හරි ඔන්න ඉක්මනටම අනිත් කොටසත් අරන් ආවා, කට්ටිය ඉවසුමක් නැතිවනේ ඇත්තේ එහෙනම් කලින් කොටසෙ වුනේ මොනාද කියලා මතක් කරගෙනම කතාව පටන්ගමු.. හැමෝටම මතක ඇතිනේ කලින් කොටසෙදි මිඩ්නයිට් වලට වැම්පයර් කණ්ඩායමක් එනවා, ඉතින් එයාලගේ නායකයා සැකරායි(සැක්) එයා තමයි ලෙම්වත් වැම්පයර් කෙනෙක් කරන්නේ, ඉතින් එයාලා මිඩ්නයිට්…

හරි ඔන්න ඉක්මනටම අනිත් කොටසත් අරන් ආවා, කට්ටිය ඉවසුමක් නැතිවනේ ඇත්තේ එහෙනම් කලින් කොටසෙ වුනේ මොනාද කියලා මතක් කරගෙනම කතාව පටන්ගමු..
හැමෝටම මතක ඇතිනේ කලින් කොටසෙදි මිඩ්නයිට් වලට වැම්පයර් කණ්ඩායමක් එනවා, ඉතින් එයාලගේ නායකයා සැකරායි(සැක්) එයා තමයි ලෙම්වත් වැම්පයර් කෙනෙක් කරන්නේ, ඉතින් එයාලා මිඩ්නයිට් වලට එන්නේ මිඩ්නයිට් වල ඉන්න මිනිස්සු මරලා එයාලගේ ලේ බීලා, මිඩ්නයිට් අල්ල ගන්න, ඒත් ඒ හැමදේකටම වඩා සැක්ට ඕනි කරන්නේ ලෙම්ගේ ඒ බලය, ඉතින් එයාලට ඒ කිසිම අරමුණක් ඉටුකරගන්න වෙන්නේ නැහැ, මොකද මිඩෙනයිට් වල ඉන්න මිනිස්සු එච්චර ලේසි පහසු අය නෙමෙයි, ඉතින් එයාලා හැමෝම එකතු වෙලා වැම්පයර්ලව විනාසකරලා දාලා මිඩ්නයිට් බේරගන්නවා, ලෙමුත් අනූ නවයෙන්නේ බේරෙන්නේ…
අද කතාවෙදි මිඩ්නයිට් වලට තවත් අමුත්තෙක් එනවා, එයාට කියන්නේ සකිබස් කියලා, පුරාතනයේ ඉදන් පැවත එන අස්වාභාවික යක්ෂයෙක්, එයාලා හරිම ලස්සනයි, ඉතින් ඒ රූපේ පාවිච්චි කරලා සිත්තැව්ලෙන් ඉන්න පිරිමින්ව දැලේ දාගෙන එයාලව ආහාරයට ගන්නවා, එයාලව මරන්න පුළුවන් මකරෙකුගේ සුසුමේ උනුසුමෙන් විතරයි, ඉතින් මේ සකිබස් කෙල්ල කොල්ලෙක්ව ගොදුරු කරගන්නවා, පස්සේ ඒ කොල්ලගේ අක්කා කොල්ලව හොයාගන්න උදව් ඉල්ලගෙන මෑන්ෆ්‍රඩ් ලගට එනවා, මෑන්ෆ්‍රඩ් බලනකොට ඒ කොල්ලා මැරිලා, ඉතින් මෑන්ෆ්‍රඩ් හොයාගන්නවා ඒක වුන විදිහ, පස්සේ එයා තනියම සකිබස්ව හොයාගෙන යනවා, ඒත් එයා තනියම මෙල්ල කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, පස්සේ ෆීජී මායාවන් පාවිච්චි කරලා දියරයක් හදනවා, ඒකට පුළුවන් සකිබස්ගේ ලස්සන රූපේ නැතිකරලා සැබෑ ස්වරූපය ඉස්මතු කරන්න, ඉතින් කට්ටියම සකිබස්ව හොයාගෙන යනවා, ඒ අතරේ ක්‍රික්ගේ මල්ලි කෙරන් අක්කි ගැන ඔත්තු බලන්න පස්සෙන් එනවා,
ඉතින් මෙයාලා සකිබස්ව හොයාගවනියිද, එයාව කොහොමද මෙල්ල කරන්නේ, එයාගේ ඇත්ත පෙනුම මොනවගේද, එයාව විනාස කරන්න පුළුළුන්ද, ඒක කරන්නේ කොහොමද කියන ඒවට උත්තර හොයන්න නම් මේ කොටස බලන්නම වෙනවා, ඒ වගේම මේ කොටසෙදි ඔ ලීවියාගේ අතීතය ගැනත් දැනගන්න පුළුවන්..
එහෙනම් මේ කොටසින් මිඩ්නයිට් වල මගේ ගමන අහවරයි, ඊලග කොටස අපේ ඉසුරු අයියා තමයි ඔයාලට අරන් එන්නේ, ඉතින් වැඩි දුරටත් කියන්න තියෙන්නේ මේ ටිවී සීරිස් එක දැන් ගිහින් ඉවර නිසා ඔයාලට දවසට එක කොටස ගානේ හැමදාම උපසිරසි ලැබෙයි, අපේ කට්ටිය ඒ වෙනුවෙන් මේ දවස්වල හුගක් මහන්සි වෙනවා.. ඉතින් ඒ මහන්සියට දෙන වටිනාකමක් විදිහට ටීවී සීරිස් වලට ආස හැමෝම මේක අරන් බලන්න, බලලා හොදයිනම් ඒකට ආස කරන තව කාට හරි දෙන්න කියන ඉල්ලීමත් එක්ක මම සමුගන්නවා, හැමෝටම බුදු සරණයි!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,893 downloadsDownload Midnight.Texas_.S01E04.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
9 comments
කසුන් නුවන්ත
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
Lasantha Chandimal
Thankzzzz soo saho....wish u all best f ur future ....anith ekatath sub ikmntama dennn saho....jayaa wewaaa...
hansika
බොහෝම ස්තූතියි බ්‍රෝ
මේ සීරීස් එකට සබ් දෙනකල් බලගෙන හිටියේshasith sandaruwan
බොහොම ස්තූතියි සචියෝ උපසිරැසියට...
සේරම දුන්නම එක දිගට බලන්න ඉන්නේ.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Mahesh
Sub ekata thanx
Dushan
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindukavinda626
thanx brooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Midnight, Texas [S01 : E04] Sinhala Subtitles | මිණී මස්කන සුරූපිනිය..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/NUP_176084_0009.jpg)


බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!!!