Watch Trailer

Midnight, Texas [S01 : E03] Sinhala Subtitles | ලේ පිපාසිතයන්ගේ ආගමනය..!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසි රසික රසිකාවියෝ හැමෝටම, ඔන්න අද කොටස අරන් ආවේ මම. මම පෞද්ගලිකව හුගක්ම ආස කරන කතාවක් මේක, කෙටි කාලයක් තුලම මගේ කැමතිම ටීවී සිරිස් ලිස්ට් එකේ ඉහලටම එන්න මේ කතාව සමත් වුනා, ඇත්තටම මුලින්ම ඉසුරු සම්පත් අයියට මුලින්ම ස්තූති කරන්න ඕනි මාවත් මේ වටිනා කතාවේ කොටස් කාරයෙක් කරගත්ත එකට,…

සුභ දවසක් බයිස්කෝප් වාසි රසික රසිකාවියෝ හැමෝටම, ඔන්න අද කොටස අරන් ආවේ මම. මම පෞද්ගලිකව හුගක්ම ආස කරන කතාවක් මේක, කෙටි කාලයක් තුලම මගේ කැමතිම ටීවී සිරිස් ලිස්ට් එකේ ඉහලටම එන්න මේ කතාව සමත් වුනා, ඇත්තටම මුලින්ම ඉසුරු සම්පත් අයියට මුලින්ම ස්තූති කරන්න ඕනි මාවත් මේ වටිනා කතාවේ කොටස් කාරයෙක් කරගත්ත එකට, ඉතින් මේ කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඉසුරු අයියා පළවෙනි කොටසේ ලිපියෙන් හැම දෙයක්ම සවිස්තරාත්මකව විස්තර කරලා දුන්නනේ. ඉතින් අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා, ඒ ගැන මම කියන්න යන්නේ නැහැ, අද කොටසෙදි වෙන්නේ මිඩ්නයිට් වලට වැම්පයර් කණ්ඩායමක් එනවා (ඔව් ඔව් හරියට ලෙම් වගේ අය තමයි). ඒත් එයාලට ලෙම්ට වගේ ශක්තිය උරාගෙන ජීවත් වෙන්න බැහැ, ලේම ඕනි, ඉතින් මේ වැම්පයර් කන්ඩායමේ නායකයා තමයි සැක්, එයා ලෙම්ගේ යාළුවෙක්. කොටින්ම කියනවනම් එයා තමයි මුල්ම වැම්පයර්, ලෙම්ව වැම්පයර් කෙනෙක් කරන්නෙත් එයා, ඒත් ලෙම්ට මේ ලේ පිපාසාව මේ ආශාවන් එක්ක ජිවත් වෙලා ඉන්න එක කලකිරෙනවා, එයා සියදිවි නසාගන්න යනවා, එතනදි ඉදිරිපත් වෙන, ශිල්ඩා කියන අහිගුණ්ඨක පොඩි ළමයෙක් තමයි ලෙම්ට ශක්තිය උරාගන්න ඒ බලය දෙන්නේ, ඒ ශිල්ඩා වෙනකව්රුත් නෙමෙයි මැල්ෆ්‍රඩ්ගේ ආච්චි අම්මා,

ඉතින් මේ සැක් කියන්නේ නම් වෙන ගමනක් යන ගමන් මිඩ්නයිට් වල රෑට නතරවෙලා මතකයන් අළුත් කරගෙන යන්න ආවා කියලා, ඒත් එයාලාගේ ප්‍රධානම අරමුණ වෙන්නේ මිඩ්නයිට් අල්ල ගන්න එක, මොකද මිඩ්නයිට් වල අසීමිත බලයක් තියනවා, මුලින්ම සැක් ලෙම්ව අඩපන කරනවා, තත්වය ටිකෙන් ටික දරුණු වෙනකොට මිඩ්නයිට් වල කට්ටිය පල්ලියේදි එකතු වෙනවා, ඉතින් එයාලා මේ වැම්පයර්ලව පරාද කරයිද, කොහොමද ඒක කරන්නේ, ලෙම්ට මොනවද එයාලා කරේ, ශිල්ඩා ලෙම්ට මොනවගේ බලයක්ද දුන්නේ, සැක්ට ඇත්තටම ඕනි මොනවද, මේවට උත්තර හොයන්න නම් මේක බලන්නම වෙනවා..

තව දුරටත් කියන්න තියෙන්නේ මේ කොටස කිසිම කම්මැලි කමක් නැතිව එක හුස්මට බලන්න පුළුවන්, කුතුහලය උපරිමයි. ඉතින් මේක හුගක් ලස්සන ටීවී සීරිස් එකක්, සුපර් නැචුරල් රසිකයෝ හැමෝටම මේ කතාවත් බලන්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා ඊලග කොටසින් හම්බවෙමු…ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,727 downloadsDownload Midnight.Texas_.S01E03.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

4,727 downloadsDownload Subtitles26 KB

16 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය වේවා!

  2. Kaushan Herath

    මේක පට්ට.දිගටම සබ් ඕනා

  3. Udara Damith B/K

    ela ela

  4. rox

    Ane suddo me sesan ekama puluwan ikmanata one.

  5. Lasantha Chandimal

    Thaankzzz sooo bro......

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. nuwan

    thanks

  8. KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  9. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  10. Malinda

    ELA DRAMA EKA

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..

  12. shasith sandaruwan

    බොහොම ස්තූතියි සචියෝ උපසිරැසියට...
    සේරම දුන්නම එක දිගට බලන්න ඉන්නේ.
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  13. Mahesh

    Sub ekata thanx

  14. Dushan

    බොහොම ස්තූතියි

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. kasun23

    ela