Watch Trailer

The Gifted [S01 : E08] Sinhala Subtitles | උරුමය! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි. පසුගිය සතියෙන්… බැටන් රූජ්වලින් ගෙනා හාඩ් ඩිස්ක් අවුස්සමින් යන අතර තුරේ ලොරන් හා පෙම් කරන වෙස් ගැන තොරතුරු රීඩ් විසින් සොයා ගනු ලබනවා.මේ ගැන ලොරන් දැනුවත් කලත් එය අවසන් වන්නේනම් වාග් සංග්‍රාමයකින්.නමුත් පසුව ලොරන් මේ පිළි…

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි.

පසුගිය සතියෙන්…

බැටන් රූජ්වලින් ගෙනා හාඩ් ඩිස්ක් අවුස්සමින් යන අතර තුරේ ලොරන් හා පෙම් කරන වෙස් ගැන තොරතුරු රීඩ් විසින් සොයා ගනු ලබනවා.මේ ගැන ලොරන් දැනුවත් කලත් එය අවසන් වන්නේනම් වාග් සංග්‍රාමයකින්.නමුත් පසුව ලොරන් මේ පිළිබඳව වෙස් ගෙන් විමසා සිටිනා අවස්ථාවේ වෙස් වරද පිලි ගත් නිසා ඔවුන් අතර යම් වෙන් වීමක් සිද්ධ වෙනවා.කෙසේ වෙතත් අවසානයේ වෙස් තමන් කල සියලු දේ සේජ් ඇතුළු පිරිසට කීමෙන් පසුව දඬුවමක් විදියට වෙනත් තැනකට වෙස්ව මාරු කිරීමට ඔවුන් තීරණය කරනවා.මේ අතර වාරයේ කාමන් හා ඇතිකරගත් ගනුදෙනුව නිසා මාකෝස් හට ඇය වෙනුවෙන් සේවය කිරීමට සිද්ධ වෙනවා.ඒ විරුද්ධ කල්ලියක නැව් බඩු තොගයක් විනාශ කිරීමයි.මාකෝස් ගැන තොරතුරන් නැති හෙයින් ලෝනා සොන්යා කැටුව ඒ පිළිබඳව සොයා බලා ඇත්ත දැනගැනීමත් සමග ඔවුන් දෙදෙනා අතරද ගැටීමක් දකින්න ලැබුනා.ඒ වගේම තමා බැටන් රූජ්වලින් ගෙනා හාඩ් ඩිස්ක්වලින් වටිනාම දෙයක් හම්බුනා.ඒ තම ට්‍රාස්ක් නම් සමාගම ගැනයි.රීඩ් ස්ට්‍රකර්ගේ පියා මේ සමාගමේ සේවය කල කෙනෙක් නිසා ඔහු හමුවී වැඩිමනක් දේ දැනගැනීමට අදහස් කරනවා. ඒ වගේම ජෝන් ක්ලැරිස් සොයා ගොස් ඇය සමග ඇය විවර කල ද්වාර ගැන සොයා බලා ඒ ඇය පොඩි කාලයේ සිටි ගොවිපල යැයි සොයා ගත්තද එහි යනවිට සියලු දෙනාම ඝාතනය කර තියෙනවා.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවා නියෝජිත ටර්නර් හා කැම්බල් අතර සහයෝගිතාවෙන් සිද්ධ වෙන වැඩසටහන ක්‍රියාත්මක කලද එයට අකුල් හෙලීමට DOJ නිලධාරියක් සැරසෙනවා.කෙසේමුත් විපරිතයෙක් යෝදාගෙනම ඇයව නිහඬ කරවන කැම්බල් තමන් සතු විපරිත සම්පත පෙන්වා පවසන්නේ සටන දැන් ඔවුන්ගේ අතේ බවයි. මේ විදියටයි පසුගිය සතියේ කොටස ගෙවී ගියේ.

