Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. වැඩ රාජකාරි නිසා පරක්කු වුනාට සමාවෙන්න. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ස්කල් අයිලන්ඩ් එකෙන් බොහොම අමාරුවෙන් පණ බේර ගෙන ෂෝ ඇතුළු පිරිස 1…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. වැඩ රාජකාරි නිසා පරක්කු වුනාට සමාවෙන්න.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
ස්කල් අයිලන්ඩ් එකෙන් බොහොම අමාරුවෙන් පණ බේර ගෙන ෂෝ ඇතුළු පිරිස 18 වන මුරපොල (නෞකාව) ට ආවත්. මේ වෙද්දි අර මතුපිට ලෝකයට ආපු දැවැන්ත ටයිටන් සාගරය හරහා වේගයෙන් ගමන් කරමින් ලොකු විනාශයක් කරන්නයි යන්නේ. හැබැයි ෂෝ ඇතුළ පිරිසට මෙයාව නවත්වන්න ඒ අය ළඟ තියෙන එකම දේ වෙන්නේ කිසිම යුධ ශක්තියක් නැති පර්යේෂණ සහ නිරීක්ෂණ කටයුතුවල වලට පමණක්ම භාවිත කරන Outpost 18 නෞකාව විතරයි. ඒත් ඉතිං කොහොම මෙයාලා තියෙන දේවල් පුලුවන් විදිහට පාවිච්චි කරලා අර ටයිටන්ව නවත්වන්න බලනවා.
මේ අතරේ හැමෝටම හොරා Scarab කෙනෙක් නැවට ඇතුලු වෙලා ඉන්නවා. ෂෝ ව බේරගෙන දූපතේ ඉදන් එන හෙලිකොප්ටරේ එල්ලිලා තමයි මෙයා එන්නේ. හැබැයි කෝරා, කේට් සහ කෙන්ටාරෝ එකතු වෙලා මේ Scarab කොටු කර ගන්නවා. ඒත් එතනදි ඒ Scarab නිකුත් කරන සංඥාවකින් අර විශාල ටයිටන් යන මාර්ගය වෙනස් කරලා, ආපහු හැරිලා නැව පැත්තට එන්න පටන් ගන්නවා. ඔන්න එතකොට එයාලා දැන ගන්නවා මේ විශාල ටයිටන් එක්ක Scarab ලට ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා.
කොහොම හරි නැවේ ඉන්න අයව බේර ගන්න ෂෝ Scarab වත් අරගෙන බෝට්ටුවකින් ටයිටන් ඉන්න පැත්තට යනවා. ගිහින් ටයිටන් ට පේන මානෙන් අර Scarab මුහුදට දානවා. ඒත් එක්කම ටයිටන් ආපහු හැරිලා වෙන දිශාවට යනවා.
ඒවගේම 1957 වර්ෂයේදී Santa Soledad වල ගවේෂණයක ඉන්න ෂෝ, බිල් සහ කෙයිකෝ ට මේ ටයිටන් ගැන ගුහාවකින් තොරතුරු අනාවරණය වෙනවා. බිල් ඒ තොරතුරු වලින් සිතියමක් නිර්මාණය කරගෙන ටයිටන්ව හොයාගෙන යන්න තිරණය කරත් කෙයිකෝ ට ඕන වෙනවා තව ටිකක් ඒ දුපතේ ම ඉදන් තොරතුරු ගවේෂණය කරන්න. අන්තිමට ෂෝ සහ කෙයිකෝ ට දූපතේ ඉදන් ගවේෂණය කරන්න ඉඩ දීලා බිල් තනියම ටයිටන් හොයාගෙන යන්න පිටත් වෙනවා. හැබැයි ඉතිං ඒ දවසේම කෙයිකෝට සහ ෂෝට මේ ටයිටන්ව ඒ දූපතේ දිම බලාගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දෙන්නා ටයිටන්ගේ පහර දීමකටත් ලක් වෙනවා.
අද කථාංගය ගැන දේවල් ටිකක්…
ටයිටන්ගෙන් පස්සෙන් යන්න නැවේ උපරිම ධාරිතාවත් පාවිච්චි කරපු නිසා නැවේ එන්ජින් ටික අක්‍රිය වෙනවා. මේකෙන් ෂෝ ඇතුලු පිරිසට ටයිටන්ව මග හැරෙනවා. ඒකත් එක්ක නිදැල්ලේ ඉන්න ටයිටන්ව හොයන වැඩේට ඒපෙක්ස් ආයතනයත් ආපහු වතාවක් මොනාක් එකත් එක්ක සම්බන්ධ වෙනවා. මේ අතරේ කෙයිකෝ සහ ෂෝව අපරාධකාරයෝ දෙන්නෙක් කියලා මොනාක් එකෙන් ප්‍රකාශ කරනවා.
නිතියෙන් බේරිලා ඉන්න අතරේ ටයිටන්ව ආපහු හොයාගන්න ෂෝ ඇතුළු පිරිසට ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයිද? බලලම දැන ගන්නකෝ.
- කථාංගයේ නම: Secrets
- ධාවන කාලය: මිනිත්තු 44
- අධ්‍යක්ෂණය: Hiromi Kamata
- තිර රචනය: Kari Drake සහ Mariko Tamaki
- IMDb අගය: 7.0/10 (2026.03.14)
- මුලින් විකාශය වූ දිනය: 2026 මාර්තු 13
එහෙනම් හතර වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,807 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monarch: Legacy of Monsters Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Monarch: Legacy of Monsters [S02 : E01] Sinhala Subtitles
- #Monarch: Legacy of Monsters S02 Sinhala Sub
- #Monarch: Legacy of Monsters S02 Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Viraj
Kevin D...
Thank You !
Buddhika laKMal
උපසිරැසියට ස්තූතියි නිශාන් සමීර සහෝ
Sahan Gayantha
thanks a lot Nishan saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks.......