Watch Trailer

Hawkeye [S01 : E06] Sinhala Subtitles | අවසානයද මේ… [සිංහල උපසිරැසි]

සීතල නත්තල ආසන්නයටම ඇවිත් තියෙන වෙලාවක මාර්වල් සිනමා විශ්වයේ අලුත්ම ලයිව් ඇක්ශන් වෙබ් සීරීස් එක වෙන Hawkeye කතා මාලාවේ පළවෙනි කතා සමයේ අවසන් කොටසයි මේ අරන් එන්නේ. කලින් කතා මාලාවලට තරම් හයිප් එකක් මුල ඉඳලම ලැබුණෙ නැති උනත් පළමු කොටසෙ ඉඳන්ම ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනු දේවල් ඕනෑවටත් වඩා ලබා දෙන්න…

සීතල නත්තල ආසන්නයටම ඇවිත් තියෙන වෙලාවක මාර්වල් සිනමා විශ්වයේ අලුත්ම ලයිව් ඇක්ශන් වෙබ් සීරීස් එක වෙන Hawkeye කතා මාලාවේ පළවෙනි කතා සමයේ අවසන් කොටසයි මේ අරන් එන්නේ. කලින් කතා මාලාවලට තරම් හයිප් එකක් මුල ඉඳලම ලැබුණෙ නැති උනත් පළමු කොටසෙ ඉඳන්ම ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනු දේවල් ඕනෑවටත් වඩා ලබා දෙන්න මේ කතා මාලාව සමත් වුණා.

Hawkeye කියන්නෙ දැනට ආපු අනිත් මාර්වල් සීරීස් හතර වගේම මේ යුනිවර්ස් එකට වැදගත් බලපෑම් කිහිපයක්ම කරපු කතා මාලාවක්. ඔයාලා දැනටමත් දන්නවනේ 2008 ඉඳන් අපිට මුනගැහුණු ඔරිජිනල් ඇවෙන්ජර්ස්ලා කිහිප දෙනෙක්ම Endgame සිනමාපටය තුළදී මියගියා, නැත්තන් ඇවෙන්ජර්ස් ජීවිතයට සමුදුන්නා.

නමුත් ක්ලින්ට් බාටන් හෙවත් Hawkeye නම් ඇවෙන්ජර්ස් සහ SHIELD වැඩවලින් ඉවත් වෙන්නේ සිවිල් වෝ එකේදී. ඒ වුනත් Thanos ඇති කරපු බ්ලිප් එක නිසා තමන්ගේ බිරිඳ සහ දරුවන් අහිමි වීමෙන් ක්ලින්ට්ගේ වෙනස්ම පැත්තක් එලියට එනවා. ඒ තමා Hawkeye කතා මාලාවේ ප්‍රධානම මාතෘකාව වුනු Ronin.

ඉතිං නොසිතූ විදිහට වීරකම් කරන්න ගිය නිසා කේට් බිශොප් වැරදීමකින් රෝනින්ගේ ස්වරූපය අරගන්නවා. මේ නිසා ට්‍රැක්සූට් කියන මැර කල්ලිය රෝනින්ගේ දඩයම අරඹනවා. ට්‍රැක්සූට්ලා මෙච්චර රෝනින්ට වෛර කරන්න හේතුව තමා මේ කට්ටියගේ නායිකාව වෙන මායා ලූපස් aka. Echo තමන්ගෙ තාත්තාගේ මරණය වෙනුවෙන් රෝනින්ගෙන් පලිගන්න බලාගෙන සිටීම.

ඉතිං මුලු සීරීස් එකම ගලාගෙන ගියේ මේ කරදරයෙන් කේට්ව බේරගන්න කාලෙකට පස්සේ හෝව්ක් අයි වැඩට බැහැපු විදිහ ගැනයි.

කලින් කිවුවත් වගේ මේ සීරීස් එකේ MCU අනාගතයට ලොකු පදනමක් එක් කරනවා. ඒ සිදුවීම් අපි බලමු.

 

1. කේට් බිශොප් හෝව්ක් අයි ලෙස කරලියට එක් වීම

කලින් මම සඳහන් කරත් වගේ මේ වෙද්දී ඔරිජිනල් ඇවෙන්ජර්ස්ලා නැහැ. හෝව්ක් අයි ජීවතුන් අතර උන්නත් තමන්ගෙ වීරක්‍රියාවලින් ඉවත් වෙලයි ඉන්නේ.

