Watch Trailer

Maya and the Three [S01 : E09] Sinhala Subtitles | චාරිකාවට අවසානය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Maya And The Three” ඇනිමේෂන් කතාමාලාවේ අවසාන කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇති කියලා මේක ඇනිමේෂන් එකක් වුණත්. එහෙනම් අපි බලමුකෝ අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න දැන් මික්ලාන් උතුමාණන් ඇවිත් ඉන්නෙ පාතාල ලෝකයෙ ඉඳලා. මෙයා එන්නෙ මායා සදහටම වගේ නැති කරලා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Maya And The Three” ඇනිමේෂන් කතාමාලාවේ අවසාන කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇති කියලා මේක ඇනිමේෂන් එකක් වුණත්. එහෙනම් අපි බලමුකෝ අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

ඔන්න දැන් මික්ලාන් උතුමාණන් ඇවිත් ඉන්නෙ පාතාල ලෝකයෙ ඉඳලා. මෙයා එන්නෙ මායා සදහටම වගේ නැති කරලා දාන්න. හැබැයි මායා තනි වෙලා නැහැ. එයත් එක්ක හැමෝම වගේ ඉන්නවා. අනික් රාජධානි වල කට්ටිය පවා. හැබැයි මික්ලාන් කියන්නෙ කපටි කෙනෙක්. ඔහු උත්සහ කරනවා මික්ටේ ආර්යාව නැවත නම්මගන්න. හැබැයි ඒක වෙන්නෙ නැහැ. කොහොමහරි මික්ලාන් කරන්නෙ තමන්ගෙ සේවකයෝ හැමෝම මරලා දාන එක. ඔයාලා දකින්න ඇතිනෙ කලින් එයා කෙනෙක්ව මරලා එයාලගෙ හදවත අරගත්තම ගොඩක් බලගතු වෙනවා. ඉතින් මෙයා මේක තමයි කරන්නෙ. ඒ මොකද කියනවා නම් අනික් කට්ටිය එක්ක හැප්පේන්න අමාරු වෙන හින්දා. ඉතින් මේකෙන් වෙන්නෙ මෙයා ගොඩක් බලගතු වෙන එක. ඒවගේම තමයි එයාගෙ අවසාන ස්වරූපය අද දකින්න හැකියාවක් ලැබෙනවා. එහෙනම් ඉතින් මම තවත් කියන්නෙ නැහැ. අවසාන කොටස හින්දා ඔයාලම බලල දැනගන්න. ඒවගේම කියන්න අවසානය හරිම සතුටුදායක වගේම දුක හිතෙන එකක්. කෙටියෙන් කිව්වොත් පරිපුර්ණ අවාසනාවක් ඔයාලට ලැබෙනවා. එහෙනම් මෙතෙක් කතාව සමඟ රැඳිලා හිටපු සැමට ස්තූතියි. තවත් කතාවකින් හම්බවෙමු කියන පොරොන්දුව ඇතිව සමුගන්නවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,961 downloadsDownload Maya-and-the-Three-S01-E09.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles

1,961 downloadsDownload Subtitles19 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. සචින්ත බෙනට්

    ස්තූතියි සහෝ

  3. Ishira

    Thanks R.R.

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Amila Konara

    සබ් එකට තෑන්ක්ස් සහෝ

    පුලුවන්නම් The Dark Crystal: Age of Resistance එකට සබ් දෙනවද

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P