : Mar 01, 2024
Masters of the Air Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,209 downloadsDownload Masters-of-the-Air-S01-E07-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Masters of the Air Sinhala SubtitlesMasters of the Air Sinhala Subtitles
Subtitles by
අචින්ත උදයංග
Subtitles
- #2024
- #Editor's Pick
- #Masters of the Air Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #අචින්ත උදයංග
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Bimsara Yashan(ඔලිව)
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බෝහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
Thank you-.
Akila Dilhara
Thanks for Sub....❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Masters of the Air [S01 : E07] Sinhala Subtitles | ලූෆ්ට්වාෆේ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Masters-of-the-Air-2024-Mini-Series-c.jpg)



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!