Watch Trailer

Maya and the Three [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනෙ ආරම්භය…. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කෙටි කතාමාලාවෙ අවසාන කොටසට කලින් කොටසයි. කතාවට සම්බන්ධ කරගත්තු රවිඳුට ස්තූතිවන්ත වෙනවා. මොකද ඇත්තෙන්ම කිව්වොත් මේක හරිම අපූරු කතාවක්. එක කොටසක් බැලුවොත් හිත ඇදිල යන කතාවක්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ හැමෝම එකතු වෙලා ද්ව්‍යම…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කෙටි කතාමාලාවෙ අවසාන කොටසට කලින් කොටසයි. කතාවට සම්බන්ධ කරගත්තු රවිඳුට ස්තූතිවන්ත වෙනවා. මොකද ඇත්තෙන්ම කිව්වොත් මේක හරිම අපූරු කතාවක්. එක කොටසක් බැලුවොත් හිත ඇදිල යන කතාවක්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කලින් දකින්න ඇතිනෙ හැමෝම එකතු වෙලා ද්ව්‍යමය ද්වාරය හරහා යනවා මික්ලාන් එක්ක සටන් කරන්න. හැබැයි එයාලා හිතං හිටියෙ ඒක හරිම ලේසි වැඩක් කියලා. කොහොම නමුත් ඒක ලේසි වෙන්නෙ නැහැ. මොකද මික්ලාන් කපටියි වගේම බලගතු කෙනෙක්. එයත් එක්ක හැප්පෙනවා කියන්නෙ මුළු හමුදවක්ම ඕන වෙනවා කියන එක. කොහොමහරි මායා ඇතුළු කට්ටිය එතැනින් පණගන්නවා. හැබැයි එයාලට කැප කිරීමකුත් කරන්න වෙනවා. ඒ තමයි පිචු. පිචු තමන්ගෙ ජීවිතය පුදනවා මෙයාලා වෙනුවෙන්. සැබෑම මිත්‍රත්වය. කොහොමහරි මෙයාලාට පැනගන්න උදව් කරන්නෙ මික්ටේ ආර්යාව. ඒවගේම තමයි අද දැනගන්න පුළුවන් මික්ටේ ආර්යාව සහ මායා අතරේ වෙන බැඳීම් ටික. ඇය කොහොමද මායාව බලාගත්තේ කියන එක එහෙම. ඒවගේම තමයි සැට්ස් ගැනත් අද කොටසෙදී විස්තර ඇතිව බලාගන්න පුළුවන්. එයාගෙ අම්මව නැති වෙන්නෙ කොහොමද කියන එක වගේ එහෙමත්. ඒවගේම අද කොටසේදී අවසාන සටන ආරම්භ වෙනවා. ඒක කොහොම වෙයිද? එහෙනම් බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,152 downloadsDownload Maya-and-the-Three-S01-E08.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,152 downloadsDownload Subtitles16 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.