Watch Trailer

Midnight, Texas [S01 : E01] Sinhala Subtitles | ගුප්ත බලවේග වලින් පිරි නගරයක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ සූදානම් වෙන්නෙ IMDb මීටරේ 7.5/10 ක ඉහළ අගයකට කරකවන්න සමත්වුණු තවත් සුපිරි රූපවාහිනී කතාමාලාවක් ඔයාලට අරගෙන එන්නයි. 2017 ජූලි මස 24 සිට NBC නාළිකාව ඔස්සේ විකාශය වීම ඇරැඹූ මේ කතාමාලාව Drama | Fantasy | Mystery | Supernatural යන වර්ගීකරණයන්ට අයත්වූ කතාමාලාවක්. කතාමාලාව නිර්මාණය කරල තියෙන…

ඔන්න ඉතින් මේ සූදානම් වෙන්නෙ IMDb මීටරේ 7.5/10 ක ඉහළ අගයකට කරකවන්න සමත්වුණු තවත් සුපිරි රූපවාහිනී කතාමාලාවක් ඔයාලට අරගෙන එන්නයි. 2017 ජූලි මස 24 සිට NBC නාළිකාව ඔස්සේ විකාශය වීම ඇරැඹූ මේ කතාමාලාව Drama | Fantasy | Mystery | Supernatural යන වර්ගීකරණයන්ට අයත්වූ කතාමාලාවක්. කතාමාලාව නිර්මාණය කරල තියෙන්නෙ Monica Owusu-Breen විසිනුයි. මේ කතාමාලාව නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන තියෙන්නෙ True Blood කතාමාලාව නිර්මාණය කිරීම සඳහා යොදාගත් The Southern Vampire Mysteries නවකතා මාලාව රචනා කළ Charlaine Harris විසින් රචිත Midnight, Texas ග්‍රන්ථ ත්‍රිත්වයයි. ඉතින් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙන කට්ටිය ගැන කිව්වොත්, ප්‍රධාන චරිතය වන Manfred Bernardoගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් ආසාවෙන් බලන Blindspot කතාමාලාවේ Oscar විදිහට රංගනයෙන් දායකවුණු François Arnaud විසිනුයි. සෙසු චරිත සඳහා Dylan Bruce,Parisa Fitz-Henley,Arielle Kebbel,Jason Lewis,Peter Mensah,Sarah Ramos,Yul Vazquez සහ Sean Bridgers තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. මේ කතාමාලාවේ රූගතකිරීම් සිදුකර ඇත්තේ Albuquerque, New Mexico සහ Las Vegas, New Mexico යන ප්‍රදේශ වලදී වන අතර කොටස් දහයකින් යුත් පළමු කතාසමය මේ වනවිට විකාශය වී අවසන්.

කතාව ගැන කියන්න කලින් තව දෙයක් කියන්නම ඕනි. මේ කතාමාලාවේ උපසිරසි ඔයාලට අරගෙන එන්න අපේ සහෝදර උපසිරසිකරුවන් වන රවිඳු රුක්ෂාන් මල්ලි, දිල්ශාන් සචින්ත මල්ලි, සොහාන් ජයසූරිය මල්ලි වගෙම Mist කතාමාලාවෙන් රූපවාහිනී කතාමාලා වලට උපසිරසි ලබාදීම සඳහා මුලින්ම මාව එකතු කරගත්තු කවින්ද බුද්ධික මල්ලිත් මට ගොඩක් උදව් වුණා. ඉතින් ඒ හැමදෙනාටම ස්තුතියක් හිමියි.