ඉතිං මේ වෙද්දී ඔරිජිනල් ඇවෙන්ජර්ස්ලගේ පුරාවෘතය ඉදිරියට අරගෙන යන්න තරුණ වීරයින් එකතුවෙන් Young Avengers ටීම් එකක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම කෙනෙක් තමා ක්ලින්ට් බාටන්ගේ බැටන් එක අරගෙන හෝව්ක් අයි පුරාවෘතය ඉස්සරහට රැගෙන යන කේට් බිශොප්. Hawkeye සීරීස් එක නිර්මාණය වෙන්නෙත් මේ ලොකු වගකීම කේට් බිශොප්ගේ අතට ලබාදෙන්න කියන එක රහසක් නෙවෙයිනේ. සරළවම කියනව නම් මේ තමා කේට් බිශොප්ගේ හෝව්ක් අයිගේ ඔරිජින් ස්ටෝරි එක.

 

2. කින්පින්

මුල ඉඳන්ම මගේ ලිපි එක්ක එකතුවෙලා ඉන්න අය දන්නව ඇති මම මේ ගැන සීරීස් එකේම තිබුණු ඉඟි යොදාගෙන කලින්ම අනුමාන කරපු බව. මේ නිසාම හැමෝගෙම අවදානය හෝව්ක් අයි සීරීස් එකට ලැබුණා. 5 වෙනි කොටසෙදි Daredevil කතා මාලාවේ ඉන්න ඉතාමත් ඉහළ ප්‍රෙක්ෂක ප්‍රසාදයක් දිනාගත්ත Vincent D’Onfrio මාර්වල් සිනමා විශ්වයට පැමිණෙනවා. පෞද්ගලිකව Daredevil කතා මාලාවේ ලොකු ප්‍රේක්ෂකයෙක් විදිහට මමත් මග බලන් හිටපු අවස්තාවක්.

මේ වෙනකොට නිල වශයෙන් මැට් මර්ඩොක් වෙනුවෙන් Charlie Cox ව කාස්ට් කරල තියෙන නිසා ඔන්න වින්සන්ට්ගේ කින්පිනුත් MCU එකට එකතුවෙනවා. අනාගතේදි අපිට ස්පයිඩිගේ සහ ඩෙයාඩෙවිල්ගේ පොදු හතුරෙක් විදිහට ඒ දෙන්නගෙත් හොඳ ටීම් අප් එකකුත් බලාගන්න ඉඩ කඩ තිබෙනවා.

ඔයාලත් Netflix ලගේ Daredevil සීරීස් එක බලල නැත්තන් අනිවාරෙන්ම බලන්න. පාඩුවක් නම් වෙන එකක් නෑ. මොකද දැනට ආපු හොඳම මාර්වල් කතාවක් විදිහට Daredevil නම් කරන්න පුලුවන්.

 

3. එකෝ සහ විල්සන් ෆිස්ක්

එකෝ කියන්නේ විල්සන් ෆිස්ක්ගේ දරුකමට හදාගන්න ගත්ත දුව. කලින් කොටසෙදි ක්ලින්ට් හෙලිදරවු කරනවනේ විල්සන් හෙවත් කින්පින් තමා මායාගේ තාත්තව හොයාගන්න හෝඩුවාව දුන්නෙ කියලා. ඉතිං මායාගේ සහ විල්සන්ගේ ලොකු සටනක් අනාගතේදි අපිට බලාගන්න පුලුවන් වෙයි. මොකද Echo වෙනුවෙන් වෙනමම මාර්වල් සීරීස් එකක් Disney+ තුළ නිර්මාණය වෙමින් තියෙනවා.

 

4. යෙලේනා- ක්ලින්‍ට් හමුව

අද කොටසෙ වෙන වැදගත් සිදුවීමක්. Black Widow ෆිල්ම් එකේදි මැඩම් හයිඩ්‍රා යෙලේනට කියනවනේ නටාශාව ඝාතනය කරේ ක්ලින්ට් කියලා. ඉතිං හතරවෙනි කොටසෙදි යෙලේනා එනවා ක්ලින්ට්ව මරන්න. ඉතිං අද කොටසෙදි මේ ප්‍රශ්නෙත් අවසානයක් වේවි. යෙලේනා හෝව්ක් අයිව මරයිද? නැත්තන් මේ දෙන්නගෙ වෛරය අවසන් වෙයිද? ස්පොයිල් කරන්න බලාපොරොත්තුවක් නැති නිසා මේ ගැන දැනගන්න මම ඔයාලට භාර කරන්නම්.

