ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියට Tangled : The series එකට අද ඉදන් උපසිරැසි ලබාදෙන්න පටන් ගන්නවා. අද සිට දිනපතාම කතාවක් පලකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොදයි එහෙමනම් Tangled: Before Ever after එකේදී කිව්ව විදියට මේ කතාවේ ප්‍රධාන චරිත ගැන කෙටි හැදින්වීමක් කරන්නම්. රපන්zසල් කුමරිය 2010දී වෝල්ට් ඩිස්නි…

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියට Tangled : The series එකට අද ඉදන් උපසිරැසි ලබාදෙන්න පටන් ගන්නවා. අද සිට දිනපතාම කතාවක් පලකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
හොදයි එහෙමනම් Tangled: Before Ever after එකේදී කිව්ව විදියට මේ කතාවේ ප්‍රධාන චරිත ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.
රපන්zසල් කුමරිය
2010දී වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිකුත් කරනු ලැබු 50වන ඇනිමේෂන් චිත්‍රපටය ලෙස නිකුත්වුන Tangled චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස තමයි රපන්zසල් අපිට හමුවෙන්නේ. මේ චිත්‍රපටයට මුලින්ම ඔවුන් නම් කරන්න හිතාගන ඉදලා තියෙන්නේත් රපන්zසල් ලෙසයි. නමුත් පසුව මෙය පටලැවීම කියන තේරුම තියෙන Tangled ලෙස නම් කරලා තමයි අපි අතරට ආවේ. රපන්zසල්ගේ චරිතයට පාදක වෙන්නේ ජර්මන් සුරංගනා කතාවක එන දිගු කොන්ඩයක් හිමි ගෑණු ළමයෙක්. රපන්zසල් ඇනිමේෂන් චරිතය නිර්මාණය කරන්නේ වෝල්ට් ඩිස්නි සමාගමේ අනිමේටර්වරයෙක් වශයෙන් කටයුතු කරන Glen Keane විසින්. ඇයට හඩකැවීම සිදු කරන්නේ Mandy Moore විසින්. ඇයව අපි වැඩිපුරම දන්නේ නම් ගායිකාවක් විදියටයි. ඉතිං රපන්zසල් කියලා කියන්නේ කොරෝනාවේ අනාගත රැජිණ. මේ කතා මාලාව පුරාවටම අපිට ඇයගේ තියෙන හිතහොදකම නිසාම කරදර වලට පත්වෙන ගමන් කොරෝනාවේ රැජින දක්වා යන ගමනට පුහුණුවීම් කිසුකරන හැටි බලාගන්න පුලුවන්. ඒ වගේම තමයි කුමරිය මේ තමන්ගේ සැබෑ දෙමව්පියන් එක්ක එකතු වෙලා ඉන්නේ අවුරුදු 18ට පස්සේ. ඇය මේ අවුරුදු 18 පුරාවම එළියටවත් බහින්නේ නැතිව හිටියේ කැලේ මැද තියෙන උස කුළුණකට වෙලා. ඉතිං ඇයට මේ ලෝකය ගොඩක් අලුත් තැනක්. අපිට කතා මාලාව පුරාවටම මේ අලුත් ලෝකයට හැඩගැහෙන විදිය ගැනත් බලාගන්න පුළුවන්.
ෆ්ලින් රයිඩර්
ෆ්ලින් රයිඩර් කියලා කියන්නේ අහම්බයේ රපන්zසල් හිරකරලා තියෙන කුලුනට ඇවිත් අන්තිමට ඇයව බේරගන යන කෙනානේ. ෆ්ලින් රයිඩර්ගේ චරිතයට හඩකවන්නේ Zachary Levi කියන චිත්‍රපට නළුවා විසින්. එයාව නම් අපි හැමෝම අදුනන්නේ තෝර් චිත්‍රපටයෙන්නේ… ෆ්ලින් රයිඩර් කියන චරිතයේ තියෙන හාස්‍ය උත්පාදභාවයෙන් යුතු විප්ලවකාරී ඇනුම්පද කියන කතාබහ නිසාම හැමදෙනාගෙම සිත්දිනාගන්න මේ චරිතය සමත්වෙලා තියෙනවා. ඒ වගේම තමයි බොහෝ විචාරකයන් මේ චරිතය ඩිස්නි සමාගමේ පිරිමි සාමාජිකයින් ඇද ගැනීමට නිපදවනු ලැබූ මාකටින් ටූල් එකක් හැටියට හදුන්වලා තියෙනවා. ඉතිං මේ කතාමාලාවේ දී අපිට ෆ්ලින් රයිඩර්ගේ සැබෑ නම ඉයුජීන් ෆිට්ස්හර්බට් කියලා අපට දැනගන්න ලැබෙනවා. කතාමාලාව පුරාවටම ඉයුජීන් රපන්zසල්ගේ පෙම්වතා වශයෙන් ඉන්න අතරතුරේ කුමරියගේ සහයිකාව වන කැසැන්ඩ්‍රාත් එක්ක රණ්ඩුවෙන විදිය අපට බලාගන්න පුළුවන් වෙනවා.