මේ සතියෙන්…

ට්‍රාස්ක් සමාගම ගැන වැඩිමනක් සොයා පියා සොයා යන රීඩ්හට දැනගන්න ලැබෙන දේනම් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ දෙයක්.ඒ අතර වාරයේ සරණාගතයන් පිරිසක් රැගෙන ඒමට ගොස් එහිදී ප්‍රථම විපරිත සම්පත් ප්‍රහාරය,නැත්තම් කැම්බල්ගේ විපරිත ප්‍රහාරයට ලක් වෙන පිරිස කෙසේ හෝ ඉන් ගැලවී ඒ විපරිතයාද අල්වා ගන්නවා.ඒ වගේම ලොරන් හා ඇන්ඩි සතු සැබෑ බලයන් ගැන වගේම ස්ට්‍රකර් පවුල ගැන ලොකු විස්තරයක් අද කොටසේ අන්තර ගතියි.එසේනම් ස්ට්‍රකර් පවුල කොයි වගේ දෙයක්ද?අල්ලා ගත් විපරිතයාගෙන් කුමක් දැනගන්න ලැබේවිද?මාකෝස් හා ලෝනා අතර විරහව කෙසේනම් නිම වේවිද?කතාව බලන ඔබට ඒ ගැටලුවලට විසඳුම් සෙවීම භාරයි.

මේ සැරේ උපසිරස ටිකක් පරක්කු වුනා.හේතුව තමා ඉංග්‍රීසි උපසිර ප්‍රමාද වීම.ඉංග්‍රීසි උපසිර ආවේ ඊයේ රෑ අටත් පහුවෙලා.ඒ නිසා වැඩේ පටන් ගන්න සිද්ධ වුනේ අද උදේ.ඒ වගේම හවස අකුණු ගහපු නිසා පැය දෙකක් විතර නතර කරන්නත් වුනා.කොහොමෙන් කොහොමෙන් හරි වැඩේ ඉවර කරලා ඔන්න උපසිරස ගෙනාවා.ඒ වගේම ෆෝන් එකෙන් උපසිරස බලන අයට ටැග්වලින් බාධා වීමක් සිද්ධ වෙන්නවා කියලා දැනගන්න ලැබුනා.(මම තාම ෆෝන් එකෙන් බලලා නැති නිසා හරියටම දන්නේ නෑ).ඒ නිසා ඒකටත් පිලියමක් යොදන්නම්.ඒ වගේම පීසි එකෙන් බලන අය MPC ප්ලයෙර් එක පාවිච්චි කරනවානම් ටැග්වලින් බාධාවක් නොවන අතරම ටැග්වලින් දෙන වර්ණවත් බවත් විඳගන්න පුළුවන් වේවි.කෙසේ හෝ වේවා උපසිරසේ පොඩි අඩුපාඩුවක් තිබ්බත් ඒක අනිවාර්යෙන් කමෙන්ට් කරන්න.මොකද නැත්තම් ඒ වැරැද්ද පුරුද්දක් වෙලා දිගටම වෙන්න පුළුවන් නිසා.

එහෙනම් හෙට LOT වලින් හමුවෙනතුරු හැමෝටම ජය ශ්‍රී.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,217 downloadsDownload The.Gifted.S01E08.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

6,217 downloadsDownload Subtitles31 KB

29 comments

  1. Charith Madhusanka

    Thanks bro!

  2. manul

    thanx broooo

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  4. nirodha uthpala

    Umba nattan api indala ivarai...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  6. KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  7. nisha

    thanks

  8. AWNCK

    Thanks Bro..........Nice work

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. malshan

    Sub ekat tnx bro... jaya wewa.... digatama ohoma yamuu... elama elama...

  11. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  12. isuru

    Thada...

  13. Tharaka Lahiru

    tnq

  14. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    .........
    lot eken munagehemu

  15. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතාවක්...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. රයන් ද සිල්වා

    සබට තෑන්ක්ස් සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

  18. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    තව කොටස් 2යි තියෙන්නේ...
    09 වෙනි කොටසත් ආපු ගමන් ම ඉක්මනට දෙමූ සහෝ

  19. ඩිලාන් හසිත

    ස්තූතියි සහෝ සබ් එකට

  20. Sachintha

    Thanks For Sub

  21. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  22. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. Ravindu Rukshan

    Thx

  25. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. Sanju

    Sub එකට thanks..! ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  27. Buddi

    Thanks..........

  28. Shantha

    ස්තුති සහෝදරයා. ජය

  29. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.