හරි එහෙනම්… මේ තමා Hawkeye කතා මාලාවේ අවසන් කොටස. අද කොටස නම් වෙන්නේ “So, This is Christmas?” විදිහටයි. මේ වෙනකොට IMDb දර්ශකයේ 8.2 ක අගයක් ලැබිල තියෙනවා. තාම දෙවෙනි සීසන් එකක් එනවද කියල නම් හරි තොරතුරක් නෑ. මාර්වල්ලට දෙවෙනි සීසන් එකක් කරන්න සැලැස්මක් නැති නිසා සමහර විට ආයෙ සීසන් එකක් නොඑන්නත් පුලුවන්. කොහොම හරි කතා මාලාවට සෑහීමකට පත්වෙන්න පුලුවන් විදිහේ හොඳ අවසානයක් ලැබිලා තියෙනවා.

සම්පූර්ණ කතා මාලාවටම මේ වෙනකොට IMDb තුළ චන්ද 54,000 කින් 8.0 ක අගයක් සහ Rotten Tomatoes තුළ 92% ක ඉතා ඉහළ අගයක් ලැබිලා තියෙනවා ❤

ඊළඟ Disney+ Marvel සීරීස් එක Ms. Marvel හෝ She- Hulk වේවි.

පෞද්ගලිකව මුල ඉඳන්ම මමත් හරි ආසාවෙන් නරඹපු වගේම සබ් කරපු සීරීස් එකක් මේක. මේ තමා මම සබ් කරපු පළවෙනි Marvel/ MCU නිර්මාණය වෙන්නෙත්.

ඉතිං සති පහක් පුරාම කොටස් හයක මේ ගමන මාත් එක්ක ආපු ඔයාලා හැමෝටම ස්තූති කරනවා. සබ් එක ඩවුන්ලෝඩ් කරපු, අදහස් දක්වපු ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ වගේම අඩු පාඩු පෙන්නලා දුන්න මට මේ සබ් එක භාරදුන්නු අශාන් විමුක්ති අයියටත් ස්තූති කරනවා.

සමහර විට මේ මගේ 2021 අවසන් උපසිරැසිය වේවි. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන නිර්මාණයකින් හමුවෙමු. ඒ වගේම තමන්ගෙ පරෙස්සම සහ අන් අයගේ පරෙස්සම ගැනත් හිතලා නත්තල සමරන්න අමතක කරන්න එපා. ❤️

ලබන්නාවූ නත්තල ඔබ සැමට සුබම සුබ නත්තලක් වේවා…! 🎅🎄❤️

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,109 downloadsDownload Hawkeye-S01-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

11,109 downloadsDownload Subtitles23 KB

35 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය...

    The wheel of time සිරීස් එකටත් සබ් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්....

  2. Anonymous

    Thanks

  3. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  4. Anuradha chandrasekara

    එනකන් බලාගෙන හිටියෙ

  5. Anuradha chandrasekara

    එනකන් බලාගෙන හිටියෙ❤️❤️

  6. Anuja Lakshitha

    thanks kollo sub ekt

  7. ශශී ඩී.ජාගොඩ

    බොහොම ස්තූතියි දිගටම උපසිරැසි දුන්නට

  8. Kavinda Silva

    Bro, ඔයගේ සබ් font එක වෙනස් කරන්න බැරිද..? Jet Audio වලින් play වෙද්දි ෆොන්ට් එකට පෙන්නන්නෙ නෑ. Overall good job bro. Keep it up

  9. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියී...

  10. Anonymous

    Thank you so much

  11. KAVINDU LASAN

    thank you so much brother

  12. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  13. Gihan

    සිංහල උපසිරැසියට ස්තූතීයි ❤
    ජය

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. Sandun

    thanks

  16. kavindu srimal

    godaak sthuthii
    jaya weva

  17. kevin D...

    Thanks...

  18. Binidu sumal

    Thanks for sub

  19. kavinda gamage

    ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  20. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  21. tharanka

    thanks

  22. Anonymous

    ස්තූතියි ...

  23. Udara Damith

    elas

  24. chinthaka.max4

    thankx machan

  25. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  28. MAALNATH

    Thanks........good luck........

  29. Ruchira

    Thanks for the sub!!!!!!

  30. Dinujaya Sandaruwan

    උපසිරසියට බොහොම ස්තූතියි

  31. lakshan

    thanks .....................

  32. Darkmoon

    supiri bm

  33. Dewadithya

    Thanks for Sub!

  34. Mathew sheron

    Thanks

  35. ravindra

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.