හරි එහෙනම්, කතාව පටන්ගන්නෙ මෙහෙමයි මැන්ෆ්රෙඩ් කියන්නෙ අහිගුණ්ටික පරම්පරාවකින් පැවත එන අධ්‍යාත්මික හැකියාවන්ගෙන් යුත් තරුණයෙක්. මේ හාදයාට පුළුවන්කම තියනවා මළගිය ආත්ම දකින්න වගෙම ඒ ආත්ම එක්ක කතාකරන්න. ඉතින් මෙයා කරන්නෙ මේ හැකියාව සල්ලි හොයන්න පාවිච්චි කරන එකයි. ඉතින් මිනිස්සු තමුන්ට ඕනිකරන මළගිය ආත්ම එක්ක කතාකරන්න සල්ලි ගෙවල මෙයාගෙ සහය ලබාගන්නවා. ඒත් පොර කරන්නෙ 100% ක අධ්‍යාත්මික දේවල් නම් නෙවෙයි. සමහරවෙලාවට වංචනික දේවලුත් කරනවා. ඉතින් මේ මැන්ෆ්රෙඩ් හාදයාගෙ ආච්චි තමයි ශිල්ඩා කියන්නෙ. එයත් ජීවත්වෙලා උන්නු කාලෙදි කරල තියෙන්නෙ එක එක ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර වැඩ තමයි. මේ වෙද්දි ජීවතුන් අතර නොහිටියත් මැන්ෆ්රෙඩ්ට තියන මළගිය ආත්ම දැකීමේ හැකියාව නිසා එයාට ආච්චිත් එක්ක කතාකරන්න පුළුවන්කම තියනවා. මේ විදිහට තමන්ගෙ ව්‍යාපාරය කරගෙන ඉන්න අතරෙ මැන්ෆ්ර්ඩ්ට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඉතින් මේ ඇමතුම නිසා කලබලවුණු මැන්ෆ්රෙඩ් ශිල්ඩගේ මළගිය ආත්මය කියන විදිහට තමන්ගෙ සේරම වැඩ අතෑරල දාල එයාට ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනකට යන්න තීරණය කරනවා. ඒ වෙන කොහෙවත් නෙවෙයි Midnight,Texas කියන අප්‍රකට නගරයට. ඉතින් ඔයාලට 8.1/10ක IMDb අගයක් හිමිකරගෙන තියන පළමු කොටසින් වගෙම අනිත් කොටස් වලිනුත් Midnight,Texas වලට යන මැන්ෆ්රෙඩ් මුහුණදෙන සිදුවීම් මාලාව බලාගන්න පුළුවන්. තව දෙයක්, Supernatural කතාමාලාව බලපු යාළුවෝ නම් අනිවා මේ කතාමාලාවට කැමතිවෙයි. මොකද කිව්වොත් Supernatural කතාමාලාවේ වගෙම (ට්‍රේලර් එක බලන්නකෝ) මේ කතාමාලාවෙත් වැම්පයර්ලා, එන්ජල්ලා, ඩීමන්ලා වගෙම තව ගොඩක් අමුතුම විදිහෙ අත්භූත කට්ටිය, අත්භූත දේවල් ගොඩක් තියනවා. එහෙනම් පළවෙනි කොටස බලලම ඉන්නකෝ….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,344 downloadsDownload Midnight.Texas_.S01E01.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

6,344 downloadsDownload Subtitles32 KB

23 comments

  1. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  2. malshan

    Kathawanm pattai bro. 1st season eka mn beluwe sub nethuwa. Khoma unath meke sub danna patan gaththu ekt oyt wgema baiscop team ekatath tnx. season eka complete wenakan sub denna. elama..
    jaya wewa...

  3. Sandun

    Niyamai saho... digatama demu....

  4. KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  5. Kaushan Herath

    supernatural වගේනම් මිස් කරන් බෑනේ.සබට තෑන්ක්ස් බොක්ක

  6. Nishara

    ela ela kollane illuwa mn meka oyalagen. thnkx kollane obalata jaya

  7. Supun Kaushalya

    මේකට සබ් දානකන් බලන් හිටියෙ බම් දිගටම සබ් දීපම් එලම ජය.......!!!!

  8. Sineth Rashmika

    ස්තූතීයි සහො :)

  9. Lakshan

    Thanks Bro.

  10. Mahesh ruwan

    බොහොම ස්තුතිය එපිසොඩ් 10ම සබ් එක දෙන්න සුබ පැතුම්

  11. Nuwan

    Baiscopedownloads.com web site eka weda karan nahane... mokak hari awlak welada.. eka hadanne nadda

    1. sohan jayasooroya

      ඉක්මනටම හදයි සහෝ

  12. shasith sandaruwan

    බොහොම ස්තූතියි ඉසුරු සිංහල උපසිරැසියට.
    මේ කතාව නම් බලන්නයි හිතාගෙන ඉන්නේ.
    සේරම එපි ටික දුන්නම බලනවා.
    දිගටම සබ් දෙමු ආ.. :P
    ඔබට ජය!

  13. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    download කරලා තිබ්බා..සබ් දෙයි කියල හිතුවේ නැ...
    දිගටම දෙමු....

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. dulitha hashan

    thanqqq aaa sub ekata.. supiri kathaawak

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. nisha

    sub akata thanks

  18. Mahesh

    Sub ekata thanx

  19. Dushan

    Thanks....Jaya wewa!!!

  20. rangika Kariyawasam

    Thanks bro

  21. KUSAL LIYANAGE

    mekath balanna patan gththa,sub 1t gdk sthuthi

  22. Stilessachi

    නියමයී මේ සීරිස් එක කියන්න වචන නෑ ඒතරම් සුපිරියක්:3