කැසැන්ඩ්‍රා
මෙයානම් අලුත් කෙනෙක්. මේ කතා මාලාවේදී තමයි අපට ඇයව හමුවෙන්නේ පළවෙනි වතාවට. කැසැන්ඩ්‍රා කියලා කියන්නේ රාජමාලිගාවේ මුරකරුවන්ගේ කැප්ටන්ගේ දියණිය. ඒ වගේම තමයි ඉයුජීන්ගේ ජම්මාන්තර වෛරක්කාරිය. හැබැයි රපන්zසල්ගේ අතිජාත විශ්වාසවන්ත මිතුරිය. ඇයට හඩ කැවීම් සිදු කරන්නේ Eden Espinosa කියන ගායිකාව විසින්.
මිට අමතරව අපිට පැස්කල් සහ මැක්සිමස් දෙදෙනාත් විශිෂ්ට රංගනයක නිරතවෙමින් මේ කතාමාලාව පුරාවටම ප්‍රධාන චරිත වශයෙන් කටයුතු කරනවා.
හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු. Tangled: Before Ever after එකේදී අපි දැක්ක විදියට කුමරියට දිග කොන්ඩය ලැබුනේ කැසැන්ඩ්‍රාගේ උදව්වෙන් රජතුමා තහනම් කරපු පැත්තකට ගිහින් එහේ තිබුන අභිරහස් ගල් වගයක් අල්ලන් ගිහිල්ලනේ. ඒ වගේම ඔටුනු පැළඳවීමේ උත්සවය දවසේ මාළිගාවට පහරදෙන්න ආපු කේන් ආර්යාව ඇතුළු පිරිස පන්නා දමන්න රපන්zසල් ඇතුළු පිරිසට හැකියාව ලැබුනේ මේ කොන්ඩයට පින්සිදුවෙන්නම තමයි.
අද කතාව පැත්තට හැරුනොත් රපන්zසල්ට මේ අලුත් කොන්ඩය ලොකු ප්‍රහේලිකාවක් බවට පත්වෙලා. මේක ඇතිවුනේ කොහොමද මෙච්චර මේක ශක්තිමත්වුනේ කොහොමද, ඔය වගේ දේවල් දැනගන්න ඇය කුතුහලයෙන් ඉන්නේ. ඉතිං කැසැන්ඩ්‍රා මේ වතාවෙත් උදව්වට එනවා. ඒ ඇයගේ යාළුවෙක් මාර්ගයෙන් රපන්zසල්ගේ කොන්ඩය පිළිබඳ රහස් එළි කරගන්නයි හදන්නේ. ඒ වගේම තවමත් ඉයුජීන් මේ කොන්ඩය ගැන රහස හරියටම දන්නේ නැහැ. අදවත් එයාට ඒක දැනගන්න පුළුවන් වේවිද?
කතාව බලන්නකෝ… මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.
1,546 downloadsDownload Tangled_-The-Series-S01E01.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
16 comments
nirodha uthpala
Gathsara Umesh Kumara
Bhooooom sthuthiyi ayye.....
Udara Damith B/K
thanks
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
podda
thanks SIS!! Sureni ne sub maga nathara wenne nekiyala hodatama shura!!
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි උපසිරැසියට, ජය!!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Noize
Thanq sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malinda
cartons nam aniwa.
Thanks.Prabhath
Niyamai...
nisha
thanks...
Dushan Tharuka
thanks
SamiduT
Thanks sub ekata
Advertisement


Thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ..